IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සැරසෙති

(ඩයනා උදයංගනී)


මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ඉල්ලීම් ඉටුකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හා වෙනත් ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති එක්කර ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.


තම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කර ඇති තවත් වෘත්තීය සමිති සමඟ ලබන සඳුදා දිනයේදී සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.


කොවිඞ් 19 මර්දන කටයුතු සාර්ථක කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වෙත අවශ්‍ය නීතිමය බලතල ලබාදීමේ හැකියාව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට තිබියදීත් එසේ ලබානොදීම හේතුවෙන් තම සංගමය ඉකුත් 19 වැනිදා සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය විසඳුමක් ලැබෙන තුරු අත්නොහරින බව ද ඔහු කීවේය.


උපුල් රෝහණ මහතා මේ බව පැවසුවේ මරදාන, සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


තම සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට එක්වන බවට අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 16ක්, පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති 15ක්, ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමය, මහජන සෞඛ්‍ය සේවා ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, දුම්රිය හා තැපැල් වෘත්තීය සමිති ද දැනුම් දී ඇතැයි රෝහණ මහතා පැවසීය.


මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ඉකුත් 19 වැනිදා සිට කොවිඞ් මර්දන රාජකාරීවලින් මෙන්ම ඩෙංගු රෝග මර්දන කටයුතුවලින් ඉවත්ව සිටින අතර, අද (24) දිනයේ දී අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වූහ.   

 

 



අදහස් (19)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සැරසෙති

Sachin Friday, 24 July 2020 12:11 PM

ඡන්දෙන් පස්සෙ ගුටි තමයි.

:       29       128

සිරි Friday, 24 July 2020 12:37 PM

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙත් වෘත්තීය සමිති මෙවැනි ආපදා අවස්ථාවක වර්ජනයකට එයිද? මහජනතාවගෙන් සහ රජයෙන් හොඳටම ලකුණු ලබාගෙන සුවවිරුවෝ කියන ගෞරවයත් ලබාගෙන ඉන්න වෙලාවක පී.එච්.අයි ලාගේ පදයට නටන්න ගොස් ඒ ගෞරවය නැතිකර ගන්න එකක් නැහැ.

:       346       339

Prabath Friday, 24 July 2020 12:49 PM

මෙයාලාට කොහොමත් දෙන්න එපා... මේ ඔක්කොම ලෝක හොරු.. පගාකාරයෝ. අත්‍යාවශ්‍ය සේවා කරලා යවන්න. හෝටල්වලින් පගාගන්න රැලක්...

:       187       1411

සමිත සේනක අලුත්ගමගේ. Friday, 24 July 2020 01:42 PM

කෝවිඩ් නිසා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ තිබූ දෝසභංග වී ගොස් නව ආකල්පයකින් ඔවුන් දෙස බැලීමට අප මෙන්ම ජනතාවද හුරු පුරුදු වුණා. කෝවිඩ් නිසා ඔවුන් ජනතාවගේ ගෞරවනීය ඇගයීමකට ලක්වුණා. එහෙත්, මේ සංගම් පිහිටුවා ගෙන කරන්න හදන වැඩ වර්ජන වැඩේ නිසා ඔවුන් වෙත මහජන අපකීර්තිය ලැබීමට පටන් ගන්නවා. මේ ගැන හොඳින් සිතා බලා කටයුතු කරන මෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් ජනතාව වෙනුවෙන් අප ඉල්ලා සිටිනවා. ඔබතුමන්ලාට ප්‍රශ්න ඇති.. ඒත්, ඒවා වැඩවර්ජන දක්වා ගෙන ගියහොත්, මේ අවස්ථාවේ එයින් දුක් විඳින්නේ දේශපාලනඥයන් නොව රටේ මහා ජනතාවයි. ඒ ගැන මදක් සිතා බලන්න.

:       103       1256

AsankaFriday, 24 July 2020 03:54 PM

රාජකාරි කරන්න අවශ්‍ය බලතල ඉල්ලලානේ කෑගහන්නේ... නැතුව වැඩි පඩි ඉල්ලලා නෙවේනේ..

:       1027       278

anuraSaturday, 25 July 2020 03:53 AM

පමණට වඩා බලතල හිමි කරගන්න උත්සාහ කරන්නේ මහජනතාව තවදුරටත් පීඩනයට ලක්කර පගා ගැහිල්ල සහ අනෙකුත් දූෂිත ක්‍රියා පහසුවෙන් කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමටයි. කුඩු කාරයන් බෝවීමට ප්‍රධාන හේතුව දැන් හෙළිවෙමින් යනවා. මේ ගොල්ලොත් බලතල වැඩි කරගත්විට වන්නේ එවැනි දෙයකි. පුද්ගලයින්ට අනවශ්‍ය ලෙස බලය හිමි වුණාම වන්නේ සමාජයට අයහපතක්...

:       104       188

විජිත් Friday, 24 July 2020 06:13 PM

සමිත,ඔයා අලි පැටියට දාපු කොමෙන්ට් එක පලවෙලා. හරිම දුක හිතෙන කතාවක්. ඔයා බොහොම ලස්සනට දුක හිතෙන විදිහට ලියලා තියෙනවා. පසුව හමුවෙමු.

:       0       0

භද්‍රානීSaturday, 25 July 2020 01:00 AM

මේ මිනිස්සු මේ ඉල්ලන්නේ වැඩි පඩි නෙමෙයි. රාජකාරිය කරන්න අවශ්‍ය නීතිමය බලතල ලබලා දෙන්න කියලා. පාදෙණියලා වගේ අය බිල්ලට තියලා වැඩිපඩි දරුවන්ට සුපිරි පාසල් වරප්‍රසාද නෙමෙයි. ඒ අයගේ තක්කඩිකම් වෙද්දී ගොළුවන් සේ සිටින ඔබ වැනි අය මෙවැනි සාධාරණ ඉල්ලීමකදී එයට විරුද්ධවීම ගැන අප පුදුම වන්නේ නැත. ඒ මේ රටේ දේශපාලන වහලුන් තවමත් සිටිනා බව අප දන්නා නිසයි.

:       147       68

සමිත සේනක අලුත්ගමගේ.Monday, 27 July 2020 09:24 AM

භද්‍රානි පටලවාගෙන. අප පාදෙණියලාගේ කටයුතු ගැන නිහඬව සිට නැහැ. ඔබ නොදන්නවාට අපට දේශපාලනයකුත් නැහැ. එ් නිසා අප කාගෙවත් වහල්ලු නොවෙයි. ඔබගේ අදහස ප්‍රවෘත්තියට ලියනවා හැරෙන්නට මගේ අදහස ඔස්සේ ඉල්ලීමෙන් ඵලක් නැත. කරුණාකර මගේ අදහස දැරීමේ අයිතිය මා හට ඇතිබව ඔබ වෙත දන්වමි. එබැවින්, මින් ඉදිරියට හෝ අන් අයගේ අදහස් ගරු කොට, ඔබගේ අදහස කෙලින්ම ලියන්න. අපගේ අදහස් දැක්වීමට ඔබගේ උපදෙසක් කිසිසේත් අපහට අවශ්‍ය නොවේ. ස්තූතියි.

:       0       0

පූජාSaturday, 25 July 2020 07:01 AM

සමිත, ඔබගේ කාලෝචිත, අර්ථවත් කමෙන්ට් එකට සමහරු අකමැත්ත ප්‍රකාශ කර තිබෙන්නේ ඇයිදැයි මට නොතේරේ...

:       106       419

සමිත සේනක අලුත්ගමගේ.Monday, 27 July 2020 09:28 AM

ස්තූතියි.. පූජා ඔයාට. එහෙම තමයි මේ රටේ හැටි. තම අදහස පුවතට ලියනවා වෙනුවට නැට්ටේ එල්ලෙනවා.

:       0       0

Dissanayake Friday, 24 July 2020 09:39 PM

මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ පටු අවස්ථාවාදී වෘත්තිය ක්‍රියා මාර්ග PHI මහත්වරුන්ට COVID 19 මර්ධනය සඳහා බලතල නැහැ කිව්වත් ජනාධිපති නීතිඥ සහ හිටපු නීතිඥ සංගමයේ සභාපති U.R. ද සිල්වා මහතා පැහැදිලිව සඳහන් කරනවා ගැසට් එක ප්‍රමාණවත් කියා. එමනිසා නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රමාණවත් බලතල තිබෙනවා. එමනිසා ව්‍යාජ හේතු දක්වන්න එපා. COVID 19 උවදුර මැඩීම සාමූහික ප්‍රයත්නයක්. ඔක්කොම බලතල PHI මහත්වරුන්ට දෙන්න කියන එක මෙම සාමූහික ප්‍රයත්නය ක්‍රියාත්මක කරන පද්ධතිය බිඳ වැටීමට හේතුවෙනවා. මෙතන වෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ (MOH) බලතල ඉල්ලා සිටීමක්. එහෙම නම් MOH කෙනෙක් ඕන වෙන්නේ නැහැ. PHI මහත්වරු MOH ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ කටයුතු කළ යුතුයි. මේක හරියට යම් ඉදිකිරීමක බාසුන්නැහැ තමන් ගොඩනැගිල්ලේ සියළුම ඉදිකිරීම කරන නිසා ක්ෂේත්‍ර ඉංජිනේරු මහතාගේ බලතල ඉල්ලීමක් වැනිය. ඒ වගේම බලතල දෙන්න කියා මාරාන්තික උපවාසයකට යනවා කියන්නේ එතන COVID 19 මර්දනයෙන් ඔබ්බට ගිය වෙනත් වෘත්තිය ගැටළුවක් විසඳා ගැනීමට COVID 19 රෝගය දඩමීමා කරගන්න PHI මහත්වරු සූදානම් බවට සැකයක් (FISHY) ඇති වෙනවා.

:       0       0

Dissanayake Friday, 24 July 2020 09:40 PM

වංචනිකව වෛද්‍යවරුන්ට ඉහළින් යන්න ඉල්ලීම් දිනා ගැනීමට කොරෝනා මඩින්න නීති නැහැ කියා ජනතාව රවටමින් PHIලා වගකීම් පැහැරහැරීම පිළිකුලක්...

:       0       0

Dissanayake Friday, 24 July 2020 09:41 PM

"පාගමනක්, උද්ඝෝෂණයක්, උපවාසයක්, මාරාන්තික උපවාසයක්... " කරන්න හදන්නේ PHI මහත්වරු කොරෝනා මඩින්න නීති වෙනුවෙන්මද නැත්නම් පටු ගේමක්ද?

:       0       0

amila Saturday, 25 July 2020 04:29 AM

මේ ගොල්ලන්ගෙන් එතරම් වැඩක් නෑ. කට්ටියම ගෙදර යවන්නයි තියෙන්නේ.. රාජකාරි නාමය වෙනස් කර අලුතින් කට්ටියක් බඳවා ගන්නවා නම් හොඳයි. ගෙදරට වෙලා බිරිඳගෙන් බැණුම් අහ අහා ළමයින්ට කන්න නැතිව ඉන්න කොට තේරෙයි.

:       115       321

amila Saturday, 25 July 2020 04:30 AM

මොන බලතලද පගාමරුවන්ට...?

:       0       85

හේරත් Saturday, 25 July 2020 04:47 AM

අපේ රටේ තිබෙන හෙන ගෙඩි වලින් එකක් - "විරුවා" කියලා පුම්බපු ගමන් නගිනවා ගහේ කරටියටම, ඊට පස්සේ සියලුම බලතල අවශ්‍ය වෙනවා! - පී.එච්.අයි. ට වැඩි බලතල දුන්නා කියා වසංගතය පාලනය වන්නේ නැත!!!. අපේ රටේ වැඩි බලතල සහ වැඩි නීතිරීති යනු වැඩි ජරාවක් කෑමට දෙන ලයිසන් එකකි.

:       108       266

chinthana Saturday, 25 July 2020 05:06 AM

මේ ඉල්ලීම් දුන්නොත් ඊට පස්සේ දොස්තරලා වර්ජනය කරයිද දන්නේ නැහැ. GMOA එකත් එක එක වෙලාවට එක එක කතා කියනවා.

:       0       113

Lakmal Saturday, 25 July 2020 05:36 AM

මේ ආණ්ඩුව බලයට ආවේ රටේ අර්බුද නිර්මාණය කරලා. අද ආණ්ඩුවටම ඒවා පාරාවළල්ලක් වෙලා.

:       229       117

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 1086 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1815 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 1397 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 2270 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1841 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 2028 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 940 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site