IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මහකන්නයේදී කීරි සම්බා මෙට්‍රික් ටොන් 5000 ක අස්වැන්නක් ලබලා

(අංජුල මහික වීරරත්න)

2022/23 මහ කන්නයේ දී මෙරට සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට 7ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්‍රභේදය වගා කරන ලද අතර එමගින් වී මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් ලබා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට වෙළෙඳපළේ කීරි සම්බා සහල් සහ සම්බා සහල් හිඟයක් ඇති නමුත් එම හිඟය වෙළෙන්දන්  කෘත්‍රිමව නිර්මාණය කළ එකක් බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

2022/23 මහ කන්නයේ දී හෙක්ටෙයාර් ලක්ෂ 8ක වී වගා කළ අතර එම වර්ෂයේ  සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.7ක අස්වැන්නක් ලබා ගෙන ඇතැයි ද සාමාන්‍යයෙන් රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර ඒ අනූව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක පමණ අතිරික්තයක් රටේ  තිබිය යුතු බව කෘෂිකර්ම  දෙපාර්තමේන්තුව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

එමෙන්ම BG 360 හෙවත් කීරි සම්බා වී ප්‍රභේදය අක්කර 175,000ක වගා කර තිබෙන අතර එමගින් ලැබූ අස්වැන්න මෙට්‍රික් ටොන්  5000ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.



අදහස් (2)

මහකන්නයේදී කීරි සම්බා මෙට්‍රික් ටොන් 5000 ක අස්වැන්නක් ලබලා

සිල්වා Wednesday, 22 November 2023 05:25 PM

මොනවා කීවත් ප්‍රශ්නය තිබෙන්නේ වී මිල සමගයි. පාලනයක් නොමැතිව වී මිල වැඩිවන අතර සහල් මිල පාලනයට යටත්ව ඇති බැවින් සහල් වෙළඳාම පාඩුවන තත්වයක් උද්ගත වී ඇත. සහල් වෙළෙඳුන් සහල් වෙළෙඳාම අත්හරිමින් සිටිති...!

:       5       2

රංබොඩ Wednesday, 22 November 2023 06:30 PM

රටතුළ අවශ්‍ය තරම් හැම භෝගයක්ම නිෂ්පාදනය වෙනවා. අතරමැදියන් ගොවියත් පාරිභෝගිකයත් දෙන්නාවම ගසාගෙන කනවා. නිෂ්පාදන රට පුරා බෙදා හැරෙන්නේ නෑ. මේවා හැදෙන්නේ නෑ කවදාවත්... මොකද දේශපාලකයින්ට ඒවා හදන්න වුවමනාවක් නෑ. එහෙම වුවමනාවක් තිබ්බත් කරන්න දෙන්නේ නෑ... පඹගාලක්...!

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 213 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 447 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 36 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 1011 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2126 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2085 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39504 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25736 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 359 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1180 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site