IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මුහුද යට...

2016-12-11-ent-79

ගොඩබිම සිට බලන්නෙකුට පෙනෙන්නේ මුහුදේ මතු පිට පමණි. දුර ඈත සිට පෙරළි පෙරළී එන රළ ගෙඩි, මේ රැුල්ල කපාගෙන යන මහා නෞකා... හිරුගේ ගමන අනුව සයුරු දිය රළ මතට වැටෙන ආලෝක ධාරා. එපමණකි.

 

එහෙත් මේ වියරු මුහුද තුළ තිබෙන විසිතුරු දේවල් කොයිතරම්ද?

දැවැන්ත තල්මසාගේ සිට විවිධ ශරීර ප‍්‍රමාණයන්ගෙන් යුත් මාළු, විචිත‍්‍ර කොරල්පර සහ ඒවායේ වෙසෙන විචිත‍්‍ර පාට පාට මාළු, මුහුදු පත්ල තම රජදහන කරගත් බියකරු වෙස්ගත් අමුතු අමුතු සත්තු.

මේ සියල්ල දැක ගන්නට නම්, එක්කෝ මුහුදේ කිමිදිය යුතුය. එසේ නැත්නම් ගොඩබිම කෘත‍්‍රිමව ඉදිකර ඇති මුහුදු ලෝකයක් දැක බලා ගත යුතුය. මුහුදේ කිමිදීම යනු වෙනම ඉගෙන ගතයුතු බෙහෙවින් අමාරු කටයුත්තකි. එබැවින් මුහුද යට විචිත‍්‍ර ලෝකය දැක බලා ගත හැකි හොඳම ක‍්‍රමය කෘති‍්‍රමව ඉදිකර ඇති මුහුදු ලෝකයක් දැක බලාගැනීමය. ඒ සඳහා සුදුසු අපූරු මුහුදු ලෝකයක් බැංකොක් නුවර පිහිටා තිබේ.

”සී ලයිෆ්” ලෙස හඳුන්වන මේ මුහුදු ලෝකයේ පුංචි සංචාරයක් යන්නට ඔබට කරන ඇරියුමයි මේ.

මුහුදු ලෝකයට පිවිසි විගසම හිත බියෙන් ත‍්‍රස්ත කරන්නට හැකි බියකරු මුහුදු සත්වයෙක් ඔබත් මාත් දෙස බලා සිටී. තම විසල් බියකරු මුඛය පුම්බාගෙන විසල් අඬු බඬු දිගු කරමින් රුදුරු ඇසින් අප දෙස බලා සිටින මේ භූතයා බූවල්ලෙකි. රතුම රතු පාට සිරුරකින් යුත් මේ භූතයා අප දකින්නේ සැබෑවටම මුහුදු පතුලකදී නම් මේවන විටත් ඔබ හෝ මා උගේ දඬු බඬු අතර සිර වී මිරිකී සිටිනු නොඅනුමානය. සීතල මුහුදු පතුලේදී වුනත් හීන් දාඩිය දමා අපේ සිරුරු එකසිය ගණනට ගැහෙනවා නියතය.

එහෙත් මේ මුහුදු ලෝකයේදී නම් වීදුරු කොටුවකින් මේ භූතයා හිර වී සිටින බැවින් අපට හිතේ හැටියට බූවල්ලා දැක බලා ගත හැකිය. මුහුදු පත්ල අමුතු අමුතු සතුන්ගේ නිජබිමයි. මුහුදේ අනෙක් කොටසේ ජීවත් නොවන ආකාරයේ ගුප්ත සතුන් මුහුදු පතුලේ වෙසෙති. මුහුදු පණුවන් මුහුදු සර්පයන් ආදී වශයෙනි.

එක් මුහුදු සර්පයෙක් සිහින් බෝංචි කරලක් මෙනි. හැබැයි පාට නම් බෝංචි කරලටත් වඩා ලා පාටය. මේ බෝංචි කරල හිිටගත් ආකාරයෙන් නිසංසලේ පිහිනන හැටි බලන්නට අපූරුය.

සමහර වීදුරු කූඩු තුළ මල් පිපී තිබේ. හැබැයි මේ මල් මුහුදු මල්ය. රොන් නැති පෙති නැති නමුත් හැඩයෙන් ද පැහැයෙන්ද මල් වැනි මුහුදු සත්ව විශේෂයකි.

මුහුදු අශ්වයා ගොඩබිම සිටින අශ්වයන්ගෙන් ලක්ෂයෙන් පංගුවකටත් වඩා කුඩාය. හැබැයි උගේ නම මුහුදු අශ්වයාය. මේ නමට හේතුව මේ චූටි ප‍්‍රාණියාගේ අස්ස මූණ මිස වෙන එකක් නොවේ. අශ්වයාට මෙන් කකුල්, වලිගය හෝ ජවය මේ පුංචි සතා සතුව නොමැත. එහෙත් ඌට කොහෙන් හෝ අස්ස මුහුණක් ලැබී තිබේ. මේ වීදුරු කූඩුවට වී සිටින මුහුදු අශ්වයන් දෙදෙනා බොහෝ ආදරයෙන් සතුටින් ජීවත් වෙති.

මේ මුහුදු ලෝකයේ එක් කොටසක් කොරල්පර ආශ‍්‍රිතව ජීවත් වන පාට පාට මාළුන්ගේ ලෝකයකි. මල් යායක් බඳු මේ මාළු යායේ සරන විචිත‍්‍ර වර්ණ ගත් මසුන් මොනතරම් සුන්දරද? ඇතැම් මාළුවෙක් සමනලූන්ටත් වඩා ලස්සනය. සමනල පාටවලින් ඔවුන්ගේ සිරුරු පාට කළ චිත‍්‍ර ශිල්පියා කවුරුන්දැයි අපට මේ මුහුදු ලෝකයට කැඳවාගෙන ආ, සවාරි ට‍්‍රැවල්ස් සංචාරක ආයතනයේ අධිපති නාලක එන්. කරුණාකලගෙන් කරුණාවෙන් විමසන්නට සිතෙයි.

එහෙත් මගේ හඬ මේ අපූරු මින්මැදුර නරඹන්නට පැමිණි පාසල් සිසුන්ගේ ඝෝෂාවෙන් සහ ඒ දරුවන්ට මින් මැදුරේ විසිතුරු කියාදෙන මගපෙන්වන්නවුන්ගේ ශබ්ද විකාශන යන්ත‍්‍රවල හඬින් යටපත් වෙයි. මම කන්කරච්චලය විඳගෙන තවත් වීදුරු කුටියකට ලංවෙමි.

එතැන සිටින මාළුවා නම් මනමාලයකු මෙන්ම ලස්සන ඇඳුමකින් සැරසී මාල කූරු රාශියකින් තම වරල් හැඩ කරගෙන සිටින්නෙකි. උගේ ආඩම්බරකම පෙන්වන්නේ උගේ මනමාලියට නොවිය යුතුය. මන්ද යත් මනමාලයා තරමටම මනමාලියද සුන්දර නිසාය.

මේ කොරල්පර මාළුන්ගේ ලස්සන කොයිතරම් බැලූවත් හිතට සෑහීමක් නැත. මට දැන් මුහුදේ කිමිදී කොරල්පරයක් අසල ගැවසෙන්නට සිතුනි. මුහුදු ලෝකයේ තවත් විචිත‍්‍ර අඩවියකට පිවිසුනෙමු. ඒ පෙන්ගුවින් ලෝකයයි. මේ පෙන්ගුවින් අත්දැකීම, තායිලන්තයේදී විඳගත හැකි එකම එක තැන ලෙස මේ ”සී ලයිෆ්” මින්මැදුර හඳුන්වා දෙයි.

 

2016-12-11-ent-78

 

මේ පෙන්ගුවින්ලා අර ලොකු මහත පෙන්ගුවින් නොවේ. අනිත් පුංචි වර්ගයයි. සීතල හිම කතරේ, කෝට් බෑයකින් ඇග වසාගෙන. බඩ ඉදිරියට දාගෙන සිටින පෙන්ගුවින් මහත්තුරුන්ට, පිහිනීම සඳහා ජල මාර්ගයක්ද පසෙකින් තනා තිබේ.

සමහර පෙන්ගුවින්ලා ඒ ඇල පාරේ පිහින පිහිනා සිතිති.

සමහර පෙන්ගුවින්ලා තමන් බලන්නට පොදි කන විවිධ වර්ගයේ, විවිධ රටවල සංචාරකයන් දෙස ආඩම්බර ලීලාවෙන් බලා සිටිති.

සීතල ධ‍්‍රැව පෙදෙස්වල රජකරන මේ පෙන්ගුවින්ලාගේ ලෝකය ඇත්තටම විචිත‍්‍රය. ධ‍්‍රැවයේ සීතල එකපාරටම ශරීරය විනිවිද ගෙන ඊතල මෙන් සිරුර අභ්‍යන්තරයට ඇදී යනු දැනෙයි. එහෙත් ගතට දැනෙන සීතල මුළු මින් මැදුර පුරාවටම සමසේ පැතිරයන සීතල මිස ඊට වඩා වැඩි සීතලක් නොවේ. බියකරු මෝරා දැන් පිහිනා එන්නේ හරියටම මගේ ඉදිරිපිටිනි. උගේ විසල් කට ඇරියොත් මගේ ඔළුව ඒ කට තුළට පහසුවෙන්ම යන්නට බැරි නැත. එහෙත් බයවෙන්නට කාරණාවක් නැත. මෝරා සිටින්නේ වීදුරු කූඩුවක් තුළය. එබැවින් ඌත් මාත් අතර විනිවිද පෙනෙන නොපෙනෙන බාධකයක් තිබේ. මම වීදුරු බාධකයට අතින් තට්ටුවක් දමා මෝරාට කෝචොක් කරන්නට තරම් නිර්භීත වීමි. මෝරා අවි අමෝරාගෙන බලා සිටී. මමද නිරායුධව බලා හිඳිමි. මට ජෝතිපාල ගැයූ මෝරාගේ සිංදුව මතක් වෙයි.

මේ මුහුද දෙස කොච්චර බලා සිටියත් මදිය. මඩු මාළු අර මෝර මාළු සමඟ හරි හරියට පිහිනයි. ඊටත් වඩා පුදුමය කිමිදුම්කරුවන් දෙදෙනෙක්ද මේ බියකරු මෝරුන්, මඩුවන් සමඟ උන්ගේ ඇඟවල් වල හැපි හැපී කිමිදීමය.

මේ දෙගොල්ලම සටන් නතර කිරීමේ ගිවිසුමකට අත්සන් කර සිටින පාටය.

‘‘මේක නම් බලන්නම ඕනෙ තැනක්.’’

මගේ ආදරණීය ගමන් සඟයා සඳුන් ගමගේ මගේ කණට කොඳුරයි.

එහෙත් බැංකොක් නුවරට තනිව පැමිණ, මේ ”සී ලයිෆ්” මින් මැදුරට යන්නට ගියොත් ප‍්‍රවේශපත‍්‍රයට ගෙවිය යුතු මුදල වැඩිය. නාලක කියන්නේ, සංචාරක ආයතන මගින් ඩිස්කවුන්ට් සහිතව ප‍්‍රවේශ පත‍්‍ර ලබාදෙන බවය. saavaritravels.com වෙත පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ඔබටත් ලබා ගත හැකිය. ඊළඟ දවසේ බැංකොක් ගියොත් මේ මුහුදු ලෝකයේ සැරිසරා විචිත‍්‍ර අත්දැකීමක් ලබාගන්නැයි ඔබටද මතක් කරමි.

 

ශාන්ත කුමාර විතාන

සේයාරූ සඳුන් ගමගේ

ස්තූතිය නාලක එන්. කරුණාකලගේ මහතාට

 

2016-12-11-ent-87
2016-12-11-ent-86
2016-12-11-ent-85
2016-12-11-ent-84
2016-12-11-ent-83
2016-12-11-ent-82
2016-12-11-ent-81
2016-12-11-ent-80



අදහස් (1)

මුහුද යට...

නෙත්මි නිම්සරා Sunday, 07 January 2024 12:23 PM

ඉතා හොඳයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 38 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 106 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 92 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 73 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 293 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 63 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1333 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site