IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මහ කන්නයේ ගොවීන්ට පැරෂුට් තැටි දීම අරඹයි

(අංජුල මහික වීරරත්න)

මෙවර මහ කන්නයේ අක්කර 8461ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  රුපියල් මිලියන 490ක් වටිනා පැරෂුට් තැටි ගොවි ජනතාවට නොමිලයේ ලබා දීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පැරෂුට් ක්‍රමය යනු වී වගාවේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා යොදා ගත හැකි නව තාක්ෂණික ක්‍රමයකි.

සාමාන්‍ය ක්‍රමයට වී වපුරනවාට වඩා මෙම ක්‍රමය මගින් බිත්තර වී භාවිතය සියයට 50කින් අවම කරගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 අවම පොහොර ප්‍රමාණයක් භාවිතා කිරීමට හැකිවීම, වල් මර්දනය සඳහා අමතර මුදලක් වැය නොවීම, හා වල් මර්දනය සඳහා පළිබෝධනාශක යෙදීමට සිදු නොවීම මෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම නිසා මෙම ක්‍රමය ගොවි ජනතාවට වාසිදායක බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

මෙම පැරෂුට් තැටි වසර 10ක් කන්න 20ක් එක දිගට භාවිතා කළ හැකි වන අතර  අක්කරයකට තැටි 400ක් අවශ්‍ය වන බවත මෙම තැටි ලබා දීමේ දී ගොවි ජනතාව එක් තැටියක් මිල දී ගත යුතු අතර රජය විසින් නොමිලයේ තැටි තුනක් ලබා දීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

පැරෂුට්  තැටි ලබා දීමේ මෙම වැඩ සටහන යටතේ මෙවර මහ කන්නය සඳහා තැටි මිලියන 3.2ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

 



අදහස් (1)

මහ කන්නයේ ගොවීන්ට පැරෂුට් තැටි දීම අරඹයි

සෙනෙවිරත්න Wednesday, 11 October 2023 01:31 PM

කෘෂිකාර්මයට නව තාක්ෂණය හඳුන්වා ⁣නුදුන්නොත් මේක තවදුරටත් ලාභදායි ලෙස පවත්වාගත නොහැකි වෙයි. කරුණාකර නිසි පුහුණුවකින් පස්සෙ මේවා දෙන්න. දෙන්නන් වාලේ අරගෙන අන්තිමට මේවා රටටම එපා කරවන්න එපා...

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 31 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 688 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 172 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 3420 11

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 2696 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 461 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39903 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25904 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 137 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1277 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site