ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා මාස පහක් ගතවන්නට පෙර තමා ගැන විශ්වාසය තබා ලබා දුන් ජයග්‍රහනයට මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් ජනතාවට තමා ස්තුති වන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් පොන්සේකා මහතා එසැණට කීවේය.
අනෙක් පක්ෂ සෝදා පාළුවට ලක්වෙලා. සන්ධානය වගේම එක්සත් ජාතික පක්ෂය උත්සහ කළේ තමන්ගේ ඡන්ද පදනම බේරා ගන්නයි.
නමුත් අපේ ප්‍රතිපත්ති මිනිස්සු පිලි අරන්. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ අවංක දේශපාලන රටාවක්. අපි ඒක ඔවුන්ට ලබා දෙනවා.
පත් වුනු මන්ත්‍රීවරු අපේ පක්ෂයේ නිති වලට එකගවයි ඡන්දය ඉල්ලුවේ. බැරි වෙලාවත් ඔවුන් පක්ෂය මාරු කරන්න හැදුවොත් ඔවුන්ට විරුද්ධව උපරිම නීතිය ක්‍රියාත්මක කරනවා.
මගේ බිරිද මාව දාලා ඇමරිකාවට ගියා කියලා බංකලොත් දේශපාලකයෝ කීවා. ඒකෙන් ඔවුන් මෝඩ සතුටක් ලැබුවා.
අපි දෙන්නා වගේම පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ උපරිම මහන්සියේ ප්‍රතිඵල තමයි මේ ලබා තියෙන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්විස්, ඉන්දික වැඩිය දඟලන්න එපා. ලොක්කා එන්නේ නෑ ඔයාලා බේරගන්න (ස)
රටක් දියුණු කලහැක්කේ රටක නීතිය ඉහල සිට පහලට එක සමානව සියලු දෙනාටම ක්‍රියාත්මක කළහැකිනම් පමණි එක තේරුම්ගත්ත බුද්ධිමත් පිරිසක් ඔබට චන්දය දී ඇත. (දී)
හ්ම්ම්ම් ...කොච්චර කාලයක් ඔහොම යයිද දන්නේ නැහැ අයිබෝන්...බර නඩුවක් මග එනවා..පරිස්සමෙන්..!!! (දී)
සත්තයි අනිවාර්යයෙන්ම ජයගන්නවා!! ඔබ තුමා ඉදිරියටම යනවා. ඒක මට විශ්වාසයි. ජේසු පිහිටයි. (ස)
රටට අවශ්‍ය 'ලී ක්වාන්ග් යුන්' වැනි තම පුතා වුවද රට වෙනුවෙන් හිරේට යවන්න තරම් අවංක දැඩි විනයක් සහිත නායකයෙකි. ඔබ එසේ යයි අපි අනුමාන කරමු. රට බේරා ගනු මැන! (ස)
රනිල්ට වඩා සරත් ෆොන්සේකාට මිනිස්සු සලකනවා , ලබනපාර දකුණු පළාත් සභා චන්දෙදි බලන්න සරත් ෆොන්සේකාගේ පක්ෂය ඒජා ප ය එකට වඩා වැඩි චන්ද ගන්නවා , ඒජා පයට අනාගතයක් නැහැ රනිල් ඉන්න කන් . (දී)
හොද අනාගතයකට සුබ පැතුම් !. (දී)
ජය වේවා. එඩිතරව ඉදිරියටම සෙන්පති තුමනි.... (ස)
රටට අවශ්‍ය 'ලී ක්වාන්ග් යුන්' වැනි තම පුතා වුවද රට වෙනුවෙන් හිරේට යවන්න තරම් අවංක දැඩි විනයක් සහිත නායකයෙකි. ඔබ එසේ යයි අපි අනුමාන කරමු. රට බේරා ගනු මැන! (දී)
ජයවේවා සෙන්පතිතුමනි උක්තියට ගරු කරන ජනතාව ඔබ තුමා සමගය් .. අපිත් නිරතුරු ඔබතුම සමගය් (දී)
විපක්‍ෂයක් නැති රටේ, ඔබ සැබෑ විපක්ෂයක තනා ගන්නා. ඔබට සුභ පැතුම්. (ස)
පිළිගත්තානොවෙයි මහත්තයෝ පිළිගන්න සිද්ද වුනා.
ජෙනරාල්තුමනි, සැබවින්ම සන්තෝසයි. නිහතමානිව ඔබතුමා යන ගමනට ජනතාව ටික ටික පියවරෙන් පියවර එකතු වේවි. අපට අද අවශ්‍යය වන්නේ බොරු නොකියන ජනතාගේ දුක හඳුනන ඒ සියල්ලට ජනතාව සමඟ එකතු වෙලා විසදුම් හොයන අවංක නායකයෙක් ඔබතුමාට ශක්තිය හා නුවණද තව තව ලැබේවා !!! (ස)
ෆොන්සේකා මහත්තයෝ අනෙක් දෙසපාලකයෝ වගේ බලය වැඩි වෙනකොට ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා. (ස)
ජයවේවා. ඔබව අමාරුවේ දැම්ම ජේවීපෙ කාරයින්ට දැන් තරු පෙනිලා ඇති... (ස)
උණුසුම් සුභ පැතුම්! ඉම්රාන් ඛාන්ගේ ගමන ආදර්ශයට ගමු. මුලින් ඔය ඇති. තුන්වෙනි ඡන්දය වෙන කොට ප්‍රබල බල වේගයක් වෙන්න පුළුවන්. මීලගට තියෙන දකුණ, බස්නාහිර ඔබට හොඳ තෝතැන්නක් වේවි. ලැබුණු මන්ත්‍රීවරු ටික රැකගන්න එක වැදගත්. හිඩැස පුරවන්න ඔබට ශක්තිය ලැබේවා කියා පතනවා! (ස)
ඉතාම හොද ආරම්බයක්...කය්වාරු නැති..ක්‍රියාව ඇති ...පක්ෂයක්... දැන් 03 වැනි බලවේගය...ඊළගට 02 වැනි බලවේහය... අන්තිමට...01 වැනි සහ අවසාන සහ මුළු රටේම බලවේහය...ඔබට සහ ඔබේ පක්ෂයට සියලු ජය පතමි... (දී)
ජයෙන් ජය වේවා ජනරාල් තුමනි.... අපේ රට යූ ටර්න් එකකින් හරවමු ආපසු. ජය වේවා........................ (දී)
අයුක්තියට එරෙහිව පලවෙනි වෙඩි මුරය උත්තමාචාර අවි (දී)
ආදරණීය ජෙනරාල් ඔබගේ ජයග්‍රහණයට ඉත සිතින් සුබ පතමි. එදා කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් අපේ රට බේරගත්ත වගේම රට කාබාසිනියා කරන මේ දේශපාලන හොරුන්ගෙන් අපේ රට බේරගන්න. (අ)
ඉතිහාසය නැවත නැවත සිදුවෙනවා.ලංකාවේ අනාගතය වෙනුවෙන් ඔබ පෙනී සීටීම අගය කරනවා ජෙනරාල් තුමනි. (ස)
හිරමනයෙන් ළූණු කපන්න බැහැ. පිහියෙන් පොල් ගාන්නත් බැහැ. සුදුස්සා සුදුසු රාජකාරිය කරන්න ඕනෑ. සෙමින් ගියත් හයියෙන් ගියත් දිනුම් කනුව අසල සිටින්නේ අතිගරු ජනාධිපතිතුමා. එතුමාව පරද්දන්නත් බැහැ පරදින්නේත් නැහැ. මොකද එඩිතර නායකයෙක් අපිට ලැබෙන්නේ කලාතුරකින්. (නි)
මේකේ ප්‍රතිචාර දැක්කම අපේ ලාංකිකයන්ගේ දැනුම ගැන දුක හිතෙනවා . ගෙම්බෙක් පුම්බනවා වගේ මෙයාව පුම්බලා තිබ්බට . මෙම රජය තව අවුරුදු ගානක් බලයේ සිටිනවා , නැවත බලයට එනවා . අවුරුදු පහකට කලින් රට තිබුන විදිය බොහෝ දෙනෙකුට ඉක්මනින් අමතකවී ගොස් . කොන්ද පන ඇතිව සිටි එකම රාජ්‍ය නායකයා අති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණයි. (ස)
අනේ මන්දා! මේ කට්ටිය දාලා තියෙන අදහස් දැක්කම පළාත් සබා ඡන්දෙ දිනලා තියෙන්නේ අර අච්චර ආසන ගානක් ඡන්ද ගානක් ගත්ත රජය නෙමෙයි , පොන්සේකා මහත්තයනේ.. හරි හරි ඔන්න ඔහේ අපි එහෙමම හිතාගමු.. (නි)
අහෝ දුකකි! (නි)
ඔබතුමාට ඡන්දෙ ආවේ එහෙම නෙමෙයි කියලයි මම නම් හිතන්නේ (නි)
කොහොම කළත් දේශපාලනය බඩගෝස්තර ව්‍යාපාරයක්.හරී මොකද කියන්නේ ? (නි)
ඔබතුමාට ජනතාවගේත් මගෙත් උණුසුම් සුබ පැතුම්. කිසිකෙනෙකට බිය නැතුව සාධාරනව තමන්ගේ කටුතු කරගන්නට රටක් තනා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබට දළදා සමිදු පිහිටයි. (නි)
හරියට ෆ්ලෑෂ් ලයිට් වගේ.තප්පර ගාණයි..ඔය යු එන් පී ඡන්ද ටික ආයෙත් යු එන් පී එකට යනවා ඉක්මනින්ම.. (නි)
ඔබට ජය !!!! ඉතින් දේශපාලන රඟමඩලට ගිහිල්ලා තෙම්පරාදු වෙලා එනකොට තව අවුරුදු 20 ක්වත් යාවි නේද . (නි)
හේරත් ඔලුව අතගාලා බලන්න.ඔහු වීරයෙක් (නි)
ඔබතුමාට සුබපැතුම්! (නි)
ප්‍රතිපත්ති පිළිගත්තා නෙමෙයි.... කොහොමත් ආණ්ඩු විරෝධී චන්ද ටිකක් හැම සැරේම පාවෙනවා... ඒ පාවෙන චන්ද ටික මෙදා පාර යු අන් පී එකටවත් ජේ වීපී එකටට්වත් දුන්නේ නැහැ... මොකක් හරි විකල්පයක් හැටියට සරත් ෆොන්සේකාගේ පක්ෂෙට දීල බැලුව... දැන් වත් ඉතින් දේශපාලන ප්‍රතිපත්තියක් දර්ශනයක් හදාගෙන ඉස්සරහට යනවනම් සරත් මහත්තයටත් පොඩි ගමනක් යන්න පුළුවන්... මට නම් තවම මෙයාගේ ප්‍රතිපත්තියක් පෙන්නේ නැහැ...
අදහස් දැක්කම හිනහ යනවා. ආසියාවේ ආශ්චර්යය (නි)
ඉදිරිය ඉතා දුෂ්කර වේවි. සුබ පැතුම් (නි)
අපේ හදවතේ කොනක තිබුණු පුංචි බලාපොරොත්තුව ගිනි දැල්ලක් වෙලා. ලබන සැරේ 2වැනි බලවේගය වෙමු. ඊලග සැරේ ඔබයි අපේ රට නගන සුවිශේෂී දැවැන්ත චරිතය විය යුත්තේ. (නි)
අභීත සෙන්පතියාණෙනි, ඔබේ නොසැලෙන ගුණයට ජාතියේම උපහාරය.සැමදා අපි ඔබ සමග ඉන්නවා.ඔබට ජය (නි)
අභීත වීර සෙන්පතියණනි අනේක විද බාදක දුක් කම්කටොලු මැද ජය මාවත කර යන ඔබට මගේ සුබ පැතුම් සැබවින්ම රටට ආදරය කරන ජන නායකයෙකි ඔබ අද ඔබ තුන්වන බලවේගය වෙලා හෙට මතු දවසක ඔබයි අපේ රටේ බලවේගය රුදුරු කොටි පරදවා රට බේරා දුන් වීර සෙන්පතියනි හෙට දවස රට නුඹට බාරයි ඔබට තෙරුවන් සරණයි (දී)
හි...හි....හි.... හේරත්ට සතුටු හිතිලා වගේ (දී)
මම ඔබ තුමාට ජය පතමි (දී)
ජේනරාල් තුමෙනි, සදාදරනීය අබීත විරුවාණෙනි, ආදරණීය පියාණෙනි අපේ බලාපොරාත්තුව ඔබයි. ඔබේ පැමිණීම අපි නොඉවසිල්ලෙන් බලසිටින්නෙමු. රට තුල කුණුවී ඇති දේසපාලනය පවා රටට ලැබෙන ඔබගේ නායකත්වය තුල මහත්මා දේසපාලනයකට නැවත ගමන් අරබනු නියතය. ඔබට දෙවි සරණයි ...! (දී)
සල්ලි වලට කෑදර බඩ ගෝස්තර දෙසපාලු වන්ට දුන් හොඳ පිළිතුරක්. ඔහොම යමු. (ස)
සුභපැතුම් (අ)
ලංකාවේ වැඩිපුරම හමුදාවේ කොල්ලෝ ඉන්නේ වයඹ පළාතේ. (නි)
ඔබතුමා හැම අතින්ම සැබෑ නායකයෙක්.... (නි)
පිළිගත්තා තමයි. ම්හ්හ්...ම්හ්හ්...ම්හ්හ්... (නි)
ශ්‍රී ලංකා ජනතාව කළගුණ දන්නා ජාතියක් හැටියට අතීතයේ ප්‍රසිද්ධව සිටියත් මෑත යුගයේ සිදුවූ ඇතැම් දේශපාලන සිදුවීම් හරහා ඒ උතුම් ගති ජාතියෙන් බැහැර වීමට පටන්ගෙන තිබුනා. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පක්ෂය ලැබූ ජයග්‍රහණය එක අතකින් ඔහු ලැබූ පෞද්ගලික ජයග්‍රහණයකි. අනෙක් අතට ශ්‍රී ලංකාවාසීන් තවම කළගුණ අමතක කර නැති බව දේශපාලන වශයෙන් පෙන්නුම් කළ සුවිශේෂී අවස්ථාවකි. මෙය රැක ගැනීම සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේම යුතුකමකි. (නි)
සරත් ෆොන්සේකා මැතිදුනි, ඔබ නොබියව,අවංකව සටනේදී මුහුණ දුන්නා.අපට විශ්වාසයි ඔබතුමා රටේ අනාගතය ජයගන්න දෙවැනි සටනට එඩිතරව මුහුන දෙයි කියා.ඔබතුමා වැනි අවංක නායකයෙක් රටට අවශ්‍යම වෙලාවයි දැන් ඇවිල්ලා තියෙන්නේ. (නි)
අපේ සුබ පැතුම්! (නි)
එජාපෙ රජය වෙන වෙනම ගෙන්ගෙට ගොස් බලන්න ඡන්දේ නොදුන්නු අය ඡන්දේ දෙන්න නොගියේ මොකද කියලා. (නි)
සුබ පැතුම් ඔබට. (නි)
ඔබට ජය ලබන්න හැකි බව මම මීට පෙරත් ලියල තිබෙනවා ., ප්‍රතිපත්ති ගරුකව ඉදිරියට යන්න නම් ,පක්ෂය තුල විනය රැකගෙන ,උගත් පුත්ගලයන් තනතුරු වලට තෝරාගෙන ,බොරු වලවල් වල නොවැටී ,කේලම් වලට ඇහුම් කන් නොදී ,කල්පනාකාරීව නිවැරදි තීරණ ගෙන පක්ෂය මෙහෙයවමින් වැඩකරගන යන්න සිතට ගන්න.ඔබට ජය.. (අ)
පොන්සේකාට ජය
ජය වේවා! (නි)
ජය වේවා .අපි ඔබ සමග .(අ)
හීන් සැරය හොඳම සැරය.සුබ අනාගතයක් ඔබට. (නි)
ඔබතුමාව. අදත්, හෙටත්, ජනතාව පිළිගනීවි. යහපත් දේශපාලනඥයෙක් වශයෙන් වැඩ කරන්න. ඔබට ජනතාව ලබාදුන් ප්‍රතිචාර උපයෝගී කරගෙන රටේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න ගැන සිතන්න (නි)
ඔබට සදා ජය ප්‍රාර්ථනා කරමි (නි)
ඔබතුමාට සහ ඔබගේ පක්ෂයට, අනාගතය සුබ වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා! (නි)
අනේකවිධ බාදා මැද ඔබ අපේ රට වෙනුවන් කරන කැපවීමට අපි ඔබට සදා ණයගැතියි. ඉතාමත් ලේසියෙන් ඔබටත් ඔබේ පව්ලේ අයටත් සැපවත් දේ ලබා ගැනීමට තිබුනත් බඩගෝස්තරවාදියෙකු නොවී, ඔබ යන මේ ගමන කවදා හෝ ඉතිහාස ගතවේවි. (නි)
ශුභ පැතුම්! (අ)
ඇත්ත, ඔබට ජය නියතයි (නි)
මට හොදටම ෂුවර් ෆොන්සේකාගේ පක්ෂය හොද තැනකට එනවා ලගදීම .... (නි)
සුභ පැතුම්! ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා (නි)
දැන් සිටම ඊළඟ පිම්මට සුදම්වෙන්න . ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරමු. ජය නියතයි (දී)
බොහොම හොද ජයග්‍රණයක්. නියෝජිතයන් තෝරාගැනීමේදී ප්‍රවේසම්වන්න. බොහොමයක් එන්නේ සල්ලි හම්බකරන්න. (අ)
ටික දෙනෙක් පිලි අරන් වගේ.. (ස)
ඔබ වගේම ඔබ වටේ රොක් වෙලා ඉන්න අය අවංක බවට ඔප්පු කළහොත් සහ හොඳ අවංක කණ්ඩායමක් නිර්මාණය උනොත් ඔබගේ ජය කිසිවෙකුට වලක්වන්න බැරි වෙනවා . ඔබට ජය !!!!!! (ස)
මම ඔබට සුබ පතමි.හැබයි සර්, මේක කම්කටලු වලින් පිරුණු ගමනක් හෝඩිය පමණයි.ඔයා තවම ගල්කිස්ස පහු කලා විතරයි. කතරගමට තව ගොඩක් දුරයි සර්.මම එක සිතින්ම ඔබට සුබ පතමි.(අ)
සුබ පැතුම්! (නි)
ෆොන්සේකා මැතිතුමනි, ඔබට මුළු හදවතින්ම සුබ පතමි. (නි)
සරත් ෆොන්සේකා මැතිදුනි, ඔබ නොබියව,අවංකව සටනේදී මුහුණ දුන්නා.අපට විශ්වාසයි ඔබතුමා රටේ අනාගතය ජයගන්න දෙවැනි සටනට එඩිතරව මුහුන දෙයි කියා.ඔබතුමා වැනි අවංක නායකයෙක් රටට අවශ්‍යම වෙලාවයි දැන් ඇවිල්ලා තියෙන්නේ. (නි)
ලැබියයුතු යමක් වේ නම් සුදුස්සාටම ලැබිය යුතුයි.ජනරාල්තුමනි, ඔබට ජය. (නි)
අපට රට බේරා දුන් සෙන්පති තුමනි ඔහොම යං.......රෝමය ගොඩ නැගුවේ එක් දිනකින් නොවේ.(අ)
හරියට හිතල බැලුවොත් ඔබ රජයේ සේවය කල කාලය අවසාන වන විට රටේ ජනතාවට කල යුතුව තිබූ සේවය කොයි තරම් උදාර ලෙස පරපූර්ණව ඉටුකරා නොවේද? එය කොතරම් දුෂ්කර කටයුත්තක්ද? කළ ගුන නොදත් අය එය අමතක කර දමන්න හදනවා. හිරිහැර අවමන් කරල අද ඔබගේ විශාම වැටුපත් උදුරා දමලා.. ඒත් ඔබගේ අධිෂ්ටානය මේ රටේ මිනිසුන් කවදා හෝ වටහාගනු නියතය.(අ)
ඒක බොහොම හොඳයි. (නි)
විය සිදුරෙන් අහස බැලුවා වගේ... ඊට වඩා දෙයක් මට නං පෙනෙන්නේ නැහැ. (නි)
ජය වේවා ඔබතුමාට! අත පය බැදලා දාලා තියෙද්දිත් අභියෝග මැද නිහඩ ගමනක් ගොසින් ජයග්‍රහණය කරා ගිය ඔබතුමාට රටේ තුන්වන බලවේගය ගොඩනගන්න ධෛර්ය යෝධ බල ශක්තිය ලැබේවා! (නි)
අපේ සුබ පැතුම්. මෙහෙම තමා දේශපාලනය කළ යුත්තේ. පියවරෙන් පියවර. (නි)
ජනාධිපතිවරණදී ජනපතිටත් වඩා ඡන්දෙ ගත්තා කිව්වා නේද ? එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ ?? (නි)
මීළඟ පළත් සබා තරඟයට සුදානම් වෙමු. (නි)
සුබ පැතුම් ඔබට ජෙනරාල්තුමනි!! (නි)
මගේ සුභපැතුම්!! (නි)