(රංජන් කටුගම්පොළ)
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු දසදෙනකු මුදාහරිමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් නියෝගය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
තවද ඒ සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව ද අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා ගොනු කොට කොට තිබූ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි.
මෙම විශේෂ අභියාචනය පෙත්සම මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන , දිලිප් නවාස් , ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් සලකා බැලිණි.
නීතිපති වෙනුවෙන් ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා පෙනී සිටියේය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ බැංකු වංචාවේ දස දෙනා මුදාහල තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්
ranjith Monday, 06 November 2023 09:18 PM
මෙ ධරමද්වීපයේ අහිංසක ජනතාවගේ මුදල් කොල්ල කන පල් හොරුන්ගෙන් බෙරගන්න ගරු අදිකරනයෙ පිහිට පමනයි ජනතාවට තියෙන්නෙ.
Lalla Monday, 06 November 2023 10:39 PM
අර රාජපක්ෂ පැටව ගවුර් කෝපරේෂන් නඩුවෙන් නිදහස් වුන එකත් නවත්තන්න බැරිද?
nanda Tuesday, 07 November 2023 08:30 AM
මේ රට පල් හොරුන්ගෙන් බේරාගන්න