IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මිහිතලේ කොරෝනාවට වැට බඳින හැටි මහීපාල කියයි

මැද පෙරදි රටවල සහ දකුනු කොරියාවේ සීග්‍රයෙන්  පැතිර යන දරුණු ශ්වසන රෝගයක්  වන  ‘‘මැද පෙරදිග  ශ්වසන රෝග  ලක්ෂන කොරෝනා (මර්ස්)  වෛරසය‘‘ ආසාදනයෙන්  ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කිරීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ ආරක්ෂණ වැඩපිලිවෙලක්  පැය 24 පුරාම ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය පී.ජී මහීපාල මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ අද  දහවල්  කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේ පැවති  මාධ්‍ය හමුවකදීය.

ගුවන්තොටුපොළ  සෞඛ්‍ය වෛද්‍ය ඒකකය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබු අතර එහිදී මර්ස් කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම සඳහා ගුවන්තොටුපොළ  වෛද්‍ය ඒකකය විසින් කරනු ලබන කාර්්‍යය භාරය පිළිබඳව දැනුම්වත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය  පාලිත මහීපාල මහතා පැවසුවේ 2012 වසරේදී මෙහි මුල්ම ආසාදිතයා සෞදි අරාබියෙන් වාර්ථා වු බවත් මේ වන විට දකුණු කොරියාවෙන් රෝගීන් 187ක්්, චීනයෙන් සහ තායිලන්තයෙන්ද  එක් රෝගයෙක් බැගින් වාර්ථා වී ඇති බවයි.   තවද මේ වන විට මර්ස් වෛරසය ආසාදිත  මරණ 35 ක් වාර්ථා වී ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකාවට මෙම වෛරසය බෝවීමට බොහෝ විට  ඉඩ කඩ ඇත්තේ විදේශයන්හි සිට  මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගෙන් බැවින්  ගුවන්තොටුපොළ භාවිතා කරන ගුවන් මගීන් අත් පත්‍රිකා මගින් දැනුම්වත්  කිරීම් ආරම්භ කර ඇති බවත් මැදපෙරදිග, කොරියාව වැනි රටවල් වලින් පැමිණෙන  ගුවන් මගීන් පරීක්ෂා කිරීම සඳහා  විශේෂ  වැඩපිළිවෙලක් ගුවන්තොටුපොළ තුළ දවසේ පැය 24 පුරාම   ක්‍රියාත්මක කර ඇති බවත් කීවේය.


ඒ  සඳහා ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ වෛද්‍යවරු පස් දෙනෙකු ඇතුළු නිලධාරීන් පිරිසක්  යොදවා ඇති බවත්  යම් ගුවන් මගියෙකු  මාස් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ වන උන, කැස්ස,  හුස්ම ගැනීම අපහසු කම් ඇති නම් වහා පරීක්ෂා කර ප්‍රථීකාර සඳහා  අයි.ඩී.එච් උණ රෝහළට රැගෙන යාමට පැය 24 පුරා ගිලන් රථයක්ද සුදානම් කර ඇති බවත් කීය. එමෙන්ම අයි.ඩී.එච් රෝහළෙහි එලෙස රැගෙන යන රෝගීන් වෙනුවෙන්   සියළු පහසුකම් සහිතව විශේෂ ප්‍රතිකාර ඒකකයක්  ඇති බවත් කීවේය.

මාර්ස් වෛරස් ආසාදිත රෝගීන් පරීක්ෂා  කිරීම සඳහා ගුවන්තොටුපොළ තුළ ආරක්ෂිත උපකරණ කට්ටල අවශ්‍ය තරම් ඇති බවත්  කී මහීපාල මහතා  වැඩිදුරටත් පැවසුවේ විදේශයන්හි  සිට මෙරටට පැමිණෙන සියළු ගුවන්මගීන්ගේ දත්ත රැගෙන ඒවා ඔවුන් පදිංචි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යල වලට යවා තවදුරටත් පසු විපරම් කරණ බවයි.

මෙම අවස්ථාවට  ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ආනන්ද විමලසේන, වසංගත රෝග විද්‍යා   අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පළිහවඩන, අධ්‍යක්ෂක නිරෝධායන වෛද්‍ය එල්.බී.එච් දෙනුවර,   ප්‍රජා වෛද්‍ය  විශේඥ  ඉරේෂා දසනායක, ගුවන්තොටුපොළ  වෛද්‍ය නිලධාරී  ඒ.සී.එල් සල්ගාදු මහතා ඇතුළු ගුවන්තොටුපොළ වෛද්‍ය කාර්ය මන්ඩලය ඇතුළු සෞඛ්‍ය පරීක්ෂකවරු ද එක්වුහ.

 


 6

2

7 8 9 10 11 12 13



අදහස් (0)

මිහිතලේ කොරෝනාවට වැට බඳින හැටි මහීපාල කියයි

මහේෂ් Friday, 10 July 2015 11:54 AM

මේ කරන දේ හොදයි.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 July 2015 10:51 AM

මහින්ද මහත්තයාට ජය වේවා (ම)

:       0       0

කසුන් Friday, 10 July 2015 10:53 AM

ඔබලාට අපේ උත්තමාචාරය. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1069 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6620 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3630 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1531 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1638 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28663 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site