ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බ්‍රහස්පතින්දා (30) විශ්‍රාම ගන්නා බවත් ඉදිරි දින කිහිපයේ දී නව බැංකු අධිපතිවරයකු පත් කරන බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති ගිරාඳුරුකෝට්ටේදී මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
මේ අතර අත්දැකීම් ඇති පළපුරුදු පුද්ගලයකු තව පැය කිහිපයකින් ජනපති අතින් පත්වීම් ලබන බව වැඩ බලන මුදල් ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය. නව මහ බැංකු අධිපතිවරයා වසරක් සඳහා පත්කෙරෙන බවද ඔහු කීය.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ හා රනිල් වික්‍රමසිංහ අගමැතිගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් මහ බැංකු පරිශ්‍රයේදී අද සවස පැවැත්විණි.
(ඡායාරූප සමාජජාල වෙබ්අඩවි වලිනි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහකාර මහ බැංකු සභාපති නන්දලාල් වීරසිංහ පත්කෙරෙන බවයි ආරංචි. ඔහු පළපුරුදු රාජ්‍ය සේවකයෙක්. (බ)
ජනාධිපතිතුමා ගැන අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. රජය කරන සියලුම වැඩ ජනපතිට අනුකූලව හා අනුදැනුම ඇතිව සිදු විය යුතුයි. (ර)
විශ්‍රාම යැව්වට කමක් නැහැ. එයාට විරුද්දව තියෙන චෝදනා විබාග කරන්න ඕන. (ර)
මම හිතනව මහා බැංකු අධිපති තනතුරට අත්දැකීම් බහුල දක්ෂ දැනට සහකාර අධිපති තනතුර දරන අයගෙන් කෙනෙක් පත්කිරීම සුදුසුයි කියා (බ)
විශ්‍රාම යවනවා කියන්නේ අවුරුදු කියියක් වැඩ කලාද.? (ර)
බෑනට හොඳට හම්බකර ගන්න දුන්න දැන් විශ්‍රාම ගියාම මොකෝ. (අ)
රැව්ලයි කැඳයි දෙකම බේරාගෙන තියෙනවා. මේ පුවත හරියට කියෙව්වානම් තේරෙයි. අර්ජුන් මහේන්ද්‍රන් විශ්‍රාම යනවා මිසක් අර්ජුන් මහේන්ද්‍රන්ව විශ්‍රාම යවනවා නෙමෙයි. ඒ කියන්නේ තියෙන චෝදනානිසා විරුද්ධව ආණ්ඩුව ගත්ත තීරණයක් නෙමෙයි. (ර)
අපිට උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වාගේ වැඩක්. (ර)
එතකොට මේ මහත්තයා පාඩු කරපු රුපියල් කොටි පන්දහා කාගෙන්ද අය කරගන්නේ ?එක අපි නේද ගෙවන්නෙ ඕනේ ? හරි හොඳයි . (අ)
මටනම් එපා ඔන්න ඔය ජොබ් එක . බාරගන්න කියල එහෙම කියන්න එපා. (අ)
එරික් තමා හරිම දේ කිව්වේ. (ර)
මිනිසුන්ගෙන් අපහාස ලබන්නට පෙර තීරණ ගත්තොත් හොඳයි නේද (බ)
දැන් මේ අදහස් වලින් පෙන්නේ, කියන්නේ මහේන්ද්‍රන් මහා හොරෙක් , වංචා කාරයෙක් වගේනේ. මේ කවුරුත් අර උසාවි තීරණය ගැනවත්, පරීක්ෂණ වාර්තා ගැනවත් කතා නොකර , වීරවංශ තියරිය දාල මේ මනුස්සය වැරදි කාරයෙකුත් කරලා ඉවරයි. ඕකනේ පහුගිය කාලේ ෆොන්සේකාට කළෙත්. ඕක වැරදියි මිත්‍රයා.(බ)
නිලධාරියෙක් පත් කරන්නත් කෙකර ගාන ආණ්ඩුව යුද්දේ කාලේ තිබුනන් එහෙම ප්රභාකරන් ගැන තොරතුරු දැන ගන්න පත්තරේ එනකම් ඉඳීවි. (බ)
අන්තිමට බහුතරයකගේ විරෝදය හමුවේ ඔය හැම කෙනාටම වෙන්නේ පසු බහින්න තමයි. (අ)
මහබැංකු අධිපති වියයුත්තේ මේ තනතුර බැබලවූ අපේම රටේ 1953 සිට 2005 දක්වා හිටි පුද්ගලයන් වැනි අයෙකි. 2005 දී පිටස්තර පුද්ගලයෙක් බඳවා ගැනීම නිසා මේ ක්ෂේත්රය කඩා වැටි ඇත, එය යලි නිවැරදි කල යුතුයි.(අ)
අවේ නම් යහ පාලනේට. රටේ මිනිස්සු කෑ ගහල යන්තම් එලව ගත්තේ. අවරුදු දෙකට රටේ දනය කොල්ල කා ගත්ත. රට බේරා ගත්ත මිනිස්සු හොරකම් කරනවා කියල මේ රටේ මිනිස්සු මහා ලොකුවට බැනල එලවල දැම්ම. දැන් ඔය කරේ. ඉතුරු අවරුදු 4 ඔය වගේ තමයි. නාඩගම් විතරයි.(අ)
විශ්‍රාම ගියාට කමක් නැහැ , වෙලාවට ඕවගේ වන්දි ගෙවන්න ආපහු ගෙන්න ගන්න ඕන. ජනතාවගේ මුදල් කාපු එකා. (අ)
භාණ්ඩාගාරයේ සල්ලි නැත්නම් අධිපතිලා පත්කරන අය සල්ලි අරගෙන එනවද? (නි)
තිලක්- නුවර මහතාණෙනි, ඔබතුමා කියන යුගයේ ආර්ථිකයේ විශිෂ්ට බවක් අපට නම් දැනුණේ නැත. නමුත් දැනුණ කොටසක් සිටිය අතර දැන් ඔය මුල්‍ය අපරාධ විමර්ශන අංශය පැත්තේ නිතරම යන්නේ එන්නේ ඒ අය වෙන්නත් පුළුවන. එදත් අදත් මහ බැංකු අධිපතිවරුන්ට උපාධි වැඩිවෙන තරමටත්,දේශපාලන නායකයන් මිතුරන් වෙන තරමටත්, දුෂිතයන්ගේ පැවැත්ම හොඳින් සිදුවෙන බවක් නම් පෙනෙන්නට ඇත. ණයට මඟුල් කාපු යුගයක ආර්ථිකයේ විශිෂ්ටත්වය වෙනුවෙන් අපි අද ණය ගෙවන්නෙමු. ආර්ථිකයේ විශිෂ්ටත්වය දැක දැකත් අවුරුදු දෙකකට ප්‍රථමයෙන් මැතිවරණයකට ගියේ තිලක් මහතා කියන මහබැංකු වාර්තාවල නිවැරදිභාවය දැනගෙන වෙන්නට පුළුවන. සිංහල භාෂාවේ ලස්සන වචන තිබුණ පලියටම ඒවා අපි භාවිතා නොකිරීමට වග බලාගනිමු. (නි)
මහබැංකු අධිපතිතුමාට ඇති චෝදනා සම්බන්ධව තිරය පිටුපස තත්ත්වයත් සොයා බලා කටයුතු කරන්නේනම් කාගෙත් නිර්දෝෂීභාවයටත්, යහපාලනය වචනයේ අර්ථයටත් වැදගත් වෙනවා ඇත. එය ජනාධිපතිතුමාගේ යුතුකමක් වගේම වගකීමකි. (බ)
කබ්රාල් මහත්තය දාන්න. අපි මොකුත් කියන්නේ නෑ. (බ)
දේශපාලනයකින් තොරව සුදුසු කෙනෙක් පත්කරනවා නම් හොදයි.(ම)
නිසි ක්‍රමවේදයක් නැතුව රට ඉබාගාතේ ඔහේ පාවී පාවී යනවා... එක එක්කෙනා තම තමන්ට හිතු හිතු විදිහට වැඩ කරනවා. කිසි කෙනෙක් වගකීමක් අරගන්නේ නැහැ. ඒ මදිවාට බෙදුම්වාදීන් තවදුරටත් ඔවුන්ගේ කොටස ඉල්ලනවා.මොනවා වෙලා නවතිද කියලා (ම)
දැන් හොරකම් කළා නම් විශ්‍රාම ගියාම ඒ් පව හේදෙනවද? (බ)
ඉරාන් ඕකට දාලා මිනිහ ඕකේ සල්ලි වලින් ආගම පතුරවයිද දන්නෑ....හර්ශ ද සිල්වා ඊට වඩා හොදයි වගේ...(බ)
ගහන බෙරයකුත් නැහැ අන්තිමට බෙරේ පලුවකුත් නැහැ කියයි (බ)
නුවන් විජේවර්ධන, මමත් ඔබ කියන දේට එකඟයි. රුපියල් කෝටි ගණනක් රටට පාඩු කළ පුද්ගලයා යහතින් විශ්‍රාම ගන්වනවා නම් ඒ වගේම දෙයක් කළාය කියන අනික් මිනිහව විතරක් පට්ට ගහන්නේ මොකටද? එයාවම දාමු ආයෙත් අපිත් මොකුත් කියන්නේ නෑ.(බ)
කබ්රාල් මහත්තය හොද කෙනෙක් (බ)
චරිත රත්වත්තේ කියලා කියනවා. මොහු තමයි පසුගිය 2004 දී වසර 2කදි ආණ්ඩුව ගෙදර යැව්වේ . මේපාරත් එ්කම කරයි. (බ)
ලොකු දෙයක් මෙයා ගෙදර යවපු එක මෙයා තව අවුරුදු 6 හිටියොත් මුළු මහා බැංකුවම ඉවරයි (බ)
හිටපු අර්ජුන් මහේන්ද්‍රන් මහතාව නැවත පත් නොකරනවා කියන්නේ ඔහු ඔය කියන මුල්‍ය වංචාව කළා කියල සැක හිතන නිසා නේද . එසේනම් ඔහු ගැන නිසි පරීක්ෂණයක් ආණ්ඩුවෙන් තියනවද නැද්ද. අර්ජුන් මහේන්ද්‍රන්ව එෆ්සීඅයිඩී එකට ගෙන්වා පරීක්ෂණ කරනවද. වෙනත් කෙනකු පත්කිරීම විසදුමක් නොවෙයි (බ)
රට වෙනුවෙන් එඩිතර තීරණ ගන්න බය වෙන්න එපා මත්තයෝ (ම)
මොන අඩුපාඩු තිබුනත් කබ්රාල් කියන්නේ උගතෙක්. ඔහු වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති වෙලත් හිටියා. තව කවුරුත් නොදන්න දෙයක් තමා, ඔහු ලබාගෙන තියෙන උපාධි ගණන 8 කට වඩා වැඩියි. ඔහුගේ හොඳනරක හොඳටම කියල දෙන්නේ ඔහු ගේ පාලන කාලවල නිකුත් කල මහ බැංකු වාර්තා. එය තමා ලංකා ආර්ථිකයේ විශිෂ්ටතම යුගය. (ම)
මට මතක් වෙන්නේ පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුවේ සින්දුව. මෙච්චරකල් නුඹ සෙක්කු මගක සරු බිම් සෙව්වා නොවැ රාළේ කරෙන් ඇදල ගොන් මාරු කරලා නුඹ හති වැටුනා නොවැ රාළේ මහා තැන දොඩවන බේගල් අහලා තව රැඳෙනුද මෙහි රාළේ පැඟිරාව පන්නලා පුස්සාව බැඳලා ගාටනවද අපේ රාළේ ... රාළේ බැඳපන් කිරි පුස්සා... රාළේ බැඳපන් අපේ පැඟිරා .. // (බ)
සුදුසු පුද්ගලයෙක් පත්කලාටම මදි. අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැහීම් නවත්වන්න ඕන. (ම)
එරාන් වික්‍රමරත්න ඔබට ජය !! හිටපු ප්‍රධාන විධායක නිලධාරි එන්.ඩී.බී. බැංකුව (ම)
රටට ජාතියට හිතැති කෙනෙකු පත්වේවා. (ම)
එතකොට මේ වුනා කියන වංචාවෙන් රටට වුන පාඩුව? (ර)
දඬුවමක් නැහැ. පුදුම රටක්. (ර)