ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද(25) අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙණ ඥාණේස්වර මහ නාහිමියන් බැහැ දැක, ජාතික හෙළ උරුමය විසින් රජයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනාවලිය මහ නාහිමියන්ට පිළිගැන්වීය.
යට පාලනය සඳහා රට ගමන් කරවීම හෙළ උරුමයේ උත්සාහය බව කීය රණවක මහතා ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවත් මහා නාහිමියනට කීවේය.
තමන් කළ දෑ තමන් පසුපස සසර පුරා ගමන් කරන බවත්, එය දැනගෙන කටයුතු කිරීමට සෑම දෙනාටම යහපත් බවත් මහා නා හිමියෝ කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා මෙතරම් මහන්සිවෙන්නේ මොනවටද දෙවියනේ? (නි)
හරි දේ හරි විදිහට, වැරදි දේ වැරදි විදිහට දකින්න තරන් අවංක නැති කුහක මිනුස්සු කියන දේවල් වලට උත්තර දීලා වැඩක් නැහැ. එක පැත්තකින් අපේ මිනුස්සු ගැන සතුටු වෙන්න පුළුවන්. මොකද 'ඔබේ සැප මගේ සතුටක්' කියලා සතුටුවෙන මිනිස්සු ඉන්න එකට. (නදී)
අනේ හාමුදුරුවනේ රට දෙකට කරන්න හැදු යු.එන්.පි යට එදා බැන වැදුණු චම්පිකලා දැන් කොහොමද යු. එන්. පි වේදිකාවට නැග රට බේරාගත් මහින්ද මහතාට විරුද්දව කතාකරන්නේ. ඇහෙලේපොලලා වන්න එපා කියල බන ටිකක් කියන්න (නදී)
අනේ අපේ හාමුදුරුවනේ....! (නි)
ඔබතුමාට ජය! (නි)
කෝටි ප්‍රකෝටි කියන්නේ හරියට "කජු ඇට" "කොස් ඇට" වගේ අපේ සමහර අයට. (නි)
ඒ උපදේශය නම් බොහොම වටිනවා (නි)
ඔබතුමා කරන්න යන දේ ගැන තවවරක් හිතාබැලුවොත් හොඳ නැද්ද? (නි)
මමත් දැන් මේ රජය ගැන කලකිරී සිටිනා කෙනෙක්. කලක් මගේ ලොකුම කැප කිරීම් සන්දානයට. එහෙත් සිදුවන කරුණු අනුව දැන් මගේ කිසිම කැමැත්තක් නැහැ. එහෙත් මම පොදු අපේක්ෂකයාට කැමති උනෙත් නැහැ. දවස් 100 කින් බලය ගන්නේ නිකම්ම ඉඳලා රවිල් මහත්තයා. එනිසා මෙවරත් ඡන්දය සන්දානයටම දෙනවා. මා වැනි බොහෝ අය සිටිනවා මේ දෙයම කරනා. (නදී)
දළදා මාලිගාව වටේ නලගණන් නටවනවට, දළදා මාලිගාව වටේ කාර් රේස් තියනවට මම නම් හරිම කැමතියි. (නදී)
කොටි ගැන කතා කරන්නේ අමතකද මහා කොටි සියල්ලම ආණ්ඩුවත් එක්ක කියලා. රටේ ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වෙනවා කියලා. ඔය වගේ දේවල් නැති කරන්න තමා මෛත්‍රී ආණ්ඩුවක් ඕනා. කව්ද එ්කට අකමැති (නදී)
ඔබ ජනපති මහින්ද එක්ක ඉන්න. පොදු ජන මතය මහින්ද මිස අන් කෙනෙක් නොවේ. රනිල්ට බලය දෙන්න මෛත්‍රීට ඡන්දෙ දෙන්නේ මොන මෝඩයෝද ? තාමත් ජනපති පොදු ජනතාවගේ අපේක්ෂ්ව. ජනපති තුමනි අපි ඔබ තුමා සමග (නදී)
බුද්දික ඔයා මන්ද බුද්දික නෙමේ නේද ? මෛත්‍රී එක්ක කොහොමද රට හරි මගකට ගෙනියන්නේ ? දින 100 න් පස්සේ එයා රනිල්ට බලය පවරනවා . හෙළ උරුමයට වැඩ කරන්න වෙන්නේ රනිල් එක්ක. (නදී)
"තමන් කළ දෑ තමන් පසුපස සසර පුරා ගමන් කරන බවත්, එය දැනගෙන කටයුතු කිරීමට සෑම දෙනාටම යහපත්" බවත් මහා නා හිමියෝ කිව්වේ චම්පික ගැන හිතල නොවෙයි චම්පිකට ආණ්ඩුවෙන් යන්න සැලැස්සුව අය ගැන හිතලා. (නදී)
දේශපාලකයන්ට රටේ අනාගතය ගැන හිතෙන්නේ මොනවද?ඔවුන් මෝඩයෝ. (නදී)
විමල් ඔබ මන්ද බුද්දික අයෙක්ද ? (නදී)
අඩුපාඩු හදාගන්න දැන් කල්ගත්තා ඇති නේද බන්දුල? එන්න එන්නම තත්ත්වය දරුණු වෙනවා මිසක් අපිට නම් හොඳක් පෙනෙන්න නැහැ. (නි)
මොනවාද ජනාධිපතිතුමාගේ අඩුපාඩු බන්දුල? (නි)
තුන් සැරයක් ඉල්ලනවා...දිනනවා. අඩුව ඒකයි (නදී)
ඔය දේශපාලකයෝ කවුරුත් කවදාකවත් බන පිළිපදින්නේ නැහැ. ඒ අය කරන්නේ ඒ ගොල්ලන්ගේ න්‍යාය පමණයි. (නදී)
අඩුපාඩු කාගේද නැත්තේ ස්ටැන්ලි මහත්තයෝ. අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැහැ. රජයක් පවත්වාගෙන යන්න සිල් අරගෙන බැහැ. බලයක් ගන්න කාට උනත් ඒ බලය රැක ගන්න බලය දීපු මහජනතාව පමණක් සතුටු කිරීමෙන් බැහැ. දොළ පිදේනි ඉල්ලන යක්කු ප්‍රේතයෝ කුම්භාණ්ඩයෝ සතුටු කරන්න වෙනවා අකමැත්තෙන් උනත්. නමුත් ඒක අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ගිය එක තමයි එතුමාගේ අඩු පාඩුව. ඒකේ පල විපාක එතුමා මේ වතාවේ තේරුම් ගන්න ඇති. එතුමාගේ ඉදිරි පාලන සමය මේ රටේ විශාල වෙනසක් සිදු කරාවි අනිවාර්යයෙන්ම. (නදී)
චම්පික මහත්මයාණනි ඔබ කල යුත්තේ මහින්දගේ අත පය සීමාවකට ගැටගසා ඔහු සමග සිටීම මිස කසල ගොඩකට එකතු වීම නොවේ. (නදී)
මොහමඩ් අපිනම් විරුද්ධ වුනා ඇෆ්ගනිස්තානයෙ ඇමෙරිකන් භටයෝ කරපු වැඩේට.. (අ)
පාටලී මහතාණනි. ඔබතුමා සන්ධානය තුළ ඉඳන් දෙපා මුල පමණක් බලන්නේ නැතිව මාහැඟී සේවයක් ඉටු කරන උගත් අවංක ජාති හිතෛෂී මහත්මයෙක්. ඔබ තුමා තවමත් සන්ධානය තුළ සිටීම අපේ හදවතට සහනයක්. රටට විපත් සිදුවන විට ඔබතුමා කිසිම දවසක් නිහඬව සිටියේ නැහැ. අදත් එහෙමයි, අපේ ජනාධිපතිතුමාගේ සමීපයේම සිට එතුමාගේ ගමනට නිසි මග පෙන්වමින් රැඳී ඉන්නා ලෙස අයදිමි. ඔබතුමාට ජය පතමි. (ස).
වේයෝ හුඹස් බඳිති. දෙපැත් නයි හුඹසට රිංගති. අනේ නෑයෝ...තොපිත් වේයෝ.(නදී)
ඔබ තුමා දේශපාලන වෙනසක් කරන්න විපක්ෂය සමග එකතුවෙන්න රනිල් කියන්නේ බුද්දිමත් නායකයෙක් ලෝකෙත් එක්ක වැඩකරන්න පුළුවන් ආර්ථිකය ගොඩනගන්න පුළුවන් පිරිසිදු නායකයා ඒ හින්ද හරි තීරණේ ගන්න හොරකම දූෂණයට තිත තියන්න. (ස)
බඩ සුද්ද නොවුනත් කමක් නෑ ලෙඩා ජීවත් වෙනවා නම්? (නදී)
එහෙනම් ඉතින් ඔය හොර කරන අයට මොනවා වෙයිද? අනේ මට නම් හිතා ගන්නත් බැහැ (නදී)
මහත්මයානෙනි ඔබ රටට සම්පතකි. නමුත් ඔබ ඉක්මන් උනා වැඩි යැයි මට සිතේ. දෙයක් ඇත්නම් කතා කර විසඳා ගැනීමට හැකි නායකයෙක් රටට සිටින නිසා. පොදු අපේක්ෂක අච්චාරුවට නම් අත ගහන්න එපා. එ්කෙන් රටට වෙන හානිය බොහොම බරපතල නිසා. (නදී)
ඔව් ඔව් හත් හවුලට සෙට් වෙන්න නම් එපා. අපේ ජනපති තුමා සමග ඔබතුමා දිගටම සිටිය යුතුයි (නදී)
රටේ ඒකීයත්වය තහවුරුකිරීමට වැඩකරන්න. කොටි පනගසමින් බටහිර රටවල සිටින බව අමතක කරන්න එපා. (නදී)
හෙළ උරුමය ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කරන ඕන කෙනෙක් එක්ක එකතු උනාට කමක් නැහැ. මහින්ද මහත්මයා ඒ යෝජනා වලට ඇහුන්කන් දෙන පාටක් නැහැ. එ්ක නිසයි මෙතුමලා ඉවත් උනේ. අපි සැමදා ඔබ සමගයි (නදී)
පබසරා කියන්නේ ජනාදිපතිතුමා සමග එකතුවෙලා මේ කුඩුකාරයන්ගේ හා එතනෝල් කාරයන්ගෙන් ආණ්ඩුව රැකගන්න කියලද? (නදී)
තමන් කළ දෑ තමන් පසුපස සසර පුරා ගමන් කරන බවත්, එය දැනගෙන කටයුතු කිරීමට සෑම දෙනාටම යහපත් බවත් මහා නා හිමියෝ කීහ. අපේ නායක හාමුදුරුවෝ පැහැදිලි උදාහරණයක් මේ තුලින් දේශපාලකයන්ට දීල තියෙන බව වැටහෙනවා. (නදී)
දේශපාලන හොරු ඔක්කොම නිරයට තමයි යන්නේ !(හේ)
දිනේෂ්, ඔයකියන මහින්ද චින්තනය හදන්න සක්‍රිය දායකත්වය දුන් මේ බුද්ධිමතුන්ට ගල් අඟුරු වලින් වංචා කල කියල වහෙන් ඔරෝ භාෂාවෙන් කියෙව්වේ කවුද? තවත් කතා කරන්න දෙයක් ඉතිරි කලේ නැත්තේ කවුද? (නදී)
චම්පික මහතාණෙනි ඔබ ජනාධිපති තුමා සමග සිටිය යුතු කෙනෙකි. එම නිසා දුර දිග බලා කටයුතු කරනු මැනවි. හොද්දට කරපිංචචා කොලයක් නොවී. (නදී)
රටේ බලයට පත්වන දේශපාලකයන් දුෂිත ව්‍යාපාරිකයික් සහ කේවට්ටයන් ලංකරගන්නවා මිස බුද්ධිමත් කෙනාට තැනක් දෙන්නේ නැහැ. මෙය තමයි ලංකාවේ ප්‍රශ්නය. (නදී)
සුළු ජාතීන් ගැන හිතන්න සුළු ජාතීන් ගේ සුභ සිද්ධියට විශාල නියෝජිතයන් පිරිසක් හිටියත්, සිංහල අපි නියෝජනය කරන්න, බුදු දහම රැක ගන්න, කෙලින් කතා කරන කොන්දක් තියෙන නායකයෝ හරි අඩුයි. මහා නායක හාමුදුරුවෝ කිවුවා වගේ කරන හැම පිනක්ම පවක්ම අපි පසු පස එනවා සංසාරය පුරාවටම. මේ ජීවිතයේ සැප පහසුව ගැන විතරක් පටුවෙන් හිතල තීරණ ගන්නේ නැතුව, බුදු දහමේ පැවැත්ම උදෙසා, බුදු දහම රැක ගන්න ප්‍රතිඥා දීල තියන සිංහල ජාතිය රැක ගන්න පුළුවන් නායකයෝ අපිට අවශ්‍යයි. ඔබ තුමාටත් හොඳින් විභාග විශ්ලේෂණය කරලා සුදුසු පිරිසට සහයෝග දෙන්න ලැබේවා කියල අපි පතනවා. අපි කාට සහයෝගය දෙන්නද කියල තවම තීරණය කරලා නැති තැනක ඉන්නේ. රොටිය දෙපැත්ත ගහනවා වගේ, ආණ්ඩු මාරු කරලා කරලා ඇති වෙලා තියෙන්නේ. හරි දේ කරන්න ඕනේ අපි. මොකද වරදක් උනොත් ආයෙත් අවුරුදු 6 කට නිවැරදි කරන්න වෙන්නේ නැහැ. දෙපිරිසේම ප්‍රතිපත්ති මාලාව කියවල, රට කරවන යාන්ත්‍රනය ගැන හදාරලා අපි තීරණයක් ගන්නම්. (ස)
තව දුරටත් රතන හාමදුරුවන්ගේ ලනු කන්නේ නැතුව දේශද්‍රෝහී බලවේගවලට රට අරාජික කරන්න දැන හෝ නොදැන පාරවල් කපන්නේ නැතුව ගම්මන්පිල මහත්තයත් එක්ක ආයෙත් සන්ධානෙට එකතු වෙලා මහින්ද මහත්තයගේ තියෙන අඩුපාඩුවක් හදාගෙන,තමන්ගේ දේශපාලන අනාගතයත් විනාශ කරගන්නේ නැතුව මහින්ද මහත්තයත් එක්ක ඉදිරියට යන්න.මේ රටේ බහුතර සිංහල ජන මතය සන්ධානය තුල නියෝජනයට ඉදිරියටත් අපිට ඔබ දෙපළ අත්‍යවශ්‍යයි.. (ස)
රට පාවා දෙන්න හදන්නේ දවස් සියක් උහුලන්න බැරි උණ හැදිලද? අපේ උරුමය කරුමයක් කරන්න එපා. (ස)
මෙතන පොදු අපේක්ෂකයාට කවුරුත් කැමතියි , එහෙත් ප්‍රශ්නය ඔහු දින සියයකින් බලය දෙන්නේ රනිල්ට , බොහෝ දෙනෙකු එයට අකමැතියි , ඇයි රනිල්ට කෙලිම්ම පොදු අපේක්ෂක වෙලා දිනලා ඕවා කරන්න බැරි ? ඔහුගෙන් ලැබුණු අමිහිරි අතීතය නිසා බොහෝ දෙනෙක් විචිකිච්චාවෙන් ඉන්නේ (ස)
රනිල් නායකයා කලොත් ඒකීය භාවයනම් රකීවි නියමෙටම. හෙළ උරුමය කරුම නම් කරන්න එපා ඔය අශුද්ධ සන්ධානයට සපෝර්ට් කරල. ඉවසීමෙන් සැනසීම ලැබේ කියන කාරණය සිහියට ගන්න. (ස)
මගේ පියා චම්පික මහතාට ඡන්දෙ දෙන්නේ සිහල උරුමෙන් ඡන්දෙ ඉල්ලන කාලේ ඉදලා. ඒ රටගැන හැගීමක් තිබෙන ඒ නිසාම විදේශයකට ගොස් සිය උගත්කමේ හැටියට ඉපයියහැකි මහා ධනස්කන්ධය අමතක කල සැබෑ ලාංකීය පුත්‍රයෙක් කියලයි. ඒ ගෞරවනීය හැගීම එන්.ජී.ඔ. ලනුවලට අහුවෙලා නැතිකරගන්න එපා. (ර)
බන්දුල පෙරේරා දෙවියන්ගේ හාල් කැවිලද මෙතුමා සන්ධානය ආණ්ඩුවෙන් අවේ මොකද වැඩකරන්න බැරි හින්ද දුසන වංචා ඉහවහා ගිහිල්ල නැවත මේ හොර තක්කඩි එක්ක උඩුගම්බලා පීනන්න පුලුවන්ද හොදම දේ මෛත්ත්‍රී එක්ක එකතුවෙලා රට හරිමග ගන්න එක ව්‍යවස්ථාව සංසෝදනය කරලා වියදම් අඩු කර රටේ යහ පාලනයක් ඇතිකරන්න ජනතාව වෙනුවෙන් අවංකව පෙනිසිටින්න. (ස)
මේ තරමට රටේ නායකයන් නැතිවුනේ කොහොමද ? නුවන්, තව අවුරුදු 6 දුන්නොත් රට ෂරියා වෙලා අපෙත් බෙලි කැපෙයි . ඇයි මේක තේරෙන් නැත්තේ ? (අ)
ජාතික හෙළ උරුමය රත්න හාමුදුරුවෝ රටට ලොකු ආඩම්බරයක් කෙලින් කතාකරන බුද්දිමත් එඩිතර අවංක හිමිනමක් ඔය මහලොකු සේනාවලට දැන් හිතාගන්න පුළුවන් ඒගොල්ලෝ මොනවද කරන්නේ කියන්නේ කියල.(අ)
ජනාධිපතිතුමා ට තිබුනේ තමන්ගේ ඉතිරි වසර දෙකත් නිළයේ ඉඳල පක්ෂයේ ඊළගට සිටින මෛත්‍රීට අපේක්ෂක කම බාරදීලා ව්‍යවස්තාවට ගරු කරමින් විශ්‍රාම යන්න. නමුත් එතුමා ගේ බල තණ්හාවට හැම දෙයක්ම නැති කරගත්තා. අද ඔක්කොම අර්බුද ටික හදාගෙන වමාරන්නේ එතුමා විසින්මයි. ඉදිරියේදී ඔය පක්ෂය විශාල බිඳවැටීමකටෙ ලක්වෙනවා. එ්කට වගකියන්න ඕනි වර්තමාන රජය සහ වටේ සිටින එහියෝ ටික. (ස)
ප්‍රශස්ති ගායනා කරනවට වැඩිය බුදු බණපද කියලා දෙනවා නම් මොනතරම් හොඳද? (නදී)