ගාල්ල මහින්ද විද්‍යාලයයේ සංවර්ධන කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමක් මත රුපියල් ලක්ෂ 1500ක මුදලක් ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.
මහින්ද විදුහල් ආදි ශිෂ්‍ය සංගමයෙන් කෙරුණු ඉල්ලීමක් මත මෙම මුදල් වෙන්කර ඇති අතර ලබන වසරට යෙදෙන විද්‍යාලයීය 125 වැනි සංවත්සරයට සමගාමීව වාණිජ අංශය සඳහා තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 500ක් වෙන්කර ඇත.
මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර යන මහත්වරු ඒ සඳහා පසුගියදා මුල්ගල් තැබූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දෙ අපේ ඉස්කෝලේ (බ)
මේ ලංකාවෙ ඕ බී මාෆියාවට තවත් උදාහරණයක් .අධ්‍යාපනයට වෙන් කරන සල්ලි ටික අයවැයෙන්ම මේ සුපිරි පාසැල් කිහිපයට බෙදල දුන්නනම් ඉවරයි. ටකරන් ගහපු ඉස්කෝල කීයක් මේ රටේ තියෙනවද.? (ර)
ඇයි මේ තියෙන පාසල් වලටම මේ තරම් මුදල් ලබා දෙන්නේ.(හේ)
මහින්ද විදුහලට මුදල් වෙන් කිරීම වරදක් නැහැ, හොඳයි. අනේ ඉතින් අඩුතරමේ වැසිකිලියක් වත් හරියට නැති, අඩුපාඩු දුෂ්කරතා අනන්තවත් තිබෙන පාසල් කොපමණ ගාලු පළාතේ තියෙනවද ? ඒ පාසල් ගැනත් මෙතුමන්ලා ගේ කාරුණික අවධානය යොමුවේවා ! (හේ)
අජිත්, මාත් ඔබ සමග එකඟ වෙනවා. පොඩි මුදලක්ද මේ දීල තියෙන්නේ. මේ පාසැල පහසුකම් තිබෙන දියුණු පාසලක්. ඒ වගේම මේ පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ හොඳ ආර්ථික මට්ටම් ඇති අය නැතුව වෙන්න විදිහක් නෑ.ඒ අයට අයි බැරි මේ මුදල පාසල වෙත ප්‍රදානය කරලා රජය විසින් දී ඇති මේ මුදල මේ පළාතේම අවශ්‍යතාවයන් ඇති පාසල් වෙත ලබා දෙන්න සලස්සන්න. (බ)
මේක බොහොම නරක ආදර්ශයක්. මෙච්චර මුදලක් මේ පාසලට විතරක් දුන්නේ ඇයි . තව මොනතරම් නම් දුෂ්කර පාසල් තියනවද උදව් කරනවානම්. අනේ මන්ද කාගේ ඕනෑකමකට කළාද කියල. (බ)
ඇති හැකි ජනප්‍රිය පාසල්වලට මෙහෙම කරලා රටේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්න බෑ මේකෙන් තියෙන විශමතාවය තවත් වැඩි වෙනවා. මේ ක්‍රමය තියෙන එකාටම තවත් දීමේ ක්‍රමායෙන් සමාජ බෙදීම තවත් වැඩි වෙනවා. අනික අධ්‍යාපන බලධාරීන්ට නොපෙනුනාට වතුර ටිකක් බොන්න ළිදක් නැති, වහලට පොල් අතු සෙවිළි කළ, හරියට වැසිකිළියක් නැති, පාසල් රැස්වීම තියන්න පිට්ටනියක් නැති අඩුම පහසුකම් පිරි අසරණ පාසල් මේ රටේ කොතරම් තියේද.? (බ)
ළඟම පාසල හොඳම පාසල කරනවලු! (බ)
මම ගිය ඉස්කෝලේ (බ)
අපේ පාසල දියුණු වෙනවා බලන්න අපි හරිම ආසයි (නි)
මින් ටිකක් නේවාසිකාගාරයට දීලා එ්කත් දියුණු කළා නම් හොඳයි. (නි)
වැඩිය කලබල වෙන්න එපා. තාම මුල්ගල හිටෙව්වා විතරයි. ඔයවාගේ තව මුල්ගල් ගොඩක් මීට කලිනුත් හිටවලා තියෙනවානේ. මාත් මහින්දෙ තමයි. අපේ පාසල තව දියුණු වෙනවා දකින්න මාත් අනිත් හැම කොල්ලෙක් වගේම ආසයි. නමුත් මෙතරම් ලොකු මුදලක් අපි වගේ පාසලකට මොකටද කියලා තමයි අහන්න තියෙන්නේ. (නි)
ලැජ්ජයි කසුන් මල්ලි ඔයා මහින්ද විදුහලෙ සිසුවෙක් කියන්න...මා දන්නා පරිදි මහින්ද විදුහලෙ මුල් ගල තියල වැඩ නොකෙරුනු කිසිම දෙයක් නැත..මහින්ද විදුහල දකුණු පලාතේ තිබෙන ප්‍රධාන ක්‍රිඩා පාසලයි...වසරක් පාසා විදුහලට ක්‍රිඩා කුසලත අති ළමුන් රාශියකට මන් පෙත් විවර වෙනවා....එ සඳහා පහසුකම් දියුණු කිරීමට මෙම මුදල ලැබි තිබෙන්නෙ..අනිත් අය මෙය නොදැනීම පිලිබදව ගැටලුවක් නොමැත..නමුත් පාසලෙ ආදි සිසුවකු වන ඔබ මෙය හැල්ලුවට ලක් කිරීම මා අනුමත නොකරමි...මා සිතනා පරිදි ඔබ විදුහලට උ/පෙළ කිරීමට අ සිසුවෙකු විය යුතුමය... .(රේ)