හිටපු නීතිපති හා ඇමැති මණ්ඩල උපදේශක මොහාන් පීරිස් මහතා ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස අඟහරුවාදා පස්වරුවේ මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දීමට බෙහෙවින්ම ඉඩ කඩ ඇතැයි රජයේ ආරංචි කියයි. ඔහු ඇතුළු තිදෙනෙකුගේ නම් ව්‍යවස්ථාසභාවට ඉදිරිපත් කැර ඇත. කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ව්යෙවස්ථා සභාව අද හෝ හෙට උදේ රැස්වීමට නියමිතය. අගමැති දි මු ජයරත්න, විපක්ෂ නායක රනිල් වික්රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්රීල ඒ එච් එම් අස්වර් හා බී එම් ස්වාමිනාදන් මහත්වරු ව්යකවස්ථා සභාවේ සෙසු සාමාජිකයෝ ය. විපක්ෂනායක හා ස්වාමිනාදන් මහතා මීට පෙර ව්යාවස්ථා සභා රැස්වීම්වලට පැමිණ නැත. මේ රැස්වීමට ද පැමිණීම අවිනිශ්චිත බව දැනගන්නට ඇත.
අගවිනිසුරු පදවියට නම් තුනක්
සුදුස්සා තේරීම අඟහරුවාදා : මන්ත්‍රී අස්වර් කියයි
2013 ජනවාරි මස 14 11:19:07 | තරිඳු ජයවර්ධන
අගවිනිසුරු පදවිය සඳහා නම් තුනක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වී ඇතැයි ද, ඉන් නමක් තෝරා නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි ද, ව්‍යවස්ථා සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතා කියයි. වැඩිපුර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි (දී)
බොහොම ගැඹුරැ බුද්ධිමත් පෙනුමක් තියෙනවා.. ඉදිරිය රටට හොද වෙන්න කියා පතනවා.!(නු)
ගොඩක් අය බලාගෙන ඉන්නේ එයාලා පත්කරයි කියලා.!(නු)
සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ. (දී)
ආයෙත් ඉතින් අධිකරණ තීන්දු එන්නේ නෑ ආණ්ඩුවට විරුද්ධව (දී)
සුබ පැතුම් ශ්‍රී ලංකා (ස)
ඔබතුමාට උණුසුම් සුභපැතුම් අපෙන් (දී)
ඔබතුමාට සැමදා ජය (දී)
මගෙනුත් සුභපැතුමක් (දී)
අනෙක් අය ඒ තීරණයට එකග නොවුණොත්? (නි)
සන්තෝසයි සුභපැතුම් ඔබට (දී)
හොදින් වැඩ කරගෙන යන්න (දී)
මෙය තමයි අති බහුතරයක පැතුම! ජයවේවා! (නි)
කව්රු අගවිනිසුරු උනත් සාධාරණ සේවයක් තමයි රටේ අපි බලාපොරොත්තු වෙන්නේ (දී)
අපි බලමු නේද (දී)
සන්තෝසයි (දී)
කවුද තව මේකට සුදුස්සෝ ඉන්නේ (දී)
සුභපැතුම් ඔබට (දී)
කවුරු ආවත් අපිට වැඩක් නැහැ (දී)
ඇත්තෙන්ම අපට සමබර තීන්දු ඉදිරියෙදි බලාපොරොත්තු විය හැක. (නි)
අනේ අපි අහිංසක මිනිස්සු (දී)
මේ පත්වීම විධායකය විසින් පත් කරන එකක් නේද (දී)
අපි ඔබව සාදරයෙන් පිලි ගන්නවා (දී)
අගවිනිසුරු දෙන්නෙක්. ඔන්න අපේ රටෙන් තවත් ලෝක වාර්තාවක්. (දී)
එතුමා තමයි සුදුසුම. (නි)
සුභ පැතුම්! (නි)