IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මහින්ද කාලේ ණය නහුතෙට නැගලා

“රටේ සම්පුර්ණ ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 847500 ගෙවන්න වේලා තියෙනවා. එයින් අපේ රාජ්‍ය ව්‍යවසාය ආයතන මාගේ අමාතංශයේ පමණක් ඇති ආයතන වල රුපියල් බිලියන 1142 ණය ගෙවන්න තියෙනවා. ගිය වසරේ ආණ්ඩුව රුපියල් බිලියන 100 ක් ගෙව්වා. ජනතාවට සහන දෙන ගමන් පහුගිය ණය අපිට ගෙවන්න වෙලා තියෙනවා.” අමාත්‍ය කබිර් හෂිම් මහතා පැවසීය.

“මාගේ අමාත්‍යංශය යටතේ තියෙන ශ‍්‍රී ලංකා ගුවන් සේවය. ගත්තාහම පාඩුව ඩොලර් බිලියන 933 යි. එය පාලනය කලේ හිටපු ජනාධිපතිගේ මස්සිනා කෙනෙක්. හරියට බස් එකක් දුවනවා වාගේ තමයි ශ‍්‍රී ලංකා ගුවන් සේවය දිව්වේ. 2008 කිසිම ණයක් නැතිව තිබුණු ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම 2015 වෙනකොට ඩොලර් බිලියන 933 ක ණයක් එක්ක බැරකම් වත්කම් වලට වඩා වැඩි කරලා. නැති කරලාම දැම්මා. යැයි ද ඔවු පැවසීය.

Untitled-1-copy



අදහස් (0)

මහින්ද කාලේ ණය නහුතෙට නැගලා

බන්ඳු Monday, 07 March 2016 10:17 AM

කොරන්න ගත්තට කොරගන්න බැරුව අරයා මෙයා ගැන කියවනවා මිසක් කරපු දෙයක් තියනවද.? (ර)

:       0       0

පලිහවඩන Monday, 07 March 2016 10:22 AM

දැන් බලයට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද මොනවද කලේ.? (ර)

:       0       0

චමල්කා Monday, 07 March 2016 03:14 AM

දැන්ද මේවා දැක්කේ? (නි)

:       0       0

සෙනරත් Sunday, 06 March 2016 10:31 AM

පසුගිය අවුරුද්දේ ගත් ණය ගැන කතා නැද්ද? එතකොට පසුගිය අවුරුද්දට රුපියල අවප්‍රමාණ වීමෙන් මෙතෙක් ගත් මුළු ණය ඉහළයාම කොතරම්ද? මේ ණය ඉහළගියේ කෙතරම් සංවර්ධන වැඩ කරලද? කටින් නම් ගොඩක් වැඩ කරනවා වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 06 March 2016 10:40 AM

ඕවා කියව කියවා ඉන්න. හැමදාම ඕපාදුප කියවනවා විතරයි. ජනතාවට වැඩක් කරන්න කල්පනාවක් නැද්ද? (නි)

:       0       0

ලහිරු Sunday, 06 March 2016 11:03 AM

හරි ඉතින් ගිය රජයේ අඩුපාඩු හදන්න නේද ඔයාලා ආවේ? (නි)

:       0       0

කැළුම් Sunday, 06 March 2016 11:06 AM

හරි ඉතින් දැන් ඔයාලා බලය ගත්තේ පරණ අය කළ වැඩ හොඳ නැහැ, අපි කරලා පෙන්නන්නම් කියලනේ. ඒකනේ අපිත් අප්පච්චි ගෙදර එළවලා ඔයාලව පත්කරගත්තේ. දැන් මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

ලලිත් Monday, 07 March 2016 05:00 AM

ඒක තමයි වෙනස කියන්නේ.(හේ)

:       0       0

මුණසිංහ Sunday, 06 March 2016 11:09 AM

අපි අහලා තියෙනවා දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය ශ්‍රී ලන්කන් කියලා. ඔයා ඔය මොනවාද කියවන්නේ? මහින්ද කාලේ ආර්ථිකය වැටෙන්න දුන්නේ නැහැ. ෆිච් රේටින් ඉහළ ගියා. දැන් පහළට වැටෙන්නේ මහින්ද නිසාද? බැරිකම වහගන්න යන ඔයාලා පැස්බරා වගේ වෙන්න යන්න එපා. (නි)

:       0       0

තිස්ස Monday, 07 March 2016 06:02 AM

අපේ රටේ තිබුනේ මී වුන ආර්ථිකයක් (හේ)

:       0       0

සෞදි සරත් Monday, 07 March 2016 06:26 AM

අනිකාට අවලාද නගනවා කරන දෙයක් නැහැ. (ර)

:       0       0

සත්‍යපාල Sunday, 06 March 2016 12:22 PM

ඔය ගුවන් සේවය ඇතුළු ගොඩක් දේවල් පිටරරට විකුණලා නේද තිබුනේ? දවසකට බිලියන ගණන් වියදම් යන යුද්ධයකුත් කරන ගමන් විකුණපු ගුවන් සේවය රක්ෂණ සංස්ථාව ඇතුළු සියල්ලත් ආපසු මුදල් ගෙවා රජයට ගෙන, අලුතින් වරායවල් ගුවන් තොටුපළවල්, අධිවේග හදලා, පොහොරත් නිකන් දීලා, කොළඹ ඇතුළු නගර වල ගුවන් පාලම් උද්‍යාන හදලා, බඩුමිල වැඩිවෙන කාලෙට හමුදාව දාලා වවලා එළවලු හාල් මිල අඩු කරලා, අන්තිමට ගෙදරක වැඩකට කෙනෙක් හොයාගන්න බැරි තරමට රැකියාවල් වැඩිවෙලා, සති අන්තයේ වන්දනා ගමනක් යන්නට බස් එකක් හොයාගන්න බැරි තරමට මිනිස්සු විනෝද ගමන් යන, හැම පාසලකටම පරිගණක විද්‍යාගාර ලැබිලා මේ රට සුරපුරයක් වෙමින් තිබුන යුගයක් ඒ. දැන් හැම දෙයක්ම කඩාවැටිලා (නි)

:       0       0

ගජබා Sunday, 06 March 2016 12:35 PM

මිලියන් සහ බිලියන් ...? (නි)

:       0       0

දිනේෂ් Sunday, 06 March 2016 12:37 PM

කතාව පැත්තකින් තියලා රටට වැඩක් කරමුද මහත්තයෝ. ඔය කතා දැන් අපිට අහලා ඇතිවෙලා ඉන්නේ. (නි)

:       0       0

කුමාර Sunday, 06 March 2016 12:58 PM

අර කියපු දුෂණ නැවැත්තුව නේද? දැන් ගොඩක් ඉතිරි කරගෙන ඇතිනේ... තෙල් වලින් එන ලාබය....(බ)

:       0       0

වික්‍රම Sunday, 06 March 2016 01:28 PM

ඔහෙලගෙ බයිලා විතරයි, කවද වැඩක් කරයිද දන්නේ නෑ!(බ)

:       0       0

රංචාගොඩ Sunday, 06 March 2016 01:20 PM

හඬ මිස වැඩ නැත! (බ)

:       0       0

රජින්ද Sunday, 06 March 2016 01:58 PM

රටේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි 847500 ඒ කියන්නේ ඩොලර් බිලියන 60.5ක් නම් ශ්‍රී ලන්කන් එකේ විතරක් ඩොලර් බිලියන 933 ක ණයක් තියෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියන්න බැරිද. අපිව තවත් ගොනාට අන්දවන්න ඔබතුමන්ලට බැහැ.(බ)

:       0       0

ඇසළ Sunday, 06 March 2016 03:03 PM

දැන් අවුරුදු 1,1/2 ක්ම කියෙව්වේ මහින්ද හොරා මහින්ද හොරා කියන එක විතරයි. හොරකම් කලත් අඩුගානේ ගොවියාට පොහොර ටික 350 ට දුන්න. පාරවල් ටික හැදුව රට සැහෙන්න සංවර්ධනය වුණා. අපි තමුන් පත් කරගත්තට කරපු වැඩකුත් නැහැ අපේ බෙරේ පලුවකුත් නැහැ තාමත් කියවන්නේ මහින්ද හොරා කියන එක විතරයි. ඉතිරි අවුරුදු 3 ත් ඔකාම කිය කියා ඉන්න. (බ)

:       0       0

ගාමිණී Sunday, 06 March 2016 03:25 PM

රජින්ද අපි දේශපාලනේ කරාට ගණන් ඉගනගත්තේ නැ මොකද අපි කඩේ යන්නේ සල්ලි නැතිවනේ (බ)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 06 March 2016 07:23 AM

අපිට නම් ඔබතුමාලගෙයි, රාජපක්ෂ ආණ්ඩුවෙයි කිසිම වෙනසක් නැහැ. දෙගොල්ලොම කතාව ජාත්‍යන්තරය ජයගන්න වුණාට රටේ මිනිසුන්ට ආහාර, අධ්‍යාපනය හා බෙහෙත් ටික හරියට දෙන්න අසමත් අයනේ (නි)

:       0       0

සන්තුෂ් Sunday, 06 March 2016 03:54 PM

මේ දේශපාලනඥයින් හිතාගෙන ඇති රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියලා. තමන්ගේ බැරිකම වහගන්න අනුන්ට චෝදනා කිරීමෙන් පලක් නැහැ. රටේ ණය බර ක්‍රමිකව 1948 සිටම වැඩි වුණා. ඊට මේ රට පාලනය කළ සියළුම දේශපාලන පක්ෂ වගකිව යුතුයි. මහින්ද සමයේ රටේ ණය බර වැඩිවීමට හේතුව පැහැදිලියි. එකක් තිස්වසරක යුද්ධයක් අවසන් කිරීම. ඒ සඳහා අවි කිසිම රටක් අපට නිකන් දුන්නේ නැහැ. දෙවැනි කරුන වරාය, ගුවන් තොටුපල හා මාර්ග සංවර්ධනය. (නි)

:       0       0

ලාල් Sunday, 06 March 2016 07:29 AM

විපක්ෂයේ සිටිද්දි, ඡන්ද පොරොන්දු හදද්දී මේවා දැනගෙන හිටියේ නැද්ද? (නි)

:       0       0

සමන් Sunday, 06 March 2016 04:14 PM

හිතාගෙන ඉන්නේ රටේ මිනිස්සු මෝඩයි කියලද? බලය ගනිද්දී ඕවා දැනගෙන හිටියේ නැද්ද? දැන්වත් කතා නවත්තලා වැඩ පටන් ගත්තොත් හොඳයි (නි)

:       0       0

සරත් Sunday, 06 March 2016 07:35 AM

මහත්තයෝ, ගිය දේවල් ගියා. දැන් පාතාලයෝ වැඩ! අපේ ජීවිත අනතුරේ (නි)

:       0       0

පෙරේරා Sunday, 06 March 2016 07:44 AM

ඔය ඉතින් පේනවානේ කරලා තිබෙන හරිය (නි)

:       0       0

පාලිත Sunday, 06 March 2016 07:46 AM

ඩොලර් බිලියන 933 ක්? (නි)

:       0       0

සමන් Sunday, 06 March 2016 07:41 AM

සියලුම මුදල් අපචාර වලට වගකිවයුතු අය නිතිය ඉදිරියට ගෙනා යූතුයි. මේ වගේ පව් ගෙවන්න වෙන්නේ රටේ බහුතරයක් දුප්පත් ජනතාවටනේ. කෝටි ගණන් ගිලල දැන් තවත් ගිලින්න මාන බලනවා. ජනතාව අවදියෙන් සිටිය යූතුයි. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Sunday, 06 March 2016 05:24 PM

පහුගිය කාලෙත් ඔය ණය ගෙවාගෙන ගියානේ. ඔබතුමලත් ඒවා දැනගෙනනේ ආණ්ඩු බලය ගත්තේ. කතාව අඩුකරලා මේ නැඟගෙන එන පාතාලය පොඩ්ඩක් මර්දනය කරලා ඉමුද? මේ අවස්ථාවේ ඉටු කළයුතු කඩිනම් මහජන සේවය ඒකයි. (නි)

:       0       0

සුනිල් Sunday, 06 March 2016 06:16 PM

තිබෙන තත්වය කියන්නේ ජනතාව මේවා දැනගත යුතු නිසා. 2015 ගෙවන්න තිබෙන ණය පොළී හා වාරික නිසා ආණ්ඩුව ඉතා අරපරිස්සමෙන් තමයි කටයුතු කරන්නේ. ලංකාවේ මිනිසුන්ට වගකීම කියන නාමයක් නැහැ. (නි)

:       0       0

නිමල් Sunday, 06 March 2016 10:34 PM

දැන් රට අරන් අවුරුද්දකට වැඩිනේ. හදන්නකෝ රට කතා නවත්තලා (නි)

:       0       0

සම්පත් Sunday, 06 March 2016 09:01 AM

අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

ඉන්දු Sunday, 06 March 2016 11:11 PM

කතා, ඉලක්කම් වලින් වැඩක් නැහැ. මිනිසුන්ට පෙනෙන්න වැඩක් කරන්න (නි)

:       0       0

සුනිල් Sunday, 06 March 2016 09:13 AM

ඕව කිය කියා ඉන්න. වැඩක් තවම කළේ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 06 March 2016 09:39 AM

සුනිල්, ණය කන්දරාව හැටියට මෙහෙම හරි රජය පවත්වාගෙන යන එක වටිනවා. (නි)

:       0       0

ශානක Monday, 07 March 2016 01:46 AM

තව අවුරුදු 5ක් ගියත් මෙයාලා මේ රාජපක්ෂ තැටිය තමයි ගහන්නේ (නි)

:       0       0

සරත් Sunday, 06 March 2016 09:40 AM

දැන්වත් ජනතාව මෝඩයට අන්දවන්නේ නැතුව වැඩක් කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1052 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2093 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1006 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2444 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1704 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site