IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මහින්දගේ කෑමකට රක්නා ලංකා ලක්ෂ 10ක් ගෙවලා


පසුගිය ජනාධිපතිවරණයට පැමිණි අයට කෑම දීමට වැය වූ මුදල වෙනුවෙන් රක්නා ලංකා ආයතනයේ කර්නල් එගොඩවල මහතා මගෙන් ඉල්ලූ රුපියල් ලක්ෂ 10ක මුදල මා ඔවුන්ට දුන්නා යැයි කෝටිපති ව්‍යාපාරිකයකු වන ටෙස්ටාර් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ටී.ඒ.ඞී. රංජිත් මහතා බරපතළ වංචා සහ දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ හෙළි කළේය.
අපි වෙනුවෙන් අපි අවන්හල්වලට රක්නා ලංකා එකෙන් ශතයකවත් මුදලක් වැය නොකළ බවත්, ටුබෑකෝ එකේ සහ මගේ මුදල් ඒ සඳහා වියදම් කළ බවත් කී රංජිත් මහතා, ලක්ෂ 10ක මුදලට අමතරව කර්නල් එගොඩවෙල මහතා කළ ඉල්ලීමකට අනුව තවත් රුපියල් ලක්ෂ 6ක මුදලක් රක්නා ලංකා එකට දුන්නේ යැයි ද කීය.
බරපතළ වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ  හි පැවැත්වූ විභාගයේදී සාක්කි දෙමින් ජයරත්න මහත්මිය එසේ කීවාය.
2010 ජනවාරි මස 10 වැනිදාත් 2015 ජනවාරි මස 10 වැනිදාත් අතර කාලය තුළ රක්නා ලංකා ආරක්ෂක අංශයේ රාජකාරි කළ භටයින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට යෙදවීම, ඔවුන්ගේ වැටුප්, ආහාර සඳහා රජයෙන් මුදල් යෙදවීම, ඔවුන්ගේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයින් යොදවා ඒ වෙනුවෙන් වැටුප්, ආහාර සඳහා මුදල් ගෙවීම් කිරීම් මගින් රජයට රුපියල් කෝටියක පමණ පාඩුවක් සිදු කරන ලදැයි කියන සිද්ධියකට අදාළව මෙම විමර්ශනය සිදු කෙරේ.
මෙම සිද්ධියට අදාළව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී විශ‍්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙල, එහි හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඛනිජ තෙල් සංස්ථාවේ ගබඩා සංකීර්ණයේ හිටපු සභාපති වන මෙල්දුර රෝහණ වීර ද සොයිසා, දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ප‍්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා, කෝට්ටේ මහ නගරසභාවේ නගරාධිපති ජනක රණවක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උපාලි කොඩිකාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ ප‍්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන් නම් කොට ඇත.
මහාධිකරණ විනිසුරුවන් වන ප‍්‍රීති පත්මන් සුරසේන (සභාපති), විකුම් කළුආරච්චි, අමේන්ද්‍ර සෙනෙවිරත්න, ගිහාන් කුලතුංග සහ විශ‍්‍රාමික විගණකාධිපති පී.ඒ. පද්මතිලක මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්කි විභාගය කරන ලදී.
ලැසිල් ද සිල්වා මහතා කොමිසමේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, සහකාර ලේකම්වරුන් ලෙස ආර්. කරුණාදාස සිල්වා සහ එස්.ජේ.වී. තමෙල් යන මහත්වරු කටයුතු කරන අතර, භාෂණ කටයුතු සිදු කරමින් විමල් ශාන්ත ද සිල්වා මහතා කොමිසමේ කටයුතුවලට සහාය වේ.
කොමිසමේ විමර්ශන නිලධාරීන් ලෙස (සහකාර පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ කොමිසමේ විමර්ශන නිලධාරී ලෙස එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බෝධිපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කරති.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් ටෙස්ටර් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ටී.ඒ.ඞී. රංජිත් (52) මහතා මෙසේ ද කීය.
ප‍්‍ර - ඔබ අපි වෙනුවෙන් අපි පවත්වාගෙන යන අවන්හල්වලට බේකරි නිෂ්පාදන දානවද?
පිළි - ඔව්.
ප‍්‍ර - එහෙම නැත්නම් ඔබගේ රැකියාව මොකක්ද?
පිළි - මං ගාමන්ට්වලට දිනකට කෑම පැකට් 40,000ක් විතර දානවා.
ප‍්‍ර - රක්නා ලංකා එකට ඔබ යම් මුදලක් දුන්නා ද?
පිළි - ඔව්. රක්නා ලංකා එකෙන් මට රුපියල් 12,70,000ක් ලැබිය යුතුව තිබුණා. රක්නා ලංකා එකෙන් මං ගත් වියලි ආහාරවලට රුපියල් 10,40,642ක මුදලක් ගෙවිය යුතුව තිබුණා. ඔවුන් එම මුදල අඩු කරගෙන ඉතිරි මුදල මට දුන්නා.
ප‍්‍ර - රක්නා ලංකා කේටරින් අංශයෙන් ඔබ ගත් භාණ්ඩ මොනවාද?
පිළි - හාල්, පරිප්පු ආදිය රක්නා ලංකා එක තමයි රුපියල් 50/=ට බත් දීම ආරම්භ කළේ. අඩු මුදලට.
ජනතාවට කෑම වේලක් දීම ආරම්භ කලේ මගේ සංකල්පයකට. මං ජනතාව වෙනුවෙන් නිහඬව ඉතා විශාල වැඩ කොටසක් කළ කෙනෙක්.
සභාපති විනිසුරු සුරසේන මහතා - රක්නා ලංකා එකෙන් මොනවද දෙන්නේ?
පිළි - බත් බෑංජන හොඳි සමග දෙනවා.
ප‍්‍ර - බත් නිකම් කන්න බැහැ වෑංජන හොඳි ආදිය  ඕනේ කියලා අපි දන්නවා.
පිළි - බත් දෙනවා.
ප‍්‍ර - ගණකාධිකාරී ගාමිණී සිල්වා මහතා ඔබ දන්නවාද?
පිළි - නැහැ.
ප‍්‍ර - ඔබ කොමිසමට කටඋත්තර දෙමින් ජනරාල් එගොඩවෙල මහතා මට කතා කොට අපිට කෑමවලට පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා, අපිට උදව්වක් කරන්න පුළුවන් ද කියා ඔබෙන් ඇසුවා කියා කීවාද?
පිළි - ඔව්.
සභාපති විනිසුරු සුරසේන මහතා - ඔබ මහ ලොකු ව්‍යාපාරිකයෙකු වුණාට අපිට කමක් නැහැ. කොමිසමට ඇවිත් ඔබ මේ සාක්කි කූඩුවට නැගලා දිවුරුමක් දීලා ඉන්නේ ඇත්ත කියනවා කියලා. ඒ දිවුරුම අනුව ඇත්ත කීවේ නැත්නම් වෙන දේ බලා ගන්න පුළුවන්.
ප‍්‍ර - දැන් තමුන් පිළිගන්නවද තමන් මුලින් කියූ පරිදි හාල්, පරිප්පු මිලදී ගත් එකට නෙමේ නේද මේ සල්ලි හිලව් කරගත්තේ.
පිළි - ඔව්.
ප‍්‍ර - ඡුන්දෙට කෑම දීම වෙනුවෙන් වියදම් වූ මුදල වෙනුවෙන් නේද මේ මුදල් හිලව් කර ගත්තේ.
පිළි - ඔව්.
ප‍්‍ර - ඒ නිසා ඔබ කීවා මට එන්න තියෙන රුපියල් ලක්ෂ 12න් මේ ලක්ෂ 10 අඩු කරගෙන ඉතිරි මුදල මට දෙන්න කියලා.
ප‍්‍ර - මේ මුදල්වලට අමතරව ඔබ තවත් මුදල් රක්නා ලංකා එකට දුන්නාද?
පිළි - ඔව් රක්නා ලංකා එකේ බිලක් වෙනුවෙන් රුපියල් හය ලක්ෂ ගණනක් දෙන්න කියා කර්නල් එගොඩවෙල මහතා මගෙන් ඉල්ලූවා. මං මගේ ගණකාධිකාරීවරයා හරහා එම මුදල් දුන්නා.
සභාපති විනිසුරු සුරසේන මහතා - ඔබ සල්ලි නිකම් විසි කරන කෙනෙක් ද?
පිළි - නැහැ. මං අරපරිස්සමෙන් වියදම් කරන කෙනෙක්. එගොඩවෙල මහතා කවදාවත් මගෙන් උදව් ඉල්ලා නැහැ. ඒ මහත්තයා මගෙන් උදව්වක් ඉල්ලූ වහාම මට නොකර ඉන්න බැරි  වුණා.
විනිසුරු කළුආරච්චි මහතා - රුපියල් හය ලක්ෂ ගණනක ප‍්‍රශ්නේ මොකක්ද කියා ඔබ එගොඩවෙල මහතාගෙන් ඇසුවේ නැද්ද?
පිළි - නැහැ.
නීතිඥ සුමේධ මහවන්නිආරච්චි මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් රංජිත් මහතා මෙසේ ද කීය.
අපි වෙනුවෙන් අපි ලබා දුන් ආපන ශාලා වලට රක්නා ලංකා එකෙන් ශතයක්වත් වැය කළේ නැහැ. මායි ටුබෑකෝ එකයි තමයි ඒ සල්ලි වියදම් කළේ.
ප‍්‍ර - ඔබ එගොඩවෙල මහතාට දීපු මුදල්වලට ඒ මහතා මොකද කරලා තියෙන්නේ?
පිළි - බැංකුවේ තැන්පත් කරලා. ඒ බවට මට රිසිට් එකක් ද දුන්නා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් මෙරිටයිම් සිකියුරිටි සමාගමේ ඉදිරි ආරක්ෂක නිලධාරී පාලිත හීන්කෙන්ද (48) මහතා මෙසේ ද කීය.
හමුදා කපිතාන්වරයෙකු ලෙස සේවය කොට 2012 වසරේදී විශ‍්‍රාම ලබා දැනට රක්නා ලංකා සමාගමේ ඉදිරි ආරක්ෂක නිලධාරියකු ලෙස මුහුදු ආරක්ෂක සෙබළකු ලෙස වැඩ කළහ.
මහනුවර නමැති නැවේ සේවය කළ මා මුහුදු ආරක්ෂක සෙබලූන්ට ගිනි අවි බාර දීම හා ආපසු ලබාගැනීම පිළිබඳව නිසි පරිදි සිදුවෙනවා ද කියා පරීක්ෂා කිරීම මගේ  වගකීම වුණා.
ඇවන්ගාඞ් එකේ විශේෂ රාජකාරි සඳහා කොළඹට කැඳවීමෙන් පසුව අපිව ජනරාල් ජයසුන්දර මහතා ළඟට යොමු කළා. එහිදී මාව දෙහිවලට දාලා ධනසිරි අමරතුංග මහතා මුණ ගැස්සුවා.
ජනරාල් ජයසුන්දර මහතා බී.එම්.අයි.සී.එච්. එකේදී හමුවූ විට ඔහු කතා කොට හිටපු ජනාධිපති මහින්්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය උදෙසා කටයුතු කරන්න කියා කීවා. ඒ අනුව අපි වැඩකළා මිස එය කාගේ තීරණයක් ද කියා අපි ප‍්‍රශ්න කළේ නැහැ.
දෙහිවලට මාව කැඳවාගෙන ගොස් ධනසිරි අමරතුංග මහතා මුණගැසී ජනරාල් ජයසුන්දර මහතා මාව ඔහුට හඳුන්වා දුන්නා. මෙයා තමයි රක්නා ලංකා එකෙන් දාලා තියෙන්නේ කියලා කීවා.
ඒ මැතිවරණ කටයුතු කිරීම සඳහා 2014 නොවැම්බර් මාසයේ සිට 2015 ජනවාරි 08 වැනිදා දක්වා අපි වැඩ කලා. නිලධාරීන්ට නවාතැන් ගැනීම සඳහා නැඳිමාලේ නිවසක් අරං දුන්නා. කොළඹදී අපිට සාමාන්‍ය පඩිය ලැබුණා.
ප‍්‍ර - ඔබ ඒ කාලේ මොනවද කළේ?
පිළි - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම් පත‍්‍රිකා ආදිය මිනිසුන්ට බෙදීම කළා.
ප‍්‍ර - ටී ෂර්ට්, කැප් ආදිය ලැබුණා ද?
පිළි - කර්නල් වසන්ත කුමාර සමහර අයට ටී. ෂර්ට් කැප් ආදිය ද ගෙනැවිත් දුන්නා.
ප‍්‍ර - ඡුන්ද ප‍්‍රචාරක වැඩ නතර කරන්න කියා කවුරු හරි ඔබට කිව්වාද?
පිළි - ඔව් ජනරාල් ජයසුන්දර මහතා කීවා. 06 වැනිදා වන විට ඡුන්ද ප‍්‍රචාරක වැඩ නතර කරන්න කියලා.
විනිසුරු ගිහාන් කුලතුංග මහතා - ඡුන්ද පත‍්‍රිකා බෙදන්න ඔබට අමතරව රක්නා ලංකා එකේ තව කොපමණ පිරිසක් සහභාගී වුණාද?
පිළි - 28 ක් 30 ක් විතර.
රංජිත් මහතාගේ සාක්කිය එතැකින් අවසන් විය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන්, රක්නා ලංකා ආයතනයේ ඉදිරි මෙහෙයුම් නිලධාරී කමල් පද්මසිරි හේරත් මහතා (50* මෙසේ ද කීය.
2012 ජූලි මාසයේ සිට කටුනායක ගුවන් තොටුපලේ රක්නා ලංකා එකේ වැඩකළා. ඉන්පසු මුහුදු ආරක්‍ෂක කටයුතු සඳහා ගාල්ලට යැව්වා. එලෙස වැඩ කරද්දී 2014 නොවැම්බර් මාසේ කළ දැනුම් දීමකට අනුව, මං කොළඹට ඇවිල්ලා එයාර් වයිෂ් මාර්ෂල් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දැනුම් දීමකට අනුව ජනරාල් ජයසුන්දර මහතා හමුවුණා.
එතකොට ඔහු මොනවද කීවේ.
පිළි - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය උදෙසා කටයුතු කිරීමට කොළොන්නාව ප‍්‍රදේශයට යන්න කියලා කීවා.
ප‍්‍ර - එතකොට මොකද වුණේ?
පිළි - මං කීවා මං කොළොන්නාව දන්නේ නැහැ. ඒ නිසා මා ඒ ප‍්‍රදේශයට දාන්න එපා කියා ඉල්ලා සිටියා.
ප‍්‍ර - එතකොට මොකද වුණේ?
පිළි - ඔහු කීවා, මා ඔබව ඒ පැත්තේ කෙනෙකුට අඳුන්වලා දෙන්නම් කියලා. මාව එක්කරගෙන ගිහින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට අඳුන්වලා දුන්නා.
ප‍්‍ර - ජනරාල් ජයසුන්දර මොනවද කිව්වේ?
පිළි - මං දන්නෙ නැහැ.
ප‍්‍ර - එතැනට යනකොට තව කවුද හිටියේ?
පිළි - ජනරාල් වසන්ත බණ්ඩාර මහතා හිටියා.
ප‍්‍ර - එතැනට නිලධාරීන් කී දෙනෙක් ආවාද?
පිළි - නිලධාරීන් 6ක් 7ක් වගේ
ප‍්‍ර - සෙබළුන් කී දෙනෙක් ආවාද?
පිළි - 25ක් 30ක් වගේ.
ප‍්‍ර - ඒ කාලේ ඔබලා නතර වෙලා හිටියේ කොහේද?
පිළි - දුමින්ද සිල්වා මහතාගේ ලේකම්වරයකු විසින් අපිට හෝටල් 2ක් දී තිබුණා.
ප‍්‍ර - කෑම බීම?
පිළි - එහෙන්ම දුන්නා
ප‍්‍ර - ඒ කාලයට ඔබට වැටුප් දුන්නද?
පිළි - ඔව්.
නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පද්මසිරි හේරත් මහතා මෙසේ ද කීය.
ප‍්‍ර - ඔබ දුමින්ද සිල්වා මහතා හමුවුණා.
පිළි - ඔව්. ජනරාල් ජයසුන්දර මහතා සමග ගිය අවස්ථාවේදී ඔහු හමුවුණා.
ප‍්‍ර - ඔබ එතැන හිටපු විනාඩි දෙකක කාලය තුළ ජනරාල් ජයසුන්දර, දුමින්ද සිල්වාට කතා කොට අපි මේ අයට පඩි ගෙවනවා ඔයගොල්ලෝ වැඩගන්න කියා කීවද?
පිළි - නැහැ.
ප‍්‍ර - ඔබලා යම් දේශපාලන කටයුත්තකට සහභාගී වෙලා වැඩ කරන්න කියා තමන්ට උපදෙස් දුන්නේ කවුද?
පිළි - ජනරාල් ජයසුන්දර.
ප‍්‍ර - මේ වැඩවලදී දුමින්ද සිල්වා මහතාගේ වැඩ ඒ අය වෙනම කළා නේද?
පිළි - ඔව්.
ප‍්‍ර - ඔබලාගේ වැඩ ඔබලා වෙනමම කළා.
පිළි - ඔව්.
ප‍්‍ර - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතුවල වෙනත් අය යෙදුනාද?
පිළි - ඔව්.
ප‍්‍ර - එලෙස ප‍්‍රචාරක කටයුතුවල යෙදුණේ දුමින්ද සිල්වා මහතාගේ ආධාරකරුවන් ද?
පිළි - ඔව්.
ප‍්‍ර - ඔබලා ඔබලාගේ වැඩ වෙනමම කළා.
පිළි - ඔව්.
ඔහුගේ සාක්කිය එතැනින් අවසන් විය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුමනසිරි බණ්ඩාර මහතාගේ මෙහෙවීම යටතේ සාක්කි දුන් රක්නා ලංකා ආරක්ෂක ලංකා ආයතනයේ සබරගමු පළාතේ උප කොට්ඨාස භාරකරුවන සරත් සුමනසිරි බණ්ඩාර මහතා මෙසේ ද කීය.
2015 ජනවාරි 07 වැනිදා මගේ ඉහළ නිලධාරියා වන සමරතුංග මහතා බෙලිහුල්ඔය පර්ලින් හෝටලයේ පැවැති රැුස්වීමට කැගල්ලෙන් මා ඇතුළු 13 දෙනෙකු පැමිණියා. මේ රැුස්වීමට සබරගමු පළාතේ 127 දෙනෙකු පමණ රැුස් වුණා. එහි මුලසුන දැරුවේ ජනරාල් එගොඩවෙල මහතා.
ඔහු සභාව අමතමින් රටේ තිබූ තත්ත්වය හා රටේ සංවර්ධනය ගැන විස්තර කරලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡුන්දය ලබා දෙන ලෙසත්, ඒ සඳහා තම තමන්ගේ පවුල්වල අය දැනුවත් කරන ලෙසත් දැනුම් දුන්නා.
ඒ හෝටලයෙන් දවල් කෑම හා තේ දුන්නා. කෑගල්ලේ සිට බෙලිහුල්ඔය රැුස්වීමට එන්න බස් රථයකට වැය වූ මුදල් රක්නා ලංකා ආයතනයෙන් ගෙවනවා.
ප‍්‍ර - බස් රථයට කීයක් ගෙව්වද?
පිළි - රුපියල් 17,000ක් ගෙව්වා.
ප‍්‍ර - වැඩමුළුවට සහභාගී වූ අයට වැටුප් ගෙවුවද?
පිළි - අපි රාජකාරියක් නොකළත් වැඩමුළුවට සහභාගී වීම වෙනුවෙන් දිනක රාජකාරියක් කළා සේ සලකා පඩි ගෙව්වා.
ප‍්‍ර - කී දෙනෙක්ට මුදල් ගෙව්වාද?
පිළි - පුද්ගලයින් 127 දෙනෙකුට.
ප‍්‍ර - බෙලිහුල්ඔය පර්ලින් හෝටලයේ පැවැති වැඩමුළුවට සම්පූර්ණ මුදල කීයක් වැය වුණා ද?
පිළි - රුපියල් 109700/=ක්.
ප‍්‍ර - මීට අමතරව පඩි ගෙවීම් සඳහා කීයක් වැය වුණා ද?
පිළි - ඒක මං දන්නේ නැහැ.
ප‍්‍ර - මීට අමතරව වෙනත් වැඩමුළුවලට ඔබ ගියාද?
පිළි - ඔව්. ඌව පළාත වෙනුවෙන් බදුල්ලේ තිබූ රැුස්වීමට මා ගියා. එයටත් ජනරාල් එගොඩවෙල මහතා පැමිණියා. එහිදීත් ඔහු කීවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡුන්දය දෙන්න කියලයි.
ප‍්‍ර - සබරගමුවේ වැඩමුළුවට ගිය වියදම ඔබට දුන්නා ද?
පිළි - ඔව්. විශේෂ පුහුණු වැඩමුළුවකට සහභාගී වීම වෙනුවෙන් කියා එම රුපියල් 1,09,700/=ක මුදල අපේ ගිණුමට බැර කළා.
ඔහුගේ සාක්කිය එතැකින් අවසන් විය.
වැඩිදුර විභාගය කල් තබන ලදි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
නොතීසි ලත් 1 සහ 2 පාර්ශ්වකරුවන් වෙනුවෙන් නීතිඥ චම්පික රුද්‍රිගු, කෞමදි ගලගෙදර සමග නීතිඥ සුමේධ මහවන්නිආරච්චි මහතා ද 3 වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ නලීන් අල්විස්,  රුවන් උඩවෙල, ජනාධිපති නීතිඥ අලි සබ්රි සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ද 4 වෙනුවෙන් නීතිඥ රසික බාලසූරිය මහතා ද 6 වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා වැලිකන්න සමග නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ද පෙනී සිටියහ.

 

 

 



අදහස් (0)

මහින්දගේ කෑමකට රක්නා ලංකා ලක්ෂ 10ක් ගෙවලා

සමාධි Monday, 28 September 2015 05:44 PM

දැන් ඔය ටික ටික එළිවෙන්නේ.... (නි)

:       0       0

සලාම් Monday, 28 September 2015 08:33 PM

අනේ මේ ඔක්කොම අවසානයේ සිදුවෙන දේ අපි නොදන්නවායැ? (නි)

:       0       0

ඩෝසන් Tuesday, 29 September 2015 01:12 AM

කවුරු කොහොම වියදම් කළත් ඕවා ගෙවන්නේ අපිනේ. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 29 September 2015 05:15 AM

ජනතාව දිනවන්න වැඩ කළා කියලනේ කියන්නේ. ඉතින් ඒ වියදම් අපි ගෙවන්න ඕනනේ. (බ)

:       0       0

පද්මිණී Tuesday, 29 September 2015 05:29 AM

ඕනේ නම් මේවා ඇතුලත් කරලා කවුරු හරි නවකතා පොතක් ලියයි. එයිට වඩා කිසිදෙයක් වෙන්නේ නැහැ. (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 28 September 2015 12:20 PM

ඉතාලියේ සිටින අපි රණවිරුවන් වෙනුවෙන් 'අපි වෙනුවෙන් අපි' සංදර්ශනය කළේ පෞද්ගලිකවම අපේ දායකත්වයෙන් හුදෙක් රණවිරු සුභසාධනය උදෙසායි. එතකොට මේ මුදලුත් ගිහිල්ලා තියෙන්නේ අහවලාගේ නීති විරෝධී බැනර් ගහන්නද? (බ)

:       0       0

පෙරේරා Tuesday, 29 September 2015 06:52 AM

කෝ මේ කොමෙන්ට් දාන "පිවිතුරු යහපාල" මහත්මයා? (බ)

:       0       0

සම්පත් Monday, 28 September 2015 01:38 PM

කොහමද මේ අයගේ වැඩ අප සල්ලිය

:       0       0

ජානක Monday, 28 September 2015 01:54 PM

කාපුවා වමාරන්න වෙයි වගේ..(අ)

:       0       0

හෆීල් Tuesday, 29 September 2015 07:05 AM

මේ මොන තරම් මහජන මුදල් නාස්තිකරන කොමිසම් සබාවක්. මෙච්චර පැහැදිලි සාක්ෂි තියද්දී, ඇයි දඬුවම් දෙන්න මෙතරම් ප්‍රමාදයි? අවසානයේදී වෙන්නේ නීතිපතිවරයා නඩුව ඉල්ලා අස්කරගන්නෙක තමයි. (බ)

:       0       0

රංජිත් Monday, 28 September 2015 02:08 PM

පුදුම කෑමක්නේ කාල තියෙන්නේ තව කන්න තමයි මේපාරත් එන්න හැදුවේ ඇත්ත්ටම විලිලැජ්ජාවක් කියල මෙයාලට නැතුව ඇති (බ)

:       0       0

ජෑන් Monday, 28 September 2015 02:27 PM

අපි දන්නවා නීතිපති ගේ උත්තරේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 196 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 128 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1068 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 929 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 187 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1193 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14558 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 144 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 96 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site