ලබන මහා මැතිවරණයේදී තම පක්ෂයෙන් තරඟ කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කරන බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී.ලියනගේ මහතා කියයි.
ලබන මහා මැතිවරණයේදී තම පක්ෂයෙන් තරඟ කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කරන බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී.ලියනගේ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණි මහත්තයෝ..ඔහේ ගැන කනගාටුයි.මහින්ද මහත්තය හොරා කෑවම කියමු..ගසා කෑවම කියමු..එ්ත් ඒ ඔක්කොම ඒවායේ වටිනාකම එකතු කළත් එයිට වඩා දස දහස් ගුණයකටත් වැඩයි මේ ඉතුරු කරගත් ජිවිත වල වටිනාකම,රාජ්‍ය පුද්ගලික දේපල වල වටිනාකම,මිනිස්සුන්ගේ හිත් වලින් මර බිය දුරු කිරීමේ වටිනා කම අපේ දරුවන්ට යුද ගිනි දැල් නැති හෙටක් උදාකර දීමේ වටිනාකම ..ඉතුරුකරගත් ජිවිත වල, අබ්බගාත් නොවී ඉතුරු කරගත් මනුස්ස ශරීර වල විතරක් වටිනාකමට අලගු තියන්නවත් හිලව් කරන්න බැහැ එතුමා මුළු ජිවිත කාලයම හොරා කෑවත් ගසා කවත් ඒ ගසාකෑම් වල වටිනාකමට..කුහකයෙක් වෙන්න ගාමිණි මහත්තයෝ..එත් තිරිසනෙක් නොවෙන්න....(බ)
පක්ෂය පොඩිවුණත් ආරාධනාව වටිනවා (නි)
සුමුදු, ඔයාගේ කතාවට මම එකඟයි. නමුත් කල්පනා කරන්න තවමත් මහින්දගේ 2010න් පස්සේ රට කරවපු හැටි ගැන මිනිසුන්ට විවේචන තිබෙනවා. ඒ ගැනත් එතුමාට ස්වයං විවේචනයක් කරන්න වෙනවා. (නි)
මහින්දට ගරහන අය ගැන මට කියන්න වචන නැහැ (නි)
මහින්ද මහත්තයා මේ පාර අනිවාර්යයෙන් දිනනවා. එතුමා අවරුදු 25 කට වැඩිය පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. මේ පාරත් එතුමා දිනලා පාර්ලිමේන්තුවට එන බව ස්ථිරයි. දැන් හැමෝම එජාපයෙන් ඉල්ලන එකේ මහින්ද මහත්තයාත් එජාපයෙන් ඉල්ලුවොත් එතුමාට දිනලා පාර්ලිමේන්තුවට එන්නට තිබෙන ඉඩකඩ තවත් වැඩිවෙනවා (නි)
පිටබැද්දර ජයා.ඔබ කියන දේ තේරුම් ගන්න තරම් සක්තියක් ලංකාවේ "මොළ හෝදපු හරක්ට" නැහැ.අපරාදේ ලසන්තලා දන්ගෙඩියට බෙල්ල දුන්නේ කියල හිතෙනවා. (බ)
තිලක්, එතකොට රණවිරුවෝ දිවි පිදුව එක ගැන මොකද කියන්නේ. කොහොමත් මහින්ද දිනනවා, (ස)
ඔය යූ එන් පී අය තව දින 34 කින් ගෙදර යන්න. ඔයාලගෙ යම පාලනයත් අරගෙන. (ස)
කටින් කට බොරු යවා මඩ ගැහුවේ මේවට රැවටිලා අපේ උන්ගේ ලනු කෑවේ බඩගිනි පෙන්නලා තව තව බොරු කිවේ බඩ ගෙඩියට කතිරේ ගසා මුන් රට කෑවේ (දිල්)
කවුරුවත් එහෙනම් මහින්ද බයියා බාරගන්න කැමති නැහැ. කම්කරුවන් මර්දනය කරපු බයියාට කම්කරු පක්ෂයක් ණයට දීම තමයි කරුමේ (බ)
මහින්ද මහත්තයා එහෙම කාටවත් සවුත්තු වෙන කෙනෙක් නෙමේ ,රජෙක් වගේ රට පාලනය කළේ , යන්නේ දශ මහා යෝධයන් වාගේ අයත් එක්ක , හිටපු ජනපති තුමාට නිගා කිරීම , තම දෙමව්පියන්ට නිගා කරා වාගේ (දිල්)
තිස් අවුරුදු යුද්ධයෙන් අහිමිවුණ ජීවිත හැරුණුකොට, එම යුද්ධයට ගිය වියදමට වඩා වැඩි වටිනාකමක් හොරුන් විසින් කා තිබේ. මේ රටේ අහිංසක ජනතාව සහ නුපන් දරුවන් පවා, එම පාපයේ විපාක ගෙවමින් සිටිති (නි)
යහපාල මහත්තයෝ..... හිතේ දුක නිවුනා ඔබ තුමාගේ අදහසට. ඒ තරම් භාම්භිර ,තේජවන්ත, වැදගත් ඕන සමාජෙක රටක ඕන ලොක්කෙක් එක්ක එකට සිටිය හැකි නිර්භීත එක සමාන කළ හැකි එක්කෙනෙක් හැකි නම් හැකි කෙනෙක් කියන්න.(දිල්)
මහින්ද මහත්තයා මොන පක්ෂයෙන් ආවත් දිනනවා (දිල්)
මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ හිටපු ශ්‍රේෂ්ට නායකයෙක්. අවස්තානුකුලව පැවති අඩු පාඩු නිසා ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව බලය එතුමාගෙන් ඉවත් කරලා වෙන රාජ්‍ය නායකයෙක් පත් කර ගත්තා. එහෙම කියලා එතුමා මේ 10 දෙනෙක් වත් සාමාජිකයෝ නැති පක්ෂ වලින් ඉදිරිපත් වෙන්න ඕනේ නෑ. අවශ්‍යනම් අඩුපාඩු තේරුම් ගෙන ඉවසීමෙන් නැවත දේශපාලනයට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන්. (ර)
පිවිතුරු යහපාලයි, කුමාරියි අයියයි නංගියි වගේ. හොඳ නරක නොතේරෙන හැටියක්. (ර)
මහින්ද මහත්තයා මොන පක්ෂයෙන් ආවත්/ගොන් කරත්ත ලකුණෙන් ආවත් දිනනවා.ඒ රටේ "බත් කන හරක්" තවමත් ඉන්න නිසා. (ස)
ලක්ෂ 58 ගැනම විස්වාසනම් මෙහෙම ආවට කමක් නැහැ. (ර)
"බත් කන හරක්" තවමත් ඉන්න බව පසුගිය ඡන්දයෙනුත් හොඳටම පෙනුනානේ. තිලක් -ඩුබායි තමයි මේ අයගෙන් පෙරමුණේ රාළ. එයා ලියන ඒවායේ හැටියට නම් බත් කනවාදෝ කියලත් හිතෙනවා. (බ)
මට තේරෙන්නේ නැති ප්‍රශ්නය නම්, මහින්ද ඔච්චර හොඳ නම්, තමන්ට ලැබුණ ජනාධිපතිකම අවුරුදු දෙකක් ඉතිරිව තියෙද්දී මේ වගේ වැඩක් කරගත්තේ මොකද කියන එකයි! (නි)
කොන්ද පන ඇති නායකයෙක් නැති අඩුව දැන් හොදටම තේරෙනවා. පහුගිය ආණ්ඩුවට හොරු හොරු කියල පට්ට ගැහැව්වා. හොරකම් කරලා හරි රටට වැඩක් කෙරුවා. (නදී)
පොර්ට් සිටි ,උමා ඔය, සුදු වෑන්, චීන්නුනට රටෙන් කොටසක් දීම, කාර් රේස්, ඕවා මතක් වෙනකොට යුද්දේ දිනුව රණවිරුවන්ට කරන මහා අවමානයක් යුද්දෙට කවදාවත් නොගිය කෙනෙකුට ආ වැඩීම. (නදී)
මෙයාගේ දුව තමයි යහෙලි රජාණෙනි සින්දුව කෙව්වා (ස)
අපේ ගමේ කාන්තා සමිතියෙන් මෙයා ඡන්දෙට යවමු ...(අ)
ඔරුවෙන්,පරුවෙන් කුමකින් හෝ ගඟ තරණය කලයුතුයි (අ)
ලියනගේ මහත්තයා තාම ඒ එස් පී ද?මම හිතුවෙ ගිය ආන්ඩුවෙන් එස් එස් පී හරි ඩි අයි ජි හරි කරන්න ඈති කියලා.පව්. (බ)
බණ්ඩා හරි. මහින්ද කාන්තා සමිතියෙන් තමයි ඊළගට ජන්දෙට යවන්න වෙන්නේ (බ)
මහින්දට අත දෙන්න ගිහින් ඔහෙට වෙන දේ ඔහේ දන්නෙත් නැති වේවි. (අ)
මොකෙන් ගියත් මහින්ද දිනුම්..අපිට පෙන්නේ එච්චරයි..(අ)
ගමක "ග්‍රාමසේවක" තනතුරක්වත් රාජපක්ෂ කියන අයට දෙන්න නම් එපා.වැඩි කල් යන්න කලින් ගමත් විකුනම් කාවි. (අ)
දැන් යන එන මන් නැතිව ඉන්න එකේ ඔන්න ඔහේ බාර ගන්ඩ. (අ)
රජකම සහ ඔටුන්න අහිමි වුන නිසා , අරක්කැමියගේ ගෙදර ලගින්න ගියා වාගේ දෙයක් . ඔය බංකොලොත් උන ලෝකෙම්ම පිටු දකින පක්ෂ වලින් මහින්ද මහත්තය නොඑන වග දනිමි (බ)
දැන් පිනක් දහාමක් කරගෙන පැත්තකට වෙලා හිටියොත් හොදයි නේද? (ස)
මම හිටියේ කව්ද මේ කම්කරු පක්ෂේ නායකයා කියලා. කෝසල මහත්තයාගේ කොම්පැනිය ගත්ත මේ අර ටියුෂන් මාස්ටර් නොවැ. (අ)
මේ වගේ රට ගිලපු හොර රාජපක්ෂට නැවත දෙන්න ජනතාවට පිස්සු ද ? (ස)
විජිත්,මෙයා රටගිය වෙලාවේ මෙයාගේ පක්ෂ නායිකාව (පැදුරු පාටියේ) දුවට බාරදීලා ගියේ .රජාණෙනි සින්දුව කිව්වේ මෙයාගේ දුව නෙවෙයි. (ස)
ඔහොම යනකොට මහින්දට පාරේ බැහැලා යන්න බැරි ටත්වයක් එන්නේ පොඩි කොල්ලෝ බෝල ගහන්නත් කතා කරයි , පොඩි කෙලි පටුව් මාමේ මාව වඩා ගන්න කියයි , ටමන්ගේ ටත්වය ටමන්ම බාල්දු කර ගන්නවා (ස)
සමහරු ළඟින් ගියොත් ඇහැක් නැහැ (නි)
කොහොම ආවත් මහින්ද මේ පාර නම් දිනන එක නවත්වන්න නොහැකියි. (නි)
තිලක් ඩුබායි ,මේකේ කෑගැහුවාට, ඩුබායි වල නම් මෙසේ නොකරන්න (නි)
බියෙන් සැකෙන් තොරව සිරිලක් පොළවේ දෙපයින් නැඟී සිටින්නට ඉඩ සළසාදුන් ඒ අභීත නායකයට ගරහන අයට කියන්න වචන නැහැ. (නි)
මහින්ද අපේ පැතුමයි (නි)
දයාල්ගේ කටේ මසුරන් දාන්න වටිනවා. තිස් අවුරුද්දක බරපතළ ශාපයකින් රට මුදාගත් මේ රත්තරන් යුග පුරුෂයාට යම් කෙනෙක් වචනයකින් හෝ නින්දා අපහාස කරනවා නම් ඔහු තරම් ජාතිද්‍රෝහියෙක්, දේශද්‍රෝහියෙක් මේ රටේ තවත් නැහැ. එහෙත් සමහරුන්ට තවමත් එතුමාගේ අගය වැටහෙන්නේ නැති හැටි? (නි)