IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මහ බැංකු අධිපතිගේ විශ්‍රාම වැටුපට එරෙහිව රිට් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එම බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙසත් , ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දේශපාලන බලපෑම්වලට නතු නොවී ස්වාධීනව කටයුතු කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (01) රිට් පෙත්සමක් ගොනු කරිණි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, එහි සාමාජිකයින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, නීතිපති ඇතුළු නවදෙනකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු සිය පෙත්සම මගින් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යනු අධිකරණය මෙන් ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක් බවත් , ඊට නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කිසිදු දේශපාලනඥයකුට බලයක් නොමැති බව ය.

එසේම එවැනි නියෝග පිළිපැදීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍යානුකූලව බැඳී නොමැති බවද පෙත්සම්කරු සිය පෙත්සමේ වැඩිදුරටත් සදහන් කර ඇත.

එමෙන්ම වත්මන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එම මුදල් මණ්ඩලය විසින් තීන්දුවක් ගෙන ඇති බවත් ,එය මුළුමනින්ම නීතියට පටහැනි යැයි ද පෙත්සම්කරු කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට බලපෑම්වලට නතු නොවී ස්වාධීනව කටයුතු කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කිසිදු දේශපාලකයකු විසින් දෙනු ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය බැඳී නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා සිටී.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එහි  මුදල් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසත් එවැනි විශ්‍රාම වැටුපක් ප්‍රදානය කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින්ට තිබෙන නීතිමය බලය කුමක්දැයි පැහැදිලි කරන නියෝගයක් වගඋත්තරකරුවන්ට නිකුත් ලෙස ද පෙත්සම්කාර එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (3)

මහ බැංකු අධිපතිගේ විශ්‍රාම වැටුපට එරෙහිව රිට් පෙත්සමක්

Rohana Friday, 01 October 2021 04:39 PM

මුදල් මණ්ඩලයේත් ප්‍රධානියා මහබැංකු අධිපතිය... ඉතිරි ටික තේරුම් ගැනීම ඔබ සතුය.

:       2       2

swene Friday, 01 October 2021 04:57 PM

රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප ඉතා අඩු ගණනකි. එයත් කැපීමට සමහර ඇමතිලා අදහස් පළකරති... නමුත්, මේ අවස්ථාවේදීවත් කබ්රාල්ට විශාල විශ්‍රාම පඩියක් ගෙවිය යුතුද? ඔහු දැනටත් විශාල පඩියක්, දීමනා සහ වරප්‍රසාද භුක්ති විඳිමින් සිටියි. සාමාන්‍ය ජනතාවට කිසිම ආදර්ශයක් මොවුන් දෙන්නේ නැහැ. කොහොම හරි එකතු කරගන්නයි අවශ්‍ය. මෙහි ඉපදුණු අප මෙතරම් පව්කාරයින්ද?

:       1       7

RohanaFriday, 01 October 2021 06:35 PM

බොහොම අමාරුවෙන් ජීවත්වෙන කෙනෙකුට තමන්ගේ එදිනෙදා වියදම් පියවා ගන්න මාසෙකට ලක්ෂ 20 විශ්‍රාම වැටුපක් ඉල්ලීමේ වරද කුමක්ද?

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1640 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 323 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 659 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4220 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 569 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3167 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site