මිහින්තලේ වැව් රක්ෂිතයේ සංචාරක නිවාසයක් ඉදිකරතියි සියඹලා ගස් වැව ගැමියෝ කියති.
පරිසර වාර්තා කිසිත් නොමැතිව මේ නිවාසය ඉදිකරන බවත්, ඒ වටා ලොකු රහසක් ඇති බවත් ගැමියෝ කියති.
වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් එස් වේරගම මහතා පවසනුයේ ‘ඒක අපේ සංචාරක නැරඹුම් හා ළමා පුහුණු මධ්‍යස්ථායක්. ඕන දෙයක් පත්තරවලට ලියා ගන්නවා.‘ යනුවෙනි.
අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ ලලිත් ද අල්විස් මහතා කියනුයේ එම භූමිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නොවන බවයි.
එහෙත් මහකනදරාව වැවේ ජලය පවතින ප්‍රදේශය ආසන්නයේම මේ නිවස ඉදි කෙරේ.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක මහතා පවසනුයේ මෙය වනජීවි දෙපාර්තමේන්තුවට අයත් සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් බවයි.
පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසනුයේ එවැනි තැනක කවුරුන් ඉදිකිරීමක් කළත් පාරිසරික බලපෑම් වාර්තාවක් ගත යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනවි-ගාල්ල , ඔබ වැරදියි, ලංකාවේ වරප්‍රසාදලත් අයට එක නීතියක් අනිත් අයට තව නීතියක් කියන එක වැරදියි. ලංකාවේ වරප්‍රසාදලත් අයට කිසිම නීතියක් රෙගුලාසියක් බලපාන්නේ නැහැ,(අ)
ඕක කඩා දමන්ඩ. නීත්‍යානුකූලව හොද හෝටලයක් හදන්ඩ. ගමේ අයට රස්සාවල් දෙන්ඩ.(නදී)
රන්දි ඔයාට 4 පාරක් ගිහි බැරි වුනාද? මම හිටියා නම් ඔයාගේ තැන මම යන්නේ එක සැරයයි දෙසැරයයි. 3 වැනි සැරේ යන්නේ එයාගේ ගෙදරට.හොදින් බැරි නම් නරකින්.එහෙම නැතුව ඔය වගේ අයත් එක්ක වැඩ කරන්න අමාරුයි (නි)
මේක තමයි රටේ හැම තැනම වෙන්නේ. මේ රටේ නීතියක් නැහැ. වරප්‍රසාද ලත් අයට එක නීතියක් සාමාන්‍ය අයට වෙන නීතියක්. ප්‍රශ්ණෙ තියෙන්නෙ මේ අසාධාරන දැක දැකත් සාමාන්‍ය මිනිස්සු කර්මය ගැන විශ්වාස කරලා තියෙන දෙයක් කාලා බුදියනව. කවුරු ගියත් ඔහොම තමයි කියලා හිත හදා ගන්නවා. මේ මානසිකත්වයෙන් මිදෙනකන් මේ වගේ දේවල් හැමදාම සිද්ධ වේවි. නරකම දෙය තමයි මේවට විරුද්ධව කතා කරන අය උපහාසයට ලක් කිරීම (නි)
නැගෙනහිර අපේ සංස්කෘතික උරුමය ඩෝසර් කරනවා කියමින් බෙරිහන් දෙන කට්ටිය කෝ? (නි)
අනේ රටකට යන කලක්. තව කොච්චර කාලයක් මේ විදියට රට කාවිද දන්නේ නැහැ. රට කාලා කාලා ඉන් පස්සේ අපිවත් කාවි (නි)
මම මේ ප්‍රදේශයේ ජිවත් වෙන කෙනෙක්. මෙම ඉදිකිරිම පිටුපස විශාල පරිසර දුෂණයකටත් වඩා යමක් සැගවී තිබෙනවා. කනදරා වැව වළගම්බා රජතුමා විසින් ඉදිකරන ලද්දක්. ඉතින් මෙහි නිදන් කීපයක්ම තිබෙන බව ප්‍රසිද්ධ රහසක්. මෙම ඉදිකිරීම් කෙරෙන ස්ථානය ඒ අතරින් එක ප්‍රසිද්ධ ස්ථානයක්. ගම්වැසි කිසිවෙකුගේවත් දැනුමකින් තොරව හදිස්සියම ඉදිවෙන්නා වූ මෙම බංගලාව අප කාටත් ලොකු ගැටළුවක්. මේ පිලිබදව වගකිව යුත්තන්ගේ දෑස යොමුවී අපේ පාරම්පරික උරුමයන් ආරක්ෂා වේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
මුළු රටම දේශපාලුවෝ කනවා අනේ දෙවියනේ මුන්ට දඩුවම් කරන්න. (නදී)
ඇදුරාට දුම්මල පාරක් වැඩ කොරන එකක් නැති ද (අ)
අපේ ඉදිරි පරපුරට තමා මේ විපාක විදින්න වෙන්නේ (නි)
මේවා දැකලවත් වගකිවයුත්තන්ට හැකිනම්, වල් අලින්ට සහ අනිකුත් කැලේ සතුන්ට වනෝද්‍යාන උන්ට භාරදෙන්න වැඩපිළිවෙළක් හදන්න කියන්න. එහෙම නැත්නම් වනජීවී එක තනියම මේ වැඩේ කලා නම් හොදයි (නි)
අනේ මගේ රටට කරන විපත්තිය බලන්න කවුරුත් නැද්ද ? (නි)
වැව්වල ජල පෝෂක කලාප සියල්ලම විනාස කරලා. ඒ වගේම හෝර්ටන් තැන්න ,පිදුරුතලාගල ,සිංහරාජ අඩවිය ජල පෝෂක වල හෝටල් හදනවලු. මේ වගේ ප්‍රතිපල ඉදිරියේදී ස්වභාව ධර්මය අපිට ලබා දේවි (නි)
පෙනෙනවා නේද ? බිත්තියේ හදල තියන සිදුරු ටික ඇස මට්ටමෙන් බලල සත්තු දඩයම් කරන්න, වෙඩිතියන්න, ගානට බිත්තිය හදල ? මේ කාලේ වගේ අපරාද දුඋෂණ , ඉස්සර නම් සිද්ධ උනේ නැහැ ...? මේවා සහ ගහන අපරාද , කැලේ සතේකුටවත් මේ අය ඉන්න දෙන් නැහැ ... (ස)
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න(අ)
මෙම ප්‍රශ්ණය මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගෙන් ඇසිය යුතු ප්‍රශ්ණයක්.(නදී)
වන ජීවී එකෙන් කියනවා නම් එයාලගේ කියලා මොකද්ද තියන රහස.(ස)
රූපවතී අක්ක කියනවා වගේ ඔය වැව ළඟ තියෙන අනවසර ගොඩනැගිලි කඩලා දාන්න! ඔය ගොඩනැගිලි නිසා රූපවතී අක්කට වැවකට බැහැල නිදහසේ දියබුන් පාරක් ගහල නාගන්නවත් බෑ. (ස)
ලක් පින් බිමේ හෙළයෝ කරන දේවල් දැක්කම පිස්සු හැදෙනවා (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. කතාකරලා වැඩක් නැහැ අපි (නි)
සරත්, ඔයාට පේන්නේ රූපවති අක්කා වැවේ නාන එකම විතරද? (නදී)
චන්දි, මම වැවකට නාගන්න ගිය කාලයක් මතක නැහැ? යන්න බයයි, මොකද සරත් හැමදාම හවසට මෝටර් බසිකලේ වැවලග නවත්තලා කොහිල ගාලේ හැංගිලා වැවේ පිනන්ට එන ගෑනු ළමයි ගණන් කරනවා, පහුගිය දවසකත් සරත් ළිදක් ලග කොහිල වලක වැටි වැටී දුවලා. පව් සරත් මල්ලී.(නදී)
චන්දි,ඕකට ඔච්චර කීන්ති ගන්න එපා, මම ඔයා එතන ඉන්නවා දැක්කේ නේ! කව්ද දන්නේ ඔය දෙන්න එකටම වැවට නාන්න යනවා කියල! (අ)
අන්න එහෙම එන්නකෝ! රන්දි, මම මීට පස්සේ රූපවතී අක්කයි චන්දියි නානවා බලන්න යන්නේ නැහැ. (නි)
මේකට සම්බන්ධ වෙන කව්ද මිහින්තලේ කන්ද අරක් ගෙන ඉන්න බහිරවයා තමා වෙන කව්ද...? (අ)
මම ඉන්නේ ඩුබායිවල. මෙහේ ආණ්ඩුවලින් දිරාම් මිලියන ගණන් වියදම් කරනවා ගස් කොලන් වවන්න, කෘතිම වැසි වස්සවන්න. කාන්තාර රටවල් නිසා මෙහේ මිනිස්සුන්ට එවයේ අගයක් තියෙනවා. අපේ ලංකාවට ලස්සන පරිසරයක් ඉබේම ලැබිල තියෙන නිසා මිනිස්සුන්ට ඒකේ අගයක් නැහැ. දවසින් දවස විනාස කරනවා. පරිසරය රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක්.(ස)
පරිසර වාර්තාවක් අනිවාර්යයෙන් ලබාගත යුතු බව ඇත්තක්. එය පාරිසරික බලපෑම්ද අන්තර්ගතවූ භූ විද්‍යාත්මක වාර්තාවක් වියයුතුයි. ලංකාවේ සිදුකරන කුදු මහත් සෑම ඉදිකිරීමක් සඳහාම මෙය අනිවාර්ය අංගයක් වියයුතුයි. වාර්තා ලබාදීම පමණක් ප්‍රමාණවත් නැහැ. එකී වාර්තාවලින් නිර්දේශිත උපදෙස් අනුගමනය කරන්නේද යන්න නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට වංචා දූෂණ අවම වූ ප්‍රයෝගික ක්‍රමවේදයක්ද අවශ්‍යයි.(ස)
අනේ දෙයියනේ. ගස් කොලන් ටිකට දෙවියන්ගේම පිහිටයි. ගස් වැල් අඩුවී පර්සර උෂ්ණත්වය වැඩිවේ. (ස)
මේ දේවල් අල්ලන්න පොලිසියට බැරිද? (නි)
සාමාන්‍ය ජනතාවට ඇගිලි දිගු කරන්න එපා. ඒ අයට ඕවා කරන්න හයියක් නැහැ. දේශපාලුවකුගේ වෙන්න ඇති. හොයා බලන්න (නි)
බලධාරියනි, පේනවා නේද? තවමත් මෙය ගොඩනගාගෙන එන නිසා මෙය දැම්ම නවත්වා දමන්න. නැතහොත් ලොකු විනාශයක් (නි)
ලොකු මිනිහට වෙනම නීතියක් හා පොඩි මිනිහට වෙනම නීතියක් කියන එකද මේ වගේ වැඩ වලින් අපි තේරුම් ගන්න ඕනෑ? (නි)
ඕවා ඉතින් දේශපාලන හයිකාරයන්ගේ වැඩ නේද? දුප්පත් අපි යනවද ඕවා කරන්න? ඊළගට වැවේ වතුර බොන්න එන සත්තු ටික දඩ මස් වලට අරන් අලි ඇත්තු ටිකගේ දල කපන්න වැඩේට බහීවි. අයියෝ රටට යන කලක්! (නි)
මේ ඡායාරූපයේ අලි රංචුවක් ඉන්නවා. පරිසර වාර්තාවක් නැතුව මේ ඉදිකීරීම කරන නිසා තවත් අලි මිනිස් ගැටුමක ආරම්බයක් විය හැකියි. මත්තල සිදුවුනේ මෙවැනි දෙයක්ම නේද. (නි)
අවනීතිය රජයන හැටි, අපේ උරුමයන් වනසන අයට හොඳක් නම් වෙන එකක් නෑ. (ස)
කලා වැවේ බැම්මෙ ඉඳලා බලද්දිත් ඔහොම එකක් පේනවා.(නදී)
ගමම එකතු වෙලා කඩලා දාන්න. සමගිය බලය වේ. ගමට/රටට වින කරන වුන් පන්නා දැමීමට අපට සදාචාරාත්මක අයිතියක් ඇත. (ස)
මෙහෙම අර වාර්තා මේ වාර්තා කියා කියා ඉඳල හරියන්නේ නැහැ වැඩක් කරන්න ඕනේ. එහෙනම් අර ලංකාව පරණ වැද්දන්ගේ මායිම් අනුව තිබ්බ නම් ඔක්කොටම වඩා හොදයි නේද ? (නදී)
මේ වගේ කසඩ බංගලා නෙමේ හොඳ හෝටලයක් හදන්ඩ දෙන්ඩ.(නදී)
මවිසින් දුටු සුන්දර ස්ථානයක් වන මහකනදරාව ආරක්ෂා කරනු මෙන් ඉල්ලා සිටිමි. මෙයට මිහින්තලාවේ ලොකු කෙනෙකුගේ සම්බන්ධයක් තිබේද? මෙය සාදන්නේ පන්සල් ඉඩමේද?(නදී)
මේවා හදන්න කලින් පූජා වට්ටි අදාල තැන් වලට පූජා කරලා ඇති (නි)
රහස මොකක්ද ඉතින් දේශ පාලුවෙක්ගෙ බළළ් අතක් යටින් ඈති.(නදී)
මෙයට ශ්‍රී ජයවර්දනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රබල ඇදුරෙක් (විනෝදකාමියෙක්) සම්බන්ධයි නේද?(නදී)
සිංහල බෞධයන්ට මූදේ පනින්න වත් තැනක් ඉතුරුවෙයිද? පාලකයන්ට බලේ දුන්නේ කොටි ගණන් උතුරට දෙන්නයි අපිට බිල් වැඩි කරන්නයි රට විනාස කරන්න ඉඩ දෙන්නැයිද? කතා කරන්න ඕන මේවා ගැනයි.(නදී)
රක්ෂිතය රටේ හැමෝටම අයිති නිසා මෙම ගොඩනැගිල්ලද පොදු ස්ථානයකි. කැරම් බෝඩ් එකක් දාම් ලෑල්ලක් ආදිය ගෙනගොස් හැමෝම එකතුවී නිදහස් කාලය මෙහි ගෙවා දමන්න. ඉස්කෝලේ යන ළමයින්ට වැඩිහිටි ළමයි එකතුවී මෙහි උපකාරක පන්තියකුත් පටන් ගන්න නොමිලේ. (නදී)
සුසන්ත මල්ලි කියන ඔය බංගලාව මවිසින් ඒතුලට ගොස් දැක බලා ගෙන මම සන්තාපනයට පත්වී නිශ්සබ්බ්ද උනේ කළු ගලක ඔලුව ගසා ගන්ට සිදු වන නිසා.(නදී)
උබලා කැමැති දෙයක් කරපල්ලා ඔය ගස් කොලන් වනාන්තර මතක ඇතුව පොටෝ ගහලා තියාපල්ලා අපි ලංකාවට ආපු දවසක බලන්ඩ. එතකොට අපි දන්නවා ලංකාවේ ගස් කොලන් වනාන්තර තිබුනා කියාලා.(නදී)
අමිත්ත, ලංකාවේ සුපිරි බලවතුන්ට නීතිරීති, රෙගුලාසි කිසිවක් බලනොපාන බව දන්නේ නැද්ද?(නදී)
මම ගේ හදල අවරුදු 14 ක් වෙනවා. ගේ වටා තාප්පය එදිකරන්න කූ / මාවතගම ප්‍රාදේශීය සභාවෙන් අවසරය ඉල්ලා වසර 3ක් පමණ වෙනවා. ඉල්ලුම් පත බාර දීපු දවසේ ඉදලා එක එක ලිපි ලේඛන ඉදිරි පත් කරන්න කීවිට අපි එදිරිපත් කලා පසුව සයිඩ් ප්ලැන් එකක් හදලා භාර දෙන්න කීවා. අපි රජයේ ලියා පදිංචි ප්ලැන් අදින කෙනෙක් ගෙන් ඒ වැඩෙත් කලා. ප්ලැන් අදින 4 දෙනෙක් ලවා එයාල කියන කියන විදියට අපේ තාප්පය ප්‍රමිතියට අනුව ඇදන් ගියත් මෙහෙම නෙමෙයි මේක කරන්න ඕන මේ විදියටයි කියමින් සෑම වතාවේම මාව ආපසු හරවා එවනවා. මුදල් කුට්ටියක් අත මිට මෙලව්වොත් මට විනාඩි 5 ක් යන්න පෙර බල පත්‍රය ලැබෙනවා. ඒත් මම එහෙම කරන කෙනෙක් නොවන නිසා , අවරුදු 3 ක් 4 ක් දැනට මා ගෙනා යකඩ වැලි තාමත් මිදුලේ , එත් මේ වගේ මහා පරිමාණ දේශපාලුවන්ට නීතිය අපේ දෙරණේ වත් නැහැ.(නදී)
මහේෂ් කියනවා වගේ මම නම් කියන්නේ , ගමේ මිනිසුනේ සියල්ලම එක වගේ එකමුතුවෙලා කිසිවෙක් නැති වෙලාවක් බලලා සිට ඔය ඉදි කළ ගොඩනැගිල්ල ගැන තීරණයක් ගන්න. ගමේ කව්ද ඉන්න අසරණම දුප්පතා ? එයාට ගේ වහලේ ඉදි කරලා දෙන්න ඔය තියන අමු ද්‍රව්‍ය උපයෝගී කරගෙන. අදම නැගිටිව් සිංහලයනි (නි)