‘මහින්ද රාජපක්ෂ සුරැකීමේ අරමුදල‘ නමින් අරමුදලක් ආරම්භ කළ බවත්, ඔහුගේ ආරක්ෂාවට ස්වේච්ඡාවෙන් වැඩකළ හැකි බළකායක් පිහිටුවීම සඳහා මෙම අරමුදල ආරම්භ කළ බවත් පැවිදිහඬ සංවිධානයේ කැඳවුම්කරු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
‘මහින්ද රාජපක්ෂ සුරැකීමේ අරමුදල‘ නමින් අරමුදලක් ආරම්භ කළ බවත්, ඔහුගේ ආරක්ෂාවට ස්වේච්ඡාවෙන් වැඩකළ හැකි බළකායක් පිහිටුවීම සඳහා මෙම අරමුදල ආරම්භ කළ බවත් පැවිදිහඬ සංවිධානයේ කැඳවුම්කරු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් කියන්න. රට බේරාගත් නායකයාට කළගුණ සැළකිය හැකි අවස්ථාවක් අාවා. (නි)
අපි මැවැනි දෙයක් එනතුරු හිටියේ අපි එනවා ආරක්ෂාවට අපට වැටුප් එපා කෑම බිම අපි ගේනවා ගෙරරින්. (ර)
මුදල් ඒකතු නොකර සංඝ හමුදාව යොදවා මහින්ද රැක ගන්න බැරිද විනාශ වෙමින් යන බුදුදහම ගෙඩනගන්නට යමක් කළොත් හොදයි හාමුදුරුවනේ (බ)
නොදන්නා දේවල් නොකිය ඉන්න. මහා වීර ෆොන්සේකා කියා කෙනෙක් දැන ගත්තේ මහින්ද මහත්තය එයාව හමුදාපති කරපු නිසා. තියන ගුණමකු කමට මුසිලය වගේ සුදු කොඩි කතා කිව්වා. හිරේ දාල මදි එයාව. (බ)
කොහොඹ හගට කරවිල වැල ගියා වගේ. (ර)
මමත් අනිවාර්යයෙන්ම දායකවෙනවා (නි)
ගිණුම් අංකය කියන්න. අපි කෙළෙහිගුණ දන්නා බෞද්ධයෝ. මෙතැන ඉන්නවා අතීතය අමතක කළ පිරිස් (නි)
හාමුදුරුවරු බුද්ධාගම රකිනවා. හරි ලස්සනයි (නි)
සාධු! සාධු! අනේ සාධු! (නි)
ගිණුම අරින්න සංගමයේ අය ගිහින් තියෙන්නේ උගන්ඩාවටද? ගිණුම් අංකය හැකි ඉක්මනින් දැනුම් දෙයි. (නි)
අනිවාර්යයෙන් අපි ඔහු රැකිය යුතුයි (නි)
අනේ මන්දා හාමුදුරුවනේ මේ වැඩ (නි)
ඔව් ඉතින් ඔය කවුරු කවුරු ගැනත් ජනතාව දන්නවා (නි)
හාමුදුරුවනේ, මහින්දගේ ආරක්ෂාව හොඳට තිබෙනවා. මුදල් එකතුකරන්න අවශ්‍ය රටේ තිබෙන දහම් පාසල් රැකගන්න. (නි)
මේකට එතකොට කොච්චර විතර මුදලක් වැයවෙයිද? (නි)
අපිත් කැමතියි උදව් කරන්න. (ර)
හොඳයි හොඳයි අපි උදවු කරන්නම්කෝ (නි)
මහින්ද මහත්තයා මේ ගැන මොකද කියන්නේ? (නි)
අනේ අපේ හාමුදුරුවනේ, වකුගඩු, පිළිකා රෝගින්ට උදවු කරන්න. දුප්පත් පවුල් කීයක් මේ රටේ ඉන්නවද? අපේ පන්සලත් දුප්පත්. (නි)
අපේ මහින්ද මහත්තයට ඇයි මෙහෙම ලැජ්ජා කරන්නේ? (නි)
මේක සාර්ථක වෙයි කියලා හිතනවද? (නි)
හාමුදුරුවනේ වෙසක් සතියේ පිළිකා සහා වකුගඩු ලෙඩුන් සඳහා අරමුදලක් පිහිටුවමු එක එක්කෙනා ආරක්ෂා කරනවාට වඩා ලොකු පින්කමක්. (භ)
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී (ම)
ඇස,මස්, ලේ දන්දුන්, අංගවිකලව ඉන්න, රට වෙනුවෙන් යුද්ධ කළ රණවිරුවන් වෙනුවෙන් යමක් කරන්න. (නි)
දැන් මේකනේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය (නි)
නිම්මි, ඔබ වගේ අයගේ කළගුණ සැළකීම මහින්දට විතරක් වෙන්න හේතුව හිතාගන්න පුළුවන් (නි)
මැයි 19 නිල වශයෙන් ආරම්භ කරමුද, ජයග්‍රහණයේ සැමරුමත් නැතිකොට? (නි)
මේ වෙලාවේ රටේ අවශ්‍යතාවයක්ද? (නි)
අහවල් ලොක්කාගෙන් ඔබතුමාට `පිරිකර` වශයෙන් ලැබුණාය කියලා දැනගන්න ලැබුන ලක්ෂ 65ක් වටිනා වැන් එක මුදල් කොරමුද? මේ හාමුදුරුවෝ ෆුල් ටයිම් දේශපාලනේ කරන්නෙක් මිස සාසනේට බෞද්ධ භික්ෂුවක් හැටියට කිසිම දෙයක් ඉටු නොකරන ජාවාරම් කාරයෙක් වගෙයි! රටේ මොනම කරුණක් නිසාවත් හමුදා හදන්න බැහැ. නීති විරෝධියි.මොහු අත්අඩංගුවට ගැනීම සුදුසුය! (බ)
සිවුරේ ආරක්ෂාව ලබමින් දේශපාලන ව්‍යාපාර, වෘත්තීය සමිති ව්‍යාපාර කරන අය ශාසනයට මොනවද කළේ? පන්සිල් පද පහවත් රකිනවද..? (නි)
ගිණුම් අංකය කියන්න. අපිත් කැමතියි සම්මාදන් වෙන්න. (ර)
බැංකු ගිණුම මොකක්ද කියන්න. අපිත් සම්මාදම් වෙන්න.(ම)
කෝ ගිණුම් අංකය? අපි හැමදාම එතුමා වෙනුවෙන් ඉන්නවා .(ම)
කලගුණ සැලකීමක් (ම)
අපේ රට බේරගත්ත මහා රණවිරු ජනරාල් ෆොන්සේකා නැති වැරදි පටවල කුදලන් අරන් ගිහින් හිරේ දානකොටෝ එක වචනයක් විරුද්ධව කතා නොකරපු ඔබ වහන්සේ දැන් බොරු ආරක්ෂාවක් ගැන කියනවා. (ම)
මොකටද අර මුදල් ඕන තරම් මෙගොල්ලෝ ළඟ තියෙනවා (බ)
කොහොමද දැනගන්නේ කොයි වගේ මිනිස්සු ඔහුව රකින්න එයිද කියලා (බ)
හාමුදුරුවනි ඔබවහන්සේ බුදුදහම රකිනවද හොරු රකිනවද ? (ම)
මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අඩු වෙලා නෑ. යුද හමුදාව වෙනුවට හොද පුහුණු එස් ටී එෆ් දාලානේ ඉන්නේ. (ම)
රට රැක්ක නායකයෙක් රැකීම උතුම් දෙයක් කලගුණ සැලකීම බුදු පියාණන් විසින් පෙන්වා දී තියෙනවා. (ර)
අපේ සහයෝගය මේ වැඩේට නිබදව ලබාදෙනවා. (ර)
වැඩ කරන්න ඕනේ ස්වෙච්ඡාවෙන් නම් අරමුදල් මොකටද ? (බ)
හාමුදුරුවනේ...ගිලනුන්ට උපස්ථාන කිරීම මහා පුන්‍යකර්මය බව බුදු බණේද සඳහන් නිසා මේ ඔබ කරන්න හදන්නේ මහා පිනකි (ම)
අපගේ උපහාරය ඔබ වහන්සේට. (ර)
බුදු දහම රැකිම කියන්නේ කලගුනදත් කම කළගුණ සැළකීම. (ර)
හොදම අදහසක් රටක් රැක්ක නායකයාගේ ආරක්ෂාව අවදානම් වෙලා තියෙන මේ වෙලාවේ අපි සැවොමගේ සහයෝගය (ම)
මේ රටේ හද්දා පිටිසර කිසිම පහසුකමක් නැති පන්සල්වල ඉතාම අමාරුවෙන් දානේ වෙලාවත් සපයාගන්න බැරි අහිංසක හාමුදුරුවරු කොයි තරම් ඉන්නවද ? එවැනි සිල්වත් හාමුදුරුවෝ වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න බැරිවුණා තාම. (ර)
පිටිගල අයියටත් වචන කොහෙන් ගලාගෙන එනවද මන්දා. (ර)
අපට සල්ලි නැහැ නමුත් ශ්‍රමයෙන් උදව් කරනවා දිවි හිමියෙන් ... (ර)
මහින්ද මැතිතුමා රට බේරාගත් දින සැමරුම ළගම එන මොහොතේ, මමත් අනිවා මේකට දායක වෙනවා...බැංකු ගිණුම් විස්තරත් දැම්ම නම් ගොඩක් හොදය..(බ)
හාමුදුරුවන් මොකටද සල්ලි එකතු කරන්නේ අසරණ මිනිස්සුන්ගෙන් .හාමුදුරුවන්ගේ බැංකු ගිණුමේ තියෙන සල්ලි දෙන්නේ නැද්ද (බ)
බෞද්ධ හිමි වරුන් කලගුණ සලකනවා රට රැක්ක නායකයා ආරක්ෂා කරන්න ඒවාට අකමැති දුදනන් ඒවාට අකුල් හෙලනවා (බ)
අනිවාර්යෙන්ම අපිත් කැමති සහබාගි වෙන්න. හොද වැඩක්. හාමුදුරුවනේ ඔබවහන්සේට පින්. (ර)
ඕකට ජාතියේ සොරුන් රැකීමේ අරමුදල කියල නම දාන්න.කොහොමත් ඔය සේරම උපන්දා ඉදලා රැකුණේ ජනතා මුදලෙන් තමයි.ඉතින් අයෙත් මොනාටද අලුත් අරමුදල්.බුදුන් වහන්සේ දේශනා කරලා තියනවනේ මගේ සාසනය විනාශ කරන්නේ එය තුලින්ම බිහිවන අය මිසක් පිටස්තරයෝ නවෙයි කියල (අ)
අපි රැකගන්නත් අරමුදලක් හදන්න බැරිද ? දැන් ඔය සල්ලි වලින් කරන්න හදන්නේ මොකක්ද. හමුදාව සල්ලි වලට ගන්න පුලුවන්ද ? (අ)
උතුම් කොට සළකපු සිවුර මෙසේ හෑල්ලුවට ලක්කිරීම ඇත්තෙන්ම ඉතා වේදනාවක් දැනෙන කරුණකි. මෙයට වගකිව යුත්තෙත් බඩ වියත රැක ගැනීමට වෙරදරන දේශපාලකයන්මය. (අ)
මේ හෑන්ඩ් ග්‍රෙනේඩ්, ටී 56 , ආර්.පී.ජී , මල්ටි බැරල් වගේ පොඩි පොඩි බඩු ටිකක් එතුමාගේ ආරක්ෂාව සඳහා වටේ ඉන්න අයගේ ළඟ තබා ගන්න .(අ)
හුගක් හොද වැඩක්. මහින්ද කියන්නේ රට බේරා ගත් නායකයා. අපිත් කැමතියි සල්ලි වලින් ආධාර කරන්න. (අ)
අපිත් කීයකින් හරි සම්මාදන් වෙනවා. ගිණුම් අංක.විස්තර දාන්න (අ)