IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මහින්ද කළ යුතු දේ අජිත් පෙරේරා කියයි

“කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට එවු ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ඕනෑ.වාද විවාද වලට සහභාගී වෙන්න ඕනෑ.ඡන්දය පාවිච්චි කරන්න ඕනෑ.එසේ නොකරන්නේ නම් ඔවුන්ට දෙන වැටුප් දීමනා වාහන බලපත්‍ර ගමන් දීමනා ගැනීම වැරදියි.ඒවා ඔහුට හිමි නැහැ.“විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පෙතිගමුවේ පැවති රැස්වීමකදී මේ බව කීය.

“අයවැය විවාදයට ඔහු ආවේත් නැහැ.එහෙව් කෙනෙකුට මන්ත්‍රී දීමනා වැටුප් ආදිය ගැනීමේ අයිතියක් නැහැ.එවැනි මන්ත්‍රීන් කළ යුත්තේ ඉල්ලා අස්වී ඊළඟට ඉන්න කෙනාට පාර්ලිමේන්තුවට යාමට ඉඩ දීමයි“යැයි ඔහු පැවසීය.



අදහස් (0)

මහින්ද කළ යුතු දේ අජිත් පෙරේරා කියයි

සුසන්ත Tuesday, 13 December 2016 10:31 AM

එතුමාගේ කාලේ රටේ මහා සංවර්ධනයක් වුණා, පාරවල් වරායවල් බස් නැවතුම් වැනි පොදු පහසුකම්, ජල විදුලි සහ අනිත් විදුලි බලාගාර, ඇතුළු රටේ සියලු යටිතල පහසුකම් විශාල වශයෙන් දියුණු වුණා. (ම)

:       0       0

දසනායක Tuesday, 13 December 2016 12:30 PM

අැත්ත දන්නෝ දනිති (හේ)

:       0       0

සමන් Monday, 12 December 2016 02:53 PM

අසේවනාච බාලානං එතුමා කලයුතුදේ කලා අපි අදටත් භය නැතුව කොළබට එනවා හෙටට අපිට රටක් ඉතුරුකළ එතුමාට ජය.(ර)

:       0       0

සුසන්ත Monday, 12 December 2016 03:33 PM

ගුටිකෙළියෙන් මගහැරිලා ගියාට වරාය ඉඩම් චීනෙට අවුරුදු 200කට විකුණලා බව මතක තියාගන්න. (ර)

:       0       0

ගොඩගේ Monday, 12 December 2016 03:41 PM

මම හිතන්නේ හිටපු ජනාධිපතිතුමා කරන දේ හරි, (ර)

:       0       0

සෙනරත් Monday, 12 December 2016 04:39 PM

එතුමා පාර්ලිමේන්තු ආවත් නාවත් ජනපති විශ්‍රාම වැටුපට ඔහු හිමිකම් කියනවා. කලින් ඔබතුමා පාර්ලිමේන්තු එවපු ජනතාව බලාපොරොත්තු වුණ දේ කරලා ඉන්නකෝ. එදා හොරකම් ගැන ෆයිල් පෙන්නලා කෑගැහුවේ. කෝ ඒවා? තවමත් පරීක්ෂණ කරනවද? (නි)

:       0       0

එඩ්වඩ් Monday, 12 December 2016 05:18 PM

ඔවු ඔවු. අපිත් මේ කියනකන් තමා හිටියේ. (නි)

:       0       0

අනිල් Monday, 12 December 2016 05:33 PM

එතුමාට ඔවදන් දෙන්න කලින් එතුමා රටට කළ දේවලින් දශමයක්වත් කරලා හිටියොත් නරකද? (නි)

:       0       0

නිල්හාන් Monday, 12 December 2016 05:51 PM

එයා කියනකන්නේ අපි මේ හිටියේ (නි)

:       0       0

ජයසිරි Monday, 12 December 2016 05:53 PM

එතුමා විසින් කළයුතු දේ එතුමා කාටවත් දෙකට නොනැමී කළා. නමුත් ගුණමකුවන්ට දැන් සියල්ල අමතක වී ඇත (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 12 December 2016 06:51 PM

පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී, මැදමුලන ගමේ ගියොත් තියෙන මන්ත්‍රී වරප්‍රසාද ටිකත් ඉවර වෙලා, රට උළු ගෙදර කූරු ගණන් කරන්න වෙයි කියන බයට මෙහෙමහරි කල්මරන එක හොඳ නැද්ද? (නි)

:       0       0

මැදමුලනේ නිලූ Monday, 12 December 2016 07:25 PM

මෙතුමා හදන්නේ පටු දේශපාලන වාසියක් ලබාගන්න කියායි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ටෙනිසන් Monday, 12 December 2016 07:31 PM

එහෙනම් අපි දැන් එයා කියන විදිහට කරමු (නි)

:       0       0

ශෙහාන් Monday, 12 December 2016 08:22 PM

තමන්ගේ ආසනයවත් දිනාගන්න පුලුවන් කෙනෙක් මේ කතා කිවුවා නම් අපිට දුක නැහැ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 13 December 2016 08:24 PM

ලෙස්ලි ජයවර්දන මහතාණනි,පාර්ලිමේන්තුවට සැළකුවේ නැහැ කියන්නේ බෙදාගෙන කන්න ලැබුනේ නැතුව බදාගෙන කෑවයි කියලද? ඔයත් ඔය තැනට ගියොත් හොඳට බදාගෙනම කාවි (නි)

:       0       0

ජයතු Monday, 12 December 2016 08:28 PM

මෙහි අදහස් දක්වන සමහර අය මහින්දත් සමඟ ජනතා මුදල් මංකොල්ල කෑ අය බවයි හැඟෙන්නේ. බුදු දහමට අනුව ඔවුනට කිසිදා ගැළවිමක් නැත. (නි)

:       0       0

මාලක Monday, 12 December 2016 10:24 PM

කතා ඇති හොඳටම (නි)

:       0       0

රමණි Monday, 12 December 2016 10:35 PM

මමත් සමන්ගේ කතාවට හරි කියනවා. ඒ වගේම ඔය කටින් එක දවසකවත් කොටියාට විරුද්ධව කතාකළාද කියලා අජිත් පෙරේරාගෙන් අහන්න කැමතියි. මහින්දට පින්සිද්ධ වෙන්න දැන් එළියට ඇවිල්ලා කෑගහනවා. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 12 December 2016 11:05 PM

එයා බලයේ ඉන්න කාලෙත් පාර්ලිමේන්තුවට සැළකුවේ නැහැනේ (නි)

:       0       0

වීරේ Monday, 12 December 2016 11:13 PM

දැන්නම් මේ කතා ඇතිවෙලා (නි)

:       0       0

ක්‍රිෂා Tuesday, 13 December 2016 12:51 AM

මිනිස්සු ආදරේ මහින්දටයි. (නි)

:       0       0

ජයන්ත Tuesday, 13 December 2016 01:08 AM

මහින්දගේ මවිලක්වත් වටින්නේ නැති අය කියන කතා අහනකොට අැඟේ මවිල් කෙළින් වෙනවා. මහින්දට පින් සිද්ධවෙන්න තමයි අපි පාරේ බැහැලා අද බය නැතුව යන්නේ. බලමු ඊළඟ ඡන්දය එනකම්. (නි)

:       0       0

චසන්ති Tuesday, 13 December 2016 01:23 AM

අපි නම් මහින්දට තවමත් රටේ ජනාධිපති ලෙසටයි ගරු කරන්නේ. මිනිස්සු ආදරේ මහින්දටයි. (නි)

:       0       0

බන්දුල Tuesday, 13 December 2016 11:46 PM

ලෙස්ලි ජයවර්ධන, පාර්ලිමේන්තුවට සළක සළකා සිටියානම් තාමත් අපි යුද්ධ කරනවා. නැත්නම් ඊළම දෙනවා. කිලිනොච්චි මැදවච්චි කොහෙද කියා නොදැන සිටි අය කියාවි මිස්ටර් ප්‍රභාකරන්ට, ප්‍රබාකරන් මැතිතුමාට අත තියන්න එපා කියලා. (නි)

:       0       0

බමුණු Tuesday, 13 December 2016 11:47 PM

දහම්, එහෙනම් රටෙන් 2/5 දීලම ඉමු නේද. (නි)

:       0       0

පහන් Wednesday, 14 December 2016 02:56 AM

වත්මන් ආණ්ඩුව තමන් බලයට පත්කළ ජනතාව වෙනුවෙන් මොනවද ඉටුකළේ..?? දවසින් දවස ජනතාවට බදු පටවනවා, දඩ පටවනවා. දැන් ඡන්දෙ දුන්න අය අසරණ වෙලා ඉන්නේ. ඡන්දයක් නොතියා ඉන්නකන් බලයේ හිටියත් ආයෙත් ඡන්දයක් තිබ්බදාට බලාගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මැතිතුමා රටට කළ සේවය මිලකළ නොහැකියි. එදා රටේ හැමතැනම සංවර්ධනයක් තිබුනා. අද රට විකුණන සංවර්ධනයක් තියෙන්නේ (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 13 December 2016 05:11 AM

දේශපාලන මඩවගුර කෙසේවෙතත් අදටත් අපි භයක් සැකක් නැතුව පාරේ බැහැලා යන්නේ මහින්ද මහත්තයට පින්සිද්ධ වෙන්න. (ම)

:       0       0

ශානක Tuesday, 13 December 2016 06:59 AM

මෙය අපේ ගම වුණාට කට විතරයි. කරපු වැඩක් නෑ. (ම)

:       0       0

දහම් Tuesday, 13 December 2016 09:17 AM

ආයිත් නම් ඡන්දෙන් දිනනවා බොරු.,(හේ)

:       0       0

දේවා Monday, 12 December 2016 11:39 AM

මහින්ද රාජපක්ෂ ඔහේ එන්නේ නැතුවට පන්සල් වල එහෙම නම් හරියට යනවා (නි)

:       0       0

රෝහිත පෙතියාගොඩ Monday, 12 December 2016 11:49 AM

ඒ කතාවනම් සහතික ඇත්ත. මිනිස්සු ඡන්දෙ දීල පාර්ලිමේන්තු ඇරියේ ගෙදරට වෙලා ඉදන් ඉන්න නෙවෙයිනේ. (ර)

:       0       0

දිලිප් Monday, 12 December 2016 11:52 AM

කතාව ඇත්ත නේන්නම්. .තනතුර ගත්තනම් එහි රාජකාරි කල යුතුයි. රාජකාරිත් පැහැර හරිනවානම් අන් අයෙකුගේ අවස්තාවක් තමා අහිමි කරන්නේ.ඉදිරි දේශපාලන අනාගතයක් නිර්මාණය වන්නට මග ඇහිරීම තමා මෙයින් වෙන්නේ. (ර)

:       0       0

චින්තක Wednesday, 14 December 2016 05:36 AM

සිංහයෙකුට ගොරවන්න හදන කෙනෙක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 44 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 117 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 99 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 80 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 305 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 69 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1333 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site