මිහින්තලේ රජමහා විහාරස්ථානයේ මහා චෛත්‍යයේ හා සලපතල මළුවේ ඉරි තැලීම් දකින්නට ඇතැයි ප‍්‍රදේශවාසිහු කියති.
සලතල මළුවේ ගල් ඈත් වී අඩි 10ක් 15ක් පමණ දිගට ඉරි තැලීම් සිදුව ඇති බව කියති.
මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පැවසුවේ ‘මං ඕවා දන්නේ නෑ. පුරාවිද්‍යාවෙන් අහන්න” යනුවෙනි.
මිහින්තලේ කලාපය භාර පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියෙක් මෙසේ කියයි.
මීට පෙරත්, සළපතල මළුවේ විශාල සිදුරු කිහිපයක් තිබුණා. එය සිමෙන්ති බදාම දමා පිළිසකර කරා. වසරේ අග භාගයේ දී ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා සෝදා පාළුවට ලක්වන අතර, එහි පස් හා ජලය ගලා යන්නේ නාග පොකුණ ප‍්‍රදේශයටයි.
මේ වතාවෙත් මෙම සිදුරු සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබුණා. අපි එහි ගොස් පරික්‍ෂා කළා. චෛත්‍ය ගර්භය ද පුපුරා යෑම් දක්නට ලැබුණා. මෙය පිළිසකර කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ලිඛිතව දැනුම් දුන්නා. එය තක්සේරු කර නියෝගය ලද පසු හැකි ඉක්මනින් එය පිළිසකර කිරීමට කටයුතු කරනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසිත්, රුපියල් 1-2 ක කාසි පමණක් දාන්න පුරුදු වෙන්න. (නි)
නිරුප පෙරේරා මහත්තයෝ ගල් දිය වෙනවා වගේම,තවත් ඒවා දිය වෙන්න තියෙනවා.ඒවා ඉදිරියේදී දිය වෙන්න පටන් ගනියි. (අ)
මේ පොළොවේ තිබෙන හැමදෙයක්ම ස්ථිර නැත. ගලුත් දිය වෙනවා. ආණ්ඩුවට දොස් කියලා මේක නැති කරන්නවත් ඇතිකරන්නවත් බැහැ (නි)
ලුන්බිනි මේ මිහිඳු මහා රහතන් වහන්සේ මේ සිරි ලකට වැඩිය පුද බිම. අජිත් පතිරණ මේක ස්වභාවික දෙයක් බව සැබව නමුත් වහ පිළියම් යෙදිය යුතුය (දී)
මේවායින් දේශපාලකයින්ට වාසියක් ගන්න බැරි නිසා දේශපාලකයින්ගෙන් නම් උදවුවක් ගන්න ලැබෙන්නේ නැහැ (දී)
ඉක්මනට පිළිසකර කර නැවත තිබුණ විදිහට පත්කරන්න, ඕවා තව තවත් විනාශ වෙන්න දෙන්නේ නැතුව. (නි)
මේවා හොයා බලන්න කවුරුත් නැද්ද (දී)
මේ මොකද වෙන්නේ වහාම පරීක්ෂණයක් තියන්න (දී)
පාපී මිනිසුන් ලංකාවේ පමණක් නොව සෑම රටකට ඉන්නවා (නි)
මෝඩ කතා නොකියා ඉන්න. මේක ස්වභාවික දෙයක් (නි)
මිනීමරු ප්‍රභාකරන්ගේ කාලෙදිවත් අහලා දැකලා නැති අපරාධ දැන් රටේ සිද්ධවෙන්නේ.ඉරි නොතලා තියේවිද ? (නි)
දසුනි,හිතන්න දෙයක් නැහැ. (නි)
මෙය එක අතකට පුදුමයක් නොවේ. අද මිනිසුන් ඒ තරමටම තිරිසනුන් වෙලා (නි)
මේක දෙවියන් බුදුන් පවා විකුණගෙන කන කාලයක් මහත්තයෝ. ඉතින් මෙහෙම නොවී තියෙයිද? (නි)
පාපය රජ වූ ලංකාවේ, මෙවන් සිදුවීම් ඉදිරියට විරල නොවේවි. (නි)
කෙටියෙන් කිව්වොත් තාක්ෂනය සහ නවීන විද්‍යාවේ දියුණුව කියන්නේ මේකට. තව කියන්න දේවල් තියෙනවා නමුත් සංස්කාරක කතුරට අහු වෙලා වෙන නමකින් ඉදිරිපත් වෙනවා. (නදී)
තව ඉදිරියට තව මොනවා වෙයිද? (නි)
මමත් දැන් ප්‍රසිද්ධ දේවාල වලට පඬුරු මුදල් යොදන්නේ දෙපාරක් හිතලා. (නි)
මිහින්තලය කියන්නේ අතීතයේ මහින්දාගමනය සිදු වූ තැන නේද? (නි)
ඔහොම යනකොට පොළොව ඉරිතලලා දෙබෑ වෙලා අවශ්‍ය අයව ඇතුළට පණ පිටින්ම ඇදලා ගනියි. ඉන්පසුව අපිට සතුටින් හිනැහිලා අපේම සශ්‍රීක රටක ඉන්න පුළුවන් වෙයි. (නි)
දූෂිතයෝ ඔක්කොම පොළොව පළාගෙන යම ලෝකයට යවන්නද දන්නෙ නැහැ ඔහොම වෙන්නේ. (නි)
අපේ පුණ්‍ය භූමියට ගිය කලක්! (නි)
අනේ දෙවියනේ! (නි)
දැන් සිද්ධවෙන දේවල් වල හැටියට ඉරිනොතලා තියේවිද ? මට නම් දැන් දේවාල භූමියකට ගියත් පින් පෙට්ටියට සල්ලි දාන්නෙත් ඒවා පුජ්‍ය කටයුතු වලට යෙදවේවිද නැද්ද යන සැකයෙන්. (නි)
පුදුම වියයුත්තේ මළුවේ ඉරිතැලීම ගැන නොවෙයි. මෙපමණකල් මේ ධර්මද්වීපයේ සිදුවණ අහස පොළව නුහුලන සිදුවීම් උසුලාගෙන ඉරිනොතලා තිබුණේ කෙසේද යන්න ගැනයි (නි)
දැන් දැන් සිද්ධවෙන ක්‍රියාදාමයන් හේතුවෙන් ශාසනයද ඉරිතලා ඇති බව පෙන්වන සංකේතයක් ලෙසයි මෙය මට හැඟෙන්නේ (නි)
අහස, මහා පොළව නුහුලන අපරාධ රටේ ජීවත්වන්නවුන් විසින් කරනකොට , ස්වභාව ධර්මයත් ඉරිතැලී පුපුරා විනාශ වෙනවා. (නි)
විහාරාධිපති ස්වාමින් වන්සේ, කළකිරීමෙන් වගේ නේද කියලා තියෙන්නේ " ඕවා මම දන්නේ නැහැ.පුරාවිද්‍යාවෙන් අහන්න " කියලා. (නි)