මහරගම දඹහේන දේවාල පාරේදී යතුරු පැදියකින් ආ කොල්ලකරුවන් දෙදෙනකු කාන්තාවකගේ රුපියල් අසු දාහක්ද මුදු දෙකක්ද පැහැරගෙන ගිය බව පොලීසියට පැමිණිලි කැර ඇත.
උගස් කළ යතුරුපැදියක උගස ඇරවීම සදහා එම මුදල් ගෙන ගිය බවත් කොල්ලකරුවන් ඇගේ ජංගම දුරකතනය උදුරාගෙන සිම් කාඩ්පත ගලවා වීසි කළ බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුවත් අහළ පහළ ඉඳලාවත් නැතිද මේ වෙලාවෙ.අඩු තරමින් මේ කාන්තාව කෑගහලාවත් නැතිද පිහිටක් ඉල්ලලා. (ස)
මහජනයා මීට වඩා දැනුවත් විය යුතුයි.රටේ සිදුවෙන දේවල් අනුව අපේ ආරක්ෂාව අපිම සලසාගත යුතයි.සෑම විටම චෙක් පත් භාවිතා කරන්න පුරුදු විය යුතුයි. (ස)
ලෝකේ කොහෙද ඕවා නොවෙන්නේ? එක්කෙනෙක් කියලා තිබුනේ ඕවා සාමාන්‍යය දේවල් කියලා. (නි)
ඔන්න දැන් මහරගමත් හොරු වැඩි වෙලා,පොලිස්පති තුමනි කරුණාකර මේ ප්‍රදේශයට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් යොදන්න (අ)
අපේ රටේ දැන් මංකොල්ලකෑම් විලාසිතාවක්ද? එහෙමත් නැත්නම් නීතිගත රැකියාවක්ද? හැමදාමත් පුවත්පත්වල පළවෙන්නේ මේ දේවල්නේ. (නි)
සෙනරත්, පොලිස්පති තුමාගේ විශේෂ ආරෂ්ෂක වැඩ පිළිවෙල අවශ්‍ය මහරගමට පමණද? (අ)
පොලිස්පතිතුමනි, රටේ හොරකම්, මංකොල්ල, දුෂණ ,වංචා,,කුඩු, නැති කිරීම ඔබතුමාගේ වග කීමය ,බල්ලෝ බන්දනවාට වඩා (අ)
රජ කාලේ දඩුවම යළි හදුන්වා දුන්නොත් හොරා වුනත් දෙපාරක් හිතනවා (නි)
පොලිස්පතිතුමනි, රටේ හොරකම්, මංකොල්ල, දුෂණ ,වංචා,,කුඩු, නැති කිරීම ඔබතුමාගේ වග කීමය ,බල්ලෝ බන්දනවාට වඩා. (අ)
අපි ලොකුවට කතාකරන 'නීතියේ ආධිපත්‍යය" බිඳ වැටුනාම, නීතිය බලාත්මක කරන අයවත් නීතිය ගණන් ගන්නේ නැතුව ගියාම, කාටද ඕනෑ නීතිය පිළිපදින්න? නීතිය කඩන්න ලැබීම ආඩම්බර වීමට කරුණක් ලෙස හිතන පිරිසක් අපට ඉන්නෙත්. 'අද මං කෝච්චියේ සල්ලි නොදී ආවා, හෙල්මට් එක නැතුව ආවා' වගේ දේවල් හරි ආඩම්බරෙන් කියන්නේ. නීතිය කැඩීම ලජ්ජා වියයුතු, නොකළ යුතු දෙයක් හැටියට පොඩි කාලේ ඉඳලම හිතට කාවැද්දිය යුතුයි. (නි)
මේ යන විදිහට ඉදිරියේදී ඇදගෙන යන ඇදුමත් ගලවාගෙන උස්සගෙන දුවන කාලයක් එනවා. (නි)