“ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකට කරන්න හදනවා. ඒ සමගම රටත් දෙකට කරන්න යනවා. කවුරුන් හිරේ දැම්මත් අපි මේ රජයට එරෙහි සටන අත් හරින්නේ නැහැ. ආණ්ඩුව අපෙන් පළි ගන්නවා. හොරු නඩු දානවා. ශාන් විජේලාල්ටත් කියන්නේ අප සමග එකතු වී අපේ සටන ජය ගැනීමට සහාය දෙන්න කියලා“ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයන්ත, බලන්නකෝ ඔයාගේ අං ඇවිල්ලද කියලා. (නි)
සාමා, ඔයාගේ අං දැක්කහමද අනිත් අයගේ අං මතක්වුණේ? (නි)
අපිත් එක්ක එකතු වෙන්න.(හේ)
සුන්දර පරිසරයක් තියෙන, දිය ඇලී, ගංගා ගහ කොළ, සම්පත් තිබෙන, අවාසනාවන්ත ජනතාවක් සිටින ලෝකේ එකම රට. (නි)
ඔබතුමාට ඇයි ඔච්චර රට ගැන කැක්කුමක්. (නි)
සාමා අමුතුවෙන් බලන්න දෙයක් නෑ.... කියන දේවල් වලින්ම තේරෙනවා (ම)
ඉතිහාසයේ පළමු වරට දෙසපාලකයෝ නීතියේ ඉදිරියට ගෙන ආවේ ... මේ වෙනුවෙන් යහපාලනයට ජනතා ප්‍රශංසාව හිමි විය යුතුයි ... රටේ සම්පත් තමන්ගේ බුදලය ලෙස සලකමින් අවබාවිතා කිරීම නිසා කෙරෙන පරීක්ෂණ වලට කව්රුන් හෝ විරුද්ධ වේද ඔවුන් කරන්නේ මුළු රටටම ද්‍රෝහී කමක් .. (ම)
කතා කරාට එයිද?(හේ)
මටනං මේ කතා අහලම ඇතිවෙලා ..(බ)
අයියෝ නාමල් ඔයා හිතාගෙන ඉන්න ලෝකෙට වඩා ඇත්ත ලෝකේ හරි වෙනස්. සාමා සහන් වගේ අයගෙන් අහන්න තියෙන්නේ මෙයාලට මෛත්‍රී ගාවට යන්න හිතුණේ දෙපාරක් එෆ්සීඅයිඩී ගියා පස්සෙද ? (බ)
තණ්හාය ජායති ශෝකෝ! (නි)
නායකයා නොවී නායකයා විදියට හැසිරිලා පක්ෂය දෙකඩ කරන්න හදන්නේ කවුද කියලා අපි දන්නවා. අත වැනුවට ඔය වගේ හොඳ මිනිස්සු එන්නේ නැහැ (නි)
උසාවිය සාධාරණ බව දැන්වත් පිළිගන්නේ නැද්ද? (නි)
අර පැත්තේ කට්ටිය මේ පැත්තට ගන්නවා. මේ පැත්තේ කට්ටිය අර පැත්තට ගන්නවා. අන්තිමට අපි කාට ඡන්දෙ දුන්නත් අපිට පහර වදිනවා (නි)
මෙයාලට පක්ෂව කතාකරන අය දැන් කාලේ හරි අඩුයි (නි)
කවුරුන් හිරේ දැම්මත් අපි මේ රජයට එරෙහි සටන අත්හරින්නේ නැහැ. අපිත් එළබෙන පළමු ඡන්දයේදීම ඒ බව ඔප්පු කරමු. (නි)
ඔන්න ඔහොමයි වෙන්න ඕන, වැරදි දෙයක් දැක්කහම පත්තරවලට හරි කියන්න, එහෙමයි මේ රට හදන්න පුලුවන්. (ර)
මොකද අප්පේ මෙයාට පමණක් විශේෂ ඇරයුමක්? ගිලෙන්න යනවිට අහුවෙන එකේ එල්ලෙනවනේ, නේද? (නි)
ශාන් කියන්නේ මහත්තයෙක්. එතුමා සිරිසේන මැතිතුමා සමඟ මිස චෝදනා ලත් අය සමඟ එක්වන්නේ නැත (නි)