IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මහින්ද රට හොඳටම ණය කරලා - අගමැති

ආර්ථික සටන් බිමේ මුලින්ම සිටින ශ්‍රී ලංකා  රේගුවට  යහපාලන රජයේ දැවැන්ත ආර්ථික සංවර්ධනයේ දී  සුවිශේෂි කාර්යභාරයක් පැවරී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී  අද (7) පැවසීය.

ජාතික ණය ඊළඟ පරපුරට  බාර  නොදී  මේ පරම්පරාවම ඒ ණය ගෙවා දැමීම සඳහා  රජය කැපවී ක්‍රියාකරන බව පැවසු වික්‍රමසිංහ මහතා  රාජපක්ෂ රජයේ  අවිධිමත් බදු ප්‍රතිපත්තිය රට ණය ආගාධයකට  ඇඳ දැමී යැයි කීවේය.

කොළඹ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී අගමැති එසේ කීවේය.

DSC_7169 DSC_7172 DSC_7188 DSC_7255



අදහස් (0)

මහින්ද රට හොඳටම ණය කරලා - අගමැති

සිසිර Thursday, 08 December 2016 12:27 AM

සුබ සාධනයට වෙන් කරපු මුදලෙන් ලක්ෂ 120ක් නත්තල් ගහකට නාස්ති කළාම ඒ ණය ගෙවන්නේ කවුද? නිකන් අහිංසක මහා ජනතාව බොරු කතා වලින් අන්දන්න හදන්න එපා (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 08 December 2016 12:31 AM

පහන්, නොදන්නා අර්ථ ශාස්ත්‍රය ගැන කතා නොකර හිටියොත් හොඳයි නේද. (නි)

:       0       0

හර්ෂ Thursday, 08 December 2016 12:51 AM

එදා ණයට අරන් මන්ත්‍රිලට සැප දුන්නා. අද අපේන් අරන් මන්ත්‍රිලට සැප දෙනවා. නත්තල් ගහට ශ්‍රමය අාණ්ඩුවෙන් වුණාට සල්ලි දුන්නේ මිනිස්සු. මහ බැංකුවේ කතාව නම් ඉතින් කියෙවුවට උසාවියකටවත් යන්නේ නැතිලුනේ. මොකද කියන තරම් ලෙහෙසි නැහැනේ වැරදි ඔප්පු කරන්න (නි)

:       0       0

සිසිර Thursday, 08 December 2016 12:12 PM

මහත්තයෝ, තමුන්ගේ ඡන්ද පොරොන්දු ඉටුකරන්න ගිහිල්ලා නෙමෙයිද රටට මෙහෙම වුණේ? රාජ්‍ය සේවකයන් දාහතර ලක්ෂයකට 10,000/= ගානේ මසකට කීයද? එහෙනම්, කියමු බලන්න අවුරුද්දට වියදම කොහොමද හොයන්නේ කියලා. එහෙන් ඉන්ධන ගෑස් අඩුකරලා ආදායමත් නැතිකර ගත්තා. (නි)

:       0       0

නිශ්ශංක Thursday, 08 December 2016 04:53 AM

තවමත් ඉතින් මේ කතා විශ්වාස කරන මිනිස්සු ඉන්නවා කියලා හිතනවා නම් වැරදියි. (ම)

:       0       0

උදාර Thursday, 08 December 2016 05:03 AM

දැන්නම් අපිව රවට්ටනවා බොරු (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Thursday, 08 December 2016 05:23 AM

ආණ්ඩුවේ කපටි කෛරාටික වැඩ රටට හෙළිවෙලයි තියෙන්නේ. ඔබතුමාලා ගැන විශ්වාස කරලා රටේ ජනතාව රට භාරදුන්නට, කුට්ටම අනලා ගේම දෙනවා ඇරෙන්න ඔබතුමාලා රටට ජනතාවට දුන් කප්පරක් පොරොන්දු ඉෂ්ට සිද්ධ කරලා නැහැ. ඒ ගැන මුලින්ම එන මැතිවරණයකින් ඔබට බලාගන්න පුළුවන්. (නි)

:       0       0

පද්මිණි Thursday, 08 December 2016 05:27 AM

අපි ඉන්නේ විදේශ රටවල. මහින්දගේ පවුල් පාලනය අපට එපා වුණේ අවුරුදු ගණනාවකට පස්සේ. රට යන අත දැක්කා. මේ දියුණු රටවල මිනිස්සු ජීවිතය විදින ලස්සන අපේ රටේ අහිංසක මිනිසුන්ටත් උදාවේවා යන සිතුවිල්ලෙන් තමා සමාජ ජාල මගින් අපි ලොකු කැපවීමක් කළේ. නමුත් අද යහපාලනය මට නම් වහ වෙලා. ඔබතුමාලා ලැජ්ජා විය යුතුයි. ජනතාව දියවන්නාව වට කරන කාලය වැඩි ඇතක නොවේ. (නි)

:       0       0

අසෝකා Wednesday, 07 December 2016 01:00 PM

ගන්න කොට ගත්තේ නම් රිදී බන්දේසියක තියපු හොද අයිසින් කේක් එකක් කියල රහ කරකර කන්න නේද? (අ)

:       0       0

ප්‍රියාන් Wednesday, 07 December 2016 01:05 PM

මහින්දගේ බදු ප්‍රතිපත්තිය අවිධිමත් නම්..දැන් බදු ප්‍රතිපත්තිය විධිමත්ද? (ම)

:       0       0

බණ්ඩාර- කැකිරාව Thursday, 08 December 2016 05:32 AM

මහින්දට බැන, බැන, තමන්ගේ නම්බුව රැකගන්න උත්සාහ කරනවා. තවත් ජනතාව රවටන්න එපා මහත්තයෝ. යහපාලනය කියන්නේ හැමදේම විකුණන එකද? (නි)

:       0       0

ශානක Thursday, 08 December 2016 05:32 AM

ඔය විහිලු කතා නවතන්න දැන්. අපි හොරු ගෙදර යවලා ඊට වැඩිය හොරු ටිකක් ගෙනවිත් තියෙන්නේ කියලා දැන් රටටම පේනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 December 2016 01:10 PM

අපි ලංකාවට එනකොට ගෙනෙන බඩු මල්ල පැදුරු මල්ලේ එලලා තමයි බදු ගහන්නේ.දැන් ඉතින් ලංකාවට බඩු අරගෙන එන ඒකත් ඉවරයි. (ම)

:       0       0

කසුන් Thursday, 08 December 2016 05:38 AM

දැන් ඔය ටේප් එක ඇති නේද? (නි)

:       0       0

ස්ටැන්ලි Thursday, 08 December 2016 05:41 AM

"දැවැන්ත සංවර්ධනය" කෙරෙන විදිය හොඳට පේන්න තියෙනවා (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Thursday, 08 December 2016 07:31 PM

කට නම් තියෙනවා. නමුත් කරපු දෙයක් තාම නැහැ (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 07 December 2016 01:11 PM

හිටපු දුෂිතයන්ගේ ගසා කාම රටේ අසරණ මිනිසුන් ලවා පියවන්න එපා (ම)

:       0       0

චාරක Thursday, 08 December 2016 05:54 AM

අනේ! කරන්න බැරි නම් ඕක දීලා යන්නකෝ අපිට වද නොදී. මහා ලොකු ආර්ථික ඔස්තාර්ලා! (නි)

:       0       0

ජි නන්දන Wednesday, 07 December 2016 01:28 PM

එහෙම තියෙද්දිද මන්ත්‍රි පඩි වැඩි කරලා කාර් ගෙනත් දිලා සැප දෙන්නේ (ම)

:       0       0

ගුණේ Thursday, 08 December 2016 06:15 AM

රට ආරක්ෂා කරමින් සංවර්දනය කරා ගෙනගිය ශ්‍රේෂ්ඨ නායකයා පැරදවූ ගුණමකු සිංහලයට එහි විපාක පළදෙනවා. (නි)

:       0       0

විපුල Thursday, 08 December 2016 06:21 AM

කවුරු කවුරුත් ගත් ණය කතා කර කර තව ණය ගන්නවා. මැති ඇමතිලා නඩත්තු වියදම් ගැන කතා නැහැ. අපි හැමදාමත් මොවුන්ට රැවටෙනවා (නි)

:       0       0

ටිකිරි Thursday, 08 December 2016 06:26 AM

කටින් බතලකොල! රට කරවපු හැම වෙලාවෙම රට කෑවා (නි)

:       0       0

අජිත් Thursday, 08 December 2016 06:29 AM

මේ අයට රට ගැන කතා කරන්න අයිතියක් නැහැ (නි)

:       0       0

නාලිකා Thursday, 08 December 2016 06:29 AM

මේගොල්ලන්ගේ බැරිකමට අහක ඉන්න මහින්ද පළි. හොරුත් දැක්කා මෙහෙම හොරු ජීවිතයටම නොදැක්කා! (නි)

:       0       0

ශශික Thursday, 08 December 2016 06:35 AM

එ්කට කමක් නැහැ. මහබැංකු වංචාවෙන් උපයපු මුදලින් ඒවා ගෙවන්න. (නි)

:       0       0

සුසන්ත Wednesday, 07 December 2016 02:08 PM

හැම එකටම මහින්ද මහින්ද කිය කියා ඉස්සරහට වැඩ වලින් හොරාකන එකයි බොරු පම්පෝරි ගැහිල්ලයි විතරයි රටේ දැන් වෙන්නේ. රටේ කිසි වැඩක්, සංවර්ධනයක් නම් වෙන්නේ නැහැ. අන්තිමට ඉස්සරටත් වඩා ණය අරන්, ඒවායින් කරපු දේකුත් නැහැ (නි)

:       0       0

නුවන් Wednesday, 07 December 2016 02:10 PM

එතකොට අර මහා බැංකු බැදුම්කර සිද්ධිය කාගේ රජයකින්ද වුණේ? (නි)

:       0       0

සංජීව රාජපක්ෂ Wednesday, 07 December 2016 02:11 PM

මොවුන්ට කියන කට ගලේ උලා ගන්නවා ඊට හොඳයි (නි)

:       0       0

ලලිත් Wednesday, 07 December 2016 02:15 PM

ඕවා කිය කියා හිටියා දැන් ඇති. නටන්න බැරි කෙනත් පොළොව ඇදයි කිවුවනේ? (නි)

:       0       0

කමල් Wednesday, 07 December 2016 02:15 PM

ගුවන්තොටුපළේ කැමරා සවිකරන්නත් විරුද්ධව වැඩ වර්ජනය කළේ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

අහිංසා Thursday, 08 December 2016 07:31 AM

දැන් ගන්න ණය වලින් රට ණය වෙන්නේ නැද්ද? මෙයාලා වෙන මොනවා කරන්නද. ඕවා කියව කියවා ඉන්නෙ නැතුව. (නි)

:       0       0

රත්නායක Wednesday, 07 December 2016 02:26 PM

ඔබලාත් ඊට සමානම ණය මේ වෙනකොට අරගෙන ඉවරයිනෙ. ඉතින් ඒ ණය බේරන්න තිබුනනෙ ඒකෙන්. ඒ ණය අරගෙන මොනවද කළේ. ඔබතුමාලා බලයට එන්න කලින් මවපු විදියට රට දියුණු කරන්න පටන්ගත්තා නම් මේ හැම ණයක්ම රටට නොදැනී, ජනතාවට නොදැනී ගෙවන්න තිබුනා. කොහෙද රටට වඩා මැති අැමතින්ගෙ දියුණුව ගැනනෙ හිතුවෙ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 December 2016 02:45 PM

කණගාටු වෙනවා හැර වෙන මොනවා කියන්නද. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 December 2016 02:54 PM

මේ කියන විදිහට රටේ නීතියක් රීතියක් කියලා දෙයක් ඕනෑ නැහැනේ. ඕනෑම කම්බා හොරෙකුට මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලා නිදහසේ ඉන්නත් පුළුවන්නේ. මොකද ඒ මුදල් පියවන්න අසරණ මිනිස්සු ඉන්නවනේ. මේවා අහල/දැකලා කම්බා හොරු අපිට හිනා වෙනවා. ලැජ්ජයි. (නි)

:       0       0

කුමාර් Wednesday, 07 December 2016 02:54 PM

ඇයි මහින්ද බලෙන්ද ආණ්ඩුව දුන්නේ ඔයාලට. දැන් බයිලා කියනවා. මහින්ද හොරකම් කළාලු. එ්ත් මහින්දගේ කාලෙට වැඩ කොච්චර වුණාද? (නි)

:       0       0

රුවන් Wednesday, 07 December 2016 03:21 PM

අා.....ඒ ණය බර නිසා වෙන්න අැති වාහන ගෙන්නන්නෙ නේද..... කාටද මේ බොරු කියන්නෙ (නි)

:       0       0

පීරිස් Friday, 09 December 2016 06:24 PM

60% ශ්‍රී ලාංකික මෝඩයින් නිසා අපිත් ගොඩ (නි)

:       0       0

සුරේන් Wednesday, 07 December 2016 03:32 PM

බැඳුම්කරේ පාඩුව කළේ එතකොට මහින්දද ,මත්තල වගේ 1 1/2 හදන්න තිබුනා ඒවායින් (නි)

:       0       0

හෆීල් Thursday, 08 December 2016 08:31 AM

මහින්ද රට හොඳටම ණය කරලා. ඔබලත් එ්කම නේද කරන්නේ? ආණ්ඩුධු පක්ෂයේ මන්ත්‍රීවරු 58 දෙනාට මාසික රුපියල් ලක්ෂ 7 බැගින් අවුරුදු 5 ට ලීසිං දීමනාව, වාහන පර්මිට්, මන්ත්‍රී වැටුප් ලක්ෂයකින් වැඩිකරමින්, ඇමතිවරුන්ට කෝටි ගණන් වටිනා වාහන, කෝටි ගණන් බද්දට ඇමතිවරුන්ට කාර්යාල, හිතුවක්කාර විදියට ඇමතිවරුන් උපදේශකවරුන් පත්කරමින්... බලනකොට දෙගොල්ලම එකයි. මහින්ද ඒ දේවල් හොරෙන් කළා. ඔබලා නිලවශයෙන් කරනවා. දෙකෙන්ම මහජනයාට තමයි බර. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 07 December 2016 04:13 PM

දැන් නම් බොරු කළා හොදටම ඇති. ඕවා විශ්වාස කරන්නේ කැපුවත් කොළ පාටයි කියන අය විතරයි. ගිය ආණ්ඩුව අවුරුදු 10 කාපුවා, මෙයාආ අවුරුදු දෙකෙන් කෑවා. තාමත් අපිට මහින්ද පෙන්නලා, සුදනන් වෙන්න පුළුවන් කියලා හිතනවා නම්... (නි)

:       0       0

රජින්ද Wednesday, 07 December 2016 04:31 PM

තවමත් ඉතින් මේ කතා විශ්වාස කරන මිනිස්සු ඉන්නවා කියලා හිතනවා නම් වැරදියි (නි)

:       0       0

දිමුත් Wednesday, 07 December 2016 04:51 PM

අනේ තව අවුරුදු කීයක් ඕකෑ කියන්නද? බොරු කවදා හරි එළිවෙනවා. බැංකු හොරාව පත්කරපු අයටත් දඬුවම් ලැබේවි දවසක. (නි)

:       0       0

කුමාර Wednesday, 07 December 2016 04:57 PM

අවුරුදු දෙකක් ගිහිල්ලත් තාම පරණ පොත පෙරළනවා. ණය අරන් ඒ මනුස්සයා වැඩ කළා. (නි)

:       0       0

හිමාල් Thursday, 08 December 2016 08:42 AM

දැන් මේ කතා අහලා ඇතිවෙලා (නි)

:       0       0

සෙනෙවි Wednesday, 07 December 2016 04:58 PM

එතකොට දැන් ඔයාලා අයිඑම්එෆ් එකෙන් එහෙම ගන්නෙ ණය නොවෙයිද? (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 08 December 2016 08:42 AM

මහින්ද රට ණය කරලා කියන කතාව දැන් ඇති. දැන් කියන්න එ්වා ගෙවන්න ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. එහෙම බැරිනම් වෙන කවුරු හරි කරන්න පුලුවන් කෙනෙකුට රට දීලා අයින් වෙන්න. ඔයාලට කලින් ආණ්ඩුව ගත්ත ණය ගෙවන්න ක්‍රමයක්වත් හොයන්න බැරිකොට අපි කොහොමද ආණ්ඩු දෙකක ණය ගෙවන්නේ? (නි)

:       0       0

විජේරත්න Wednesday, 07 December 2016 05:18 PM

මේ ෆොටෝ වලට මුහුණ හංගාගෙන ඉන්නේ, මේ යහපත් වැඩ වලට අකමැති කට්ටියදෝ කියලා මට නම් හිතෙනවා (නි)

:       0       0

අරවින්ද Wednesday, 07 December 2016 05:17 PM

අනේ මොකටද තව කතා? (නි)

:       0       0

නන්ද Wednesday, 07 December 2016 05:36 PM

දේශපාලකයින්ට මෙය එතරම් ප්‍රශ්නයක් නොවෙයි. වියට්නාමයේ හිටපු නායකයා, හෝචි මින් නිදාගත්තේ ලෑලි ඇඳක. කුඩා කාමරයක. නොබෝදා මියගිය ෆිදෙල් කස්ත්‍රෝ ඉන්න කාලෙදිත් කිසිම තැනක එතුමාගේ නම දැම්මේ නැහැ. මියගියාට පස්සෙත් එය ඒ විදිහටම කරන බව එම පවුලේ අය කියා තිබුණා. එවැනි ආදර්ශවත් ලෝක නායකයෝ නොයෙක් රටවල හිටියා, ඉන්නවා. ඒකට අපේ නායකයෝ? එහෙම අයට, රටට මොනවා වුණත් කමක් නැහැ. ඒ අය උපරිම සැප විඳිනවා. මේ නිසයි අප රටේ දියුණුවක් නැත්තේ. (නි)

:       0       0

සමන් Thursday, 08 December 2016 09:02 AM

කතිරය ගහපු අයත් සෘණ ආර්ථිකයට වගකියන්න ඕනෑ (නි)

:       0       0

ගාමිණි Wednesday, 07 December 2016 06:34 PM

මහින්ද රට ණය කරලානේ. ඔය ඕවට පව් ගෙවන්න ඕනෑ නැහැ. මහින්දටම දීලා ගෙදර යන්න (නි)

:       0       0

හේමා Wednesday, 07 December 2016 06:56 PM

යහපාලන රජයේ බදු සහ මිලියන 780 වීඅයිපී වාහන සඳහා ලක්ෂය බැගින් සෑම මන්ත්‍රී කෙනෙකුටම තෑගි දෙන්න (නි)

:       0       0

මැදමුලනේ නිලූ Wednesday, 07 December 2016 06:59 PM

රනිල් මහත්තයා කතා කරන්නේ අපිට කිසිම දෙයක් නොතේරෙනවා වගේ. ඇත්ත තත්වය එ්ක නොවෙයි. ලංකාව ගැන ඉන්දියාවත් චීනයත් අතර පවතින අවිනිශ්චිතභාවය නිසා චීනය ලංකාවට විශාල ණය මුදලක් දුන්නා පහුගිය ආණ්ඩු කාලය තුල. නමුත් මේ ආණ්ඩුව බටහිර රටවල් වලින් ණය ගන්න හිතාගෙන තමයි හිටියේ. බටහිර රටවල් චීනය දුන්න තරම් ණය මුදල් දෙන්නේ නැති නිසා වැඩකටයුතු කරගෙන යන්න අපහසුවුණා. දැන් කියනවා ණය බරයි කියලා. මොකද ණය ගන්න බැරි බව කියන්න ලැජ්ජා නිසා. (නි)

:       0       0

සාගර Thursday, 08 December 2016 09:15 AM

එතකොට මහා බැංකු වාර්තාවේ තියෙන්නෙත් බොරුද මහත්වරුනි? (නි)

:       0       0

පෙරේරා Wednesday, 07 December 2016 07:14 PM

අන්තිමට දුප්පත් අපි පිටරටවල දුක්විඳලා ඔයාලගේ පව් ගෙවන්න ඕනෑ. මේවා උඩ ඉන්න දෙවියොම බලාගන්න ඕනෑ. අපේ රටේ මොනතරම් නිෂ්පාදන කරනවද කෝ ඒවාට තැනක්? (නි)

:       0       0

අජිත් Thursday, 08 December 2016 09:20 AM

ඇත්ත කතා කරනකොට සමහරුන්ට හිතට අමාරුයි (නි)

:       0       0

තිස්ස Wednesday, 07 December 2016 07:26 PM

ණය වෙන්නෙ නැතුව වෙන කොහොම කරන්නද, නිදහස් අධ්‍යාපනය විඳින උදවිය හැම තිස්සෙම ස්ට්‍රයික්. නිකම් බෙහෙත් වුණාට දොස්තරලා ස්ට්‍රයික්, කෝච්චි පීලි පන්නනවා, දකුණෙන් ගොළු මුහුද... ඉතින් අම්මෝ අත පය දිග අරින්නත් බැහැ. (නි)

:       0       0

අබය Thursday, 08 December 2016 09:26 AM

මේවා අහල පණ පලයන් පෙරේදා කිවුවලු....... (නි)

:       0       0

සිරිල් Wednesday, 07 December 2016 08:34 PM

මහබැංකු ගනුදෙනුව, මන්ත්‍රීන්ට දෙන සුඛෝපභෝගී වාහන, දැන් ගහන බදුත් මහින්දගේ ගිණුමටද බැරවෙන්නේ? (නි)

:       0       0

බන්දුල Thursday, 08 December 2016 09:40 AM

කවුරු වුණත් දන්නවා මුදලේ අගය පාවෙන්න හැරීම මුළු ලෝකයේම මුදල් ප්‍රතිපත්තියක් කියලා (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 07 December 2016 09:17 PM

ඔය වගේ දේවල් කියන්න නූගත් පාක්ෂිකයෝ ඉන්න රැස්වීම් වල. මහා බැංකු වාර්තාව බැලුවහම හොඳින් පේනවා, රටේ දළ ජාතික අාදායමට සාපේක්ෂව වැඩිම ණය ගත්තේ කවුද කියලා, කිසිදු සංවර්ධන කටයුත්තකුත් නොකර. මේ රටේ ආර්ථිකය ඍණ කරලා, අසාර්ථක රාජ්‍යක් කරපු අයත් මහින්දට බනින එකනේ වැඩේ (නි)

:       0       0

ලාල් Wednesday, 07 December 2016 09:19 PM

අහිංසක මිනිසුන්ට බදුබර පටවමින් සුරසැප විඳින්න දේශපාලකයන්ට ලැජ්ජා නැති හැටි. (නි)

:       0       0

පහන් Wednesday, 07 December 2016 09:59 PM

පොඩි එකෙක් වුණත් දන්නවා මේ ආණ්ඩුව ආ ගමන් රුපියල පාවෙන්න හැරියා, ඇවිල්ලා තිබුන විදේශ ආයෝජන නැවැත්තුවා. රුපියලේ වටිනාකම දවසින් දවස බාල්දුවුණා. ණය වාරික තව තවත් වැඩිවුණා (නි)

:       0       0

සිසිල් Wednesday, 07 December 2016 10:29 PM

ඒ ණය බරින් රට මුදවා ගැනීමට විසඳුම ලෙස දේශපාලන ගෝලබාලයන්ට පඩි හා දීමනා වැඩිකරගෙන කෝටි ගණන් වියදම් කරලා සැප කාර් අරන් දෙන එකද හරි. රට හිනස්සන්නේ නැතුව ඔය වැඩේ කරන්න පුළුවන් කෙනෙකුට දීලා යන එක නේද හොඳ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2923 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 511 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 761 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2737 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3577 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1936 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 262 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site