කොළඹ උසස් පාසල් දෙකක දැරියන් දෙදෙනකු අද අලුයම දෙකට මහරගම බස් නැවතුමක සිටිය දී පොලිසියට කැඳවාගෙන ගිය බව පොලිස් නිලධරයෙක් කියයි.
උපන් දින සාදයකට පැමිණි බවත්, බසයක් එනතුරු සිටින බවත් ඔවුන් කියා ඇත.
එක් දැරියකගේ පියා හමුදාවේ උසස් නිලධරයකු බවත් පොලිසිය පවසයි. නොගැලපෙන ඇඳුම් ඔවුන් ඇඳ සිටි බව ද පොලිසිය කියයි.
මව්පියන් කැඳවා මොවුන් බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කලන මේ රටේ මිනිස්සු විකුර්ති දේවල් කරන්නේ නැද්ද? මාස තුනේ ළදරුවටත් අවුරුදු 70 කිරිඅම්මා කෙනෙකුටත් ලිංගික අතවර වෙන මේ රටේ ලොකු පාසල් දියණියෝ දෙන්නෙකුට පාන්දර දෙකට බස් නැවතුමක තියෙන ආරක්ෂාව මොකක්ද? පොලිසිය ඉතාම සුදුසු ක්‍රියා මාර්ගය අරන් තියෙන්නේ. රෑ දෙකට නොගැලපෙන ඇඳුම් ඇඳගෙන බස් හෝල්ට් එකක ඉන්නේ කව්ද කියල ඕනෑම මෝඩයෙකුට තේරෙනවා. තමන් එහෙම අය නොවෙයි කිව්වට වැරද්දක් වෙන්න ගියානම් ඒක පිලි අරන් මිනිස්සු නිකම් ඉඳීවිද?පොලිසියට ස්තුති කරන්න ඕන මේ මෝඩ ළමයි දෙන්න බේරා ගැනීම ගැන.(නදී)
නිදහස් රටක යාමේ ඊමේ නිදහස තියන්න ඕන බව ඇත්ත. නමුත් මේ ළමුන්ට මොකුත් කරදරයක් උනානම් මොකද කරන්නේ? දෙමාපියෝ තමන්ගේ වගකීම හරියට ඉටු කරන්නත්, ළමුන්ට මේ වගේ බරපතලකමත් තේරුම් කරලා දෙන්%
මේ දෙන්නට සුබ අනාගතයක් ! (නදී)
ගුරුවරයෙක් නිකමට වත් ගමනක් යන ගමන් ළඟපාත හිටියානන් අනේ එතුමට දෙයියන්ගෙම පිහිටයි.(නදී)
මේ ළමයින් ගේ නිදහස අනුමත කරන අය තමන්ගේ දරුවන්ටත් කරුණාකරලා එම නිදහසම දෙන්න.දීල බලන්න. ඒකෙනුත් ආණ්ඩුවට පහර ගහන්න ත්‍රස්තවාදයෙන් මේ රට නිදහස් වුනු එකට සමච්චල් කරන්න හදන මෙහෙම එව්ව්වොත් මේ රටේ ඉදිද්දී අපි මේ ඩයස්පෝරා ගැන පිල්ලෙල ගැන කතා කරනවා....(අ)
එහෙම අවු18ට අඩු ළමයින්ට අවේලාවේ වීදි සංචාරය තහනම්. මිනිස්සුන්ගේ හැගීම් අපිට පාලනය කරන්නබෑ. අපි දෙමව්පියන් ලෙස මීට වඩා දරුවන් ගැන අවදියෙන් සිටිය යුතුයි.දෙයක් වෙන්න ඉස්සර එය වළක්වා ගැනීම යහපත්. නිදහස හොදයි. හැබැයි ඒ රටවල් අනුව එය වෙනස්. දෙමව්පියන් මේ දරුවන්ගේ වගකීම භාර ගත යුතුයි. අපිට ඹ්නෑම දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඔය හැමදේම කියන්නේ අපෙ දරුවෙක්ට වෙනකම් විතරයි. ඒකත් ඇත්ත.(නදී)
උපන්දින් සාදයට යන්න කලින්, එයට සහභාගි වන හිත මිතුරන් හෝ දෙමව්පියන් සමග සාකච්ඡා කර සාදය අවසානයේ ගෙදර යන ක්‍රමයක් පිලියල කර ගත යුතුයි මුලින්ම. එහෙම නැතුව ගැහැණු ළමයි, පාන්දර දෙකට බස් හෝල්ට් වල ගැවසෙන එක හොද මදි.(නදී)
හයි ලෙවල් පාරේ ගමන ඔය කාටත් වැඩිය හොදට මම දන්නවා. කොච්චර වෙලාවක් හිටියත් බස් එකක් නැහැ. මේ දරුවන්ට තිබුනා දෙමව්පියන්ව දැනුම්වත් කරන්න.(නධී)
ජගත් නොගැලපෙන ඇදුම් කිව්වේ පාන්දර දෙකට විතර එන අය ගැන දන්නවනේ. පොලිසිය හරියට රාජකාරිය කලා.(නදී)
බස් නැවතුම් පොලක සිටීම වරදක් නොවේ නමුත් වරද ඇත්තේ මිනිසුන්ගේ ආකල්පවලයි, එත් පාසල් යන වයසේ ගැහැණු ළමුන් අලුයම වෙනකන් සිටීම වරදකි, ගෙදරින් මීට වඩා වගකීමකින් කටයුතු කලානම් හොඳයි.(නදී)
පුදුම මිනිස්සු කොට්ටාශයක්නේ අපි අතරේ ඉන්නේ.මේ ළමයි දෙන්නට අනතුරක් නොවී බේරා ගත්තට පොලිසියට ස්තුති කරනවා වෙනුවට මේ රටේ නිදහසක් ගැන කතා කරනවා. මේ ලබපු නිදහසට අවමන් කරනවා සමච්චල් කරනවා..හරි .. හරි ඔය කට්ටිය තමන්ගේ ගැහැනු දරුවන්ටත් ඔය නිදහසම දෙන්න. බාගෙට අන්දලා පාන්දර දෙකට බස් හෝල්ට් වල ඉන්න දෙන්න.ප්‍රස්නේ ඉවරයි.(නදී)
කලනට පිස්සුද කියලා හිතෙනවා.(නදී)
දැන් කාලේ ඕනෙම කෙනෙකු අතේ මොබයිල් ෆෝන් තියෙනවා. පරක්කු වෙනකොට ගෙදරට කතා කරලා කියන්ට තිබුනා. ගෙදරින් අවසරය අරගෙන සාදයට පැමිණියා නම් දෙමවුපියෝ මේ දරුවන් පරක්කු ඇයි කියල විමසන්ට තිබුනා. මේ දෙකම සිදු වී නැහැ. එයින් පෙනෙන්නේ මේ ගැන දෙමවුපියන්ට උවමනාවක් නැති කම හෝ මෙවැනි දේ නිතර සිදුවන නිසා ගණන් නොගත්තා වීමය. කෙසේ වෙතත් පොලිසිය කළ යුතු හොඳම දේ කළා. එය නොකළා නම් හැමෝම පොලිසියටයි දොස් කියන්නේ. (නදී)
ලංකාවේ රාත්‍රිය ගැන පොලිසිය හොදට දන්නවා . ප්‍රශ්නයක් උනොත්ඉස්සරම පොලිසියට දුවල එන්නෙත් කියල දන්නවා . පොලිසිය කල වැඩේ මසුරන් (අ).
මේ දෙන්නා කරලා තියෙන්නෙ අපේ රටේ සංස්කෘතියට නොගෑලපෙන මහා පහත් ක්‍රියාවක්. අවුරුදු 2500ක ඉතිහාසයක් තියන අපේ රටේ මේ වගේ දේවල් වෙනවා කියන්නේ අපි අපේ සමාජය ගෑන ආයෙත් සිතා බෑලිය යුතුයි. රෑ 12න් පස්සේ පෑයකට අවුරුදු 10 බෑගින් අවුරුදු 20 ක් කෙල්ලො දෙන්නව හිරේ යෑවිය යුතුයි.(නදී)
සගිස්කෘතිය වල පල්ලට ගියාවේ (දී)
සල්ලි කාර උන් කොමත් ඔහොම තමයි (දී)
අන්න පොලීසියේ මහත්වරුන්ගේ හොද වැඩ (දිල්)
නොගැලපෙන ඇදුම් කිව්වේ?(නදී)
මහ ලොකුවට කියනව නේද දැන් අපේ රටේ ඕනම තැනක ඕනම වෙලාවක යන්න නිදහසක් තියෙනවා කියලා. එහෙනම් රෑ කීයට උනත් ගමනක් බිමනක් ගිහින් එන්න පුළුවන් වෙන්න ඕන නේද? අනිත් එක ඇඳුම් ගැලපෙනවද නොගැලපෙනවද කියලා තීරණය කරන්න පොලිසියට තීරණය කරන්න තියෙන නිර්ණායක මොනවද? මේවා මාධ්‍යයට දීලා පොලිසිය කරලා තියෙන්නේ වැරැද්දක්. නිදහස් රටක වරදක් නොකරපු ලමයි දෙන්නෙක්ට "අශීලාචර නිසාචර" නමක් ගාලා ඒ ලමයින්ගේ මානසිකත්වය නැති කරලා. දැන් කියයි ඒ වෙලාවේ එහෙම ඇඳන් ගියාම අතවරයක් වෙන්න තිබ්බා කියලා. එහෙම වුණානම් ඒක මේ රටේ මිනිස්සුන්ගේ විකෘතිකම සහ ආරක්ෂාවේ දුර්වල කම.(නදී)
රාත්‍රී සාදයකට ගියා. එය වරදක් ද? තමාගේ ආරක්ෂාව ගැන විශ්වාසයෙන් බස් එකකින් ගෙදර යන්න බලාගෙන හිටියා. ඒකත් වරදක්ද? ඇත්තටම වරද තියෙන්නේ සමාජයේ මිසක් මේ දරුවන්ගේවත් දෙමවුපියන්ගේවත් නෙවෙයි. වැරදි ඇසින් බලන සහ හිතන හැම අතේ. ඇත්තටම දවල් රෑ දෙකේම ඕනෑම කෙනකුට නිදහසේ යන්න එන්න පුළුවන් වෙන්න ඕන. එහෙම පුළුවන් කියල සමාජය ගැන පොලිසිය ගැන විශ්වාසය තහවුරු කරන්න ගිය අයට වෙච්චි දේ.(නදී)
නැහැදිච්ච දෙමවුපියන්ගේ නැහැදිච්ච දරුවෝ.(නදී)
මට නම් පෙනෙන්නේ නැහැ බස් නැවතුම් පොලක ඉඳීම වරදක් කියලා. (නදී)
ලලිත්, නිරෝෂ්, මහේෂ් කිසිම තහනමක් නැහැ. නිදහස් රටේ නිදහසේ ඕනෙම තැනක ඇවිදින්න. ඔයාලටත් සහෝදරියෝ ඉන්නවා නම් එයාලටත් නිදහස දීල බලන්න ඔය වෙලාවල් වලට නිදහසේ මහා පාරේ ඉන්න. එවිට ඔබලාට පිළිතුර ලැබෙයි. කෙසේ නමුත් එම පොලිස් නිලදාරියන් හට ස්තුතියි.(නදී)
හැදිච්ච දෙමාපියන්ගේ නැහැදිච්ච ළමයි . (අ)
මහේෂ් ..... තමන්ගේ දුව හිටියා නම් ඔහොම කියන්නේ නැහැ නේද? මොකද තමන්ගේ දරුවා වටිනා නිසා. පොලිසිය කලේ සත්කාර්‍යක්. දෙමව්පියන් දැනුවත් කල යුතුයි සැමවිටම.(නදී)
වරද දෙමාපියන්ගේ මිසක් ළමයිගේ නොවෙයි. පොලිසියට ගෙන්නලා දරුවන් නොසලකා හැරීමට දඬුවම් කල හැකි බව කියල දෙමාපියන්ට අවවාද කරලා මීට පස්සේ මෙහෙම දරුවන් නොසලකා නොහරින බවට පොරොන්දු අරන් පොලිස් පොතේ අත්සන් අරන් යවන්න තිබුනේ. (නදී)
මේ ළමයින් නිශාචර කිරීම ගැන අම්මල ,තාත්තලට උසාවි දමා දඩයක්වත් නියමකල යුතුයි.(නදී)
නිදහස් රටේ බස් නැවතුමක ඉන්න තහනම්ද? (නදී)
නමුත් ඒ ළමුන්ට මොනවා හරි කරදරයක් උනානම් එය ෆේෂ් බුක් ගිණුමට බැර වෙනවා.(නදී)
නිතියට අනුව රටතුල යාමේ ඒමේ නිදහස තියෙනවා. මේ දැරියන්ව පොලිසියට එක්කගෙන ගියේ කාන්තා පොලිස් නිලදාරිනියන්ද? (නදී)
ඔය උසස් කියල නම් කරලා තියෙන පාසල්වලින් තමයි සේරම පහත් වැඩ අනිත් පාසල් වලට බෝ කරන්නේ.(නදී)
නිදහස් රටේ කොහොම හිටියට කොහොම කෙරුවට කාගෙන් තහනමක් ද ආයුබෝවන් !! (දිල්)