IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘මහින්ද පුම්බන්න ඇමෙරිකාවට දුන් 87 කෝටිය වතුරේ‘

පසුගිය රජය සමයේ සිදුවූ අයථා මුදල් ගනුදෙනු ගැන චෝදනා නැගුණේ වරක් දෙවරක් නොවේ. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදුවූයේ නැත. එම මුදල් ගනුදෙනු වලට සම්බන්ධව සිටියෝ සියල්ල මනාව යටගැසූහ.

නමුත් 2014 වසරේ සන්ඩේ ටයිම්ස් ජූලි හා අගෝස්තු කලාපයන්ගෙන් එක්තරා හෙළිදරව්වක් සිදුකෙරිණ. පාර්ලිමෙන්තුවට රහසේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකාවේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් හා මහජන සම්බන්ධතා උපදේශකවරුන් පිරිසක් සමග මුදල් ගනුදෙනු වල යෙදී ඇති බවට පැහැදිලි සාක්ෂි අනාවරණය කෙරිණ. මෙම ගනුදෙනු සිදුව තිබෙන්නේ ඉමාඩ් සුබේරි නම් තැනැත්තෙකු හරහා බවද කියැවිණ. ලැබී තිබෙන නවතම වාර්තා වලින් තවත් දුරකට යෑමේ හැකියාව අපට දැන් ඇත. මෙසේ ගනුදෙනු කෙරුනු මුදල් ඉමාඩ් සුබේරි පවත්වාගෙන ගිය බව කියන සමාගමකටත්, ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමකටත් බැර කර තිබෙන බවට පැහැදිලි සාක්ෂි දැන් අප සතුය.

2014 වසරේ මැයි මස 9 සිට සැප්තැම්බර් 10 අතර කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් ලක්ෂ 65 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් 872,806,569) නිදහස් කර ඇත. මුදල් නිදහස් කර තිබෙන්නේ විදේශ කටයුතු සදහා යැයි පවසමින්ය. නමුත් මෙම මුදල් විදේශ කටයුතු අමාත්‍යංශය භාරයේ හෝ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය භාරයේ ගනුදෙනු කර ඇති බවක් සොයාගැනීමට නැත.

මහ බැංකුව මෙම මුදල නිදහස් කර තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ උපදේශක ලිලිත් වීරතුංග යන තිදෙනාගේ ලිඛිත උපදෙස් අනුවය. මේ සදහා යෙදාගත් ඊමේල් ලිපි සියැසින්ම දැකගැනීමට සන්ඩේ ටයිම්ස් අපට හැකිවිය. තම පෞද්ගලික විද්‍යුත් ලිපිනයන්ම ලිපි ගනුදෙනු සදහා යොදාගැනීමට ගුණවර්ධන හා කබ්රාල් දෙදෙන කටයුතු කර තිබේ.

මෙම තොරතුරු අපි ඇමරිකා සගරාවක් වන ෆොරින් පොලිසි සමග හුවමාරු කරගත්තෙමු.ගෙවුනු සිකුරාදා සුබේරිගේ කටයුතු පිළිඹද සම්පූර්ණ වාර්තාවක් එහි පළව තිබිණ. කෘතගුණ දැක්වීමක් ලෙස ඇමරිකාවේ තිබෙන රාජපක්ෂවරුන්ගේ දේපළ සම්බන්ධව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමෙන්තුව සිදුකරගෙන යන පරීක්ෂණ වල තොරතුරු අප වෙත ලබාදීමට ෆොරින් පොලිසි සගරාවේ ජ්‍යේෂ්ඨ රචකයෙක් වන බිල් ඇලිසන් මහතා කාරුණික විය.

අපට ලැබී තිබෙන තොරතුරු වලින් අනාවරණය කරගැනීමට හැකියාව ඇත්තේ පසුගිය රජය තම ප්‍රතිරූපය ඔප්නංවාගැනීමට විවිධ විදෙස් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් හා මහජන සම්බන්ධතා ආයතනයන් බිලීබා ගැනීමට යෙදවූ අති විශාල මුදලින් ඉතාම සුලූ කොටසක් ගනුදෙනු වී ඇති ආකාරය පමණකි.බොහෝ ගනුදෙනු සිදුව ඇත්තේ ඇමරිකාවේය.නමුත් බ්‍රිතාන්‍යයේ මෙන්ම ඉන්දියාවේ පවා වෙළද ප්‍රචාරක ආයතනයන් පසුගිය රජයේ ප්‍රතිරූපය නංවා ගැනීමේ කටයුතු වලට යොදවාගෙන ඇති බවට පැහැදිලි සාක්ෂි ඇත. 2014 දී සන්ඩේ ටයිම්ස් අනාවරණය කළ ආකාරයට ඩොලර් ලක්ෂ ගණනක මුදල් විවිධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වලට බැර කර ඇත.මුදල් වෙන්කිරීම් පිළිඹඳ සියලූ කටයුතු සිදුව ඇත්තේ හොර රහසේය. එසේ වුවත් ගුණවර්ධන,කබ්රාල්,වීරතුංග ත්‍රිත්වයගේ නම් මේ ගනුදෙනු වල නොයෙක් තැන්හි සදහන්ව තිඛෙනු හදුනාගත හැකිය.

ඇමරිකාවේ ක්‍රියාත්මක විදේශ නියෝජිතයින් ලියාපදිංචි කිරීමේ පණත අනුව 2008 - 2014 කාලයේදී ඇමරිකා සමාගම් රැසක් ශ්‍රී ලංකාව සමග ගිවිසුම් වලට එළැඹ ඇත.

ලිබර්ටි ජාත්‍යන්තරය, මැජෝරිටි සමාගම් සමූහය, තොම්සන් ඇඩ්වයිසරි සමාගම් සමූහය, බෙල්ට්වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටජීස්,ලෙවික් ස්ට්‍රැටෙජික් කමියුනිකේෂන්ස්,ක්‍රැන්ෆර්ඩ් ජොන්සන් රොබින්සන්,විජිලන්ට් වර්ල්ඩ්වයිඩ් වැනි සමාගම් ඒ අතර වේ.

මේ සා විදෙස් ප්‍රචාරක හා උපදේශක ආයතනයන් ප්‍රමාණයක සේවය ලබාගත්තද රාජපක්ෂ රජය සමයේ බටහිර හා අප රට අතර පැවති සබදතා තිබූයේ විනාශය කරා යමින්ය. ලබාදුන් මුදලට සරිලන සේවයක් මෙම ආයතනයන් සිදුකර ඇත්දැයි විමර්ෂණයක් සිදුව නොමැත. සුබේරි හා ඔහුගේ ඩබ්ලියු.ආර් සමාගම් සමූහයද ලබාගත් මුදලට සරිලන ලෙස ශී්‍රලංකාවේ ප්‍රතිරූපය ඇමරිකාවේ ඔප්නැංවීමට කුමක් කළේදැයි පැහැදිලි නැත.මෙසේ නාස්ති කර ඇත්තේ මහජන මුදල්ය.විගණනයක් සිදුව ඇත්දැයි විමසීම පවා විහිළුවකි.

මුදල් වලට සිදුවන්නට ඇත්තේ කුමක්ද? වියදම් පිළිබඳ ඇති තොරතුරු සීමිතය. සිකුරාදා ෆොරින් පොලිසි සගරාවේ පළව තිබූ ලිපියෙන් මුදල් වියදම් කළේ මොනවාටදැයි සුබේරිගෙන් විමසා තිබිණ,

‘ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ ව්‍යාපෘතියේ ගොඩක් දේවල් තිබුණා.ගොඩක් දෙනා ඒකට එක්වුණා.ඒ හින්දා කාටද මුදල් දිය යුත්තේ,කොපමණ මුදල් ප්‍රමාණයක්ද දිය යුත්තේ කියන එක අන්තිමට බොහොම සංකීර්ණ වුණා අපට. නමුත් වැරදුනු අවස්ථා තිබුණානම් ඒවා වහාම නිවැරදි කරන්නත් අපි කටයුතු කළා.’ ඔහු දී තිබූ පිළිතුර විය.

හිටපු රජයේ වගකිවයුතු පාර්ශවයන්ද, හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු ද සදහන් කළේ මේ සියල්ල දැන සිටියේ අතලොස්සක් බවයි. ගනුදෙනු නම් සියල්ලක්ම පාහේ සිදුවූයේ සජින් වාස් ගුණවර්ධනගේ යටතේ බව ඔවුහු පවසා සිටියහ.

මේ සම්බන්ධයෙන් විමසීමට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධ කරගත් අවස්ථාවේ ඔහු සන්ඩේ ටයිම්ස් වෙත පවසා සිටියේ අසන ප්‍රශ්න කෙටි පණිවුඩයකින් දන්වන ලෙසය.ඒ අනුව දුන් පොරොන්දු ඉටුකිරීමට සුබේරි කටයුතු කළේදැයි විමසා ඔහු වෙත කෙටි පණිවුඩයක් යැවීමට අපි කටයුතු කළෙමු.නමුත් ඔහු ඊට පිළිතුරක් එවූයේ නැත.මුහුණට මුහුණ හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියද එයටද ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

ඉහත නම් සදහන් කළ හිටපු ඇමැතිවරයා තම නම හෙළිනොකිරීමේ පොරොන්දුව මත තවත් තොරතුරු හෙළි කළේය.

‘මට දැනගන්න හැකිවුනු විදිහට නම් ඔවුන් සුබේරිගේ වැඩ ගැන පැහැදීමකින් නෙවෙයි ඉදලා තියෙන්නේ.මොකද එයා පොරොන්දු වුනු දේවල් ඉටු කරලා තිබුණේ නැහැ.ඉතින් එයාලා කළේ වෙන කෙනෙක් ගාවට ගිය එක.’ ඔහු පැවසීය.සුබේරි සමග පැවති ගිවිසුම 2014 සැප්තැම්බර් මාසයේදී හදිසියේ අවලංගු කෙරිණ.ඒ දෙපාර්ශවය අතර ගිවිසුම ඇතිවී මාස 4 ක් වැනි කෙටි කාලයක් ගතවූ තැනය.

නමුත් මේ වන විට සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ගොස් තිබිණ.කැබිනට් මණ්ඩලයවත්,පාර්ලිමෙන්තුවවත් මෙසේ රටින් පිටතට මුදල් ගලායමින් තිඛෙන බව දැන සිටියේ නැත.පළමු ගෙවීම බැර කර තිඛෙන්නේ 2014 මැයි මස 9 වැනිදා සුබේරිගේ බෑන්ක් ඔෆ් ඇමරිකා බැංකු ගිණුමටය.ඩොලර් 3,500,000 ක මුදලක් (රුපියල් 469,972,768) එසේ බැර කර ඇත. ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිඹද ගිවිසුම ප්‍රකාරව ලබාදෙන්නක් ලෙස මෙම මුදල හදුන්වාදී තිබේ.

නමුත් ගනුදෙනුව සිදුව ඇති ආකාරයේ කිසිදු විනිවිදභාවයක් නැත.ඉහත සදහන් කළ ඩොලර් ලක්ෂ 35 ක මුදල තමන් වෙත අයවිය යුතුයැයි සදහන් කර බිල්පතක්ඉදිරිපත් කර තිඛෙන්නේ සුබේරිගේ බිරිද රෙනී වූ ය.ඇවෙනියු වෙන්චර්ස් යැයි සමාගම් නාමයක්ද මෙම බිල්පෙතේ් මුද්‍රණය කර තිබේ.සොයාබැලූූ විට ඇවෙනියු වෙන්චර්ස් යනු දේශපාලන කටයුතු වලට හවුල්ව සිටින හෝ වෙළද ප්‍රචාරණයේ යෙදී සිටින හෝ සමාගමක් නොවන බව අනාවරණය විය.ඇවෙනියු වෙන්චර්ස් යනු මුදල් හා දේපළ කටයුතු හා පෞද්ගලීකරණය, විදේශයන් සමග සිදුවන හවුල් ව්‍යාපාර,දේශසීමා අතර සිදුවන මුදල් ගනුදෙනු ආදී කටයුතු ගැන උපදේශනය සපයන කුඩා පරිමාන පෞද්ගලික සමාගමක් බව සුබේරිගේ ලින්ක්ඩ්ඉන් පිටුවේ සදහන්ව ඇත.අමතරව ඔහු එම සමාගම සමග ඩොලර් බිලියන 15 ක ගනුදෙනුවක යෙදී තිඛෙන බවටද තොරතුරු ඇත.

ඇවෙනියු වෙන්චර්ස් බිල්පත ඉදිරිපත් කළ දිනය ලෙස සදහන් වන්නේ 2014 මැයි මස 5 වැනිදාය.දින 4 ක ඇවෑමෙන් ශී්‍රලංකා මහ බැංකුව අදාළ මුදල නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

කෙසේවුවත් මුදල් භාරගත් බවට කුවින්තාන්සියක් නිකුත් කර තිඛෙන්නේ සුබේරි හෝ ඇවෙනියු වෙන්චර්ස් හෝ නොව ඩබ්ලියු.ආර්.ගෘෘප් නම් තෙවන පාර්ශවයකි.එහි අධ්‍යක්ෂක යැයි නම් සදහන් මාර්ක් ස්කරුලිස් නැමැත්තෙක් කුවින්තාන්සියට අත්සන් තබා ඇත.ඩබ්ලියු.ආර් ගෘෘප් යනු විදෙස් රටවල් හා සබදතා පවත්වාගන්නා සමාගම් වෙනම ලියාපදිංචි කළ යුතුවීමේ පණත ප්‍රකාරව ඇමරිකාවේ ලියාපංදිචි කර තිඛෙන්නක් නොවේ.මේ අනුව සැළකූ විට එම සමාගම ශී්‍රලංකා රජය සමග මුදල් ගනුදෙනු වල යෙදී තිඛෙන්නේ ඇමරිකා රජයේ ඇස්වසාය.

2014 මැයි මාසයේදී සුබේරිට ඩබ්ලියු.ආර් ගෘෘප් හරහා මුදල් ලැබිණ.එම මුදල් එවා තිබුණේ ශී්‍රලංකා මහ බැංකුවය.විදෙස් රටක් සම්බන්ධ හෙයින් මෙම ගනුදෙනුවට අදාළ ඇමරිකාවේ කි්‍රයාත්මක පණත් හා නීති අනුව ඔහු කටයුතු නොකළේය.වාර්තාවී ඇති ආකාරයට සුබේරි හා ගිවිසුම අත්සන් කළ සමයේ ඩබ්ලියු.ආර් ගෘෘප් යැයි සමාගමක් තිබීද නැත.පරීක්ෂණ කටයුතු වලින් හෙළිව ඇති ආකාරයට එම සමාගම පිහිටුවා තිඛෙන්නේ 2014 ජූලි මස 14 වැනිදා වොෂින්ග්ටන් නුවරදීය.(දින 3 ක ඇවෑමෙන් ශී්‍රලංකා මහ බැංකුව මෙම සමාගමේ බැංකු ගිණුමට මුදල් බැරකිරීම අරඹා ඇත).

සුබේරිගේ බැංකු ගිණුමට අවස්ථා දෙකකදී මුදල් බැරකිරීමට ශී්‍රලංකා මහ බැංකුව කටයුතු කරන්නට ඇත්තේ ගිවිසුම අත්සන් කළ සමයේ ඩබ්ලියු.ආර් ගෘෘප් යැයි සමාගමක් පවා නොතිබුණු නිසා යැයි සිතිය හැකිය.එනම් මහ බැංකුව අනාගතයේ පිහිටුවන්නට නියමිතව තිබූ සමාගමක් සමග අවබෝධතාවයකට එළැඹ ගිවිසුමක් අත්සන් තබා ඇත.එම සමාගමට අදාළ බැංකු ගිණුමට මහ බැංකුව මුදල් බැරකරන්නට ගෙන ඇත්තේ සමාගම ආරම්භ කළායින් පසුවය.

දෙවන ගෙවීම ලෙස ඩොලර් ලක්ෂ 10 ක මුදලක් (රුපියල් 1,34,315,000) 2014 ජූනි මස 18 වැනිදා නිදහස් කිරීමට මහබැංකුව කටයුතු කර ඇත.මුදල බැර කර ඇත්තේ ඉමාඩ් සුබේරිගේ බැංකු ගිණුමටය.

වාස්,කබ්රාල්,වීරතුංග ත්‍රිත්වය අතර මේ ගනුදෙනුව සම්බන්ධයෙන් හුවමාරුවී ඇති විද්‍යුත් ලිපි මෙවැනිය.

සජින් වාස් - නිවාඩ්,කරුණාකර 2014 ජූනි මාසය සදහා වන ගෙවීම් සිදුකරන්න

වීරතුංග - මම මේ ගෙවීම් අනුමත කරනවා

කබ්රාල් - ස්තූතියි.ගනුදෙනුවට එකගයි.

තෙවැනි ගෙවීම තවත් ඩොලර් ලක්ෂ 10 ක මුදලකි.දිනය 2014 ජූලි මස 17 වැනිදාය.මෙවර නම් මුදල බැර කර තිඛෙන්නේ ඩබ්ලියු.ආර්.ගෘෘප් හි බැංකු ගිණුමටමය.සමාගම ආරම්භ කර ගතවන්නට ඇත්තේ දින කිහිපයක් යැයි අනුමාන කළ හැකිය.

අවසාන ගෙවීම ලෙස සදහන් වන්නේ 2014 සැප්තැම්බර් මස 14 වැනිදා ඩබ්ලියු.ආර්.ගෘෘප් බැංකු ගිණුමට බැර කර ඇති ඩොලර් ලක්ෂ 10 කි.මෙම ගෙවීම් සියල්ලක් ජනපති ලේකම් කාර්යාලයේ අනුමැතිය මත සිදුවන බව සදහන් කෙරෙන ලිපි තම අත්සනින් යුතුව මහබැංකු අධිපතිවරයා වෙත යොමුකිරීමට හිටපු ජනපති උපදේශක ලලිත් වීරතුංග කටයුතු කර ඇත.ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර සන්නිවේදන කටයුතු පිළිඹද වැඩසටහන යැයි එම ලිිපිවල ශීර්ෂයේ සදහන්ව තිබේ.

ඉහත කුවින්තාන්සිය ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර සන්නිවේදන වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඩබ්ලියු.ආර්.ගෘෘප් අතර ඇතිව තිඛෙන ගිවිසුම ප්‍රකාරව ඉදිරිපත් කර තිඛෙන්නක් බව මම මෙයින් සහතික කරමි. යැයි එම ලිපි වල දැක්වේ.වීරතුංග මේ අයුරින් සුබේරිට අවස්ථා දෙකකදීද,ඩබ්ලියු.ආර්.ගෘෘප් වෙත අවස්ථා දෙකකදීද ගෙවීම් සිදුකිරීම සහතික කර ඇත.මෙසේ ගෙවීම් සිදුකරන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඩබ්ලියු.ආර් ගෘෘප් ලබාදෙන සේවය සදහා යැයිද ඔහු තම ලිපිවල සදහන් කර තිබේ.

නමුත් ඇයි සුබේරිගේ පෞද්ගලික බැංකු ගිණුමට අවස්ථා දෙකකදීම මුදල් බැර කෙරුණේ? හේතුවක් ලෙස ඉහත සදහන් කළ අයුරින් එම සමයේ ඩබ්ලියු.ආර්.ගෘෘප් සමාගම නොතිබීම දැක්විය හැකිය.නමුත් ඩොලර් ලක්ෂ ගණන් මුදල් ලබාදීමට තරම් සුබේරි හා ශී්‍රලංකා මහ බැංකුව අතර තිබූ බැදීම කුමක්ද? සුබේරි යනු කෘතහස්ථ දේශපාලඥයෙක්ද නොවේ.ඔහුට ඇත්තේ ප්‍රමුඛ පෙලේ ඇමරිකා දේශපාලඥයින් හා සම්බන්ධතා පමණකි.නමුත් ඔහුට ඩොලර් ලක්ෂ ගණනින් මුදල් ලබාදීමට මහබැංකුව පසුබටව නැත.මෙම ලබාදුන් මුදලින් ශී්‍රලංකාවට,එහි ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ මොනවාද?

ෆොරින් පොලිසි සගරාව මේ පිළිඹදව සුබේරිගෙන් විමසා ඇත.

‘ප්‍රතිපත්ති නිසා අපට හැකියාවක් නැහැ කරන ගනුදෙනු ගැන ඔක්කොම විස්තර හෙළි කරන්න.’ ඔහු ඊට පිළිතුරු දී තිඛෙන්නේ ඇග බේරාගෙනය.

රටේ මූල්‍ය කටයුතු පිළිඹද ඉහළම නිලධාරියා වන මහ බැංකු අධිපතිවරයාට ඩොලර් ලක්ෂ ගණන් වලින් ගෙවීම් සිදුකරන්න ලෙස නියෝග ලබාදෙන්නට සජින් වාස් ගුණවර්ධනට හැකියාවක් ලැබුණේ කෙසේද? පැවතුනු රජයේ බොහෝමයක් පරිපාලන කටයුතු විනිවිදභාවයකින් තොරව සිදුවූ බවට චෝදනා ඇතත් මේ අවස්ථාව නම් සැබෑවටම පමණ ඉක්මවා යාමකි.මුදල් ගෙවිය යුතු පුද්ගලයින් තෝරාගත්තේත්.එසේ ගෙවිය යුත්තේ කොපමණ මුදලක්දැයි තීරණය කළේත්  කවුරුන්ද? මේ කටයුතු පාර්ලිමෙන්තුවට හා කැබිනට් මණ්ඩලයට නොදන්වා සිදුකිරීමට තීරණය කළේ කවුරුන්ද?

යුධ අපරාධ සම්බන්ධයෙන් ප්‍රබල මතයක් ගොඩනැගෙමින් තිබීම නිසා බටහිර දිනාගෙන එයට මුහුණදීමට පසුගිය රජය සීමාව ඉක්මවා කටයුතු කරන්නට ඇතැයි සිතිය හැකිය.කෙතරම් විවේචනය කළද බටහිර දිනාගැනීමට ඔවුන්ට කොපමණ වුවමනාවක් තිබුණාදැයි 2014 පෙබරවාරියේ කොළඹදී ලලිත් වීරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පළකළ අදහස් වලින් පෙනුනි.

‘දේශපාලන හයියක් නැතිව ඇමරිකාවේ මොකවත් කරන්න බැහැ.ඔවුන් ඔබට ඇහුම්කන් දෙන්නෙත් නැහැ.ඉතින් කරන්න දෙයක් නැහැ ඔබට සිදුවෙනවා ඒ දේශපාලඥයින් සමග හොද සම්බන්ධතා තියෙන පුද්ගලයෙක් එක්කවත් ගනුදෙනු කරන්න.ඔක්කොම තීරණය වෙන්නේ ප්‍රතිරූපය හදාගන්න කොච්චර උත්සාහයක් දරනවාද,ඒ වෙනුවෙන් අප යොදාගන්නා පුද්ගලයාට හරි සමාගමට හරි කොපමණ දක්ෂතාවයක් තිඛෙනවාද යන්න මත තමයි.’ ඔහු කීය.

පසුව එළැඹුණු මාර්තු මසදී රැස්වුනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට නැගී ඇති යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික විමර්ෂණයක් සිදුකිරීමට තීරණය කළේය.වහාම අප්‍රෙල් මාසයේදී සුබේරි හා ස්කරුලිස් ශ්‍රී ලංකාවට පැමිණියෝය.රාජපක්ෂ රජයේ ඉහළ නිලධාරීන් හමුවූ ඔවුහු අප්‍රෙල් මස අවසානය වන විට උපදේශන කටයුතු මැයෙන් ගිවිසුමකට එළැඹියහ.

දෛනම එකම පාසැලේ උගත්තෝ වෙති.සුබේරි දැනට සේවය කරන්නේ ස්කරුලිස්ගේ සිර්කා මොබයිල් නම් ජංගම දුරකතන මෘදුකාංග නිශ්පාදන සමාගමක විධායක නිළධාරියා ලෙසය.

සුබේරි ශ්‍රී ලංකා රජය හා ගිවිසුමකට එළැඹියායින් පසු ස්කරුලිස් ඛෙල්ට්වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටෙජීස් නම් සමාගමක් පිහිටුවා ගත්තේය.

මෙම සමාගමට මහ බැංකුවෙන් සෘජුව මුදල් ලැබී නැත.නමුත් ඩොලර් 850,000 (රුපියල් 114,167,750) ක මුදලක් ලැබී තිඛෙන අතර එම මුදල සමාගම් කිහිපයක් අතර ඛෙදා හැරීමට ඛෙල්ට්වේ පාලනාධිකාරිය කටයුතු කර තිබේ.ඩබ්ලියු.ආර් ගෘෘප් හා ඛෙල්ට්වේ සමාගම් ද්විත්වය සමගම 2014 සැප්තැම්බර් මස 30 වැනිදා සිට ශ්‍රී ලංකාව ගනුදෙනු නැවැත්වීය.

‘ඔවුන් පොරොන්දුවූ විදිහට ගෙවීම් සිදුකළේ නැහැ.හිග මුදල් තිඛෙනවා.හිතපු විදිහට අපි පටන්ගත්තු වැඩසටහන කි්‍රයාත්මක වුනේ නැති නිසා අපි අපේ කටයුතු සීමා කළා.එතකොට ශ්‍රී ලංකා රජය අපට මුදල් ගෙවන එක සම්පූර්ණයෙන්ම නතර කරලා දැම්මා.’ ෆොරින් පොලිසි සගරාවේ ලිපියේ සුබේරි අදහස් දක්වා ඇත්තේ මෙලෙසය.

සියල්ල එක් කළ විට ශී්‍රලංකා මහ බැංකුව සුබේරිට හා ඩබ්ලියු.ආර් ගෘෘප් වෙත ගෙවා ඇති මුදල ඩොලර් ලක්ෂ 65 ( රුපියල් 873,047,500) ඉක්මවයි.මේ සා මුදලක් වැයකළේ කුමක් වෙනුවෙන් වන්නට හැකිද?

සුබේරි හා ඔහුගේ සගයින්ගෙන් ඇමරිකාවේ ඇති රාජපක්ෂවරුන් සතු දේපළ පිළිඹද විමසීම සදහා පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර ඇත.

ඔවුන්ට පමණක් නොව ඇමරිකා පුරවැසියන් වන බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, දුමින්ද මනෝජ් රාජපක්ෂ, පුෂ්පා රාජපක්ෂ, තේජානි රාජපක්ෂ, බිමල්කා රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, යතේන්ද්‍ර රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ටද මෙලෙස සිතාසි නිකුත් කිරීමට ඇමරිකා අධිකරණය කටයුතු කර තිබේ.

මෙම කටයුතු හා සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරන්නේ මොවුන් මෙසේ අධිකරණයට කැදවෙන්නේ ඇමරිකාවේ රාජපක්ෂවරුන් සතුව කොපමණ දේපළ ප්‍රමාණවයක් තිඛෙනවාද යන්න සොයාබැලීමට බවයි. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපය නැංවීමට යැයි කියමින් ඇමරිකාවට එවූ මුදල් නියමිත පුද්ගලයින්ට නොව වෙනත් පුද්ගලයින් අතට ගොස් ඇතිදැයි විමර්ශනය කිරීමද මේ සමගම සිදුවන එම ආරංචි මාර්ග කියයි.



අදහස් (0)

‘මහින්ද පුම්බන්න ඇමෙරිකාවට දුන් 87 කෝටිය වතුරේ‘

ක්‍රිෂ්ණ Wednesday, 02 September 2015 01:16 PM

තිලක්-ඩුබායි,ඔය පද්මිණී වාගේ යථාර්ථය දැක දැක ඔවැනි මිනිසුන්ව පුම්බන අයවලුන් ඉන්න තාක්කල් හොරුන් යහතින් සුවසේ වැජඹෙති ........!!! (නි)

:       0       0

ලංකාප්‍රිය Wednesday, 02 September 2015 06:35 AM

කොහොමද වැඩ....!!! නියමයි නේද? කරලා තිබෙන දේවල් වලින් එළියට එන්නේ කීයෙන් කීයද? දැන් අපි බලාගෙන ඉන්නේ යහපාලනයෙන් මොවුන්ට දෙන දඬුවම් මොනවද කියලා.... (නි)

:       0       0

රූපවතී Wednesday, 02 September 2015 06:35 AM

කොයි රජයත් එකයි මට නම්. මහජන මුදල් පරිහරණයේදි අැයි කිසිම ජනාධිපති කෙනෙකු හෝ වගකිවයුත්තෙකු මහජනයාට භාණ්ඩාගාර බිල්පත්, අය වැය, ගෙවිම් දැන ගැනීමට කටයුතු නොකරන්නේ? එහෙම වෙනවා නම් හොරුන්ට හොරාකන්න බැරි වෙනවා සහ මහජනයා ඒ මුදල් වෙනුවෙන් කෑගසනවා. මේ රජයට පුලුවන් ජනතාවට මේ සියලු ගනුදෙනු දැනගැනිමේ විද්‍යුත් ක්‍රමයක් අැති කරන්න.එවිට අනාගත හොරු නැතිවේවි (නි)

:       0       0

ටිරෝන් Wednesday, 02 September 2015 06:37 AM

දුප්පත් අපේ බදු මුදල් මේ ගනුදෙනු වලට යොදාගත් අයට දියයුතු දඬුවම කුමක්ද? (නි)

:       0       0

වසන්ත Wednesday, 02 September 2015 06:46 AM

ආසියාවේ ආශ්චර්යය! (නි)

:       0       0

පති Wednesday, 02 September 2015 06:56 AM

විදේශ විනිමය ප්‍රතිපත්ති අනුව මෙසේ පිටරකට මුදල් යැවීම කියන මූලික නීතිමය තත්වය යටතේවත් මෙය නීති විරෝදී වේ. පින්කැටේ කඩලා රුපියල් 20 ගතත් අවුරුද්දක හිර දඬුවමක්නම් මේවට කොහොම වෙන්න ඕනෙද.(අ)

:       0       0

පහන් Wednesday, 02 September 2015 07:12 AM

ඕව බොරු , මෙච්චර දන්නවා වම් රටේ ලොකු අය මොනවා දන්නවා ඇතිද? එහෙනම් මෙහෙම කට වහගෙන ඉදිද, මෙච්චර දවස් කැගැහුවා විදියට ඕවත් කියනවනේ ? (අ)

:       0       0

අමිත Wednesday, 02 September 2015 07:58 AM

තොරතුරු ඇත්තනම් මෛත්‍රීපාල ජනපතිගේ රාජාසන කතාවට අනුව වැඩ කරන්න වැඩ අල්ලන්න තියෙන්නේ රාජපක්ෂලාගෙන්මයි. ඔන්න කලොත් වැඩ. නැත්තම් මේවත් සුපුරුදු ලෙස රාජපක්ෂලාට ගහන මඩ කියලා ඇග බේරාගනියි. (අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 02 September 2015 08:04 AM

අපිට ඔය ලතෝනිය අහල එපා වෙලා.මේවා කියවන්නත් අප්පිරියි. මොනවා හරි තියෙනවා නම් උසාවි නොයා පත්තරවල මහලොකු ලිපි දල වැඩක් නැත. (අ)

:       0       0

මොහමඩ් Wednesday, 02 September 2015 08:09 AM

නඩුවක් පැවරීමට තරම් සාක්‍ෂි තිබේද? (නි)

:       0       0

සිල්වා Wednesday, 02 September 2015 08:19 AM

ඔය දේවල් සම්පුර්ණ ඇත්ත රාජපක්ෂ රජය වැඩකළේ දෙබිඩි චරිතයක් හැටියට රට තුළ එකක් පිට එකක් ලංකාවේ නුගත් පිරිසට අවබෝධය අඩුයි නමුත් බුද්ධිමත් ජනතාවක් රට තුළ සිටපු නිසා ලංකාව බේරුනා ඉදිරියේදී හැමදෙයක්ම එලියට එ්වි එදාට තේරේවි අප්පචිගේ තරම. (බ)

:       0       0

සලාම් Wednesday, 02 September 2015 04:38 PM

අනේ මේවට මොකුත් වෙන්නේ නැහැ. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 02 September 2015 08:37 AM

දැන් විමල් මොකද කියන්නේ? මේවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 08:43 AM

මම නිකන්ද කියන්නේ මිනීමරු ප්‍රභාකරන්ට අවරුදු 35 කදී කරන්න බැරි වුණ විනාසය වගේ සිය දහස් ගුණයක විනාසයක් පසුගිය පාලකවරු විසින් පසුගිය අවරුදු 5-7 තුළ දී රටට කරලා තියෙනවා කියල. (අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 08:43 AM

රාජපක්ෂවරුන්ට මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි කියන්නේ හරියට "කජු අට කොස් අට" වගේ. (අ)

:       0       0

කිත්සිරි Thursday, 03 September 2015 07:41 PM

කවුරු කියන දේවල් පිළිගන්නවද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

සේනා Wednesday, 02 September 2015 08:51 AM

මේ ආණ්ඩුවෙන් වත් ඕවාට නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නේ නැති එකයි. (අ)

:       0       0

සඳ Wednesday, 02 September 2015 09:08 AM

සාක්ෂි ඇත්නම් නඩුදා,d වැරදී කාරයෝ අල්ලලා හිර දාන්න ඕවා අහල එපාවෙලා දැන්, ජන්දෙත් ඉවරයිනේ (ම)

:       0       0

උද්දික Wednesday, 02 September 2015 09:46 AM

මොනවා දැම්මත් වැඩක් නැහැනේ. කෝ නීති ක්‍රියාදාම. නිදිද පොලීසිය හෝ එෆ් සී අයි ඩී එක? (නදී)

:       0       0

අස්මිත් Thursday, 03 September 2015 12:44 PM

එකක් මතක තියාගන්න. මේවාට ශාපකරලා ඵලක් නැහැ. හෙටත් බත් පාර්සලයක් අරක්කු බාගයක් රුපියල් පන්සීයක් දුන්නොත් ඡන්දෙ දාන්න කට්ටිය ලංකාවේ ඉන්නවා! (නි)

:       0       0

ක්‍රිෂ්ණා Wednesday, 02 September 2015 10:31 AM

මේ දීර්ග ලිපිය කියවනකොටත් මට ඔලුව කැරකෙනවා,.පේනවා නේද රාජපක්ෂවරුන් ගහලා තියන ගැහිල්ල.දැන් පුසෝ වාගේ මෛත්‍රීට කිට්ටු වෙලා ඉන්නේ මේවාගෙන් බේරිලා ඉන්නයි.නව ජනාධිපති කියනවානේ රාජ්‍ය දේපොළ හොරා කාපු උදවිය ගැන දැඩි පියවර ගන්නවා කියලා.අපි විමසිල්ලෙන් ඉන්නවා වෙන දේ බලාගෙන.බලමු මොනවාද වෙන්නේ කියලා......! (බ)

:       0       0

දුමින්ද Wednesday, 02 September 2015 05:41 AM

මෙතරම් සාක්ෂි ඇත්නම් අධිකරණ ක්‍රියාමාර්ග කිමද පමා? (නි)

:       0       0

නුවන් Wednesday, 02 September 2015 05:42 AM

සියලු සාක්ෂි ඇත. නමුත් වෙන දෙයක් නැත (නි)

:       0       0

හිමන්ත Thursday, 03 September 2015 02:08 AM

අනෙක් වැඩ නැතුව ප්‍රතිරූප පිම්බීමත් බොරුවක් (නි)

:       0       0

සෙනරත් Wednesday, 02 September 2015 06:03 AM

දැන් රජය කරන්නෙත් ඇමෙරිකාව අල්ලාගෙන නැගිටින්නයි. පසුගිය රජයෙන්ද කර ඇත්තේ එයම විය හැකියි. (බ)

:       0       0

පෙරේරා Wednesday, 02 September 2015 06:12 AM

කවදා මේ කළ හොරකම් එළිවේද යන්න ගැන බලවත් සැකයක් තියනවා. . හවුල් ආණ්ඩුවෙන් මේවා යට ගසනවාට සහතිකයි. මෝඩ දුප්පත් මිනිස්සු මේවාට තව අවුරුදු කල්ප ගණන් ගෙවන්න වෙනවා.අනේ අපේ රට කවද නම් දියුණුවේද? (ම)

:       0       0

ලුම්බිණි Wednesday, 02 September 2015 06:17 AM

අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)

:       0       0

අතුල Wednesday, 02 September 2015 06:20 AM

ජනවාරි අට වැනිදා සිහිනෙන්වත් නොසිතූ දේශපාලන පරිවර්තනයක් සිදුවුයේ සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ කුමක් හෝ වාසනාවකට නම් බව දැන් දැන් හෙළිවන කරුණු වලින් පැහැදිලි වේ. මොවුන් නැවතත් බලයට පත්වුණි නම් ශ්‍රී ලංකාවේ අනාගතය කෙසේ වෙන්න තිබුනේ දැයි සිතීමටවත් අපහසුය. (නි)

:       0       0

සොපී Wednesday, 02 September 2015 11:17 AM

අනේ කාලේ වනේ වාසේ.......(ම)

:       0       0

ශාන් Wednesday, 02 September 2015 06:23 AM

අපේ රට නැතිම කරලා එහෙනම්. මේ හොර රැල අල්ලලා කොහොමහරි හිරේ දාන්න ඕනෑ. අපේ රටේ සල්ලි කොහොමහරි අයකර ගන්න ඕනෑ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 12:28 PM

පද්මිණි-ප්‍රංශය, දරුවන්ට කන්න අදින්න සල්ලි නැතුව අම්මලා ගඟට මුහුදට දරුවන් සමඟම පැනලා ජීවිතය විනාශ කරගන්න දුප්පත් රටක මෙහෙම රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරනවා කියන්නේ සහගහන අපරාධ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 12:28 PM

ක්‍රිෂ්ණා,ඔය තියෙන්නේ 1% ක් ගැන විතරයි.අපි දන්නවා රටේ ධනස්කන්දයට කරලා තිබෙන විනාශය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 753 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 672 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 143 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 946 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 198 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1151 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site