රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මහතා අද (01) පස්වරුවේ එම ධුරයෙන් ඉල්ලා අස්විය.
සමරනායක මහතා 2011 වසරේ ජුනි මස පළමු වැනි දා සිට රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළේය.
ඒ මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස දිගටම කටයුතු කරනු ඇත.
මෑතකදී දකුණු පළාත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති ජී ඩබ්ලිව් ප්‍රතාපසිංහ මහතා නව සභාපති ලෙස පත්වෙතියි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුනේ, කරන්න ඕනේ දේ තියෙනවා, තමන්ගේ රටේ වෙන දේ හොයන්න ඕනේ, කතාකරන්න ඕනේ, වැරද්දක් සිදුවෙලා නම් හරි විදිය ගැන කියන්න ඕනේ. අහන්නේ නැතිවුනත්, තමන්ගේ යුතුකම ඉටුකලාම හිත හොඳින් මැරෙන්න පුළුවන්. හැම දේටම අඬන එකයි වැරදීම කියන එකයි නෙමේ කරන්න ඕනේ. රුපවාහිනියේ තියෙන ප්‍රශ්න වලට එතන පදිංචි වෙච්ච සභාපති කෙනෙකුයි ඕනේ. අවංක කුණු කන්නේ නැති කෙනෙක් නම් ඒකයි අවශ්‍ය එතනට. මිනිස්සු පින්කරනවා නම්, හොඳ ගති පුරුදු කරනවා නම්, හිත ඉහලට ගෙන යනවා නම්, කවදාහරි රටට ආදරේ අවංක එඩිතර පාලකයෝත්, නිලධාරිනුත් ඒ අතරින් බිහිවෙයි.(නදී)
ඕක තමයි ලංකාවේ තත්වය. සුදුස්සාට සුදුසු තැන නැති හින්දා තමයි බොහොමයක් අය පිටරට යන්නේ.(නදී)
මිනිසුන්ගේ තියෙන දක්ෂකම් අපි තේරුම් ගන්න ඕනේ දක්ෂ මනුස්සයෙක් (දී)
හොද මිනිස්සුන්ගේ වටිනාකම දන්නේ නෑ. (ත)
සමරනායක සහ ඇතුගල හොඳ මහත්වරු. (ත)
ඔහු ගියේය මොහු ආවේය. ඔහු මොහු ආවේය ගියේය. රුපවාහිනිය වේයෝ කෑවේය. (නදී)
ඇත්තටම මොහාන් කියන්නේ මේ තනතුරක ඉන්න ඔන ප්‍රවීනයෙක්. ඒත් මොකද මේ වෙන්නේ? (නදී)
සමරනායක මහතා වැනි ඉහළ පෙලේ මාද්‍ය වේදියෙකුට රුපවාහිනිය ඉතාම පුංචි තැනක්. ඔහුට ඊට වඩා වැඩක් කරන්ට පුළුවන් තැනක් ලැබිය යුතුයි. (නදී)
පොලිසියේ පාලනය ගෙනියයිද දන්නේ නෑ, එහෙම උනොත් දෙවියන්ගේම පිහිටයි (අ)
සමන්ති ඔයා හරියට හරි . (ත)
මොහාන් ට වඩා හොඳ කෙනෙක් ඉන්නවා ඇති (අ)
ජනමාධ්‍ය ගැන හසල දැනුමක් තිබුණ කෙනෙක්,ඔහුගේ දැනුම ගැන කිසිදු විවාදයක් නැහැ ඔහු ඉතාම වැදගත් මහත්මයෙක් බව ඔප්පු කල කෙනෙක් ජය වේවා!(දිල්)
නව සභාපති කැලණියෙන් පත්වේද? (ත)
බුද්ධිමත් අහිංසක චරිතයක්. (ත)
මොහාන් සමරනායක කියන්නේ මාධ්‍යය ආයතනයකට 1000කින් හොයා ගන්න බැරි අයෙක්. මීට කලින් හිටපු ආණ්ඩු (සමහර අවස්ථාවලදී මේ ආණ්ඩුවත්) රූපවාහිනියට සභාපති වරු පත්කළේ කඩේ යාම සඳහා හෝ ඥාති සංග්‍රහය සඳහායි. ජනාධිපති විසින් කරපු එක හොඳ වැඩක් තමයි මොහාන් සමරනායක මේ තනතුර ට පත් කිරීම. නමුත් ඔහුගේ පාලන කාලය තුලම මොහාන් ගේ ඉල්ලා අස්වීම සැකයට තුඩු දෙන කරුණක් ලෙසයි අපට හැඟෙන්නේ. ඒ කෙසේ වෙතත් රූපවාහිනියට පත්වූ හොඳම සභාපති ලෙස ඔහුගේ නම මාධ්‍යය ඉතිහාසයට එක් වෙනවා.(නදී)
අහෝ !!! (අ)
අර දඩ මස් නිලි මස් නිසාද කතාව නිසාද දන්නේ නැහැ නේද? (නදී)
එයා අස් වුනේ ඡන්දෙ ඉල්ලන්නද? (නදී)
තව අවුරුදු කීපයක් තුල සියලුම වැදගත් තනතුරු වලට පොලිසියේ සහ හමුදාවේ අය හැර වෙනත් කිසිවෙක් පත් වෙන්නේ නැහැ. (නදී)
මේ රටේ විනාසයට ලක් නොකරපු ආයතනයක් තියෙනවා නම් කව්රු හරි කියනවද? (නදී)
මේක දියයුත්තේ හඩ්සන් ටයි. (නදී)
අස්වෙලාද? අස්වෙන්න කියලද? (ත)
තනතුරු දිය යුත්තේ එක්කනාට එකකි. ආරක්ෂක අංශයේත් සේවය කළ නිසා විනයත් පවත්වාගෙන සමබරව කටයුතු කලොත් මහජන ප්‍රසාදයත් ලැබේවි.(නදී)
මෙතුමා කැමැත්තෙන් ඉල්ලා අස්වෙලාද එහෙම නැත්නම්.(නදී)
මෙයාලා නියම වෙලාවටම ඉල්ලා අස් වෙන අපුරුව.(නදී)
එයාට භාර දුන් වැඩ කොටස ඉවර ඇති. නැතිනම් දැන් කියන ඒවා කරන්න බැරුව ඇති. යමක් කමක් දන්නා කියන මනුස්සයෙක්.(නදී)
ආශ්චර්‍ය කියන්නේ මොකක්ද කියල නොදන්නා අය තමා මේවට කම්පා වෙන්නේ. කොසොල් රජු දුටු සිහින තමා මේ සැබෑවෙමින් එන්නේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. (නදී)
තිලක් වගේ අහෝ කියනවා ඇර අපි මොනවා කරන්නද. (නදී)
ඒකත් එහෙමද එහෙනම් ,අනේ ,අනිච්චන් ! කියනවා හැර වෙන මොනවා කියන්නද?මේ දැනෙන අසීමිත කලකිරීමට. (අ)
රුපවනියට පොලිස්පති කෙනෙක් (අ)