IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මිහින්තලේ මළුවත් ඉරි තලයි

මිහින්තලේ රජමහා විහාරස්ථානයේ මහා චෛත්‍යයේ හා සලපතල මළුවේ ඉරි තැලීම් දකින්නට ඇතැයි  ප‍්‍රදේශවාසිහු කියති.

සලතල මළුවේ  ගල් ඈත් වී අඩි 10ක් 15ක් පමණ දිගට ඉරි තැලීම් සිදුව ඇති බව කියති.

මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පැවසුවේ ‘මං  ඕවා දන්නේ නෑ. පුරාවිද්‍යාවෙන් අහන්න” යනුවෙනි.

මිහින්තලේ කලාපය භාර පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියෙක් මෙසේ කියයි.

මීට පෙරත්, සළපතල මළුවේ විශාල සිදුරු කිහිපයක් තිබුණා. එය සිමෙන්ති බදාම දමා පිළිසකර කරා. වසරේ අග භාගයේ දී ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා සෝදා පාළුවට ලක්වන අතර, එහි පස් හා ජලය ගලා යන්නේ නාග පොකුණ ප‍්‍රදේශයටයි.

මේ වතාවෙත් මෙම සිදුරු සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබුණා. අපි එහි ගොස් පරික්‍ෂා කළා. චෛත්‍ය ගර්භය ද පුපුරා යෑම් දක්නට ලැබුණා. මෙය පිළිසකර කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ලිඛිතව දැනුම් දුන්නා. එය තක්සේරු කර නියෝගය ලද පසු හැකි ඉක්මනින් එය පිළිසකර කිරීමට කටයුතු කරනවා.

01.1.jpg44 01.jpgM 02.jpgLL 03.jpgLLL

 

 



අදහස් (0)

මිහින්තලේ මළුවත් ඉරි තලයි

නිරුප පෙරේරා Tuesday, 19 August 2014 10:20 AM

මේ පොළොවේ තිබෙන හැමදෙයක්ම ස්ථිර නැත. ගලුත් දිය වෙනවා. ආණ්ඩුවට දොස් කියලා මේක නැති කරන්නවත් ඇතිකරන්නවත් බැහැ (නි)

:       0       0

සීලා Monday, 18 August 2014 09:02 PM

දූෂිතයෝ ඔක්කොම පොළොව පළාගෙන යම ලෝකයට යවන්නද දන්නෙ නැහැ ඔහොම වෙන්නේ. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 18 August 2014 11:11 PM

ඔහොම යනකොට පොළොව ඉරිතලලා දෙබෑ වෙලා අවශ්‍ය අයව ඇතුළට පණ පිටින්ම ඇදලා ගනියි. ඉන්පසුව අපිට සතුටින් හිනැහිලා අපේම සශ්‍රීක රටක ඉන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 19 August 2014 12:29 AM

මිහින්තලය කියන්නේ අතීතයේ මහින්දාගමනය සිදු වූ තැන නේද? (නි)

:       0       0

දසුනි Tuesday, 19 August 2014 01:00 AM

මමත් දැන් ප්‍රසිද්ධ දේවාල වලට පඬුරු මුදල් යොදන්නේ දෙපාරක් හිතලා. (නි)

:       0       0

මාලනී Tuesday, 19 August 2014 01:51 AM

තව ඉදිරියට තව මොනවා වෙයිද? (නි)

:       0       0

ගාම්‍යා Tuesday, 19 August 2014 02:06 AM

කෙටියෙන් කිව්වොත් තාක්ෂනය සහ නවීන විද්‍යාවේ දියුණුව කියන්නේ මේකට. තව කියන්න දේවල් තියෙනවා නමුත් සංස්කාරක කතුරට අහු වෙලා වෙන නමකින් ඉදිරිපත් වෙනවා. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 August 2014 02:28 AM

ලසිත්, රුපියල් 1-2 ක කාසි පමණක් දාන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

සබීතා Tuesday, 19 August 2014 02:31 AM

මේක දෙවියන් බුදුන් පවා විකුණගෙන කන කාලයක් මහත්තයෝ. ඉතින් මෙහෙම නොවී තියෙයිද? (නි)

:       0       0

එරංග Tuesday, 19 August 2014 02:31 AM

මෙය එක අතකට පුදුමයක් නොවේ. අද මිනිසුන් ඒ තරමටම තිරිසනුන් වෙලා (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 August 2014 02:31 AM

දසුනි,හිතන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 19 August 2014 02:33 AM

මිනීමරු ප්‍රභාකරන්ගේ කාලෙදිවත් අහලා දැකලා නැති අපරාධ දැන් රටේ සිද්ධවෙන්නේ.ඉරි නොතලා තියේවිද ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 19 August 2014 02:07 PM

නිරුප පෙරේරා මහත්තයෝ ගල් දිය වෙනවා වගේම,තවත් ඒවා දිය වෙන්න තියෙනවා.ඒවා ඉදිරියේදී දිය වෙන්න පටන් ගනියි. (අ)

:       0       0

අජිත් පතිරණ Tuesday, 19 August 2014 03:34 AM

මෝඩ කතා නොකියා ඉන්න. මේක ස්වභාවික දෙයක් (නි)

:       0       0

සජිත් Tuesday, 19 August 2014 03:40 AM

පාපී මිනිසුන් ලංකාවේ පමණක් නොව සෑම රටකට ඉන්නවා (නි)

:       0       0

කුමාර් Monday, 18 August 2014 10:55 AM

පාපය රජ වූ ලංකාවේ, මෙවන් සිදුවීම් ඉදිරියට විරල නොවේවි. (නි)

:       0       0

චමින්ද Monday, 18 August 2014 10:59 AM

විහාරාධිපති ස්වාමින් වන්සේ, කළකිරීමෙන් වගේ නේද කියලා තියෙන්නේ " ඕවා මම දන්නේ නැහැ.පුරාවිද්‍යාවෙන් අහන්න " කියලා. (නි)

:       0       0

රොෂාන් Tuesday, 19 August 2014 04:05 AM

මේ මොකද වෙන්නේ වහාම පරීක්ෂණයක් තියන්න (දී)

:       0       0

ටානියා Tuesday, 19 August 2014 04:07 AM

මේවා හොයා බලන්න කවුරුත් නැද්ද (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 August 2014 04:36 AM

ඉක්මනට පිළිසකර කර නැවත තිබුණ විදිහට පත්කරන්න, ඕවා තව තවත් විනාශ වෙන්න දෙන්නේ නැතුව. (නි)

:       0       0

රූපවතී Monday, 18 August 2014 11:37 AM

අහස, මහා පොළව නුහුලන අපරාධ රටේ ජීවත්වන්නවුන් විසින් කරනකොට , ස්වභාව ධර්මයත් ඉරිතැලී පුපුරා විනාශ වෙනවා. (නි)

:       0       0

හේමන්ත Monday, 18 August 2014 11:39 AM

දැන් දැන් සිද්ධවෙන ක්‍රියාදාමයන් හේතුවෙන් ශාසනයද ඉරිතලා ඇති බව පෙන්වන සංකේතයක් ලෙසයි මෙය මට හැ‍ඟෙන්නේ (නි)

:       0       0

ටිරෝන් Monday, 18 August 2014 11:59 AM

පුදුම වියයුත්තේ මළුවේ ඉරිතැලීම ගැන නොවෙයි. මෙපමණකල් මේ ධර්මද්වීපයේ සිදුවණ අහස පොළව නුහුලන සිදුවීම් උසුලාගෙන ඉරිනොතලා තිබුණේ කෙසේද යන්න ගැනයි (නි)

:       0       0

නිමල් Tuesday, 19 August 2014 05:17 AM

මේවායින් දේශපාලකයින්ට වාසියක් ගන්න බැරි නිසා දේශපාලකයින්ගෙන් නම් උදවුවක් ගන්න ලැබෙන්නේ නැහැ (දී)

:       0       0

නිමලලතා Tuesday, 19 August 2014 05:20 AM

ලුන්බිනි මේ මිහිඳු මහා රහතන් වහන්සේ මේ සිරි ලකට වැඩිය පුද බිම. අජිත් පතිරණ මේක ස්වභාවික දෙයක් බව සැබව නමුත් වහ පිළියම් යෙදිය යුතුය (දී)

:       0       0

ලසිත් Monday, 18 August 2014 02:56 PM

දැන් සිද්ධවෙන දේවල් වල හැටියට ඉරිනොතලා තියේවිද ? මට නම් දැන් දේවාල භූමියකට ගියත් පින් පෙට්ටියට සල්ලි දාන්නෙත් ඒවා පුජ්‍ය කටයුතු වලට යෙදවේවිද නැද්ද යන සැකයෙන්. (නි)

:       0       0

කළණි Monday, 18 August 2014 03:38 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සේනක සිරිවර්දන Monday, 18 August 2014 03:39 PM

අපේ පුණ්‍ය භූමියට ගිය කලක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2435 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 428 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1712 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5063 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3401 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3750 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site