IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මහ ඇමැතිගෙ ගුරු පවුරට නොගියාට ලෙඩ

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය හතර වැනි දා පැවැති ‘ගුරු පවුර‘ නම් වැඩසටහනට  සහභාගී නොවූ විදුහල්පතිවරුන් සඳහා සෙනසුරාදා (26) තවත් රැස්වීමක් පැවැත්වෙන බවත්, ඊට ද සහභාගී නොවුනහොත් විදුහල්පති තනතුරෙන් ඉවත් කිරීමට සිදුවන බවත් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස් ටී කොඩිකාර මහතා විදුහල්පතිවරුන් වෙත ලිඛිතව දන්වා ඇත.

ගුරු පවුර වැඩසටන සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කලාප, කොට්ඨාස නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීම සදහා ඉකුත් හතර වැනි දා කොළඹ මහානාම විද්‍යාලයයේ රැස්වීමක් පැවැති බවත්, ඊට සහභාගී නොවුණු විදුහල්පතිවරුන් නිල වගකීන් පැහැර හැර ඇති බවත්, එම විදුහල්පතිවරුන් වෙනුවෙන් අද පෙරවරු 10ට කොළඹ ටී බී ජයා මහා විද්‍යාලයයේ රැස්වීමක් පවත්වන බවත් ඊට ද සහභාගී නොවුනහොත් දැනට දරන විදුහල්පති තනතුරෙන් ඉවත් කිරීමට සිදුවන බවත් දන්වා 2013.10.15 දිනැති ලිපියක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂමගින් විදුහල්පතිවරුන්ට යවා තිබේ.

දේශපාලන උවමනා එපාකම් මත පවත්වන රැස්වීම් සදහා සහභාගී නොවුණු විදුහල්පතිවරුන් ඉවත් කිරීමට පළාත් අධ්‍යාපන ලේකම්ට බලයක් නැතැයි ලංකා ගුරු සංගමය කියයි.

ආයතන සංග්‍රහය, විනය නීති සංග්‍රය තිබියදී අත්තනෝමතික ලෙස කටයුතු කළ නොහැකි බවත්, සෙනසුරාදා දිනක පැවැත්වෙන මේ රැස්වීම දේශපාලන අරමුණක් පෙරදැරිව පවත්වන්නක් බවත්, එවැනි රැස්වීමට නොපැමිණියහොත් විදුහල්පති තනතුරෙන් ඉවත් කරන බවට අනතුරු ඇගවීම හෙළා දකින බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අතර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් පවත්වන මේ වැඩසටහනට සහභානී වීම අනිවාර්ය කර තිබියදී ඊට නොපැමිණි විදුහල්පතිවරුන් ගැන අවශ්‍ය කටයුතු කිරීමට තමාට හැකි යැයි බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස් ඩී කොඩිකාර මහතා පවසයි.

ගුරු පවුර වැඩසටහන මගින් ගුරු විදුහල්පතිවරුන්ට ප්‍රයෝජන රැසක් ලැබෙන බවත්, පළාත් අධ්‍යාපන ලේකම් ලෙස තමාගේ නියෝග පිළිපැදීමට විදුහල්පතිවරුන් බැදී සිටින බවත් කොඩිකාර මහතා සදහන් කරයි.



අදහස් (0)

මහ ඇමැතිගෙ ගුරු පවුරට නොගියාට ලෙඩ

සමන් මංජුල Friday, 25 October 2013 05:39 PM

මම නම් ඔය කියන එකට ගියේ නැහැ. බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

උපාලි Saturday, 26 October 2013 07:46 AM

පළාත් සභා ඡන්දෙත් ළඟනෙ. ගුරු තාප්ප අවශ්‍ය වෙනවා පෝස්ටර් අලවන්නත්. .(නදී)

:       0       0

ඇන්ටන් Friday, 25 October 2013 07:15 PM

එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදියට නිදහස් අධ්‍යාපනය දේශපාලනීකරණය කරන්න එපා (නි)

:       0       0

සුනිල් Friday, 25 October 2013 02:08 PM

ඒ උනාට ලබන පළාත් ඡන්දෙදි එතුමාට බුරුතු පිටින් මනාප වැටෙන හැටි බලමු.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 26 October 2013 10:47 AM

හරි අයින් කරන්න. නඩු දානවා අපි.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 25 October 2013 02:56 PM

හරියට හදිසි නීති යටතේ පාලනය වෙන කාලයක් වගෙයි නේ. .(නදී)

:       0       0

නන්දා ගනේගොඩ Saturday, 26 October 2013 12:57 PM

අර මර්වින් සිල්වා කරා වාගේ ගෙන්නලා ගස් බන්දිවිද , ගස් ලැබූ කවයිද ? එහෙම නැතිනම් අලුත් ක්‍රමයේ දඬුවමක් දේවිද ? අපි බලන් ඉන්නේ (නදී)

:       0       0

සුනිල් Sunday, 27 October 2013 05:50 AM

කන්නන්ගර ශ්‍රීමතානන් නිදහස් අධ්‍යාපනයේ රග බලමින් දෙව්ලොව ඇති. අපි නුඹලා අධ්‍යාපන පව් කරපින්නාගෙන මොනවා ලියන්නද මන්දා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4448 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 14 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 26 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 62 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 111 0


මිරිහානේ පුද්ගල ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 22 281 0

මිරිහාන පොලිස් පොලිස් වසමේ උඩහමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site