මහින්ද රාජපක්ෂ රජයේ සිදුවීයැයි කියන දූෂණ සහ අක්‍රමිකතා ගැන සඳහන් ලිපිගොනු කිහිපයක් ජාතික හෙළ උරුමයේ නියෝජිතයෝ පිරිසක් කොල්ලුපිටියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයයට අද (21) බාර දුන්හ.
මහින්ද රාජපක්ෂ රජයේ සිදුවීයැයි කියන දූෂණ සහ අක්‍රමිකතා ගැන සඳහන් ලිපිගොනු කිහිපයක් ජාතික හෙළ උරුමයේ නියෝජිතයෝ පිරිසක් කොල්ලුපිටියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයයට අද (21) බාර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙගා ඩීල් කියන වචනය වේදිකාවට ගෙනාවේ කවුද කියලා දන්නවනේ. එහෙමනම් ඒවා ඔප්පු කරන්නත් එපායැ. (නි)
හොරු රකින හොරු මොනවාද කියන්නේ (බ)
අනේ නඩරජෝ, ඔයාගේ රජයි, නඩෙයි රටට කල දේක මහත...(ම)
ජාතිය පාවලා දෙන්න එපා (බ)
ඕගොල්ලන්ගේ හාමුදුරු නමක් රිමාන්ඩ් එකේ ඉන්න බැසිල් මහත්තයා සමග පැය 5ක් මොනවද දෙයියනේ කතා කලේ?(නදී)
අනේ අර ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය ගැන හොයන්න නොකියන්නේ ඇයි?(නදී)
අපේ රටේ හැමදාම වෙන්නේ ඕකනේ. අරය මෙයාගේ වැරදි හොයනවා. මෙයා අරයගෙ වැරදි හොයනවා. අන්තිමට කියනවා අනිත් වැඩ කරන්න වෙලාවක් තිබුනේ නැහැ කියල. (නදී)
මැතිවරණය ළඟ එනවා. හොරුන්ට මනාප දෙන්න එපා. පන්නා දමන්න (නදී)
විල්සන්, මෙගා ඩීල් අල්ලන්න පුළුවන් නම් අපිත් සතුටුයි. එත් කරුමෙකට තියෙන්නේ මෙගා ඩීල් ගහන්නේ අහුවෙන්න නෙමෙයි. ඒ කියන්නේ විනිවිදභාවයකින් යුක්ත "ටෙන්ඩර්" ක්‍රමය වෙනුවට, අතුරු ව්‍යවස්ථාවක් මඟින් සෘජුවම සමාගම් වෙත කොන්ත්‍රාත් භාරදීම ජයටම පසුගිය ආණ්ඩුවේ සිදුකෙරුණා. මේ කොන්ත්‍රාත් සමාගම් වැඩි මිලට කොන්ත්‍රාත් ලබාගෙන සන්තෝසම අන් මාර්ගයකින් රහසිගත ලෙස ගිණුම් වලට තැන්පත් කරනවා. මේවා කෙළින්ම අල්ලන්න ඉතා අපහසුයි. අද අල්ලන්නේ පොඩි පොඩි හොරකම්. ඒ වුණත් ඒකෙන් කියවෙන්නේ නැහැ ඔවුන් සිදුකර ඇත්තේ පොඩි හොරකම් පමණයි කියලා. තමාගේ ජාතික හැඳුනුම්පත, ගමන් බලපත්‍රය පවා වෙනස්කර ගත හැකි පුද්ගලයන්ට නොකළ හැකි හොරකමක් තවත් ඇද්ද ? (නි)
නාලනිගේ තැටිය රත්වෙලා කිය කියා ඉන්නේ නැතුව හනික මේනක විජේසූරිය රොටියක් පුච්චාගන්නකො... (නි)
වෛරයෙන් වෛරය නොසන්සිඳේ (නි)
එම දුෂිත පාලනයට නැවතත් රට භාර කරන්න පෙළඹෙන එක රටට කරන ද්‍රෝහීකමක් ..... (ත)
අපි ජාතික හෙළ උරුමයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් දුෂණයට හොරුන්ට විරුද්ධව ගෙනයන වැඩපිළිවෙලට පුර්ණ සහයෝගය දෙන අතරම මෙය වඩාත් පුළුල්කොට නියම හොරුන්ට පාර්ලිමේන්තු නොයන තැනට වැඩපිළිවෙලක් හදමු. (නි)
ජාතික හෙළ උරුමය නියෝජනය කරන ගරු අතුරලියේ රත්න හිමියන් ඇතුළු මහා සංඝරත්නය බුදු දහමට හා අපේ රටට විශාල ආදරයකින් හා ගෞරවයකින් යුක්තවයි මේ හැම කාර්යයක්ම සිදුකරන්නේ. ඒ නිසා විශේෂයෙන් උන්වහන්සේලාගේ හඬට සිංහල බෞද්ධ ජනතාව සවන් දියයුතුයි. පසුගිය රජය සමයේ රාජ්‍ය ආරක්ෂාව මත පිස්තෝල සිවුර අස්සේ ගසාගෙන ප්‍රාඩෝ රථවලින් මහා උජාරුවෙන් බිමට පැන පරුෂ වචනයෙන් බෞද්ධයන් අමතමින් බුද්ධ ශාසනයේ හා මහා සංඝරත්නයේ ගෞරවය විනාශ කළ ඒ අසංවර සමහර ව්‍යාජ චීවරධාරීන් ප්‍රතික්ෂේප කළයුතුයි. (නි)
ෆයිල් අවුස්සන්නේ නැතුව රටට යහපතක් වෙන වැඩක් කළොත් නරකද ඒ කාලේ යොදා ගෙන (ම)
මේවා මාධ්‍ය සංදර්ශන තියලා කරනකොට මිනිස්සු හිතන්නේ දේශපාලන වාසි ගන්න බොරු චෝදනා කරනවා කියලා (නි)
ජයා හෙළ කරුමේ රට විනාස කරන්න සම්බන්දයි (නදී)
නාලනීගේ තැටියත් රත්වෙලා වගේ (නි)
හෙළ උරුමයට තියෙන්නේ ඔය තැටිය විතරයි.(නදී)
අර හෙළ උරුමයේ හාමුදුරු කෙනෙක් රාජපක්ෂ ආණ්ඩුවෙන් කෝටි ගණනක් වටිනා ඉඩමක් අරගෙන ආණ්ඩුවේ සල්ලිවලින්ම ලොකු ආරාමයක් හදා ගත්තා නේද? ඒ ෆයිල් එකත් ඔතන තිබුනද? (නදී)
ජයා, වෙන තැටියක් නැද්ද වාදනය කරන්න.ඕක අහලම ඇති වෙලා දැන් නම්.පිවිතුරුත් තාම වාදනය කරන්නෙම ඔය තැටියමයි.(කේ)
මේවා වෙනකොට නිහඩව ඉඳලා 18 ට අත් දෙකම උස්සපු උදවිය (නදී)
දිනාදුන් දේශය ගසා කන්නෙත් දිනා දුන් අයමයි නේද? (ම)
හාමුදුරුවනේ, වෙන කරන්ඩ වැඩක් නැද්ද. පොඩ්ඩක් බලන්න යහපාලනය යටතේ කෙරෙන දේවල්. දිනාගත් දේශය නැතිවේගෙන යන බව පේන්නේ නැද්ද? (නදී)
මොකද නඩරාජා ෆයිල් අවුස්සනකොට ඔයාට නිකන් අවුල් වගේද...? (ස)
දඩුවම් දිය යුතුයි ඉදිරියෙදි මේවා නොකරන්න ඉදිරියේදී (නදී)
නවරාජා, මේවා පොදු ජනතාවගේ මුදල් බව ඔබට අමතකද (නදී)