IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහින්ද චීනෙන් ගත් ණයට රනිල්ගෙන් ප්‍රාග්ධන කොටස්

අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාගැනීමට නියමිත ණය මුදල සම්බන්ධ සාකච්ඡා වල අවසන් අදියර සඳුදා (11)  දිනයේ ආරම්භ වීමට නියමිතය. ණය මුදල සම්බන්ධයෙන් මෙන්ම රටට අනාගතයේදී වැදගත් වන ප‍්‍රතිපත්ති සම්පාදන කටයුතු පිළිබඳවද මෙම සාකච්ඡාවලදී අවධානය යොමුකරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

රජයේ අධික වියදම අවම කිරීමට ගතහැකි පියවර,ආදායම නිසි පරිදි කළමනාකරණය කරගැනීමට ගත හැකි කි‍්‍රයාමාර්ග,එක් එක් අවස්ථාවලදී සිදුකරන සංශෝධන වලින් නොව ක‍්‍රමවත් පද්දතියක් මාර්ගයෙන් බදු අය කරගැනෙන ක‍්‍රමවේදයක් ඇතිකිරීම ආදිය  ප‍්‍රතිපත්ති සම්පාදනයන් අරබයා පැවැත්වෙන මෙම සාකච්ඡුාවේදී සැළකිල්ලට ගැනීමට නියමිතය.දැනගැනීමට හැකිවූ ආකාරයට රජය හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර දැනට කරුණු 11 ක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිව තිබේ.අවසන් අදියරේ සාකච්ඡුාවෙන් පසු ණය මුදල ලබාගැනීම සදහා ශී‍්‍රලංකාව ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම ඇමරිකාවේ වොෂින්ටන් නුවර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.මෙසේ ලබාගැනීමට නියමිත ණය මුදලේ වටිනාකම ඩොලර් කෝටි 150 - 200 අතර වේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා පැවැත්වුණු සාකච්ඡා නිසාවෙන් අපේ‍්‍රල් මස පළමුවැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ බදු කිහිපයක්ම අත්හිටවනු ලැබිණ.අලූත් අවුරුදු සමයේ ජනතාව මත තවත් බර පැටවීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන අකමැති වීමද බදු කි‍්‍රයාත්මක කිරීම අත්හිටුවීමට තවත් හේතුවකි.නමුත් මෙම මස අවසානයේ සිට මෙසේ අත්හිටැවුණු බදු නැවත කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සදහා නිර්දේශ කර ඇති නව බදු කිහිපයක්ද මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක කිරීමට රජය සැළසුම් කර ඇත.

ඉතා අධික ණය බරකින් පීඩා විදින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ අනාගතය සම්බන්ධයෙන්ද සාකච්ඡුාවලදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසගේ අවධානය යොමුවිය.ගුවන්සේවය යළි නගා සිටුවීමට දැනටමත් පියවර ගෙන තිබෙන බව රජය ඔවුන්ට සහතික කළේය.ශී‍්‍රලන්කන් වෙත භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙනුයේ මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා පමණක් බව එහි අධ්‍යක්ෂක මණ්ඩලයට රජය දැනටමත් දැනුම්දී තිබේ.

ශී‍්‍රලන්කන් ගුවන්සේවා කලමණාකාරීත්වයේ වෙනසක් සිදුවිය හැකි බව පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෙළි කළේය.පෞද්ගලික අංශයේ අත්දැකීම් බහුල වෘත්තියකයන් පිළිගත් කි‍්‍රයාපටිපාටියක් යටතේ ශී‍්‍රලන්කන් කලමණාකාර ව්‍යුහයට එක්කරගැනීමේ උත්සාහයක රජය නිරතව සිටින බවද දැනගැනීමට හැකිවිය.මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සමග සාකච්ඡුාද පවත්වා ඇත.

2009 වසරේදී එමිරේට්ස් ආයතනයේ කලමණාකාරීත්වය යටතේ පැවති ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඉතා හොදින් ලාභ ඉපැයූ බවත් දැන් තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් බවත් මාධ්‍ය හමුවේදී අබේවර්ධන සඳහන් කළේය.අද දිනයේ ශී‍්‍රලන්කන් මත පැටවී තිබෙන මුළු ණය බර රුපියල් ලක්ෂ 9980 කට ආසන්න බව පැවසූ ඔහු ගුවන්සේවය නගා සිටුවීම අරබයා එහි කලමණාකාරීත්ව ව්‍යුහයට සහ ප‍්‍රතිපත්ති වලට වෙනස්කම් සිදුකළ යුතුව තිබෙන බව කීවේය.

 

‘ ඉදිරියේදී ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ කලමණාකාර මණ්ඩලයේ තනතුරු වල වෙනසක් සිදුවීමේ ඉඩක් තිබෙනවා.මේ ආයතනය මෙහෙම පවත්වාගෙන යන්නට බැහැ.2009 වසරේදී හොඳ ලාභයක් ඉපැයූ ශී‍්‍රලන්කන් ගුවන්සේවය අද අධික වශයෙන් පාඩු ලබනවා.මේක අපරාධයක්.අද වගා ක්ෂේත‍්‍රය ගත්තොත් ගොඩක් පාලන කටයුතු සිදුවන්නේ පෞද්ගලික අංශය යටතේ.මේ ක්ෂේත‍්‍රයත් රජය යටතේ තිබුණානම් මොනවා වෙන්න තිබුණාද කියලා හිතාගන්නවත් බැහැ.ඒ නිසා ශී‍්‍රලන්කන් ගුවන්සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතු වෙනවා.ආයතනයක් මේ වගේ පාඩු ලබන තත්ත්වයක තියාගෙන ජනතාවට සහන ලබාදෙන්න අපට හැකියාවක් නැහැ.’’ අබේගුණවර්ධන පැවසුවේය.

සන්ඬේ ටයිම්ස් ලිපියට ගුවන් නියමුවන්ගේ එකඟතාව - නමුත් කැප්ටන් නැහැ

මාර්තු මස 27 වැනිදා සහ පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාන තීරුවලින් කළ අනාවරණයන් සැබෑ බව අමාත්‍ය අබේගුණවර්ධන මේ ආකාරයට සහතික කළේය.එම තීරුවල ශී‍්‍රලංකා ගුවන් නියමුවන්ගේ සංගමය පැවැත්වූ හමුවක් ගැනද සඳහන් විය.මේ සම්බන්ධයෙන් එහි ප‍්‍රධානී කැප්ටන් රනුක සේනානායක මහතා අප වෙත ඊමේල් ලිපිනයක් එවා ඇත.අප්‍රෙල් මස තුන්වැනිදා පළවු ලිපියේ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන බව එහි මාතෘකාව ලෙස සඳහන් කර තිබේ.ඔහු එවා ඇති පණිවුඩය මෙළෙසය.

 

‘ඔබ පුවත්පතේ පළවූ කරුණු සම්බන්ධයෙන් මම හෝ මගේ සංගමයේ සාමාජිකයින් හෝ මෙතෙක් නිල ප‍්‍රකාශයක් සිදුකර නැත.’

 

‘එනිසා එම ලිපියේ පළව තිබූ කරුණු සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදුකිරීමට මට තිබෙන අයිතිය පිළිගෙන ඒ සදහා අවස්ථාව ඔබ ලබාදෙනු ඇතැයි මම සිතමි.’

 

පහත කරුණු සම්බන්ධයෙන් අප සාකච්ඡා කර එකඟතාවන් ඇතිකරගත් බව මුලින්ම සඳහන් කරන්නට මම කැමැත්තෙමි.

 

x              වාර්ෂිකව සිදුවන වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට සාමාජිකයෝ එකඟවූහ.මෙය සිදුවන්නේ අප පනවන කොන්දේසි ප‍්‍රකාරවය.

 

x              මේ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමේ අරමුණින් පමණක් විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය විය.

 

x              ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ ප‍්‍රධානියාට,විධායක අධ්‍යක්ෂකවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට වර්තමානයේ ලැබී තිබෙන බලතල හා වරප‍්‍රසාදයන් සංගමේ සාමාජිකයින් අතර දැඩි විවේචනයට ලක්විය.

 

‘ මේ කරුණු හැරෙන්නට ඔබ ලිපියේ අනෙක් සියලූ කරුණු සාවධ්‍ය හා අසත්‍ය බව සඳහන් කිරීමට මම කැමැත්තෙමි.ඇත්ත වශයෙන්ම කිවහොත් ශී‍්‍ර ලංකා ගුවන් නියමුවන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට අවසරයක් නැත.එය කලමණාකාරීත්වය අනුගමනය කරන ප‍්‍රතිපත්තියක් වන අතර එයට එරෙහිව කටයුතු කිරීමට ගුවන් නියමුවන්ගේ සංගමයේ ප‍්‍රධානියාට හෝ කමිටු සාමාජිකයින්ට හෝ හැකියාවක් නොමැත.’’

 

කැප්ටන් සේනානායකගේ පවසා සිටින මෙම කරුණු සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පත්‍රය, ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් කිහිපදෙනෙකුගෙන්ම විමසුවේය.මාර්තු 27 වැනිදා පැවැත්වුනු සංගම් හමුවේදී වැටුප් වර්ධක ලබානොගෙන සිටීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැණුනු බව ඔවුහු පැවසූහ.කමිටුවක් පත් කෙරුණේ මේ පිළිඹදව වැඩිදුරටත් සොයාබැලීමට බව ඔවුහු කීහ.කෙසේවුවත් ශී‍්‍රලන්කන් ප‍්‍රධානියා,විධායක නිලධරයා සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලය සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයෝ ඉතාම දැඩි විවේචන එල්ල කළ බව නම් මෙම ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෝ සහතික කළහ. ඔවුහු මෙම තොරතුරු අප වෙත ලබාදුන්නේ නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මතය.

 

මේ අනුව සැළකීමේදී ඔබ ලිපියේ පළව ඇති අනෙක් සියලූ කරුණු සාවද්‍ය හා අසත්‍ය යැයි කැප්ටන් සේනානායක ඔහුගේ ඊමේල් ලිපියේ සඳහන් කර ඇත්තේ ඇයිදැයි ගැටලූවක් නැගේ.පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් නියමු සංගමයේ රැුස්වීම පැවැත්වූ අවස්ථාවේදී එහි සාමාජිකයන් කිහිපදෙනෙක් වෙන් වෙන්ව දැක්වූ අදහස්ද අපි සඳහන් කළෙමු.ඒවා අසත්‍ය හා සාවද්‍ය යැයි කැප්ටන් සේනානායක පවසා සිටින්නේ කවර පදනමක් මතද යන්න පැහැදිලි නැත.වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට කොන්දේසි යටතේ සංගමේ සාමාජිකයින් තීරණය කළ බව ඔහු සඳහන් කර ඇතත් එම සංගමයේම සාමාජිකයින් අපට කියා සිටියේ එවැනි තීරණයක් නොගත් බවය.කැප්ටන් සේනානායක පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද? යැයි පැනයක් මේ සියල්ල සැළකිල්ලට ගැනීමේදී අපට නැගේ.ඔහු ගුවන් නියමුවන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටිනවාද, නැතහොත් වෙනත් කෙනෙකුගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරනවාද? යන්න ගැටලූවකි.

 

මෙම ඊමේල් ලිපිය අප වෙත ලැබුණු දිනවලම තමන්ගේ අනාගතය සම්න්ධයෙන් අවදානම් සහගත තත්ත්වයක සිටින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ එක්තරා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ගුවන්සේවයේ සියලූම සාමාජිකයින්ගේ රැස්වීමක් කැඳවූයේය.එකිනෙකා අතර සබඳතා වැඩිදියුණු කිරීම මෙහි අරමුණ විය.පුටු 600 ක් පමණ තිබුණු මුත් පැමිණ සිටියේ 90 ක පමණ පිරිසකි.ඔවුන් අමතමින් අදහස් පළකළ ඔහු මම  ඕපාදුප කියවන්නේ නැහැ’’ කියමින් ශී‍්‍රලන්කන් වෙත නැගෙන චෝදනා බැහැර කළේය.නමුත් භාණ්ඩාගාරයෙන් ශී‍්‍රලන්කන් වෙත මුදල් ලැබීම නතර වුවහොත් ගුවන්සේවයේ අනාගතය පිිළිඹද විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක් ඇතිවන බව ඔහු පිළිගත්තේය.

 

රනිල්ගේ චීන සංචාරය

 

සාර්ථක චීන සංචාරයකින් පසු දිවයිනට පැමිණ සිටින අගමැතිවරයා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා පැවැත්වෙන අවසන් වටයේ සාකච්ඡුාවලට එක්වීමට නියමිතය.ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඇතුලූ රාජ්‍ය කර්මාන්ත නගා සිටුවීම සදහා රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ දැනුම්වත් කිරීමට ඔහු කටයුතු කරනු ඇත.

 

ශී‍්‍රලංකාව හා චීනය අතර පැවැත්වුනු සාකච්ඡුා වලදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය සදහා ලබාදුන් ණය මුදල් සදහා සහන ලබාගැනීමට ඇති හැකියාව පිළිඹද වැඩි අවධානයක් යොමුවිය.රට මත පැටවී තිබෙන අති විශාල ණය බර මෙයට හේතුව විය.චීනයට පැමිණි විගස ශී‍්‍රලංකාව වෙනුවෙන් යුවාන් ලක්ෂ 5000 ක මුදල් අධාරයක් ලබාදීමට චීන පාලකයෝ කටයුතු කළහ.එරට අගමැති ලී කේකුයින්ග්, ශී‍්‍රලංකා අගමැති වික‍්‍රමසිංහව හැදින්වූයේ චීනය හා ශී‍්‍රලංකාව අතර යහපත් සම්බන්ධතාවක් පවත්වාගැනීමට සෑම අවස්ථාවකදීම කැපවී කටයුතු කරනා ජේ්‍යෂ්ඨ රාජ්‍ය තාන්ති‍්‍රකයෙක් ලෙසය.

 

චීන රජයේ ආධාර මත ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ඩොලර් ලක්ෂ 2100 ක මුදලක් වැයව ඇතැයි ඇස්තමෙන්තු ගතකර ඇත.එහි පළමු අදියරේ ඉදිකිරීමේ 2007 වසරේදී ආරම්භ වූ අතර එම ඉදිකිරීම් අවසානයේ ගුවන්තොටුපල 2011 මාර්තු මස 22 වැනිදා විවෘත කැරිණ.2009 දී චීනයේ එක්සිම් බැංකුව ගුවන්තොටුපලේ දෙවැනි හා තෙවැනි අදියර වල ඉදිකිරීම් වෙනුවෙන් ඩොලර් 8910 ක ණයක් ලබාදුන්නේය.මෙය සහන පදනම යටතේ ලබාදුන් ණයක් වූ අතර පස් අවුරුද්දක් යන තෙක් ණය ගෙවීමෙන් නිදහස් සහන කාලසීමාවක් සහ සියයට දෙකක පොළී අනුපාතිකයක් එයට විය.

 

මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිකිරීමට වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13080 කි.මෙම මුදල ලබාදී ඇත්තේද චීනයේ එක්සිම් බැංකුවයි.මුදල ලබාදී ඇත්තේ අදියර දෙකක් යටතේ වන අතර පළමු අදියරේ ඉදිකිරීම් සදහා ලබාදී ඇති මුදල ඩොලර් ලක්ෂ 3060 කි.එම මුදල සදහා පොළී අනුපාතිකය සියයට 6.3 ක් වැනි ඉහළ අගයකි.දෙවැනි අදියර සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 8000 කි.එම මුදල ලබාදී ඇත්තේද පෙර සඳහන් කළ පොළී අනුපාතිකය යටතේමය.මුහුදේ තිබූ කළුගල් පිපිරවීම සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 2020 කි.ශී‍්‍රලංකා වරාය අධිකාරියට අනුව මේ අනුව වරාය සදහා වියදම්වී ඇති මුලූ මුදල ඩොලර් ලක්ෂ 13080 කි.වසර 20 ක් ඇතුළත මෙම මුදල ගෙවිය යුතුය.ණය නොගෙවා සිටිය හැකි පස් අවුරුදු සහන කාලසීමාවක් චීනය මෙම මුදලටද ලබාදී ඇත.

 

නිතර අලූත්වැඩියා කිරීම් සිදුකළ යුතු නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම් සදහා වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13460 කි.එහි පළමු අදියර සදහා ඩොලර් ලක්ෂ 4550 ක මුදලක් වැයව තිබෙන අතර දෙවැනි හා තෙවැනි අදියරයන් සඳහා ඩොලර් ලක්ෂ 891 ක මුදලක් වැයව ඇත.චීනයේ එක්සිම් බැංකුව මෙම මුදල ලබාදී තිබෙන්නේ වසර 20 ක සහන ණය පදනමක් යටතේය.සියයට දෙකක පොළී අනුපාතියක් හා පෙර අවස්ථාවලදී මෙන්ම වසර පහක සහන කාලසීමාවක් එයට ඇතුළත්ය.මෙම ව්‍යාපෘතිය සදහා ශී‍්‍රලංකා රජයද රුපියල් ලක්ෂ 110000 මුදලක් යෙදවූයේය.බලාගාරයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් 2010 වසරේදී ආරම්භවූ අතර 2013 වසරේදී අවසන් විය.තෙවැනි අදියරේ ඉදිකිරීම් 2014 සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් ආරම්භ විය.ඇතැම් අවස්ථාවලදී මෙම බලාගාරය ලක්විජය විදුලි බලාගාරය ලෙසද හැඳීන්වේ.2012 සිට මෙහි සියයට 85 ක් පමණ කොටස් අයිතිය ඇත්තේ චයිනා මර්චන්ට්ස් ගෲප් සමාගමටය.

 

 

චීන සංචාරයට පෙර වික‍්‍රමසිංහ - රාජපක්ෂ හමුවක්

 

චීනයෙන් ලබාදී ඇති ණය සදහා සහන ලබාගත හැකි ක‍්‍රමවේදයන් පිළිඹද සොයාබැලීමට අගමැති වික‍්‍රමසිංහ ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර ඇත.සංවර්ධන මූලෝපායන් සහ අන්තර්ජාතික වෙළද කටයුතු පිළිඹද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා, විශේෂ ඇගයීම් කටයුතු අමාත්‍ය සරත් අමුණුගම මහතා එහි සාමාජිකයින් ලෙස දැනටමත් නම් කර අවසන්ය.තෙවැනි සාමාජිකයා ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා නම් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.චීනය හා සමග නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකරගැනීම සම්බන්ධ කටයුතුද මෙම වසර අවසානය වන විට නිමා කරන ලෙසට අගමැති වික‍්‍රමසිංහ අදාළ නිලධරයින් වෙත උපදෙස් ලබාදී තිබේ.

 

චීන සංචාරයට පෙර අගමැතිවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවීම සුවිශේෂී සිදුවීමක් විය.හිටපු ජනපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගීව සිටියේය.අගමැතිවරයා සමග පැමිණ සිටියේ අමාත්‍ය සමරවික‍්‍රමය.

 

හමුව පැයකට ආසන්න කාලයක් පැවැත්වුණි.හම්බන්තොට ඉදිකෙරෙන අපනයන සැකසුම් කලාපයක්,ගුවන්තොටුපල හා වරාය සම්බන්ධව තම සංචාරයේදී වැඩි අවධානය යොමුකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව අගමැතිවරයා කීවේය.හිටපු ජනපතිවරයාද එම අදහස් පිළිගත්තේය.

 

ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද දෙදෙන සාකච්ඡුා කළෝය.විධායක අගමැතිධූරය අහෝසි කිරීම,පාර්ලිමෙන්තු පද්දතිය ශක්තිමත් කිරීම හරහා බලය බෙදී යාමේ විධිමත් ක‍්‍රමවේදයක් ඇතිකිරීම, ආදී කරුණු සම්බන්ධයෙන් රජයේ සැළකිල්ල යොමුව තිබෙන බව අගමැතිවරයා කීවේය.කාලය ගතවුවද මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමටද රජය ක‍්‍රමයෙන් පියවර ගන්නා බවද ඔහු පැවසුවේය.

 

රාජපක්ෂගේ ආරක්ෂාවට සපයා සිටි හමුදා සාමාජිකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී ගුණවර්ධන විරෝධය පළකළේය.එලෙස ආරක්ෂාව ඉවත් කර ඇත්තේ හිටපු ජනපතිවරයාට වෙන කවරදාටත් වඩා වැඩියෙන් ජීවිත තර්ජන එල්ල වෙමින් තිබෙන කාලයක බව ඔහු පැවසුවේය.මෙය අගමැති වික‍්‍රමසිංහ පිළිගත්තේය.මේ පිළිඹදව ජනපතිවරයා සහ ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද ඔහු කීවේය.රාජපක්ෂට සැපයිය යුතු ආරක්ෂාව පිළිඹද විශේෂ වාර්තාවක් තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද එම වාර්තාව ලැබුණු පසු ගතයුතු පියවර තීරණය කළ හැකිවනු ඇති බවද අගමැතිවරයා පැවසුවේය.

ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු අරබයා අගමැති වික‍්‍රමසිංහ හා එකාබද්ධ විපක්ෂය අතර එකගතාවක් ඇතිව තිබෙන ආකාරයක් දැකගත හැකිය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වලට සම්පූර්ණ සහයට ලබාදෙන බව ගුණවර්ධන සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.ඇතැම් කමිටු වල ප‍්‍රධානීත්වය පවා එකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින්ට ලබාදීමේ සූදානමක් පවතින බවද ගුණවර්ධන කීවේය.

පාර්ලිමෙන්තුවේ පිළිගත් විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය මේ දිනවල අනුගමනය කරමින් සිටින්නේ නිහඩ පිළිවෙතකි.මුල් අවස්ථාවලදී දෙමළ සන්ධානය උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලූ පිළිඹද අවධානය යොමුකර සිටිනු දැකගත හැකිවුවත් දැන් එවැන්නක් හඳුනාගැනීම පවා අපහසුය.ගැටලූවලට පිළියම් යෙදීමට රජයේ සම්පූර්ණ සහය ලබාගැනීමේ අවස්ථාව පවා තිබියදී දෙමළ ජාතික සන්ධානය අනුගමනය කරමින් සිටින මෙම නිහඩ පිළිවෙත බොහෝ දෙනාගේ දෝශදර්ශනයට ලක්ව ඇත.වත්මන් නායක ආර්.සම්බන්ධන් හා සංසන්දනය කිරීමේදී අප්පාපිල්ලේ අමිර්තලිංගම් වැනි දෙමළ සන්ධානයේ හිටපු නායකයෝ කටයුතු කළේ මෙයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය.

 

ජනපතිගේ වැඩකටයුතු

ජනපති සිරිසේන ගෙවුණු සතියද ගතකළේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හිමි තම නායකත්වය තහවුරු කරගැනීමේ කටයුතු වල නිතරවය.ඔහු තවත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු දෙදෙනෙක් අමාත්‍ය මණ්ඩලයට එක්කර ගත්තේය.බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විද්‍යාව හා තාක්ෂණවේදය පිළිඹද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් අතර ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතා විදේශ රැුකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂ කලූතර දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සංවර්ධන සහ සංස්කෘතික කටයුතු පිළිඹද අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා හමුවේ දිව්රුම් දුන්නේය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අමාත්‍යධූර බෙදී යාම තුලනය කිරීම සදහා මෙසේ තෙවරප්පෙරුමටද අමාත්‍යධූරයක් ලබාදුන් බව සැක නැත.

නිදහස් පක්ෂ සාමාජිකයින් දෙදෙනකුට අමාත්‍යධූර ලබාගැනීමට කටයුතු කිරීම මගින් ජනපති සිරිසේන පක්ෂයේ තම නායකත්වය තහවුරු කරගැනීමට තවමත් කටයුතු කරමින් සිටින බව පැහැදිලිය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේදී ඔහු මේ බව තවදුරටත් සනාථ කරමින් අදහස් පළකළේය.රාජපක්ෂගේ ප‍්‍රබල ආධාරකාරිනියක වන පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ශී‍්‍රලංකා නිදහස් පක්ෂ ගාල්ල මැයි දින රැුලිය සංවිධානය කිරීමේ වගකීම ලබාදෙන ලෙසට ඔහු උපදෙස් දුන්නේය.

නව අමාත්‍යවරුන් තිදෙනාටද අනෙක් අමාත්‍යවරුන් හා සමව ආරක්ෂකයින්,වාහන සහ දීමනා ලැබෙනු ඇත.රජය ඔවුන්ට මෙසේ සළකන්නේ රට ආර්ථික අර්බුදයකට සිරවී සිටින අවදියකදීය.

පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක්

 

පසුගිය සතියේ පාර්ලිමෙන්තුවේදී කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් සදහන් වූ පිටු 11 ක ලියැවිල්ලක් සභාගත කළේය.පහත දැක්වෙන්නේ එහි අන්තර්ගතවූ කරුණු කිහිපයකි.

 

x              තමන්ට හිමි ව්‍යාපාර හා වෙනත් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් තොරතුරු හෙළි කරනු ඇත.ළගම පවුලේ සාමාජිකයෙක් හෝ මෙම කටයුතු වල නිතරව සිටින්නේ නම් ඔවුන්ගේ තොරතුරු හෙළි කිරීමද පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වගකීම වන්නේය.මේ හරහා ජනතා විශ්වාසය ගොඩගාගැනීමට ඔවුනට හැකිවනු ඇත.පෞද්ගලික වුවමනා එපාකම් සපුරාගැනීමට නොව රට වෙනුවෙන් සේවය ලබාදීමට පාර්ලිමෙන්තුවට පැමිණ සිටින බව ජනතාවට ඒත්තු ගැන්වීම සදහා මෙය හොඳ අවස්ථාවකි.

 

x              ඇතැම් අවස්ථාවලදී පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වත්කම්,හිමිකම්,ඔවුන්ගේ කි‍්‍රයාකලාපයන් වැනි දේ අරබයා ඔවුන් තමන්ගේ වුවමනාකම් පිරිමසා ගැනීමට මිස රට වෙනුවෙන් පාර්ලිමෙන්තුවට පැමිණ නොමැති බවට වැරදි වැටහීමක් ජනතාව අතරට යෑමේ අවස්ථාව ඇත.මෙනිසා එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට ඉඩ තිබෙන සෑම කරුණක්ම සගවා නොගෙන ප‍්‍රසිද්ධියේ අනාවරණය කිරීම සෑම පාර්ලිමෙන්තු සාමාජිකයකුගේම වගකීම වන්නේය.මෙවන් කරුණු සදහා උදාහරණ ලෙස ඉඩම් හා දේපල හිමිකම්,වත්කම්,කොටස් හිමිකම්,ත්‍යාග,විදෙස් සංචාරයන්,සේවය සදහා පිදෙන බව කියන සම්මාන,ආදායම් මාර්ග, වැනි දේ දැක්විය හැකිය.මෙම කරුණු මැතිවරණයක් අවසානයේදී හෙළි කළ යුතු අතර පසුව පාර්ලිමෙන්තුව නිර්දේශ කරන කාලාන්තර වලදීද හෙළි කළ යුතුය.

 

x              ඡුන්දය ප‍්‍රකාශ කිරීමේදී රාජ්‍ය ප‍්‍රතිපත්ති අරබයා මිස පුද්ගලගැතියකු ලෙස පක්ෂපාතීව හෝ විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතියක් පාර්ලිමෙන්තු සාමාජිකයින්ට නැත.

 

x              එක් එක් සාමාජිකයා වෙත වෙන්කෙරෙන රාජ්‍ය මුදල් හා ඔහු හෝ ඇය එම මුදල් වියදම් කර ඇති ආකාරය එම තොරතුරු ලැබුණු විගසම ප‍්‍රසිද්ධ කෙරෙනු ඇත.

 

x              තමන්ට ලැබී ඇති දීමනා හා වරප‍්‍රසාදයන් වෙනුවෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් වගවිය යුතුය.මෙම දීමනා හා වරප‍්‍රසාදයන් ලැබී ඇත්තේ ඔබගේ සුභ විහරණය වෙනුවෙන් නොවේ.ඒවා යෙදවිය යුත්තේ ජනතා සේවය වෙනුවෙන්ය.

 

x              පාර්ලිමෙන්තු සාමාජිකයෙක් ලෙස ලබාදෙන සේවය ප‍්‍රශ්න කිරීමට ලක්කළ හැකි දීමනා පිළිගැනීම,ආධාර ලබාගැනීම, පාර්ලිමෙන්තුවට හෝ වෙනත් කමිටුවකට ඉදිරිපත් කෙරෙන කෙටුම්පතකට තම වාසිය පමණක් සළකා කැමැත්ත ලබාදීම හෝ අකමැත්ත පළකිරීම ආදී දේවලින් වැළකී සිටිය යුතුය.

 

x              පාර්ලිමෙන්තු සාමාජිකයකු ලෙස ගතකරන සමය අවසානයේ සුරක්ෂිත අනාගතයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන්ට දැන් ලැබී තිබෙන බලතල අවභාවිතා කිරීම නොකළ යුතුය.

 

පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ වරප‍්‍රසාද වෙනුවෙන් වන කමිටුව වරප‍්‍රසාද සහ ආචාර ධර්ම පිළිඹද කමිටුව ලෙස වෙනස් කිරීමට නියමිතය.කිසියම් පාර්ලිමෙන්තු සාමාජිකයෙක් මෙම කි‍්‍රයා - ධර්මයන් උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන්නේදැයි සොයාබැලීමේ වගකීම පැවරෙන්නේ මෙම කමිටුවටය.කමිටු නිර්දේශ මත කිසියම් සාමාජිකයකුට ලබාදිය යුතු දඩුවම් පාර්ලිමෙන්තුව තීරණය කරනු ඇත.

 

අවවාද කිරීම,දැඩිව අවවාද කිරීම,පාර්ලිමෙන්තු වරප‍්‍රසාද පණත උල්ලංඝණය නොවන අයුරින් කිසියම් කාලසීමාවකට පාර්ලිමෙන්තු සාමාජිකත්වය අත්හිටුවීම, ශ්‍රෙෂ්ඨාධිකරණයේ අවධානයට ගැටලූව යොමුකිරීම, ආදී ලෙස මෙම දඩුවම් ලබාදීමට නියමිතය.

 

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමෙන්තු සංසදය සකස් කර තිබෙන ප‍්‍රතිපත්ති හා වෙනත් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම මත පදනම්ව මෙම කි‍්‍රයා - ධර්ම පද්දතිය සකස් කළ බව කතානායකවරයා පැවසුවේය.

 

මෙවර අවුරුදු සමය උදාවන්නේ ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන්ද බරපතල ගැටලූ වලට රට මුහුණදී සිටින සමයකදීය.මෙම ගැටලූ කොයි ආකාරයෙන් නිරාකරණය කරගැනීමට හැකිවේදැයි යන්න පැවසීමට තවමත් කල් වැඩිය.එසේවුවත් රටේ ජනතාවට ඉදිරියේ පැමිණෙන කාලයේදීත් තවත් පටි තදකරගැනීමට සිදුවනු ඇති බව නම් සහතික ලෙසම කිව හැකිය.

 



අදහස් (0)

මහින්ද චීනෙන් ගත් ණයට රනිල්ගෙන් ප්‍රාග්ධන කොටස්

සසංක බණ්ඩාර Sunday, 10 April 2016 01:06 PM

ජනවාරි 8 න් පස්සේ ලංකාව දරුණු ආර්ථික ප්‍රපාතයක් දෙසට ගමන් කරන බව නම් ඇස් අරුණු ඕන කෙනෙකුට පෙනෙනවා. (බ)

:       0       0

සෑම් Monday, 11 April 2016 03:09 AM

දරුණු ආර්ථික ප්‍රපාතයකට රට තල්ලු කලේ රාජපක්ෂ රේජිමයයි (ම)

:       0       0

කපුගේ Tuesday, 12 April 2016 06:41 AM

ණය බර අපිව ගිලගනීද? (නි)

:       0       0

එච්. පෙරේරා Monday, 11 April 2016 05:16 AM

රටට දරාගන්න බැරි තරමක් ණය ගත්තම රටේ දරුණු ආර්ථික පසුබෑමක් ඇතිවෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 917 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 427 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 936 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3394 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 607 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 237 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site