(අංජුල මහික වීරරත්න)

"හොරුන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්‍රණ පරදවමු" යන තේමාවෙන් සංවිධාන කෙරෙන උද්ඝෝෂණ පෙළපාළියක් අද(17) පස්වරුවේ කොළඹදී පැවැත්වෙන බව ජනවරමේ පුරවැසියෝ සංවිධානය පවසයි.

කොළඹ කොටුවට රැස්වෙන ජනතාව එතැන් සිට ගෝල්ෆේස් දක්වා පෙළපාළියකින් ගමන් කිරීමට නියමිතව ඇත.

හොරුන්ට, දූෂිතයන්ට මෙන්ම කුඩු ජාවාරම්කාරයන්ට දඬුවම් දීමට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජන වරමේ පුරවැසියෝ සංවිධානය පවසයි.දස දහස් ගණනින් ජනතාව මීට සහභාගී වීමට නියමිතව ඇතැයි ද ජනවරමේ පුරවැසියෝ සංවිධානය කියයි.