IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහ රෑ දෙකට සිසුවියෝ බස් නැවතුමේ

කොළඹ උසස් පාසල් දෙකක දැරියන් දෙදෙනකු අද අලුයම දෙකට මහරගම බස් නැවතුමක සිටිය දී පොලිසියට කැඳවාගෙන ගිය බව පොලිස් නිලධරයෙක් කියයි.

උපන් දින සාදයකට පැමිණි බවත්, බසයක් එනතුරු සිටින බවත් ඔවුන් කියා ඇත.

එක් දැරියකගේ පියා හමුදාවේ උසස් නිලධරයකු බවත් පොලිසිය පවසයි. නොගැලපෙන ඇඳුම් ඔවුන් ඇඳ සිටි බව ද පොලිසිය කියයි.

 මව්පියන් කැඳවා මොවුන් බාරදීමට නියමිතය.

 



අදහස් (0)

මහ රෑ දෙකට සිසුවියෝ බස් නැවතුමේ

ජයතිලක Friday, 07 March 2014 10:02 AM

උපන්දින් සාදයට යන්න කලින්, එයට සහභාගි වන හිත මිතුරන් හෝ දෙමව්පියන් සමග සාකච්ඡා කර සාදය අවසානයේ ගෙදර යන ක්‍රමයක් පිලියල කර ගත යුතුයි මුලින්ම. එහෙම නැතුව ගැහැණු ළමයි, පාන්දර දෙකට බස් හෝල්ට් වල ගැවසෙන එක හොද මදි.(නදී)

:       0       0

කළ්‍යාණි Friday, 07 March 2014 10:11 AM

හයි ලෙවල් පාරේ ගමන ඔය කාටත් වැඩිය හොදට මම දන්නවා. කොච්චර වෙලාවක් හිටියත් බස් එකක් නැහැ. මේ දරුවන්ට තිබුනා දෙමව්පියන්ව දැනුම්වත් කරන්න.(නධී)

:       0       0

දනු Friday, 07 March 2014 10:27 AM

ජගත් නොගැලපෙන ඇදුම් කිව්වේ පාන්දර දෙකට විතර එන අය ගැන දන්නවනේ. පොලිසිය හරියට රාජකාරිය කලා.(නදී)

:       0       0

පිටිගල Friday, 07 March 2014 11:28 AM

ඉතින් කලන මේ රටේ මිනිස්සු විකුර්ති දේවල් කරන්නේ නැද්ද? මාස තුනේ ළදරුවටත් අවුරුදු 70 කිරිඅම්මා කෙනෙකුටත් ලිංගික අතවර වෙන මේ රටේ ලොකු පාසල් දියණියෝ දෙන්නෙකුට පාන්දර දෙකට බස් නැවතුමක තියෙන ආරක්ෂාව මොකක්ද? පොලිසිය ඉතාම සුදුසු ක්‍රියා මාර්ගය අරන් තියෙන්නේ. රෑ දෙකට නොගැලපෙන ඇඳුම් ඇඳගෙන බස් හෝල්ට් එකක ඉන්නේ කව්ද කියල ඕනෑම මෝඩයෙකුට තේරෙනවා. තමන් එහෙම අය නොවෙයි කිව්වට වැරද්දක් වෙන්න ගියානම් ඒක පිලි අරන් මිනිස්සු නිකම් ඉඳීවිද?පොලිසියට ස්තුති කරන්න ඕන මේ මෝඩ ළමයි දෙන්න බේරා ගැනීම ගැන.(නදී)

:       0       0

දනු Saturday, 08 March 2014 09:55 AM

මේ දෙන්නා කරලා තියෙන්නෙ අපේ රටේ සංස්කෘතියට නොගෑලපෙන මහා පහත් ක්‍රියාවක්. අවුරුදු 2500ක ඉතිහාසයක් තියන අපේ රටේ මේ වගේ දේවල් වෙනවා කියන්නේ අපි අපේ සමාජය ගෑන ආයෙත් සිතා බෑලිය යුතුයි. රෑ 12න් පස්සේ පෑයකට අවුරුදු 10 බෑගින් අවුරුදු 20 ක් කෙල්ලො දෙන්නව හිරේ යෑවිය යුතුයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 07 March 2014 12:58 PM

පුදුම මිනිස්සු කොට්ටාශයක්නේ අපි අතරේ ඉන්නේ.මේ ළමයි දෙන්නට අනතුරක් නොවී බේරා ගත්තට පොලිසියට ස්තුති කරනවා වෙනුවට මේ රටේ නිදහසක් ගැන කතා කරනවා. මේ ලබපු නිදහසට අවමන් කරනවා සමච්චල් කරනවා..හරි .. හරි ඔය කට්ටිය තමන්ගේ ගැහැනු දරුවන්ටත් ඔය නිදහසම දෙන්න. බාගෙට අන්දලා පාන්දර දෙකට බස් හෝල්ට් වල ඉන්න දෙන්න.ප්‍රස්නේ ඉවරයි.(නදී)

:       0       0

අල්විස් Friday, 07 March 2014 01:46 PM

කලනට පිස්සුද කියලා හිතෙනවා.(නදී)

:       0       0

කුමාර Thursday, 06 March 2014 01:12 PM

අන්න පොලීසියේ මහත්වරුන්ගේ හොද වැඩ (දිල්)

:       0       0

ලලිත් Thursday, 06 March 2014 04:40 PM

නිදහස් රටේ කොහොම හිටියට කොහොම කෙරුවට කාගෙන් තහනමක් ද ආයුබෝවන් !! (දිල්)

:       0       0

අසෝකා Thursday, 06 March 2014 05:03 PM

ඔය උසස් කියල නම් කරලා තියෙන පාසල්වලින් තමයි සේරම පහත් වැඩ අනිත් පාසල් වලට බෝ කරන්නේ.(නදී)

:       0       0

නිරෝෂ් ඩයස් රණසිංහ Thursday, 06 March 2014 05:11 PM

නිතියට අනුව රටතුල යාමේ ඒමේ නිදහස තියෙනවා. මේ දැරියන්ව පොලිසියට එක්කගෙන ගියේ කාන්තා පොලිස් නිලදාරිනියන්ද? (නදී)

:       0       0

රජිත ලක්ෂාන් Wednesday, 12 March 2014 02:16 PM

සල්ලි කාර උන් කොමත් ඔහොම තමයි (දී)

:       0       0

නාරද Thursday, 06 March 2014 05:26 PM

නමුත් ඒ ළමුන්ට මොනවා හරි කරදරයක් උනානම් එය ෆේෂ් බුක් ගිණුමට බැර වෙනවා.(නදී)

:       0       0

මහේෂ් Thursday, 06 March 2014 06:00 PM

නිදහස් රටේ බස් නැවතුමක ඉන්න තහනම්ද? (නදී)

:       0       0

සමන්ති Thursday, 06 March 2014 06:43 PM

මේ ළමයින් නිශාචර කිරීම ගැන අම්මල ,තාත්තලට උසාවි දමා දඩයක්වත් නියමකල යුතුයි.(නදී)

:       0       0

අල්විස් Friday, 07 March 2014 03:32 PM

දැන් කාලේ ඕනෙම කෙනෙකු අතේ මොබයිල් ෆෝන් තියෙනවා. පරක්කු වෙනකොට ගෙදරට කතා කරලා කියන්ට තිබුනා. ගෙදරින් අවසරය අරගෙන සාදයට පැමිණියා නම් දෙමවුපියෝ මේ දරුවන් පරක්කු ඇයි කියල විමසන්ට තිබුනා. මේ දෙකම සිදු වී නැහැ. එයින් පෙනෙන්නේ මේ ගැන දෙමවුපියන්ට උවමනාවක් නැති කම හෝ මෙවැනි දේ නිතර සිදුවන නිසා ගණන් නොගත්තා වීමය. කෙසේ වෙතත් පොලිසිය කළ යුතු හොඳම දේ කළා. එය නොකළා නම් හැමෝම පොලිසියටයි දොස් කියන්නේ. (නදී)

:       0       0

සුජිත් Thursday, 06 March 2014 06:51 PM

වරද දෙමාපියන්ගේ මිසක් ළමයිගේ නොවෙයි. පොලිසියට ගෙන්නලා දරුවන් නොසලකා හැරීමට දඬුවම් කල හැකි බව කියල දෙමාපියන්ට අවවාද කරලා මීට පස්සේ මෙහෙම දරුවන් නොසලකා නොහරින බවට පොරොන්දු අරන් පොලිස් පොතේ අත්සන් අරන් යවන්න තිබුනේ. (නදී)

:       0       0

ජගත් සෞදි Thursday, 06 March 2014 06:55 PM

මහේෂ් ..... තමන්ගේ දුව හිටියා නම් ඔහොම කියන්නේ නැහැ නේද? මොකද තමන්ගේ දරුවා වටිනා නිසා. පොලිසිය කලේ සත්කාර්‍යක්. දෙමව්පියන් දැනුවත් කල යුතුයි සැමවිටම.(නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 06 March 2014 07:35 PM

හැදිච්ච දෙමාපියන්ගේ නැහැදිච්ච ළමයි . (අ)

:       0       0

කාලිංග Monday, 10 March 2014 05:07 PM

සගිස්කෘතිය වල පල්ලට ගියාවේ (දී)

:       0       0

ගුණේ Thursday, 06 March 2014 10:28 PM

ලලිත්, නිරෝෂ්, මහේෂ් කිසිම තහනමක් නැහැ. නිදහස් රටේ නිදහසේ ඕනෙම තැනක ඇවිදින්න. ඔයාලටත් සහෝදරියෝ ඉන්නවා නම් එයාලටත් නිදහස දීල බලන්න ඔය වෙලාවල් වලට නිදහසේ මහා පාරේ ඉන්න. එවිට ඔබලාට පිළිතුර ලැබෙයි. කෙසේ නමුත් එම පොලිස් නිලදාරියන් හට ස්තුතියි.(නදී)

:       0       0

ගොඩ Friday, 07 March 2014 04:31 PM

ලංකාවේ රාත්‍රිය ගැන පොලිසිය හොදට දන්නවා . ප්‍රශ්නයක් උනොත්ඉස්සරම පොලිසියට දුවල එන්නෙත් කියල දන්නවා . පොලිසිය කල වැඩේ මසුරන් (අ).

:       0       0

ලුම්බිණි Friday, 07 March 2014 04:30 AM

මට නම් පෙනෙන්නේ නැහැ බස් නැවතුම් පොලක ඉඳීම වරදක් කියලා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 07 March 2014 06:34 AM

නැහැදිච්ච දෙමවුපියන්ගේ නැහැදිච්ච දරුවෝ.(නදී)

:       0       0

හේමන්ත Friday, 07 March 2014 08:22 AM

රාත්‍රී සාදයකට ගියා. එය වරදක් ද? තමාගේ ආරක්ෂාව ගැන විශ්වාසයෙන් බස් එකකින් ගෙදර යන්න බලාගෙන හිටියා. ඒකත් වරදක්ද? ඇත්තටම වරද තියෙන්නේ සමාජයේ මිසක් මේ දරුවන්ගේවත් දෙමවුපියන්ගේවත් නෙවෙයි. වැරදි ඇසින් බලන සහ හිතන හැම අතේ. ඇත්තටම දවල් රෑ දෙකේම ඕනෑම කෙනකුට නිදහසේ යන්න එන්න පුළුවන් වෙන්න ඕන. එහෙම පුළුවන් කියල සමාජය ගැන පොලිසිය ගැන විශ්වාසය තහවුරු කරන්න ගිය අයට වෙච්චි දේ.(නදී)

:       0       0

කලණ Friday, 07 March 2014 08:45 AM

මහ ලොකුවට කියනව නේද දැන් අපේ රටේ ඕනම තැනක ඕනම වෙලාවක යන්න නිදහසක් තියෙනවා කියලා. එහෙනම් රෑ කීයට උනත් ගමනක් බිමනක් ගිහින් එන්න පුළුවන් වෙන්න ඕන නේද? අනිත් එක ඇඳුම් ගැලපෙනවද නොගැලපෙනවද කියලා තීරණය කරන්න පොලිසියට තීරණය කරන්න තියෙන නිර්ණායක මොනවද? මේවා මාධ්‍යයට දීලා පොලිසිය කරලා තියෙන්නේ වැරැද්දක්. නිදහස් රටක වරදක් නොකරපු ලමයි දෙන්නෙක්ට "අශීලාචර නිසාචර" නමක් ගාලා ඒ ලමයින්ගේ මානසිකත්වය නැති කරලා. දැන් කියයි ඒ වෙලාවේ එහෙම ඇඳන් ගියාම අතවරයක් වෙන්න තිබ්බා කියලා. එහෙම වුණානම් ඒක මේ රටේ මිනිස්සුන්ගේ විකෘතිකම සහ ආරක්ෂාවේ දුර්වල කම.(නදී)

:       0       0

ජගත් Friday, 07 March 2014 08:45 AM

නොගැලපෙන ඇදුම් කිව්වේ?(නදී)

:       0       0

නෙතුමි Friday, 07 March 2014 08:53 AM

බස් නැවතුම් පොලක සිටීම වරදක් නොවේ නමුත් වරද ඇත්තේ මිනිසුන්ගේ ආකල්පවලයි, එත් පාසල් යන වයසේ ගැහැණු ළමුන් අලුයම වෙනකන් සිටීම වරදකි, ගෙදරින් මීට වඩා වගකීමකින් කටයුතු කලානම් හොඳයි.(නදී)

:       0       0

දිල් Friday, 07 March 2014 09:02 AM

නිදහස් රටක යාමේ ඊමේ නිදහස තියන්න ඕන බව ඇත්ත. නමුත් මේ ළමුන්ට මොකුත් කරදරයක් උනානම් මොකද කරන්නේ? දෙමාපියෝ තමන්ගේ වගකීම හරියට ඉටු කරන්නත්, ළමුන්ට මේ වගේ බරපතලකමත් තේරුම් කරලා දෙන්%

:       0       0

කපුර් Friday, 07 March 2014 09:05 AM

මේ දෙන්නට සුබ අනාගතයක් ! (නදී)

:       0       0

මහින්ද - හොරොව්පොතාන Friday, 07 March 2014 09:40 AM

ගුරුවරයෙක් නිකමට වත් ගමනක් යන ගමන් ළඟපාත හිටියානන් අනේ එතුමට දෙයියන්ගෙම පිහිටයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 07 March 2014 09:54 AM

මේ ළමයින් ගේ නිදහස අනුමත කරන අය තමන්ගේ දරුවන්ටත් කරුණාකරලා එම නිදහසම දෙන්න.දීල බලන්න. ඒකෙනුත් ආණ්ඩුවට පහර ගහන්න ත්‍රස්තවාදයෙන් මේ රට නිදහස් වුනු එකට සමච්චල් කරන්න හදන මෙහෙම එව්ව්වොත් මේ රටේ ඉදිද්දී අපි මේ ඩයස්පෝරා ගැන පිල්ලෙල ගැන කතා කරනවා....(අ)

:       0       0

තරිඳ්‍රු Friday, 07 March 2014 09:56 AM

එහෙම අවු18ට අඩු ළමයින්ට අවේලාවේ වීදි සංචාරය තහනම්. මිනිස්සුන්ගේ හැගීම් අපිට පාලනය කරන්නබෑ. අපි දෙමව්පියන් ලෙස මීට වඩා දරුවන් ගැන අවදියෙන් සිටිය යුතුයි.දෙයක් වෙන්න ඉස්සර එය වළක්වා ගැනීම යහපත්. නිදහස හොදයි. හැබැයි ඒ රටවල් අනුව එය වෙනස්. දෙමව්පියන් මේ දරුවන්ගේ වගකීම භාර ගත යුතුයි. අපිට ඹ්නෑම දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඔය හැමදේම කියන්නේ අපෙ දරුවෙක්ට වෙනකම් විතරයි. ඒකත් ඇත්ත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2054 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2182 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2742 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5789 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1887 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6518 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18442 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site