IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මහින්ද මට එපා : ශ්‍රීලනිපය දිනුවොත් අගමැතිකමට ඕනෑතරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා ‘

‘මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මේ රටේ ජනාධිපතිවරුන්ගෙන් මැතිවරණයකට ඇවිල්ලා පරාජය වෙච්ච එකම ජනාධිපතිවරයා. අනිත් ජනාධිපතිවරු නම්බුව තියාගෙන වාර දෙක කරලා ගෙදර ගියා. එතුමා ඇවිල්ලා ඒ වාර්තාව බින්දා ලංකාවේ පරාජය වෙච්ච පළවෙනි ජනාධිපතිවරයා විදිහට.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.

ටෙලිෆ්‍රොම්ටර ආධාරකයක් නොමැතිව ජනපති කතා කළේය.

ජනපති කළ සම්පූර්ණ කතාව පහතින්

මා  පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගන්න අවස්ථාව එනම් නොවැම්බර් 21 ආණ්ඩුවෙන් එළියට බහින්න කලින් එක දවසක්වත් රනිල් වික‍්‍රමසිංහ මහත්මයා හමු වී තිබුණේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය එක දවසක් හමුවෙලා පැයකට අඩු කාලයක් සාකච්ඡා කළේ. අපේ මැතිවරණ ප‍්‍රකාශනයත් එක්ක සංවිධාන, දේශපාලන පක්ෂ, කණ්ඩායම් 49 ක් අත්සන් කළා.

ඒ 49 වැඩ කළ අය විශේෂයෙන් වැඩි පිරිසක් මම පෞද්ගලිකව දැනගෙන හිටියෙත් නැහැ. එතකොට මැතිවරණ ප‍්‍රකාශනය හැදුවෙත්මැතිවරණ ව්‍යාපාරය සකස් කළෙත් ඒ අත්සන් කළ සංවිධානවල නියෝජිතයින් ප‍්‍රමුඛව ප‍්‍රධාන පිරිස්.  ඒ  එක්කම එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව ජනරල් සරත් ෆොන්සේකා මහත්තයාගේ   ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, ඒ වගේම මුස්ලිම් කොංග‍්‍රසය, මුස්ලිම් ජාතික පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය ගිවිසුමක් නැතිව, ජනතා විමුක්ති පෙරමුණ ගිවිසුමක් නැතිව ඒ විදිහට ලොකු සහයෝගයක් ලැබුණා.

ඒ ලැබුණු සහයෝගය තුළ අපට ජයග‍්‍රහණය ලබාගන්න පුළුවන්කම ලැබුණා. ඒ ජයග‍්‍රහණය ලැබී   ජනවාරි 09 වැනිදා සන්ධ්‍යාවේ මේ වගේ වෙලාවක ජනාධිපතිවරයා විදිහට දිවුරුම් දී  මැතිවරණ ප‍්‍රකාශනයේ තිබුණු කරුණු සහ මම ඇති කරගත් එකඟතාවය කි‍්‍රයාත්ම කිරීමේ වගකීම මා වෙත පැවරුණා.

මම ජනාධිපති ධූරයේ දිවුරුම් දීලා ඉතාම සුළු මොහොතකින් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති විදිහට පත් කළා. මම ජනවාරි 08 ට කළින් අත්සන් කරලා තිබුණ එකඟතාවයන් දෙකක් තිබුණා. ඒ දෙකින් එකක් තමයි මේ මැතිවරණ ප‍්‍රකාශනයට අදාළ කරුණු සම්බන්ධයෙන් අර පක්ෂ සංවිධාන කණ්ඩායම් එකතුව 49 ක් අපි අත්සන් කරපු ප‍්‍රකාශනය එකක්.

ඊලගට අත්සන් කරලා තිබුණ එකම දේ තමයි මම ජනාධිපති ධූරයට පත්වෙලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති ධූරයට පත්කරනවා කියන එක. ඒ අනුව මම දිවුරුම්දී  සුළු මොහොතකින්   රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති ධූරයට පත් කළා.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති ධූරයට පත් කරනකොට පාර්ලිමේන්තුවේ තත්ත්වය කුමක්ද? පාර්ලිමේන්තුවේ 225 යි මන්ති‍්‍ර සංඛ්‍යාව. රනිල් වික‍්‍රමසිංහ අගමැති කරනකොට එක්සත් ජාතික පක්ෂය මන්ති‍්‍රන් සංඛ්‍යාව 47 යි. 225 ක් ඉන්න පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරුන් 47 දෙනෙක් ඉන්න පක්ෂයේ නායකයා මම අගමැති විදිහට පත් කෙරුවා. දැන් අද පවතින දේශපාලන වාතාවරණය තුළ   මා  බලයට පත් කළ ඇතැම් අය මාගේ හිතවතුන්,   දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කරනවා, චෝදනා පත‍්‍ර දෙනවා, මම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය භාරගත් එක වැරදි, එය භාරගන්නේ නැතිව ඉන්නයි තිබුණේ කියා.

 මේ ප‍්‍රකාශනය හදපු මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කරපු ඒ සියලූ එකාබද්ධ සංවිධානවල එකඟතාවය සහ තීන්දුව පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව දින 100 වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන්න. මේ දින සියයේ වැඩපිළිවෙල කියන එක ඔබ දන්නවා එහි කාර්ය භාර්යය එසේ මෙසේ දෙයක් නොවන බව.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න, මම ජනතාවට දුන් පොරොන්දුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හෝ එහෙම නැත්නම් බලතල අඩු කරලා පාර්ලිමේන්තුවට දෙන්න, ස්වාධින කොමිසන් සභාවලට බලය  දෙන්න, අනිත් ආයතනවලට දෙන්න , ඇමති මණ්ඩලයට දෙන්න ඕනෑ.  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය භාරගත්ත එක මා කළ බරපතල වැරුද්දක් කියා චෝදනා කරන මගේ මිත‍්‍රයින්ගෙන් මම අහන ප‍්‍රශ්නය තමයි මේ 47 දෙනෙක් ඉන්න පක්ෂයේ නායකයා අගමැති කරලා කියනවා මට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න 19 වැනි සංශෝධන,  විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හෝ බලතල කප්පාදු කිරීම?   මම මේ තනතුරට එන්න කළින් අත් දෙකම ඔසවගෙන ආවේ තනතුර අහෝසි කිරීම හෝ බලතල කප්පාදු කිරීමට.  ඕන එකකට මම එකගයි. මම එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. ඒක තමයි මගේ ප‍්‍රතිපත්තිය. මේ රටේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා. රටේ පොදු මහජනතාව වෙනුවෙන්.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය මම භාරගත්තේ ජනවාරි 16. ඒකත් මම බලෙන් භාරගත්තේ නැහැ, මම ඉල්ලූවෙත් නැහැ. මට ආරාධනා කළා භාරගන්න කියලා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක්, ඒ පිරිස කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා හමු වෙමු කියා. තමුන්නාන්සේලා දන්නවා කථානායකතුමාගේ නිල නිවසේ විනාඩි 10, 15 ක සාකච්ඡාවක්. පක්ෂය භාරගන්න කිව්වා. මම කිව්වා කැමතියි කියලා. පහුවදා මධ්‍යම කාරක සභාව, විධායක සභාව රැස් වුණා. භාරදුන්නා.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය.  එවිට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා එක්සත්ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා. ඒ නිසා පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් තිබෙන මන්ති‍්‍රවරුන් 142 ක්  නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙත් නායකයා මම වුණා, සභාපති වුණා. ඒ නිසා මේ දින සියයේ සාර්ථකත්වය ගන්න පුළුවන් වුණා.  19 වන සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට පුළුවන් වුණා. ඒ විතරක්ද අද එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව සියලූදෙනා කථා කරන ජනතාවට දුන් සහන රජයේ සේවකයින්ට පඩි වැඩිකරපුවා, තෙල් මිල, ගෑස් මිල, බඩු මිල අඩුකරපුවා ඒ සියල්ල කරන්න පුළුවන්කම ලැබුණේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ සභාපති ධූරය මම භාර අරගෙන මේ මැතිවරණ ප‍්‍රකාශනයේ තිබෙන කරුණු ඉෂ්ට කරන්න සන්ධානය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මම මෙහයවපු නිසයි.

මම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති නොවි මහින්ද රාජපක්ෂ මහත්තයා සභාපති විදිහට හිටියනම් 19 වන සංශෝධනය සම්මත කරන්න දෙන්නේ නැහැ ඔවුන්. පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිවරයාගේ අය වැය යෝජනා සම්මත කළේ ඒකත් ඡන්දයෙන්. මහින්ද රාජපක්ෂ මහත්තයා සභාපතිකමේ හිටියනම ජනතාවට ලබා දුන් මේ සහන බඩු මිල අඩු කිරීම්, තෙල් ගෑස් මිල අඩු කිරීම්, පඩි වැඩි කිරීම් මේ කිසි දෙයක් කරන්න ඒ අය වැය යෝජනා සම්මත කරන්න දෙන්නේ නැහැ.

එතකොට මේ දින 100 සාර්ථකත්ව අද කථා කරන මේක අපි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව මගේ ජයග‍්‍රහණය වැඩ කරපු සංවිධාන පක්ෂ 49 ක් මේ වැඩපිළිවෙල නිර්මාණය කළා වගේම ඒ නිර්මාණය කළ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීමේදී එහි මුළු ගෞරවය පාර්ලිමේන්තුවේ ඊට සහයෝගය දුන්න, අත ඉස්සූ සියලූ දෙනාට දෙනවා.

19 වන සංශෝධනයට 225 න් 215 ක් ඡන්දය පාවිච්චි කළා. මම මම කියපු දේවල් නොකරන කෙනෙක්නම් ඒ වගේම දැන් සමහර අය මේ දවස්වලට මට කියනවනේ දුෂ්ටයා, ද්‍රෝහියා, පාවා දෙන්නා මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මල් පිපිලා. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෝරේ ගලා යනවා ලංකාවේ ජනවාරි 08 වෙනිදායින් පස්සේ. මේ රටේ විධායක ජනාධිපති ධූරය 78 හදපු දවසේ ඉදලා ජනවාරි 08 වනදා මේ රට පාලනය කරපු රාජ්‍ය නායකයින්,ජනාධිපතිවරු ඒ කිසිකෙනෙකුට මේ සුමානයේ දෙකේ මට ගහන ගැහිල්ල ගහලා නැහැ.

ද්‍රෝහියා, දුෂ්ටයා, පාවා දෙන්නා ඒ එක් එක් යුගවල මාධ්‍යාවේදින්ට සිද්ද වුණ දේවල් මාධ්‍ය හිර කරපු හැටි, නිදහස් මාධ්‍ය වළලපු හැටි එක් එක් යුගවල මම ඒවා කියන්න කාලය ගන්නේ නැහැ, ඔබ වගේම මේ රටේ විශේෂයෙන්ම විධායක ජනාධිපති ධූරය හදපු දවසේ ඉදලා මේ රටේ වුණ දේවල් දන්න සියලූදෙන් ඒ ගැන දන්නවා.

සමහර වෙලාවට මට හිතෙනවා එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මැතිතුමා 56 පොදු ජන ආණ්ඩුව පිහිටුවලා රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරලා කම්කරු අයිතිවාසිකම් දීලා නිදහස් දීලා ප‍්‍රගතිශීලි අන පනත් සම්මත කරලා මහ පරිවර්තනයක් රටේ කරනකොට බණ්ඩාරනායක මැතිතුමා අවුරුදු තුන හමාරයි ආණ්ඩු කළේ වැඩ වර්ජන 459 යි.

බණ්ඩාරනායක මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයත් කැබිනට් එක වර්ජනය කෙරුවා. ඇමති මණ්ඩල රැස්වීම වර්ජනය කෙරුවා. වැඩ වර්ජන එක දිගට යනකොට ඊට කළින් හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමා කිව්වා මම බැ`දපු බල්ලෝ බණ්ඩා ලෙහෙලා දැම්මා කියලා. දැන් බණ්ඩාට හපා කනවා කිව්ව.

ජනාවරි 08 වෙනිදා මේ රටේ ජනතාව කරපු පරිවර්තනයට නායකත්වය දුන්න, මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැහැදිළි ලෙස ස්ථාපිත කරපු  ඒ සදහා වගකීම් අරගෙන කටයුතු කරපු මට මේ ඇතැම් මාධ්‍ය ආයතන සහ ඇතැම් දේශපාලන විවේචකයෝ, විචාරකයෝ මේ අත තද කරල ලියනකොට ද්‍රෝහියා, දුෂ්ටයා, පාවා දෙන්නා කියලා මම ඒගොල්ලන්ට කියනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ  රස හො`දට භුක්ති විදින්න.  ජනවාරි 08 වෙනිදා කරපු පරිවර්තනයෙන් මේ රටේ නිර්මාණය කරපු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය විනාශ කරන්න එපා.

මාස 06 ක් ඇතුළත් මේ වචන පාවිච්චි කරනවනම් මම දන්නවා ජනවාරි 08 කළින් අද මට මේ පාවිච්චි කරන වචන පාවිච්චි කරලා තිබුණානම් එහෙම මේ මට ගහන ගැහිලිවලින් සියයෙන් එකක් ගැහුවානම් ඒ ගහන අයට වෙන්නේ මොනවද කියලා වෙච්චි දේවල් එක්ක මේ රටේ ජනතාව තමුන්නාන්සේලා හැම කෙනෙක්ම දන්නවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. රාජාණ්ඩුවක්නේ තිබුණේ. තමුන්නාන්සේලාගේ මාධ්‍ය ආයතනවලට කොහොමද උපදෙස් දීලා තිබුණේ ජනවාරි 08 ට කළින්. ඇමතිවරුන්ට ගහන්න  ඕන තරම්, හැබැයි රාජපක්ෂ පවුලේ කාටවත් ගහන්න එපා.

ඉතින් මේ මාස 06 තුළ මේ රටේ ඝාතනය නැහැ, ලේ වැගිරීම් නැහැ, මහ කොළහාල නැහැ,මේ රට සාමකාමී, නිදහස්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී. ඉතින් මේ දේශපාලන කළමණාකරනය පාර්ලිමේන්තුවේ 225 ක් ඉන්න තැන 47 කින් අගමැති කෙනෙක් පත් කරගෙන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා අය වැය ඒකමතිකව සම්මත කරලා මේ සියල්ල එක්ක විශේෂයෙන්ම යන විට මේ රටේ අවශ්‍ය වෙනස්කම් පැහැදිළි ලෙස කිරීමේ අවශ්‍යතාවය මට තිබුණා.

මේ සිදුවීම් එක්ක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය තුළ අර්බුද ඇති වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා මට පක්ෂය භාරදුන්නට භාර දීලා සුමාන දෙක යනකොට අනිත් පැත්තට හැරිලා කකුලෙන් අදින්න පටන් ගත්තා. පක්ෂය නිර්මල, පිවිතුරු, පවිත‍්‍ර පක්ෂයක් විදිහට ¥ෂණයෙන්, වංචාවෙන් එවැනි පුද්ගලයින්ගෙන් තොර අවස්ථාවාදින්ගෙන් රාජ්‍ය දේපළ මංකොල්ල කන මිනිස්සුන්ගෙන්, බලය වැරදි විදිහට පාවිච්චි කරන අයගෙන්, පවුල්වාදයෙන් තොර පක්ෂයක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගොඩන`ගන්න මම විශාල උත්සහයක් අරගෙන තමයි කටයුතු කළේ.

එක් පැත්තකින් පාර්ලිමේන්තුවෙන් 47 ක් ඉන්න නායකයෙක් අගමැති කරලා ආණ්ඩුක් ගෙනියන්න  ඕන. අනෙක් පැත්තෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න  ඕන. මම කියපු වෙනස්කම් කරන්න  ඕන පාර්ලිමේන්තුවේ කැමැත්ත අරගෙන.

ඊළගට මට විරුද්ධව රට පුරා රැුස්වීම් තියලන්න පටන් ගත්තා සන්ධානයේ නායකයෝ. රට පුරා රැුස්වීම් තියලා  කියන්න ගත්තා මේකට 10 ක් නැග්ගා,අරකට 25 ක් නැග්ගා, මේකට 40 නැග්ගා, මේකට 50 ක් නැග්ගා කාටද මේ අභියෝගය කළේ මේ අභියෝගය කළේ එක්සත් ජාතික පක්ෂයට නෙවේ, ඒ අභියෝගය කළේ කවුරුත් දන්නවා මටයි.

එතකොට එක්ක පැත්තකින් කියනවා ඇයි මේ විනය කි‍්‍රයාමාර්ග ගන්නේ නැත්තේ. ඇයි මේ මන්ති‍්‍රවරුන්ට චෝදනා පත‍්‍ර දෙන්නේ නැත්තේ. ජාතික ආණ්ඩු සංකල්පයට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව එක`ගතාවය පළ කළා.

පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීන්දු ගත්තා. කිසිම විරෝධයක් නැතිව. නමුත් එහෙම තීන්දු අරගෙන විරුද්ධව කටයුතු කරනකොට පක්ෂය තුළිනුත් කිව්වා, රටෙනුත් කිව්වා දේශපාලන ප‍්‍රතිවාදිනුත් කිව්වා ඇයි මේ විනය පරික්ෂණ කරන්නේ නැත්තේ ඇයි මන්ති‍්‍රවරු සංවිධායකකම්වලින් අස් කරන්නේ නැත්තේ, ඇයි  ඕගොල්ලන්ට විනය පරික්ෂණ කරලා මන්ති‍්‍ර ධූර ඉවත් කරන්න කටයුතු කරන්නේ නැත්තේ. විනය පරික්ෂණ කරන්න කොහොමද, සංවිධායක ධූරවලින් අස් කරන්නේ කොහොමද. ඇයි මේ පාර්ලිමේන්තුව ගෙනියන්න එපැයි 47 ක මන්ති‍්‍රවරුන් ඉන්න අගමැතිවරයෙක් එක්ක. පනතක් සම්මත කරන්න එපැයි පාර්ලිමේන්තුවේ. පනත් සම්මත කරන්න පු`ථවන්ද, ව්‍යවස්ථා සංශෝධනය පු`ථවන්ද,  අය වැය යෝජනා සම්මත කරන්න පු`ථවන්ද, ස්වාධින කොමිසන් සභා ගේන්න පු`ථවන්ද, ඒ එකක්වත් කරන්න බෑ. ඒ නිසා ඒ සියලූ විනය විරෝධි වැඩ කරද්දි මේ දින 100 වැඩපිළිවෙල කි‍්‍රයාත්ම කරන්න, මම භාරගත්ත  රටේ ජනතාවගේ වගකීම් ඉටු කරන්න මම ඒවා නොදැක්කා වගේ හිටියා. මම ඉතාම නම්‍යශිලි වුණා. මම දන්න විදිහට මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් මේ විදිහට නම්‍යශිලි වෙලා නැහැ තමන්ගේ පක්ෂයේ ඉන්න පිරිස් මේ විදිහට හැසිරෙනකොට. ඒ නම්‍යශිලි වුණේ ජනතාවට දුන් ප‍්‍රතිඥාව ඉෂ්ට කරන්න. මැතිවරණ පොරොන්දු ඉෂ්ට කරන්න. ජනාධිපති ධූරයේ බලතල ඉවත් කරන්න. ජනතාවට දුන් පොරොන්දු ඉස්ට කරන්න. පරදින අය වැය සම්මත කරන්න. ඒවට තමයි ඒ විදිහට සහයෝගය දුන්නේ.

ඉතිස් මේ සියල්ල එක්ක ගත්තහම අපි දන්නවා මේ පසුබිමත් එක්ක අපි අද මහ මැතිවරණයකට ගිහිල්ල තියනවා මේ මහ මැතිවරණයේ ප‍්‍රතිඵල තුල ප‍්‍රධාන වශයෙන්ම ඉදිරි අවුරුදු 05 මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඒ වගේම ආර්ථිකය පිළිබ`ද ප‍්‍රධාන වශයෙන්ම වගකීම, රට හැසිරවීම, කළමණාකරනය ප‍්‍රධාන වශයෙන් එන්නේ මේ මැතිවරණයෙන් බලයට පත්වෙන ආණ්ඩුවට.

දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැබීම පිළිබ`දව දැන් මට චෝදනා තුනක් එල්ල කරනවනේ මේ දවස්වල. එකක් තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාර ගැනීම වැරදියි කියලා,මම ඒකට උත්තර දුන්නා. අනෙක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාව හමුවීම වැරදියි කියනවා. ඊළගට තුන්වනව කියනවා අපේක්ෂකත්වය දුන්න එක බරපතල වැරුද්දක් කියලා.

දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මාව හමුවුණේ මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවා අවස්ථා තුනක හමුවුණා් පළමු අවස්ථාව තමයි කථා නායක නිල නිවසේ පක්ෂය භාරගන්න පළමු හමු වීම, දෙවැනි හමුවීම තමයි මු`ථ රටම දැක්කා දෙපාර්ශවයේම නියෝජිත පිරිස් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ හමුවීම්. ඒ හමුවට ඇවිල්ලා වාඩිවෙලා ඒ ආපු නියෝජිතයෝ ඉස්සෙල්ලම පටන් ගත්තේ ඉදිරි මැතිවරණය එනවා ඒකදී ඒ ඉල්ලීම් 04 ක් ඉල්ලූවා.

පළමු ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහත්තයාව ඡුන්දයෙන් පස්සේ අගමැති කරන්න. අගමැති අපේක්ෂකයා කරන්න. ඊළගට ඒ දිනවල තිබුණු පසුබිමත් එක්ක පාර්ලිමේන්තුවේ තිබුණු යම් යම් යෝජනාවලට විරෝධය පළ කරන්න මේ වගේ කරුණු තමයි ඉදිරිපත් කළේ. මම මහින්ද රාජපක්ෂ මහත්තයා හමුවෙලා පාර්ලිමේන්තුවේ කථා කරපු සාකච්ඡුාවේදී එකහෙළාම මම ප‍්‍රතික්ෂේප කෙරුවා අගමැති ධුරය දෙන්න මම කැමතිත් නැහැ, අගමැති අපේක්ෂකයෙක් විදිහට පත් කරන්න මම කැමැතිත් නැහැ. කිසිසේත්ම මම මේවට එක`ගතාවයක් දක්වන්නේ නැහැ. එතකොට මගෙන් ඇහුවා ඇයි විරුදුධ වෙන්නේ කියාල. මම කිව්වා  ජනවාරි 08 වෙනිදා ලැබු ජයග‍්‍රහණය ආපසු හරවන්න මට දෙන්න බැහැ කියලා.

අනිත් එක මම කිව්වා ඔබතුමා ඡුන්දයකට ආපුහම ඡුන්දයක් ජයග‍්‍රහණය කරන්න අවශ්‍ය මූලික කාරාණ සම්පූර්ණ වෙන්න  ඕන. මොනවද ඒ මූලික කාරණා. මම කිව්වා මේ රටේ දමිළ, මුසිල්මි ඡුන්ද හම්බවෙන්නේ නැහැ තමුන්නාන්සේ ආපුහවම ඒ පක්ෂයට.

ඊළගට මු`ථ ලෝකය පුරාම ගලා යන නව දේශපාලන සංස්කෘතියත්, රටවල්වල රාජ්‍යයන්හි තිබෙන ¥ෂණ විරෝධි රැුල්ලබලය වැරිදි විදිහට පාවිච්චි කිරීම, මේ රටේ උගත්, බුද්ධිමත් පිරිස් වගේම මධ්‍යම පාන්තික පිරිස් තුළින් ප‍්‍රධාන වශයෙන් මේ රටේ යහපාලනයක් ස`දහා මාව පත් කරනකොට ඒ තැබු විශ්වාසය තුළ මම කටයුතු කරනවිට ඒ පැත්තෙන් ඔබ සම්පූර්ණ වෙලා නැහැ.  යහපාලනයට අවශ්‍ය සුදුසුකම ඔබ ලබලා නැහැ. අනෙක් පැත්තෙන් තරුණ පරපුර ඔබට ඡුන්දය පාවිච්චි කරන්නේ නැහැ. ඔබේ පාලන කාලය තුළ බරපතල වැරදි නිසා. රාජාණ්ඩු ක‍්‍රමය නිසා. වංචා ¥ෂණ පවුල් වාදය නිසා ඡුන්දය පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මැතිවරණයකට ඇවිල්ලා මේ පක්ෂය පරද්දන්න එපා කියලා මම කිව්වා. ඒ සාකච්ඡුාව අවසන් වුණා ප‍්‍රතිඵලයක් නැතිව.

ඒ අතරවාරයේ අපි ආණ්ඩුව විදිහට පාර්ලිමේන්තුව විදිහට කටයුතු කරගෙන ගියා. මැතිවරණය ඉතාම ආසන්න තත්ත්වයට ආවා. දැන් 19 වන සංශෝධනය සම්මත කරනවා. 19 වන සංශෝධන සමත්ත කරනකොට ප‍්‍රධාන වශයෙන්ම වුවමනාව තිබුණේ ප‍්‍රමුඛව මටත්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, සරත් ෆොන්සේකා මැතිතුමා පක්ෂය  ඇතුලූ මාව බලයට පත් කරපු ඒ සංවිධානව ඔක්කොම එක්ක. එතකොට බලයට පත්කිරීමත් එක්ක ඒ ආපු කාරණා තුළ ප‍්‍රධාන වශයෙන්ම බලයට පත් කරලා ඉදිරියට යාමේ කටයුතුවලදී 19 වන සංශෝධනය සම්මත කරන්න යනකොට ඇහුවා කෝ 20 කියලා. එතකොට මම කිව්වා දැන් 19 සම්මත ගැසට් කරලා තිබෙන්නේ ඒ පිළිබ`ද පවතින නීතිමය තත්ත්වය එක්ක දැන් 19” 20 යි එකට යන්න බැහැ. 19 ගැසට් කරලා ඉවරයි, උසාවියට, ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා 20 අමුණන්න බැහැ. ඒ නිසා 20 වෙනම එන්න  ඕන.

එතකොට සන්ධානයේ මන්ති‍්‍රවරුන් කිව්වා අපි 19 ට අත උස්සන්නේ 20 ගේනවා කියන පොෙරොන්දුව උඩ. මම රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඇතුලූ ආණ්ඩුවේ අනිත් සියලූදෙනා එක්ක කථා කරලා සන්ධානයේ ඡුන්ද ගන්නනම් 19 ට 20 ගේන්න  ඕන. ඔව් ගේමු කිව්වා. එතකොට ඒ අනුව 19 ඉවරවෙලා දැන් මම බලාගෙන ඉන්නවා 20 එනකම්. 19 හැදුවේ මම නෙමෙයිනේ. මගේ පූර්ණ එක`ගතාවයෙන් නීති විශාරදයෝ සහ ඒ ඒ පක්ෂවල අය තමයි 19 හැදුවේ. දැන් මම බලනවා කෝ 20. ඒ එක්කම සන්ධානයේ මන්ති‍්‍රරු අහනවා කෝ 20. දැන් 20 හැලිලා. එතකොට මට මතකයි මේ මැතිවරණ ප‍්‍රකාශනයත් එක්කම අපි ස`දහන් කරලා තිබුණා 19 වගේම 20 ඒවගේම තොරතුරු දැන ගැනීමේ පනත, විගණන පනත මේවා බොහොම පැහැදිළිව මැතිවරණයෙත් කියපුවා.

විගණන පනත සහ තොරතුරු දැන ගැනීමේ පනත හැදුවා. එතකොට 20, 19 හදපු අයගෙන් හැලූනා. තොරතුරු පනත නැහැ. විගණන පනත නැහැ. මේ රටේ වංචා දුෂණ පිළිබ`ද රාජ්‍ය අංශය කථා කිරීමේදී ප‍්‍රධාන වශයෙන්ම මේ රටේ ටෙන්ඩර් ක‍්‍රමය අන්ත ¥ෂිතයි. මම මේක මීට අවුරුදු 10 කට කළින් ඉදලා කියලා කියනවා. ඒක රටම දන්නවා. ඒ නිසා තමයි මේ ටෙන්ඩර් ක‍්‍රමයේ තිබෙන ¥ෂණ වළක්වලා මේ රටේ හො`ද මුල්‍ය කළමණාකරනයක් ඇති කරන්න දුෂිත ක‍්‍රමයෙන් තොර ටෙන්ඩර් ක‍්‍රමයක් ඇති කරන්න  මුල්‍ය අංශවල හො`ද මුල්‍ය විනයක් ඇති කරන්න මේ විගණන පනත ගෙනාවේ.

දැන් මේ ප‍්‍රශ්ණත් එක්ක අනෙක් පැත්තෙන් ආවා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් පැමිණිල්ලක්්. මේ පිලිබ`දව කමිටුවක් පත් කරලා එහි වාර්තාවක් ආවා. ඊළගට පාර්ලිමේන්තුවේ ගිණුම කාරක සභාවේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා සම්බන්ධයෙන් මගේ තිබෙන මතය වගේම රටේ පොදු ජනතාව අතර මතයක්, අදහසක් තියනවා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හොරකම් කරන කෙනෙක් නෙවේ,  දුෂීතයෙක් නෙවේ කියලා, මේ මහ බැංකු අධිපතිවරයාගේ ඒ ප‍්‍රශ්ණය ආවහම මේ පිළිබ`ද වරින් වර කරපු සාකච්ඡුාවලදී මම අවසාන වරටත් එතුමාට කිව්වා ඔබතුමාට හො`ද නමක් තිබෙනවා මේ සිද්ධියත් එක්ක තිබෙන පසුබිම තුල ඔබතුමා නිවරැුදි වෙන්න  ඕන. ඒ නිසා හො`දම දේ තමයි මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වෙන එක කියලා.

එතකොට මෙවැනි පසුබිමක් එක්ක තමයි අපි ආවේ නාම යෝජනා දක්වා. දැන් නාම යෝජනා දක්වා එනකොට මූලික වශයෙන් මම ස`දහන් කරන්නට  ඕන මේ රටේ දේශපාලන පක්ෂවල මැතිවරණයක් අවස්ථාවේදී ඒ ඒ දේශපාලන පක්ෂවල තිබෙන ව්‍යවස්ථාවේ හැටියට පක්ෂයේ ප‍්‍රතිපත්ති අනුව කොහොමද අපෙක්ෂකයෙක් තෝරන්නේ කියලා. එම කි‍්‍රයාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් තේරිමේ කි‍්‍රයාවලිය දන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ ඉන්න අය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකියන් තේරිමේ කි‍්‍රයාවලියේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය. දේශපාලන පක්ෂවලත් එහෙමයි. එතකොට මේ අපේක්ෂකයින් තේරිමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්ම කිරීමේදී විශේෂයෙන්ම ස`දහන් කරන්න  ඕන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය කොහොමද අපේක්ෂකයින් තෝරන්නේ. ඉල්ලූම් පත‍්‍ර කැ`දවනවා. නාම යෝජනා මණ්ඩල පත් කරනවා. ඊළගට නාම යෝජනා මණ්ඩලයෙන් පස්සේ  මධ්‍යම කාරක සභාව අනුමත කරනවා. මේක තමයි මේ තිබෙන ක‍්‍රමය. දැන් ඉතා පැහැදිළිව මේ තත්ත්වයත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේක්ෂකත්වය දීම පිළිබ`ද මගේ කිසිදු එක`ගතාවයක් නැහැ කියන එක මම සෑම කෙනෙක්ටම ප‍්‍රකාශ කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ  දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශගේ පක්ෂය, තිස්ස විතාර, ඩියු ගුණසේකර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ මහජන පක්ෂය, පොඩි අප්පුහාමි මහතාගේ පක්ෂයේ මේ පක්ෂ නායකයෝ ඔක්කොම මේ ශාලාවේ. මේ තිබෙන ලීවලට, බිත්තිවලට කථා කරන්න පු`ථවන්නම් කථා කරලා කියයි මම කිව්වේ මොනවද කියලා. මම ඒ පක්ෂ නායකයෝ සියලූදෙනාට කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයට අගමැති අපේක්ෂකත්වය දෙන්නවත්, කණ්ඩායම් නායකත්වය දෙන්න බැහැ කියලා මම පැහැදිළිව ප‍්‍රකාශ කළා. ඒ අය නරක විදිහට මට බැන බැන තමයි මෙතනින් ගියේ.

එතකොට මේ තත්ත්වය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළත් තිබුණා. මම ඔය කිව්වේ සන්ධානය විදිහට. දැන් මේ තත්ත්වය එක්ක මට කළහැකි කරුණු දෙකක් තිබුණා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ.

 

එකක් තමයි සම්පූර්ණයෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සන්ධානය මහින්ද රාජපක්ෂ මහත්තයලට භාරදීලා මම අයින් වෙන එක. මම අයින් වුණානම් තත්ත්පරයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා සන්ධානයේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට ඒගොල්ලෝ පත් කර ගන්නවා.

මම දැන්නවා මට සභාපතිකම දුන්නේ ජනවාරි 16 ඊට සුමාන දෙකක් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්න පටන් ගත්තා අපරාදේ කරගත්ත වැඬේ. පක්ෂ නායකත්වය සභාපතිකම දුන්න එක කියලා පසු තැවෙන්න පටන් ගත්තා. මම සම්පූර්ණයෙන් පක්ෂයෙන් ඉල්ලා අස් වුණානම් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ මැතිවරණයට එන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති සන්ධානයේ සභාපති ඒ විතරක් නෙවේ හදන අපේක්ෂක නාමාවලි සියට සීයක් සම්පූර්ණයෙන්ම එයාට  ඕන විදිහට ඒ විතරක් නෙවේ මාත් එක්ක හිතවත්ව හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම සමහරවිට ඔක්කොම කපලා දාන්න තිබුණා. ඒ ඔක්කොම දොට්ට දානවා. එතකොට මේ තත්ත්ව උඩ ප‍්‍රධාන වශයෙන්ම මේ බෙදීම තියනකොට මට කරන්න තිබුණ එකක් තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ සභාපතිකමෙන් අයන්වන එක. එහෙමනම් මහින්ද රාජපක්ෂ මහත්තයා ඊයේ නාම යෝජනා දෙනකොට එන්නේ ඔයිට වඩා වෙනස් ආකාරයට මම දන්නවා.

මම කියන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා අදත් ප‍්‍රභලයි කියලා. ජනවාරි 08 වෙනිදා පැරදුණ මහින්ද රාජපක්ෂ, මම දකින්නේ තවත් පරිදින එක. නමුත් ඉස්සරහටත් සන්ධානයේ සභාපතිකම තියාගෙන ආවනම් ඔයිට වැඩිය තව යම් ප‍්‍රමාණයකින් තවත් ශක්තිමත්ව තමයි එන්නේ. එතකොට එකක් මම අයින් වෙන එක එහෙම නැත්නම් අගමැති අපේක්ෂකත්වය නොදී ඉන්නවා කියලා කිව්වහම ඒගොල්ලේ ඔක්කොම සැළසුම් කරලා තිබුණා. තීන්දු කරලා තිබුණා වෙනම ඒගොල්ලෝ වෙනම තර`ග කරන්න අපේක්ෂක ලයිස්තු හදලා, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන කමිටු හදලා ඔක්කොම වැඩ අවසන් කරලා තිබුණේ, ඒ ගොල්ලේ වෙනම පක්ෂකයින් තර`ග කරන්න.

එතකොට සන්ධානය තුළ නාම යෝජනා නොලැබුණානම් ඒගොල්ලෝ එත් වෙනම පක්ෂයකින් පාර්ලිමේන්තුවට එනවා. එය වළක්වන්න පු`ථවන්කමක් නැහැ.

දැන් මෙතනදි අහන අනෙක් ප‍්‍රශ්ණය තමයි ඇයි එහෙමනම් සන්ධානයෙන් දුන්නේ විරුද්්ධ වුණානම් කියලා. මගෙන් අහනවා මට කරන චෝදනා. මෙතනදි මම කාරණයක් කියන්න  ඕන බොහෝම පහසුයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑල්ලක් කඩා ගෙන මට රට වටේ යන්න තිබුණා. හැබැයි ඒක ජනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නැහැ. පක්ෂේ කඩා ගෙන කෑල්ලක් කඩා ගෙන රට වටේ යන එක. අනිත් කාරණය තමයි ප‍්‍රධාන වශයෙන්ම මේ රටේ මැතිවරණ ඉතිහාසය ගත්තහම එක් එක් ආණ්ඩු සහ එක් එක් යුග ගත්තහම මේ රටේ තියෙන ද්වි පක්ෂ ක‍්‍රමය තමුන්නාන්සේලා අපි කවුරුත් පිළිගන්නවා. ඒ පක්ෂ දෙක තමයි හැමදාම ආණ්ඩු කරන්නේ. අනික් පක්ෂ සමහර විට සෘජුව එනවා. නැත්නම් වක‍්‍ර ව එනවා. මධ්‍යස්ථව එනවා. නමුත් 1956 ඉඳලා මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් මේ ද්වි පක්ෂ ක‍්‍රමය තුළ මේ පක්ෂදෙකෙන් එකක් කොයි එකක් හෝ කැඩිලා බිඳිලා දුර්වල වෙච්ච හැම යුගයකදිම මොකද්ද සිද්ධ වුණේ. හැම යුගයකදිම සිද්ධ වුණේ මේ රටේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්බුදයකට ගියා. මම අනාගතය ගැන අනාවැකි කියන තාරකා විද්‍යාඥයෙකුත් නොවෙයි ජෞතිෂඥයෙකුත් නොවෙයි.

මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මේ රටේ ජනාධිපතිවරුන්ගෙන් මැතිවරණයකට ඇවිල්ලා පරාජය වෙච්ච එකම ජනාධිපතිවරයා. අනිත් ජනාධිපතිවරු නම්බුව තියාගෙන වාර දෙක කරලා ගෙදර ගියා. එතුමා ඇවිල්ලා ඒ වාර්තාව බින්දා ලංකාවේ පරාජය වෙච්ච පළවෙනි ජනාධිපතිවරයා විදිහට.

රටක ආයතනයක පුද්ගලයෙක් ගත්තහම අතීතයේ තොරතුරුත් එක්ක තමයි අනාගතය පිළිබඳව අනාවැකි කියන්න පු`ථවන්. විශේෂත්‍යන්ම රටක ඉතිහාසයත් එක්ක තමයි ඒ රටේ ශිෂ්ටාචාරය, ඒ රටේ සංස්කෘතිය, ඒ රට ගොඩනැගුණු හැටි ඒ සියල්ල තියෙන්නේ. ඒවගේම අපි මෑත ඉතිහාසය ගත්තහම මේ රටේ දේශපාලනයේ පසුගිය දශක පහක හයක ඒ ඇතිවෙච්ච සිද්ධීන් මම කිව්වේ. ඉතින් ඒක නිසා මට මෙතනදි ඳඋවමනාවක් ඇති වුණේ නැහැ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා කෑල්ලක් අරගෙන රට වටේ යන්න. පක්ෂයේ සන්ධානයේ නායකයෝ සියල්ලම මහින්ද රාජපක්ෂ මහත්තයට අපේක්ෂකත්වය දෙන්න කිව්වා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමෙන් සියයට අනූනවයක් ඉල්ලූවා අපේක්ෂකත්වය දෙන්න කියලා. දැන් මට මෙතන්දි තියෙන්නේ කුමක්ද? මට මෙතන තියෙන්නේ එහෙම නම් පක්ෂය කඩාගෙනඅයින් වෙන්න. නැත්නම් ඉල්ලා අස්වෙන්න ඉස්සල්ලා කිව්වා වගේ. එහෙම කළා නම් මම කිව්වා ප‍්‍රතිඵල මොනවද කියලා. එහෙම නැත්නම් පැහැදිලිව මම මගේ ස්ථාවරය වෙනස් වුණේ නැහැ. මගේ විරුද්ධත්වය එසේමයි. මේ ගොල්ලන්ට ඒ විරුද්ධත්වය පළ කලා. නමුත් මම කිව්වා පක්ෂය කඩා ගන්න නැතිව බහුතරය තීන්දුව ගන්න කියලා. හැබැයි මම මේ තීන්දුවට එක`ග ණැහැ.

ඒ නිසා මේ සෑම කාරණාවක්ම ගත්තහම මූලික වශයෙන් මේ තිබෙන පසුබිමත් එක්ක මම කියන්නට  ඕනැ මට මේ චෝදනා කරන අයට මම මුලින් කිව්වා 47 කෙන් මන්ත‍්‍රීවරුන්ගෙන් අගමැති කෙනෙක් කරලා මම ආණ්ඩු අරගෙන ආපු හැටි හය මාසයක්. යහපාලනයේ දොරටු විවෘත කරපු හැටි. එතකොට ඒ පිළිබඳව මගේ මනසේ සැලසුම් ඒ විදිහටම මම ගෙනාපු හැටි. ඒ නිසා මම බොහෝම පැහැදිලිව කියන්නට  ඕනැ මේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵල තුළ මට අවශ්‍ය වෙන්නේ කුමන පක්ෂයෙන්ද කියන කාරණාව නෙවෙයි පාර්ලිමේන්තුවට එන 225 න් වැඩි බහුතරයක් ජනවාරි 8 වෙනිදා ජයග‍්‍රහණය ලබපු සහතික කරලා ජනවාරි8 වැඩපිළිවෙල ඉදිරියට ගෙන පාර්ලිමේන්තුවක් තමයි මට උවමනා වෙන්නේ. ඒක නිසා මගේ අරමුණ එතනයි තියෙන්නේ. ඒ අරමුණ ඉෂ්ට කර ගන්නයි මම කටයුතු කරන්නේ. ඉන් මෙහා මගේ ආපසු හැරීමක් නැහැ. මම සියලූ දේවල් පූජා කරලා ආපු කෙනෙක් විදිහටයි නොවැම්බර් 21 එළියට බැස්සේ. ඒ විදිහට මහ මුහුදේ මහා සාගරයේ දරු පවුලත් එක්ක මහ මුහුදට පැන්නා වගේ දෙයක් මම කළේ. මම මේ මාස 06 ආණ්ඩුව අරගෙන ආවේ හරියට ටයිටැනික් නැව වගේ. ටයිටැනික් ගිලූනා. හැබැයි මම ගිලෙන්න දුන්නේ නැහැ. මම ගිලෙන්න දුන්නේ නෑ. ආණ්ඩුව ගිලෙන්න එන කොට අගමැතිතුමාට ගෙනාපු විශ්වාස භංගෙ අල්ලලා මම පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ අගමැතිතුමාට විශ්වාසභංග යෝජනාවේ යටි අරමුණ වෙලා තිබුණේ ප‍්‍රධාන වශයෙන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගන්න දින තීන්දු වුණා නම් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් කෙනෙක් ඉල්ලා අස් වෙලා ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා විශ්වාසභංග යෝජනාවෙන් රනිල් වික‍්‍රමසිංහ මහත්මයාව පරාජය කරළා ඒ ගොල්ලෝ ආණ්ඩුවක් හදන්නයි ඒ ගොල්ලන්ගේ සැලැස්ම තිබුණේ. මම ඒවත් පරාජය කෙරුවා. මම ඒකයි කිව්වේ මේ 225 න් 47 ක් එක්ක ආණ්ඩුවක් අරගෙන ආපු හැටි. මැතිවරණ ප‍්‍රකාශනයේ කරුණු ඉෂ්ට කරපු හැටි. ව්‍යවස්ථාව වෙනස් කරපු හැටි. යෝජනා සම්මත කරපු හැටි. ඒ තුළින් ජනතාවට සහන දුන්නු හැටි. මේවත් එක්ක පක්ෂයේ අර්බුද වලට මම මුහුණ දුන්න හැටි, මේ සියල්ල කළේ ජනවාරි 8 ජයග‍්‍රහණය තහවුරු කරන්න. බොහෝම පිරිසිදුව. අවංකව. ඒකයි මගේ අධිෂ්ඨානය. පරමාර්ථය. ඒක නිසා මේ තත්ත්වය බොහෝම ප‍්‍රවේශමෙන් විග‍්‍රහ කරන අය විග‍්‍රහ කරනවා. විවේචන බොහෝම පහසුයි. විවේචනයට මම ජයවේවා කියලා කියනවා. ඒ ගැන මගේ කිසි ප‍්‍රශ්ණයක් නැහැ. නිදහස් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විවේචන ඉතා අවශ්‍යයයි. නිදහස් මාධ්‍ය ඉතා අවශ්‍යයයි. ඒක මම හැමවෙලාවෙම සහතික කරනවා.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාට ඇතුළත් කරන්න ගිය මාධ්‍ය පිළිබඳව ඡේදය අයින් කෙරුවේ මමයි. ඒ නිසා මම මගේ වගකීම් මෙතෙක් ඉෂ්ට කරලා තියෙනවා. ඉදිරියටත් මම ඒ විදිහට ඉෂ්ට කරනවා. ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තුළ බොහෝම පැහැදිලිව මම කියන්නට  ඕනැ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මගේ ගණුදෙනුවක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයට ජනවාරි 8 වෙනිදාට කලින් මගේ තිබ්බ විරෝධය අදත් එහෙමමයි. මහින්ද රාජපක්ෂ මහත්මයා නායකයා විදිහට ජනාධිපතිවරයා විදිහට ඉන්න කාලේ කිසිකෙනෙකුට ජනාධිපති වෙන්න ඉඩ නොදී ජනාධිපති ධූරයට තරග කරන වාර ගාණ අයින් කර ගත්තා. එතකොට එයාට සදාකාලිකව ජීවත්ව ඉන්නකම් තරග කරන්න පු`ථවන්. සීමිත නැහැ. එතකොට දැන් මේ මොකද කරන්න හදන්නේ. මේ පක්ෂයේ අගමැති විදිහට සුදුසුකම් තියෙන අනික් ජ්‍යෙෂ්ටයින්ට තියෙන අවස්ථාව. දැන් ඒකත් නැති කරලා එතන්ට එන්න තමයි එයා ඉලක්ක කරන්නේ. මම බොහෝම පැහැදිලිව කියන්නට  ඕනැ මම මේ මැතිවරණ ව්‍යාපාරය තුළ බොහෝම පැහැදිලි මැදිහත් පිළිවෙතකයි මම ඉන්නේ. ඒක නිසා ඉදිරි මැතිවරණ ව්‍යාපාරය නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාධාරණ මැතිවරණයක් මේ රටේ පවත්වන්න මම මැතිවරණ කොමසාරිස්තුමාට සහයෝගය දෙනවා. ආරක්ෂක අංශවලට සහයෝගය දෙනවා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න.

ඉදිරි මහ මැතිවරණයෙන් පස්සේ ජනවාරි 08 වෙනිදා ලබපු ජයග‍්‍රහණය ඉදිරියට ගෙනිහිල්ලා අවුරුදු 05 කට ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරන්න. අවුරුදු පහ යනකොට ඒ සහතිකය ජනතාවගෙන් හම්බ වෙයි. මමපිළිබඳව කතා කරන අය නොයෙකුත් චෝදනා, දෝෂාරෝපණ, චෝදනා පත‍්‍ර මේවා බොහෝ නුදුරු අනාගතයේ මම දන්නා ඒවා පහ වෙලා යාවි. අවුරුදු 49 ක මගේ දේශපාලන අත්දැකීම් එක්ක මම බොහෝම සතුටින් ඒවාට මුහුණ දෙනවා. මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට ගහපු නැති ආකාරයට පහුගිය දිනවල ගහපු ගැහිල්ල ගැන මම සතුටු වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මල් පිපෙන හැටි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දෝරේ ගලා යන හැටි, එහි ප‍්‍රතිඵල ලබා ගන්නා හැටි, මම බොහෝම ගෞරවයෙන් කියන්නේ මම



අදහස් (0)

‘මහින්ද මට එපා : ශ්‍රීලනිපය දිනුවොත් අගමැතිකමට ඕනෑතරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා ‘

පාලිත Wednesday, 15 July 2015 02:29 AM

ඇතතටම ඔබ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේද? මහින්ද රටට කළදේත්, ඔබ කළ දේත් අපි දනිමු (නදී)

:       0       1

ප්‍රභාත් Tuesday, 14 July 2015 03:51 PM

මම නම් කියන්නේ මහින්ද නැවතත් දිනනවා. (නි)

:       0       1

තිලක් Tuesday, 14 July 2015 03:55 PM

අපිට නම් කතාව ගැන ඇත්තේ ලොකු කණගාටුවක් (නි)

:       0       0

හිරා Wednesday, 15 July 2015 02:47 AM

ලංකා ඉතිහාසයේ ලොකුම මුල්‍ය වංචාව වුනේ (කෝටි 5900) ඔබ තුමාගේ ආණ්ඩුව යටතේ. මොකද මේ වංචාවට හවුල් කට්ටියට ගත්ත පියවර. මහින්දට හොරා,හොරා කිව්වට මොනවද ඔප්පු කලේ. අපි නම් මේ සැරේ මහින්දට බොක්කෙන්ම වැඩ කරනවා. (නදී)

:       0       1

මෝහම්මෙඩ් සෆ්රන් Wednesday, 15 July 2015 02:53 AM

ඔබතුමාට ජය වේවා(නදී)

:       0       0

තමර Tuesday, 14 July 2015 04:07 PM

කළයුතු කුමක්ද යන්නත් ඔබට සහ මහින්ද රාජපක්ෂ මහතාට දිය යුතු පිළිතුරත් ඡන්දදායකයන් තීරණය කරනු ඇත. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 14 July 2015 04:09 PM

නමුත් ශ්‍රීලනිපය හා එජනිස මෙච්චර ශක්තිමත් කළේ මහින්ද ජනපතිතුමා මිසක් ඔය එක ජ්‍යෙෂ්ඨයෙක්වත් නොවෙයි නේද? නමුත් රටේ අනාගත දේශපාලන සාර්ථකත්වය රඳා පවතින්නෙ නම් රනිල් අගමැතිතුමා මත බව මමත් පිළිගන්නවා. (නි)

:       0       0

පිටිගල Tuesday, 14 July 2015 04:11 PM

මමත් පිළිගන්නේ සියල්ල සිදුවී අවසාන වූවාට පසුයි (නි)

:       0       0

රෝයි Wednesday, 15 July 2015 03:02 AM

ඔබ තුමාට මෙම ප්‍රකාශය 13 වෙනිදාට පෙර කරන්න තිබුනා. එසේ නොකළේ මහින්ද ආරක්ෂා කිරීමේ චේතනාවෙන් නේද? දැන් මොන දේශනා කලත් වැඩක් නැහැ. අපේ ඡන්දයෙන් ඔබතුමා දිනුවා. ඡන්දය දීපු අපි පැරදුනා. කමක් නැහැ. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 14 July 2015 04:17 PM

පතෝල වගේ නායකයෝ අපිට එපා අපිට ඕනේ මහින්ද වගේ බලසම්පන්න රජෙක් අපිව පාලනය කරන්න (ස)

:       0       1

ලියනගේ Wednesday, 15 July 2015 03:09 AM

අපි ඔබතුමා ගැන ආඩම්බර වෙනවා. අගය කරනවා. හොදින් රට පාලනය කරගෙන යන්න ශක්තිය ධහිරිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. තෙරුවන්සරණයි. (නදී)

:       0       0

අ ද සිල්වා Wednesday, 15 July 2015 03:00 PM

ගිය සතියේ කිව්වේ නමයෝජනා නෑ කියල , මෙ සතියේ අගමැතිකම නෑ කියනවා , තවත් මොනවා ඉදිරියට කියද , අපි අස සිටිමු , වෙන මොනවා කරන්නද ?? (අ)

:       0       0

ප්‍රසන්ත Tuesday, 14 July 2015 04:27 PM

නිහතමානී නායකයාණෙනි ඔබතුමා මින්මතු ජනතාව ඡන්දය පාවිච්චි කලයුත්තේ කොහොම නායකයන් ද රටේ ජනතාවට දුන් ආදර්ශයට වීරන් ජයතු ඔබ සාදා අප හද තුලයි අප ඔබට සාදා ණයයි. (ස)

:       0       0

හමීඩ් රියාද් Tuesday, 14 July 2015 04:28 PM

ඔබට නොදැන දොස් කියපු අපිට සමාවෙන්න ජනපති තුමනි. (ස)

:       0       0

ඉන්දික Tuesday, 14 July 2015 04:31 PM

මෙන්න මෙය කියනවා ''මම ලබා දුන් නිදහස'' කියල. හැමෝටම මුල අමතක වෙලා වගේ. (ස)

:       0       0

සිරිවිකුම් Tuesday, 14 July 2015 04:40 PM

මවුබිමට ජය, කුමන්ත්‍රණකරුවන්ට පරාජය! (නි)

:       0       0

නිෂා Wednesday, 15 July 2015 03:22 AM

මෙතුමා ජනතාව අන්දන්න බොහොම දක්ෂ කෙනෙක් වගේ පේනවා.. ඔය ටික කියන්න කිව්වේ කවුද ? (ම)

:       0       0

සිරිවිකුම් Tuesday, 14 July 2015 04:42 PM

මට හිතෙනවා මහින්ද මහතා මෙවර නම් හොඳ පාඩමක් ඉගෙනගනී කියලා. (නි)

:       0       0

බිනර Tuesday, 14 July 2015 04:47 PM

අපි බලමු ජනතාව මොනවද කියන්නේ කියලා (නි)

:       0       0

නඳුන් Tuesday, 14 July 2015 04:50 PM

ජයවේවා !!! (නි)

:       0       0

ජගත් Tuesday, 14 July 2015 04:52 PM

මගේ 52 වසරක දේශපාලන ජිවිතයේ මම අහපු හරවත්ම කතාව මේක. මෙන්න පරිනත දේශපාලනය. දැන්වත් ඔය බලයට කෑදරව උඩ පනින පිරිස මෙතුමාගේ දර්ශනය ඉදිරියට ගෙනියන්න. රට නගා සිටුවන්න උදව් කරන්න. (නදී)

:       0       0

සිරි විකුම් Tuesday, 14 July 2015 04:56 PM

සමාවෙන්න, මහින්ද විතරක් නෙවෙයි, මමත් මේ හාදයින්ට අහු උනා. නැවත මම පිල් මාරුකර මහින්දට කඩේ යනවා. මහින්දගේ අර ලිස්ට් එක දැන් ක්‍රියාත්මක කරන්න විදිහක් තියේ නම් එය රටේ ජයග්‍රහණය වේවි.(නදී)

:       0       0

ඉරංගනී Wednesday, 15 July 2015 03:34 AM

අපි බලමුකෝ එහෙම වෙයිද කියලා (නි)

:       0       0

රුවන් Tuesday, 14 July 2015 05:05 PM

අනේද කියන්නේ ? (නදී)

:       0       0

ආනන්ද Wednesday, 15 July 2015 06:44 AM

අනේ පව්.රට බේරාගත් මහත්මයාට ගරහන්න එපා. (අ)

:       0       0

මධු Tuesday, 14 July 2015 05:13 PM

බයට කිව්ව දේවල් නෙමේ නේ? (නදී)

:       0       0

මාපලගම පත්මා Tuesday, 14 July 2015 05:33 PM

අගමැති කමට සුදුසු කිහිප දෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බර ඇදපු තරමක් හෝ අවංක , මහින්දම අගමැති විය යුතු නැහැ (ස)

:       0       0

සේතන් Wednesday, 15 July 2015 03:43 AM

ඉතාම සතුටුයි ඔබට ජය වේවා (නදී)

:       0       0

ඇසළ Wednesday, 15 July 2015 03:44 AM

ජනාධිපතිටත් ඕනේ රනිල්ව අගමැති කරන්න.(නදී)

:       0       0

සිරිමෙවන් Tuesday, 14 July 2015 05:39 PM

ඔබේ කතාවට අපි හිස නමනවා (නි)

:       0       0

පැහැසර Tuesday, 14 July 2015 05:39 PM

ඔබට ජයවේවා ජනපතිතුමනි! (නි)

:       0       0

හෂාන් Tuesday, 14 July 2015 05:47 PM

ඔබතුමා නිහතමානී නායකයෙක්.අපි ඔබට ගරු කරනවා. (නි)

:       0       0

සමන් Wednesday, 15 July 2015 03:53 AM

ඔබට ඇත්තේ රට ගැන නොව මහින්ද විරෝධය පමණි (නදී)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Tuesday, 14 July 2015 05:51 PM

ඔබතුමාම කියන පරිදි, ශ්‍රී ලංකා ඉතිහාසයේ මහජන ඡන්දයකින් පරාජය වුන පළමු ජනපති මහින්ද රාජපක්ෂට ඇයි ඔබතුමා නාමයෝජනා දුන්නේ? (නි)

:       0       0

දිලිප් Wednesday, 15 July 2015 03:55 AM

පවතින සියලු අභියෝග හමුවේ ගත යුතු හොදම හා අවාසි අඩුම තීරණය වෙතට යොමු වීමට ඔබට සිදු වූ බව පැහැදිලිය. ඉදිරියටත් ඔබගේ මධ්‍යස්ත මෙහෙයවීම අපි බලාපොරොත්තුවෙමු. මඩේ පිපින නෙළුමක් වැනි වූ ඔබ අපගේ මව්බිම ඉහළ තලයකට ඔසවා තැබීමට හැකි හැම පියවරක්ම ගන්නා බව අපට පැහැදිලිය. යහපාලනයට බාධා කරන්නවුන් මහජනතාව හදුනා ගත යුතුය. ඔවුන්ව අප නියෝජනය කිරීම සදහා පාර්ලිමේන්තුවට එන මං ඇහිරිය යුතුය. ජනපතිගේ සත් කාර්ය සාර්ථක කිරීමට උපකාරී වන උගත් බුද්ධිමත් ක්‍රියාශීලි ප්‍රතිපත්තිගරුක මිනිසුන් තෝරා පත් කර අපගේ උපරිම සහය ඔබට ලබා දෙන්නෙමු.චිරං ජයතු ජනපති තුමනි!!!! (ම)

:       0       0

එස්. අමරසේන Wednesday, 15 July 2015 03:59 AM

ඔබගේ වදන් මාලාව අපට මහත් අස්වැසිල්ලක්. මහත් සතුටක්. ඔබට සැමදා ජයවේවා! දීර්ඝායුෂ වේවා! (නදී)

:       0       0

සුජීව Tuesday, 14 July 2015 06:30 PM

ලාල් ඔබ හරියට හරි. (නදී)

:       0       0

ශාමන්ත වෙල්ගම Tuesday, 14 July 2015 06:58 PM

සමාවෙන්න, මමත් ඔබට බැන්නා. නමුත් දැන් තේරෙනවා ඔබ කළ ඒ උතුම් වූ සටන.මමත් හැට දෙලක්ෂයෙන් කෙනෙක්.අපි නැවතත් ඔබ සමඟයි. ජයවේවා! (නි)

:       0       0

ඉමාක් Tuesday, 14 July 2015 07:12 PM

අද රට විනාශයේ මාවත කරා යනවා. හොරු හොරු කිවුවා. දැන් බැලුවහම මහා බැංකු වංචාවට මොකක්ද ගත් පියවර? (නි)

:       0       0

වරුණ Tuesday, 14 July 2015 07:14 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ප්‍රින්ස් Wednesday, 15 July 2015 04:13 AM

ඉවසීමෙන් සැනසීම ලැබේ (ම)

:       0       0

ජයන්ත Tuesday, 14 July 2015 07:56 PM

ඔබ තුමා කෙසේ සිතුවත් මේ පාර නම් ජනවාරි 8 කණපිට පෙරලනවාමයි (නදී)

:       0       0

ජයන්ත Tuesday, 14 July 2015 08:40 PM

නාමයෝජනා දෙන්නේ නැහැ කිවුවට ඒකත් දෙන්න වුණා. අගමැතිකම දෙන්නෙ නැහැ කියනවා දැන්. නමුත් ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරනවා නම් ඒකත් සුදුසු විදිහකට වෙයි කියලා මම හිතනවා. (නි)

:       0       0

චාමර Tuesday, 14 July 2015 12:47 PM

ඔබ උතුම් චරිතයක්. අපි ඔබට ගරු කරනවා (නි)

:       0       0

නිහාල් Tuesday, 14 July 2015 09:11 PM

නමුත් ඔහු රටේ ජනතාවට උවමනායි (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 14 July 2015 09:40 PM

තවදුරටත් මෙතුමාගේ මහින්ද විරෝධය ගැන ලක්ෂ 62 ක ජනතාව සතුටු වෙනවා ඇත. බලයට එන්න බලාගෙන ඉන්න රාජපක්ෂ නඩයෙන්වත්, ඊට සමාන දුෂිත තත්ත්වයක් හිමි පක්ෂයන්ගෙන්වත් ජනතාව අපේක්ෂා කරන රට ගොඩ නඟාගැනීමට හැකිවේයැයි සිතිය නොහැකිය. (නි)

:       0       0

නිරාන් Tuesday, 14 July 2015 09:43 PM

අපේ පිනට අපිට ලැබුණු අපේ ජනපති! ඔබතුමාට ජය වේවා! (නි)

:       0       0

විදූර Wednesday, 15 July 2015 12:11 AM

ඔබතුමා ස්වාධීන වීම අපි අගය කරනවා (නි)

:       0       0

සත්‍යයා Tuesday, 14 July 2015 01:16 PM

ප්‍රමාද වී හෝ ඔබ මේ ප්‍රකාශය කල එක හොඳයි. 62 ලක්ෂයක් ඡන්ද දිනාගත් ජයග්‍රාහකයෙක් පරාජිතයාගේ දුෂ්ට කම හෙළිකරන අන්දමේ ප්‍රකාශයක් මේ අවස්ථාවේ අවශ්‍යමයි. මහින්ද අළු ගසා නැගිට එන්නේ ජනතාවට සේවය කරන්න නොව ඔබව (දේශපාලන) ලෝකයෙන් තුරන් කරන්න බව විශේෂයෙන් සාමයට හා අවිහිංසාවට ලැදි ගම්බද ජනතාව හොඳින් තේරුම් ගත යුතියි. ලැජ්ජා නැති මිනිහෙකුට පාඩමක් ඉගැන්වීමේ අයිතිය හා අවකාශය ජනාධිපති තුමාට නොපවරා ජනතාව එය සියතට ගත යුතුයි.(නදී)

:       0       0

නලින් Tuesday, 14 July 2015 01:17 PM

වැරැද්ද මහින්ද රාජපක්ෂගේ නොවෙයි. ජේ ආර් (ජයවර්ධන) ඇති කළ ක්‍රමයේ වරදයි. එක එක්කෙනාට බනින්න එපා. වැරැද්ද තියෙන්නේ මේ ක්‍රමයේයි. (නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 15 July 2015 12:37 AM

යමක් සිදුවනතුරු මට නම් කිසිවක් පිළිගන්න බැහැ (නි)

:       0       0

සිරිවිකුම් Wednesday, 15 July 2015 12:43 AM

එහෙනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ අගමැතිතුමා බේරාගන්න? අනෙක් අතට, ඔබතුමා පිළිගන්නවා ඔහු විශ්වාසභංගයෙන් පරදින බව. (නි)

:       0       0

සිරිවිකුම් Wednesday, 15 July 2015 12:46 AM

ඔබතුමා වංචාකාරයෙක්, දෙපිටකාට්ටුවෙක්. හැබෑලෙසම, ඔබතුමා බයියෙක්. (ස)

:       0       0

ගිහාන් Tuesday, 14 July 2015 01:34 PM

මැතිතුමනි අපිට නම් මේ දේශපාලන පුදුම කිරීම් එපාවටම එපා වුණා . ජනතාව විසින් ඡන්දය දුන්නේ මොකටදැයි මතක නම් ඒකත් ලොකු දෙයක්. (හේ)

:       0       0

නුවන් Tuesday, 14 July 2015 01:45 PM

නදීගේ ප්‍රතිචාරයට එකඟ වෙනවා. මහින්ද ඡන්ද කලේ ශිෂ්ට සම්පන්න ලෝකය පිලි ගත් ක්‍රම වලට නොවේ. ඔහුගේ හොරණෑ මාධ්‍ය සඟයන් සහ, පත්තර යනුවෙන් හැදින් වූ ටොයිලට් පත්තර වලින් තොරව ජයග්‍රහණය ඔහුට හීනයක්ම වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය හා ලෝකය පිලිබද නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් උගත් අපට, විමලේලාගේ බේගල්ද අදාළ නොවේ. (නදී)

:       0       0

චමිල් උදාර Tuesday, 14 July 2015 01:47 PM

ජයවේවා! අපි ජනාධිපතිතුමාට (නදී)

:       0       0

අසංක Tuesday, 14 July 2015 02:12 PM

ඔව් ඒකනම් ඇත්ත. ඔබ තුමා ස්වාධින වෙන එක හොදයි.(හේ)

:       0       0

නිමල් Tuesday, 14 July 2015 02:14 PM

නමුත් කලින් ඉඳලම කිවුවේ නාමයෝජනා දෙන්නේ නැහැ කියලනේ (නි)

:       0       0

එඩ්වඩ් Tuesday, 14 July 2015 02:14 PM

ජනාධිපතිතුමනි,ඔබතුමා නිහතමානි නායකයෙක්.රනිල් අගමැතිතුමාටත් ඔබටත් රට ඉදිරියට ගෙනයන්න රාජ්‍ය නායකයින්ගෙන් විශාල සහයක් ලැබෙයි.රට හැම අතින්ම දියුණුවට පත්වෙනවා දකින්න කැමතියි.රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරවන්න. (නි)

:       0       0

ලාල් Tuesday, 14 July 2015 02:19 PM

කවුරු මොනවා ඔබතුමා ගැන කිව්වත්, ඔබතුමා කොහොම පුද්ගලයෙක්ද කියා අප දැනගෙන හිටියා. ගැඹුරු ජලය නිශ්චලයි. ඔබතුමාගේ දේශපාලන පරිනතභාවය ඔප්පු උනා. ජයවේවා මැතිතුමෙණි. (නදී)

:       0       0

ඉෂාම් Tuesday, 14 July 2015 02:34 PM

ජනාධිපතිතුමනි,ඔබට ජය! (නි)

:       0       0

චිරත් Tuesday, 14 July 2015 03:10 PM

මෙයා බය වුනා චන්ද්‍රිකා මෙයාට විරුද්ධ ප්‍රකාශයක් කරයි කියල මෙයාට ඇත්තටම කොන්දක් තියෙනවාද කියල එක්ස්රේ එකක් අරන් බලන්න වෙනවා මෙයාට විදායක බලතල නෑ පක්ෂයට පුලුවන් වැඩිම මනාප හා වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත්තු කෙනා අගමැති කරවන්න මෙයාට ඔය තරමේ බලයක් පක්ෂයේ තිබුනම් නාමයෝජනා නොදී ඉන්නවනේ දැන් මෙයා බයයි .ඒකයි මේ රනිල්ගෙ පැත්තට කතාව අනේ සුහද කොකෝ ඔයා මොන ගැටේ ගැහව්වත් ඔයාට බෑ මේ පාර ඔය සෙල්ලම් ඔයා තව මහජනතාව අමතල පබ්ලිසිටි කරන්න ඕකෙන් මහින්ද මාකට් වෙනව විතරයි වෙන්නේ (බ)

:       0       0

සමන් පීරිස් Wednesday, 15 July 2015 01:41 AM

ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවන බව දැනගෙන කටයුතු කරන්න (නදී)

:       0       0

තරිඳු ජයසුරිය Tuesday, 14 July 2015 03:20 PM

ඔබ මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙනෙන්න උත්සාහ කිරීම ගැන අපි බෝහෝ දුක්වුණෙමු.එහෙත් ඒ ගැන දැන් කළකිරීම දුරුවු අතර මහ මැතිවරණයෙන් පසු ඔබතුමාගේ කළණ මිතුරන් හා එක්වනු දැකීම ඔබට ආදරය කරන අපගේ පැතුමයි. (නි)

:       0       0

සඳුන් Tuesday, 14 July 2015 03:29 PM

කොහොම හරි මේ කතාවනම් නියමයි.(හේ)

:       0       0

මොහොමඩ් Wednesday, 15 July 2015 02:02 AM

අපේ ආචාරය සර්! (නි)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 15 July 2015 02:03 AM

මගේ ජීවිතය තුල අසන ලද ඉතාමත් හොඳ කතාවක්. ඒ වගේම ආදර්ශමත් කතාවක්. නායකයෙකුගේ ගති ගුණ සියල්ලම තිබුනා. එතුමා කිවූ "ඕනෙම පුද්ගලයකුට හෝ පක්ෂයකට වැඩි බලයක් නොදිය යුතුයි " කියපු දේ නං හරියටම හරි. ඒ බව 1972,1978 සහ 2010 ඔප්පු වුනා. (නදී)

:       0       0

දුමින්ද Wednesday, 15 July 2015 02:13 AM

අශ්වයා පැගු පසු ඉස්තාලය වසා කළ සංවේදී කතාවක් පමණි (ම)

:       0       0

සිරිවිකුම් Wednesday, 15 July 2015 02:22 AM

මොනවා උනත්, හොඳ අනාගතයක් තියන බව පේනවා. (නදී)

:       0       0

සජිත් Tuesday, 14 July 2015 03:44 PM

අපි ඡන්දේ දුන්නේ ඔබතුමා ගැන විස්වාශ කරලා.මේ ගත්තු තීරණය නිවැරදියි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 363 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2610 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1982 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 208 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1207 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1318 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26908 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site