IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මිහිකත රූ රැජින ලංකාවේ ගෙවූ දවස්

2013 මිහිකත රූ රැුජිණ (සුළඟ) MS Earth (Air) අංශයේ කිරුළ දිනූ ඔස්ටි‍්‍රයා ජාතික සුරූපී කාටියා වැග්නර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය එලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ 2014, දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිණ අවසන් තරඟයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වීමටය. දන්ත වෛද්‍යවරියක වන නමුදු සුරූපී කාටියා කටයුතු කරන්නේ වෘත්තීය රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේය. ඔස්ටි‍්‍රයාවේ වියානාහි ඇය සතුව "Nails (2) go" නමින් රූපලාවන්‍ය ආයතනයක් ඇත. දන්ත වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ආචාර්ය උපාධිය සඳහා තවදුරටත් උසස් අධ්‍යාපනයෙහි යෙදීසිටින කාටියා ඔස්ටි‍්‍රයාවට අභිමානයක් ගෙනදුන් සුරූපිනියකි. ලෝක රූ රැජිණ තරගයකදී ඔස්ටි‍්‍රයාවට ජයග‍්‍රහණයක් ලබාදුන් ප‍්‍රථම තරුණිය ඇය වීම ඊට හේතුවය. ඔස්ටි‍්‍රයාවේ වියානාහිදී උපත ලද කාටියා වියානා සරසවියේ උපාධිධාරිණියකද වන්නීය. 1988 දී උපත ලද කාටියා හට ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, රුසියානු සහ ඉන්දුනීසියානු භාෂා පුළුවනි. ඇයගේ පියා ඉන්දුනීසියාවට සහ චීනයට උරුමකම් කියන ජාතිකයෙකි. මව ඔස්ටි‍්‍රයානු කාන්තාවකි.

DSC_5823

”මගේ මව හරිම උසයි, ඒත් තාත්තා හරිම මිටියි. නමුත් ඒ දෙන්නගෙ ආදරයට උස් මිටි භේදයක් නැහැ.” කාටියා පවසන්නීය. වැඩිමහල් සහෝදරයකු ඇයට සිටී. සුරූපී කාටියා ශ්‍රී ලංකාවේ ගතකළ දින කීපය ගෙවා දැමුවේ මෙලෙසිනි.

01 කාටියා ඔබ ලංකාවට පැමිණියේ කවදද?

ජූලි 30 වැනිදා පාන්දර

01 ශ්‍රී ලංකාවට ආවාම මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ?DSC_5816

කොහොමටත් මම ආසියාවට කැමතියි. මේ වගේ සුන්දර රටකට ඒමට මට අවකාශය ලබාදුන් ”දෙරණ” ආයතනයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට  ඕනෑ.

01 කොහොමද මෙහිදී ලැබුණු පිළිගැනීම?

ශ්‍රී ලාංකීය සම්ප‍්‍රදායට අනුව නැටුම් සහ බෙර වැයුම් සමග ඉතා උණුසුම් අයුරින් මාව පිළිගත්තා. එදින රාත‍්‍රී කොළඹ හිල්ටන් හෝටලයේ මා වෙනුවෙන් විශේෂිත පිළිගැනීම් උත්සවයක් තිබුණා.

01 ජූලි 30 දා රාත‍්‍රියේ?

එදා රාත‍්‍රී විශේෂිත ප‍්‍රියසම්භාෂණයක් පැවැත්වුණා. ඒ වෙනුවෙන් මෙරට විවිධ ක්ෂේත‍්‍රවලට අයත් ජනප‍්‍රිය චරිත මා සමග එක්ව සිටියා.

01 ජූලි 31 වැනිදා

වැලිමඩට ගියා. වැලිමඩ ගුරුතලාවෙදි මට විශේෂිත පිළිගැනීමක් ලැබුණෙ. ”මිකල් හීල්ඞ්” කියන කාබනික ගොවිපළ විවෘත කළා. රසායනික පොහොර නොයොදා එළවළු වවන ලංකාවේ විශාලතම ගොවිපළ එයයි. ඊට පෙර උදය ගම්මන්පිල මහතා මුණගැහුණා. ඔහු මට රන් ආලේපිත ඇත් රූපයක් තෑගිකළා. අපි පරිසර වැඩසටහන් ගැන කතාකළා. ගුරුතලාවෙදි මම පරිසරය සුරැකීම ගැන දේශනයක් පවා කළා. කොහොමටත් ලෝකයේ පරිසරය සුරැකීම සම්බන්ධව කෙරෙන ව්‍යාපෘතිවලට මා දායකවෙනවා.

01 වැලිමඩදී ඒවාට විතරද සහභාගී වුණේ?

සමනලූන්ගේ විස්තර ඇතුළත් ලංකාවේ ප‍්‍රථම සමනළ කෞතුකාගාරය විවෘත කළා. මා වෙනුවෙන් දිවා ආහාරයක් පිළියෙළ කර තිබුණා. කාබනික පොහොර යොදා වගාකළ එළවළු තමයි ආහාරයට ගත්තෙ.

01 අගෝස්තු 1 වැනිදාDSC_5689

ඓතිහාසික කැලණි විහාරයට ගියා. කැලණි විහාරාධිපති නායක හිමි පිරිත් නූල් මට ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි. මම උන්වහන්සේගෙන් බුදුදහම ගැන බොහෝ දේ දැනගත්තා. බුදුදහමට කොහොමටත් මා ලැදියි. එය ජීවිතය අරුත්බර කරවන ශ්‍රේෂ්ඨ දර්ශනයක්. උන්වහන්සේට මගේ ගෞරවය පුදකළා. උන්වහන්සේ මට තැඹිලිවලින් සංග‍්‍රහ කළා. ලංකාවේදි මගේ ප‍්‍රියතම පානය වුණේ තැඹිලි වතුරයි.
එදින සවස කොළඹ කෞතුකාගාරය නැරඹීමට ගියා. එහිදී ලංකාවේ යුග ගැන දැනගත්තා. රාජසිංහ රජුගේ පුටුව පවා දැකගත්තා. ඊළඟට පාර්ලිමේන්තුවටත් ගියා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විස්තර ගොඩාක් දැනගත්තා. එහිදී මට පොතකුත් තෑගි ලෙස ලැබුණා. තේ පැන් සංග‍්‍රහයකුත් ලැබුණා. ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය ඇතුළු හිටපු මන්ත‍්‍රීවරුන්ගේ ඡයාරූප නැරඹුවා. එදා හවස සාප්පු සවාරියේ ගියා.

01 අගෝස්තු 2 වැනිදා

වස්කඩුව සිට්රස් හෝටලයට ගියා. ”දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා” 2014 අවසන් තරඟය පැවැත්වුණේ එහිදීයි. එහි ප‍්‍රධාන සම්භාවනීය අමුත්තිය වීම මා ලද භාග්‍යයක්. දෙරණට නැවතත් මගේ ප‍්‍රණාමය. ‘‘දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා’’ අවසන් තරඟයට සුරූපී තරුණියන් රැසක් සිටියා. ඒ අය ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ සුන්දරත්වයටත් වඩා සුන්දරයි. මේ දෙරණ ඇත්තටම සුන්දරයි. මෙහෙම ඒමට ලැබීමත් මා ලද භාග්‍යයක්.

4 DSC_5698 DSC_5736 DSC_5785


sadun-gamage

 



අදහස් (0)

මිහිකත රූ රැජින ලංකාවේ ගෙවූ දවස්

සුරංග Friday, 22 August 2014 11:51 AM

මේ කය ජරාවට පත්වෙන බව, අවිද්‍යාවෙන් වැහිලා තිබෙන බව සමහරුන්ට තේරෙන්නේ නැහැ (නි).

:       0       0

නිහාල් Monday, 25 August 2014 03:14 AM

අපේ දේශපාලක ඇත්තන්ට ඇහැ ගැහෙන්න එහෙම යනවා නෙමෙයි (නි)

:       0       0

ප්‍රේමකුමාර Friday, 22 August 2014 03:26 AM

මේ වගේ ගැහැණු ළමයෙක් මට ලැබෙනවා නම්.... (නි)

:       0       0

රසික කටාර් Saturday, 23 August 2014 06:07 AM

මේ ලස්සන ගැහැණු ළමයව ඉක්මනට එයාගේ රටට යවමු. නැතිනම් ලංකාවේ මන්ත්‍රීවරු ඇයවත් දූෂණය කරලා මරල දාළ, හිනාවෙවී උසාවි එයි. (නදී)

:       0       0

දුලාජ් Friday, 29 August 2014 04:28 AM

නගා, වාරියපොළ පැත්තේ එහෙම ගියේ නැද්ද?? (නි)

:       0       0

රන්ජිත් Wednesday, 20 August 2014 12:36 PM

මේ ලස්සන ගැහැණු ළමයව ඉක්මනට එයාගේ රටට යවමු. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 19 August 2014 10:11 AM

ලොකු වාසනාවක් තිබිලද කොහෙද තංගල්ලට ගිහිල්ලා නැත්තේ (නි)

:       0       0

ලකී Wednesday, 17 September 2014 01:19 PM

අනේ මේ ළමයට දෙයියන්ගෙම පිහිටයි. (අ)

:       0       0

දුෂාන්ත Thursday, 18 September 2014 12:11 PM

මෙයා කරි චිකන් එකක් වගේ (අ)

:       0       0

එස් ඩී Monday, 29 September 2014 05:03 AM

මෙහෙ ඉඳල තියෙන්නේ අැඳුම් නැතිවද? (ස)

:       0       0

නදීක Monday, 29 September 2014 05:03 AM

මොනව පෙන්නන්නද මෙහෙ ආවේ? (ස)

:       0       0

කුමාරි Monday, 29 September 2014 05:06 AM

ඉන්න අය මදිවාටද? (ස)

:       0       0

නුවන් Thursday, 14 August 2014 11:31 AM

අපේ කට්ටියගෙන් බේරිලා ගෙදර ගියානම් ලොකු දෙයක්! (දී)

:       0       0

තිලා Friday, 15 August 2014 02:59 AM

මෙයට හොදට සිංහලත් පුළුවන්නේ. (නදී)

:       0       0

ඩබ්.එම්. අසංක දීපාල් Tuesday, 23 September 2014 05:00 PM

මේකද ලස්සන කියන්නේ? ලංකාවේ හැම කෙල්ලම මෙයිට වඩා හොඳයි. ලස්සනයි. (නදී)

:       0       0

කොස්වත්ත Monday, 25 August 2014 11:18 AM

තංගල්ල පැත්තට නොගිය එක නම් ලොකු දෙයක් (නි)

:       0       0

නිමල් Thursday, 21 August 2014 06:44 AM

වෙලාවට අර තංගල්ලේ එක්කෙනා ඇතුලේ නැත්තම් මෙයා බේරිලා යනවා බොරු. (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 16 August 2014 02:15 AM

දෙවියන් වහන්සේ එක්කෙනෙකුට දෙන්නේ එක දෙයයි කියන්නේ බොරුනේ. දන්ත වෛද්‍ය , රූ රැජින භාෂා කීපයකටත් දක්ෂයිනේ. එයා නම් හැබෑම ලස්සනයි. නුවන්ගේ අදහසටත් අවංකවම එකඟයි. (නි)

:       0       0

ස්වර්ණා Tuesday, 02 September 2014 01:24 PM

අපේ තංගල්ල හරි ජනප්‍රිය වෙලා. එම ජනප්‍රිය බව ලබාදුන් ඔබට සිරගෙදර දුකක් කරදයක් නැතුව සිටින්නට ලැබේවායි පතමි (නි)

:       0       0

සෑම් Saturday, 13 September 2014 06:12 AM

මෙයා ලස්සනයි වගේම මේකප් එක හොදට ගැලපෙනවා. අපේ අයටත් උගන්නන්න ඕනේ මේවා. අපේ මේකප් මුනම වෙනස් කරලා දානවා. වෙස් මුණක් වගේ. (නදී)

:       0       0

චමින්ද Wednesday, 20 August 2014 08:50 PM

මම ලංකාවට නිවාඩුවට ඇවිල්ලා හිටි ටික කාලෙදී, උදේ පාන්දරට බිව්වෙම තැඹිලි. (නි)

:       0       0

ලක්ෂානි Wednesday, 20 August 2014 09:55 AM

එයා ගොඩක් ලස්සනයි (නදී)

:       0       0

සුනිල් මාපලගම Monday, 01 September 2014 01:53 PM

තංගල්ලට ගියා නම් මේ කතාව සම්පුර්ණයෙන් වෙනස්වන්නට ඉඩ තිබුනා (නි)

:       0       0

රූපවතී Monday, 18 August 2014 12:03 PM

විදේශිකයින්ට අපේ රට තුළවැඩියෙන් ආරක්ෂාව සලසන්න ඕනෑ. අපේ රටට කැළලක් හෝ ඔවුන්ට අපහසුවක් වෙන දේ වලින් සියලුම විදේශිකයින්ව ආරක්ෂා කරගත යුතුයි. ශ්‍රී ලාංකිකයින් හැටියට එය අපේ සැමගේම වගකීමක් (නි)

:       0       0

අමිල Sunday, 28 September 2014 12:53 AM

තංගල්ලේ නොගිය එක නම් හොඳයි. (නි)

:       0       0

නිහාල් Thursday, 18 September 2014 07:27 AM

ඇත්තටම ලස්සනයි (නි)

:       0       0

රොහාන් Friday, 15 August 2014 04:57 PM

ඇත්තටම ඇය ලස්සනයි (නි)

:       0       0

වරුණ Sunday, 28 September 2014 03:34 AM

ලස්සනයි (දී)

:       0       0

චන්දමාලි Friday, 15 August 2014 08:38 AM

ලංකාෙවේ මීට වඩා රූමත් අය ඉන්නවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 195 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1112 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3863 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2936 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3391 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1488 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24977 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site