බෝම්බ පිපිරවීමට ගෑස් සිලින්ඩර යොදා ගත් ප්‍රථම අවස්ථාව බුද්ධගයා ප්‍රහාරයෙන් පෙනෙතියි ඉන්දියා ස්වදේශ සුෂිල් කුමාර් ෂින්ඩ් කියයි. ඇමෝනියම් නයිට්‍රේට්, පොටෑසියම් හා ගෙන්දගම්වල මිශ්‍රණයක් එම ගෑස් සිලින්ඩරවල පුරවා තිබූ බවත්, එම බෝම්බවල ප්‍රබලත්වය වැලැක්වී ඇත්තේ ගයා පෙදෙසේ ඒ අවස්ථාවේ පැවති තෙතමනය නිසා බවත් බෝම්බ පිළිබඳ ඉන්දියා හමුදා විශේෂඥයෝ කියති.
බෙම්බ 13ක් බුද්ධගයාවේ තබා ඇති නමුත් පිපිරී ඇත්තේ 10ක් බවත් ෂින්ඩ් කියයි.
පිපිරී නොගිය බෝම්බවල උර්දු බසින් ලියා ඇති වදන්වලින් බෝම්බ පිපිරවිය යුතු තැන් කවරේදැයි ලියා උපදෙස් දී ඇතැයි ද ‘බරා පට්‘ යනුවෙන් සඳහන් කර ඇත්තේ ‘ලොකු පිළිමය‘ බව ද, ඉන්දියා පොලිසිය කියයි.
ඉරාකයේ සිද්ධිවලට පිළිගැනීමක් වශයෙන් මේ මෙහෙයුම කළ බව ද තවත් පණිවිඩයක දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයන්ගේ මෝඩ වැඩ. මිනි මරල ධර්මය රකිනවා කියල හිතාගෙන ඉන්න කට්ටියගේ වැඩ තමි මේවා. මේ වගේ අයගේ මොලේ පරීක්ෂා කරවන්න ඕන.(අ)
ලංකාවේ නම් හාමුදුරුවරු ඝාතනය කල පන්සල් විනාශකල අය අද පාර්ලිමේන්තුවේ ඉන්නේ, ඉන්දියාවේ අයත් මේ විනාශය කල අයට මන්ත්‍රී කමක් වත් දේවිද දන්නේ නැ.(නදී)
අනගාරික ධර්මපාලතුමා නොසිටින්න බුද්ධගයා කියන්නේ මුස්ලිම් පල්ලියක්. ඒකම තමයි මුන් ජෙරුසලමටයි, මක්කමටයි කලේ. ඒ දෙපොලම ඉස්සර පන්සල්. තවමත් හජ්ජි යන මිනිස්සු බුදු පිළිම වලට ගල් ගහනවා (නි)
ලංකාවේ 13 වන සංශෝධන ප්‍රශ්නයට ගැළපෙන්න ජෝතිශය එහෙම බලලම බෝම්බ 13ක් තිබ්බද දන්නෙ නැහැ (නි)
සෙලෝ වන්දනා නඩ ඉන්දියාවට අරන් ගොස් මුදල් හම්බ කරනවද ජාවාරම් කරනවද (අ)
හැම ජාතියේම අන්තවාදීන් ඉන්නවා. අන්තවාදීන්ට අන්තවාදීන් යැයි කියනවා මිසක් මුස්ලිම් අන්තවාදියො කියා කියන්න අවශ්‍ය නැහැ. දැන් මියන්මාරයෙ බෞද්ධ භික්ෂුන්ට බෞද්ධ අන්තවාදියො කිවුවොත් අදහස් දාන වීරයො උඩපනියි කිසිම ධර්මයක් වැරදිකරන්න උගන්වන්නෙ නැහැ, වැරදි කරන්නෙ ධර්මය හරිහැටි පිළිපදින්නෙ නැති එක්තරා කොටසක් පමණයි, ඒවාට ආගම් පලි නැහැ, හැම මිනිසෙක්ම තම ආගම ධර්මය හරියට පිළිපදිනවා නම් ලොවේ සාමය ඉබේම ඇතිවෙයි කියලා (නි)
බුද්ධාගමයි,ඒකේ නිර්මාතෘවරයයි උපන් රටේම අය ඒවට විරුද්ධ වෙනවා නම්,ආයිමත් අනිත් රටවල බුද්ධාගම ගැන කවර කතාද? (නි)
කළුවරේ අතපතගාන අයට මොන පහන් සංවේගද? මොනවත් කියලා වැඩක් නැහැ. හිතන්නෙම රුවිතෙට. බොරු පන්පොරි විතරයි. ඒ විතරක්ද බොදු සිතුවිලි පවා විකෘති කරනවා ජයටම. (නි)
මේක ගැහුවේ ඉරාකේ සිද්ධියට පලිගැනීමට නොවෙයි මම හිතන්නේ. මේක තමයි අහවල් ජාතියේ අයට ඕනෑ. ලේසියෙන්ම නැති කරලා දාන්න පුළුවන් ආගම තමයි බුදු දහම පළමුවෙන්ම. ඒ එකක්ම එයාලගේ ආගම වපුරන්න පුළුවන්, රටවල් අල්ලා ගන්න පුළුවන්. (නි)
පහන් සංවේග උපදවාගෙන ඉන්න වරදිනකල්. සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා. ළඟදීම ලංකාවත් තවත් බංගලිදේශයක් වෙනවා වෙනවාමයි. (නි)
තම රටේ අගමැතිව පරෙස්සම් කරගන්න බැරි වුනා එයාලට. ශ්‍රී ලාංකිකයන්ට බොහොම ඉක්මනට අමතක වෙනවනේ මේවා. ඒ මදිවට අදමිටු අදහස් පල කරලා නිකන් පවු පුරෝගන්නවා (නි)
රුපවති මාතෘකාවට අදාලව තර්කයක් කරන්න.මෙතන තර්කය තමා බුද්දගයාවට ගහපු එකට විරුද්දද පක්ෂ ද කියන එක මිස එහෙ යනේ ඇයිද මොකද කියන දේ නෙවේ.කිතුනුවෝ ජෙරුසෙලමට වතිකානුවට යනවා මුස්ලිම් අය මක්කම යනවා වගේ දෙයක් මේක.අනික ලාංකිකයෝ විතරද එදා ඔතන හිටියේ. (අ)
නිලූ, ඒත් මම දන්නා විදියට බුදුහාමුදුරුවෝ කියල තියෙනවා පහන් සංවේගය ඇති කරගතයුතු ස්ථාන ගැන. මේක එයින් එකක්. (අ)
මක්කම බෝම්බයක් පිපිරුනනම් අද මෙහෙ මුස්ලිම් අය පාරේ බැහැල බෙරිහන් දෙයි (අ)
අපිට උපදෙස් දෙන්න ආවට අඩුම තරමේ තමන්ගේ රටේ පන්සලක්වත් රැකගන්න බැහැනේ (නි)
ඉරාක ප්‍රහාරවලට සහ බුද්ධගයාවට කිසිම සම්බන්ධයක් නැහැ. කව්රුත් මෝඩකම එළිදක්වන්න එපා.එහෙ ජීවත් වෙන බහුතරයක් හින්දු ජාතිකයන් බුදු දහමට විරුද්ධයි.ඉන්දියාවට ව්‍යාපාරික කටයුතු වල නිතර යන එන අපට හොඳින් තේරෙනවා මෙය පැහැදිලි කුමන්ත්‍රණයක් කියලා. (නි)
බුදුහාමුදුරුවෝ කියල තියනවා ඉපදීම, බුදුවීම, ප්‍රථම ධර්ම දේශනය, පිරිනිවීම කළ තැනක් දැකලා පහන් සංවේගය ඇතිකරගන්න කියලා. මේ මිනිස්සු හරි මෝඩ මත දරන්නේ ධර්මය හරියට නොදැන. බුද්ධගයාවේ යාම කිසිවරදක් නැහැ. තමුන් කැමති නම් යනවා, නැත්නම් නිකන් ඉන්න (නි)
ඉරාකේ බෝම්බ ගැහුවේ සදාම්ගෙන් රසායනික බෝම්බ කාපු කුර්දි ජාතිකයෝ ඇමරිකාවෙන් උදවු ඉල්ලපු නිසා.අපි මොකෝ කරන්නේ ඒකට? මොකෝ ඉන්දියාව හෝ බෞද්ධයෝ ගියාද ඉරාකෙට බෝම්බ ගහන්න.මේවා බොරු තර්ක. මෙයාලට ඕනෑ ලෝකේ ඔක්කොම මුස්ලිම් කරන්න. (නි)
මිනිස්සු මොකටද මැරෙන්න මේවා ගානේ යන්නේ, සල්ලි වියදම් කරගෙන? තමන්ගේ ආගම, තමන්ගේ දෙවියෝ ඉන්නේ තම හදවතෙයි! එවිට අපි වරදින් මිදුන පුද්ගලයෝ! හදවතේ ජරාව පුරෝගෙන ආගම මොකක්ද වත් නොදැන ,ලෝකයට පෙනෙන්න වැඩ කලාම තමන්ගෙන් අනුන්ට වෙන්නේ හිරිහැර ,කරදර. ඉන් තමන් කර ගන්නේ පාපයක්.අසල්වැසියන් සමගින් සුහදව ලංකාවේ ඉදන්,තම නිවසේ සියල්ල සමග ගමේ පන්සල වැද පුදා ගන්න. අනුන්ට කරදරයක් නැති පුද්ගලයේක් වෙන්න (නි)
ඉරාකේ බෝම්බ ගැහුවට බුද්දගයාව වත් බෞද්ධයන් පලිද. මේවගේ තීරණ ගන්න බුරුවො තමා සටන්කාමියෝ... අම්මප මුන්ට ඇමරිකන් කාරය පන්න පන්න ගහන එක අහන්ට දෙයක්ද. (අ)
ප්‍රසන්ජිත් මහත්තයෝ, වතිකානුවේ තිබ්බයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැති බව මට විශ්වාසයි (නි)
හැම ආගමික ස්ථානයකම අනුහස් තියෙනවා. ඒකයි මෙහෙම බේරුනේ. දැන් කවුරුහරි පන්දමෙක් කියන්න පුළුවන් ඇයි එහෙනම් මෙහෙම බෝම්බ වැදුනේ කියලා. බෝම්බ වැදිලා හරි මෙහෙම සුළු හානි ඇතුව බේරුනේ අනුහස් නිසා තමයි (නි)
කොන්දක් ඇතුව සත්‍ය නම් වලින් අදහස් දාන්න. නිවට ගති මකාගන්න (නි)
මක්කම, වතිකානුවේ බෝම්බ තිබ්බා නම් කොහොමට හිටියි ද? (නි)
ඉන්දියාවෙන් අපිට බුදු දහම ලැබුන එක ඇත්ත. ඒත් අපි මොකටද එයාලට බයවෙලා ඉන්නේ !!!! නිර්මල බුදු දහම යනු ගල්පිලිම හෝ ස්ථාන වන්දනාව නොවන බව සිහියේ තබාගන්න... (ත)