මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන බැලිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදේ එහි ගියේය.
ඉන් පසු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් එහි රිමාන්ඩ් භාරයේ සිටින ස්වයංරැකියා නියුක්තියන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගමගේ මහතා බැලීමට ගියේය.
ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ මුදල් රුපියල් ලක්ෂ 14ක් වංචා කළැයි ඔහු රිමාන්ඩ් කැර සිටි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් මලය අවා නම් මෙතනත් රැස්වීමක් තියල "මහින්ද අගමැති" කරමු කියලා, යටිගිරියෙන් කෑ ගහන්නත් පුළුවන් කමක් තිබ්බා.... (බ)
එක අත්තටු ඇති කුරුල්ලෝ එකට පියාඹති....... (නි)
අපි ඔබට ගොඩක් ගරු කළා, අැයි මෙහෙම හොරු සනසන්නේ ඔබ ගැන අපට කණගාටුවක් දැනෙනවා .(හේ)
සත්‍යපාල ඔබේ කියමනට මගේ හිසනමා ආචාරය ඔබට!!! සත්‍ය වැටහේවි මේ හැමටම නොබෝ කලකින් ....?(හේ)
මොකට ගියාද මේ අයව බලන්න (දිල්)
එය ලඟදි පදිංචියට ඒමට බලාපොරොත්තුවන නව වලව්ව බැලීමට ආ පරීක්ෂණ චාරිකාවක් වගේ නේද, මේකත් ???(හේ)
හොරු රැක්කේ කවුරුද,රකින්නේ කුමක් සඳහාද ? මහා හොරාගේ රාජකාරියක් තමයි පොඩි හොරු ආරක්ෂා කිරීම. ජනතාව එපා කිවනම් ආය මොකොට එනවද ? (බ)
අලි බබා සහ හොරු හතලිහ. තව කී දෙනෙක් බලන්න යන්නද?(හේ)
සිරගත කළ කෙනෙක් බාලන්න යාමේ වරදක් නම් නැහැ නමුත් හිටපු ජනාධිපතිතුමා එහෙම ගියේ අනාගතය ගැන යටි අරමුණක් හිතේ තියන්ද නැත්නම් සැබෑම මනුස්සකම පෙරදැරි කරන්ඩ කියල කියන්න බැහැ (බ)
සරණ හා කහඳගම දෙන්නම චණ්ඩි (බ)
මම නම් දැන් දකින්නවත් කැමති නැහැ (නි)
ඔබ පැරදුනේ රටේ මුදල් කාබාසිනා කරපු මෙවැනි හොරුන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා. ඔබ මෙවැනි අපරාධ කාරයෝ බැලීමට යාමෙන් බුද්ධිමතුන් ඔබව නැවත ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් වන බව නිසැකය.(බ)
අනේ මෙහෙම හිටපු නායකයෙක් වෙන වැඩක් ඇත්තෙම නැත? (බ)
සරත් මෙයා පරදින්න ප්‍රධාන හේතුව බොදු බල සේනාව දමල කළ අපරාද (බ)
මහින්ද මැතිතුමනි ,රට අවදානම් තත්වයේ. වහාම ජනාධිපති නිලය බාරගන්න (බ)
කෝ බබාලා වඩා ගන්නේ නෑනේ දැන්? (බ)
දයා, ජෙනරාල් තුමාව සිපිරි ගෙට දැම්මෙත් ඔය මහත්මා ගතිය නිසා වෙන්නැති. (අ)
ඔබ පරදින්න එක හේතුවක් හොරු ලං කර ගැනීම (නදී)
දුකේදී හෝ සැපතේදී හෝ කෙනකු බලන්න යාම මහත්මා ගතියක්. බුද්ධ සාසනයේත් අදර්මිෂ්ඨ දෙවිදත්තර හාමුදුරුවොත් සිටියා. එතුමා සාසනයෙන් කොන් කලද ඒක තමයි මෛත්‍රිය (නදී)
මෙතුමා පැත්තකට වෙලා හිටියොත් නම්බුවක් ඇතුව ඉන්න පුලුවන්වෙයි. අනේ මන්දා! (නි)
මේකේ උතුරු නැගෙනහිර කට්ටිය විතරද ඉන්නේ. (නදී)
හොරු ටිකට "මහගෙදර"එකට එකතුවෙලා ඉන්නම නීතිය ක්‍රියාත්මක කරන්න තවමත් ප්‍රමාදවීම ගැනයි මට දුක (නි)
ඒ මනුස්සයාට තමන් කැමති තැනක යන්න නිදහසක් නැද්ද (නි)
මම මෙතුමාට ගෞරව කළා ,,ගිය පාර ඡන්දෙත් මොහුට දුන්නා. එත් මේ හොරු බලන්න යන එකෙන් මට මෙතුමාත් හොරෙක් කියා සිතෙන එක නවත්වන්න සරණ හොරෙක් කියල ගම්පහ විතරක් නෙවෙයි රටම දන්නවා. අහිංසක රඹුටන් වෙළෙන්දන්ගෙන් පවා දවසකට සීයක් දෙසීයක් ගත්ත පීචන් හොරෙක් (බ)
විවිධ පුද්ගලයන් ඉකුත් රාජ්‍ය සමයේදී නීති විරෝධී ලෙස අත්කරගෙන මෙරටින් පිටත බැංකුවල තැන්පත් කර ඇති වත්කම් හා ආදායම් පිළිබඳව සොයා බලා ආපසු ලබා ගැනීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. (නදී)
නන්දලාල් ඔබ හරි. බටහිර රටක නම් මේ වෙනකොටත් ඇතුලේ.(නදී)
බන්දුල පෙරේරා මේ වගේ අය බලයට එනකම්ද බලන් ඉන්නේ? එහෙනම් ඉතින් තවත් චිරාත් කාලයක් බලන් ඉන්න වේවි.(නදී)
යකා විදිහටලු විමානේ කියල කතාවක් තියෙනවා. (නදී)
හැම දේටම අත දිග ඇර වියදම් කරපු වෙලේ සුදා බලන්නත් යන්නකෝ (නදී)
ලංකාවේ විදේශ වත්කම් වලට වඩා සමහරු සතු විදේශ වත්කම් වැඩි ඇති (නි)
ඇයි දැන් කට්ටියට මොකක්ද තිබෙන ප්රශ්නය? (නි)
තවමත් ඉන්නවනේ අපේ රටේ බත් කන හරක්. (නි)
මෙයාලා කොහොම සැප විඳින්න ඇද්ද අපේ සල්ලි වලින්? (නි)
දැන් හිතා ගන්න පුළුවන්නේ කම්බා හොරුන්ව නිදහස් කලේ කවුද කියල?(නදී)
මෙතුමා නිකම් සවුත්තු වෙනවා (නදී)
හොරු රැක්කේ කවුරුද,රකින්නේ කුමක් සඳහාද ? ජනතාව එපා කිවා නම් ආය මොකට එනවද ? (නදී)
නන්දලාල් ඔබ හරි .ලගදීම එන්න වෙනවා. එ්ක ඉර හද වගේ විස්වාසයි. (නදී)
දැන් වැඩකුත් නෑනේ, අනික නොගිහින් කොහොමද කරපු 'වැඩ' වලට (නදී)
හිරගත කර සිටින කෙනෙක් බැලීමට යාම වරදක් නොවේ. (නි)
ඉහත සමීර ඉන්නේ හරි මතයේ කියල හිතාගෙන තමයි කතා කරන්නේ.....තනි පාටකින් දේවල් බලන්න එපා ....ඔයා හරිමයි කියල හිතන්න එපා (බ)
හොරු හතළිහේ සුව දුක් ඉතින් අලිබබා බලන්ඩ යෑ. ඕවට දැක්ක නොදැක්ක වගේ හිටියනේ. ළමයි නරක් වෙනවට තාත්තලත් වග කියන්න ඕනිනේ. (බ)
සමිර, තවම හොරු කියලා ඔප්පු වෙලා නැනේ. එහෙම නම් කාට හරි කියන්න පුලුවන් ඔයාටත් මටත් හොරු කියලා. අපිට මනුස්සකම තියෙනවා නම් මිනුස්සු අමාරුවෙ වැටුනම පිහිටට නැත්තම් වෙන වෙලාවට මොකටද? නියම නායකයෙක් එහෙම තමයි. බුදුන් වහන්සේත් තමන්ගෙ නොමගගිය අනුගාමිකයන්ට අනුකම්පා කළා. එතුමත් හොද බෞද්ධයෙක්. (බ)
සරණය හොරා බව ඇත්ත එත් ඉතින් බන්ධනාගාරේට යන්නේ රහතුන් බලන්න නෙමේ නේද ? මහින්ද වගේ සුපිරි නායකයෙක් කොහෙද මේ රටේ දැන් හිටන් දුන්න නේද දෙමළෙන් ජාතික ගීය (බ)
මට නම් මේකේ වරදක් පෙනෙන්න නැහැ (නි)
හොරකම් කරමින් හරි රට රැකගන්න එක හොරකම් නොකර රට එක එකාට ලියල දෙනවට වඩා හොදයි.(ම)
ඇයි මෙහෙම වැරදිකරුවන් බලන්න යන්නේ ? (නි)
අත් අඩංගුවට පත් හොරු ගැන සොයා බැලීම අනෙක් අයගේ වගකීමනේ (නදී)
අනේ හැබෑට, වෙන වැඩක් ඇත්තෙම නැද්ද? (නි)
ගියොත් සරනගේ කැමැත්ත පමණක් ඔබ තුමාට ලැබේවි. නොගියොත් අසරණ දහස් ගණනක කැමැත්ත ඔබ තුමාට ලැබේවි . (නදී)
නීතියෙන් ඔප්පු වෙන්න කලින් වැරදි කාරයෙක් උනේ මහ බැංකු ගනුදෙනුවේදී විතරයි ද ? රනිල් මහත්තයට යන්න කියල ඔය උද්ගෝෂණය කරන්නේ ? (නදී)
නීතියෙන් ඔප්පු වෙනතුරු වැරදී කාරයෙක් නොවෙන බව නොදන්නා අයද දැන් ඉන්නේ. (නදී)
නැවත එන්න හදන්නේ මේ හොරු නිදහස් කරන්න තමයි (නදී)
ඇයි මෙහෙම යන්නේ ?
හොරකන් කරන්න ඉඩ දීල දැන් යනවා බලන්න. ඔය වගේ හොරුන්ට සහය දක්වන මිනිස්සුද නායකයා කියන්නේ. ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු හැමදාම රැවටෙනවා. (නදී)
එක අත්තටු ඇති කුරුල්ලෝ එකට පියාඹති (නදී)
දැන් දන්නවා කාගේ සරණද කියල. (නදී)
සිරකරුවෙකු බැලීමට යාම වරදක් නොවේ. නමුත් මොහු බැලීමට යන්නේ අහිංසක මිනිසුන්ගේ දනය හොරා කන ලද අයකු බැලීමටයි . (අ)
හොරු 40 ට කරදරයක් උනාම හොයල බලන්න එපායැ (නදී)
දැන් වත් ඔය වගේ අය බලන්න යන්න එපා. අහිංසක රඹුටන් විකුණන ජනතාවගෙන් කප්පම් ගත්ත මිනිස්සුනට හොද දඩුවම. සරණ නිට්ටඹුවටම එපා උන මිනිහෙක්. මේ වගේ වැඩවලින් වෙන්නේ මහින්ද මහත්තය තවත් එපා වෙනවා. (නදී)
කවුරුත් දන්නේ නැද්ද වර්තමාන අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතාත් සරණ ව බලන්න ගියා අද. එයත් හොරෙක්ද? (ම)
අනේ අපිව බලන්න ඔය මොකෙක්වත් එන්නේ නැහැනේ. වැහි කළු පාත්වෙද්දී හිතාගන්න පුළුවන් ලග ලගම වැස්සකුත් එන බව.(ම)
එක ජාතියේ කුරුල්ලෝ එකට එක අත්තේ නේ ලගින්නේ. (ම)
වරදක් ඇතුව හෝ නැතුව සිරගත උන කෙනෙකුව බලන්න යාම ඒ කෙනාගේ මානසික මට්ටම තේරුම් ගත් කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. ඒ ගුණධර්මය ශ්‍රේෂ්ට මිනිසෙකුගේ ලක්ෂණයක් (නදී)
සරණ අසරණ වෙලා ළමයෙක් පැහැර ගත්තා නේද ? (නදී)
දැන් නම් හොරකම් මොකුත්ම වෙන්නෙම නැහැනේ. රටත් හොඳටම ආරක්ෂා වෙනවනේ. පවුල්වල හත්මුතු පරම්පරාවේ ගෑවුණු කෙනෙක්වත් දේශපාලනේට ගාව ගන්නෙත් නැහැනේ. බෑණලා, දුවලා මල්ලිලා අහලකටවත් ගන්නේ නෑ (නදී)
හොද නායකයෙක්. (ම)
මේ වගේ අය එක්ක හිටපු නිසා තමයි ඔබ තුමා පැරදුණේ .... දැන් වත් තේරුම් ගත්තොත් හොදයි ...(අ)
ජයෙන් ජය (අ)
මේ ගොල්ලෝ සුර සැප වින්දේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් බව අමතක කරන්න එපා (අ)
සත්‍යපාල, අසත්‍ය ප්‍රකාශ කරන්න එපා.කාටද ලියලා දීලා තියෙන්නේ? එක පක්ෂයක්,එක මනුස්සයෙක් බදාගන ඉන්න එපා.රට ගැන හිතන්න.දරුවන්ගේ අනාගතය ගැන හිතන්න. (නි)
සත්‍යපාල, ඔයාලා වගේ තව කඩේ යන රැලක් ඉන්නවා.එතෙක් රට හදන එක බොරු (නි)
වැරදිකරුවනුත් අපේ සමාජයේම කොටසක් (නි)
ඔහු ජනතාව අතරට වෙලා වන්දනාමාන ලැබුවා. කොහොමහරි සෙනඟ අතර ගැවසීමේ මානසිකත්වයකින් පෙළෙනවා කියලයි මට හිතෙන්නේ. (නි)
සත්‍යපාල, එහෙනම් මොකටද දවස ගානේ පාරවල් දිගේ උද්ඝෝෂණ තියන්නේ කන්න නැහැ,ජීවත්වෙන්න බැහැ කියලා? (නි)