”පුම්බපු තරමට ප‍්‍රතිඵල ආවෙ නෑ. රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීම ගැන සෑහීමකට පත් වෙන්න බෑ. කළමනාකරු වාර්තාව ලැබුණු පසු රටේ මලල ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නේ කුමන ක‍්‍රියාමාර්ග වලටද කියලා තීරණයකට එනවා”
මහින්දානන්ද අලූත්ගමගේ - ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියේ ප‍්‍රතිඵල ගැන සඳහන් කරමින්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අපේ මැති ඇමතිවරුන්ටත් අදාලයි. ඇගවල් ටික පිම්බිච්ච තරමට ප්‍රතිපල නැහැ (දී)
පුම්බපු තරමට ප්‍රතිපල නැත්තම් ඒකට වග කියන්න ඕනෑ කවුද? (නි)
අපි මේවා ගැන පුදුම වියයුතු නැහැ (නි)
ඡන්ද දිනනවා වගේ ක්‍රීඩා තරග දිනන්න බැහැ (නි)
පොලිසිය වේගයෙන් ගිය සහෝදරයා එලවල ඇල්ලු වහම , පොලිසියට දේශපාලනයෙන් කරදර කෙරුවේ සහ එයාව බේරුවේ පොලිසියට ගවුම් අන්ද වන්න හදමින් නේද (අ)
මේ මහත්තයලගේ දැකීම මොකද්ද කියලා අපිට දැනගන්න පුළුවන්ද? (නි)
මට දුක අපි පුම්බා ගන්නේ අපිවමනේ. (අ)
ඔබ තුමා හරිට හරි ; හැබැයි ඔබතුමා වටේ ඉන්න කට්ටිය ඔබ තුමාව නැති කරනවා (දී)
ඔබතුමාගේ අදහසට මම එකඟයි. දැනට විශාල මුදලක් වැයකලත් තරගාවලියේ ප්‍රථිපල මදියි. සංචාරය සදහා යන කට්ටිය වැඩියි. එ නිසා විශාල මුදලක් වැයවෙනවා. මේකට ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමෙන්තුවත් වග කියන්න ඕනා. නිලධාරින් පුහුණු කරුවෝ වෙලා. තමුන්ගේ සුදුසුකම් පම්පෝරිය තෙපර බබා නිලධාරින්ට ගෑස් පෙන්නන සහකාර අධ්‍යක්ෂක වරයෙක් ඉන්නවා ඔහු ගැන ටිකක් අවධානයෙන් ඉන්න.(නදී)
ඔබතුමාගේ වචනවලින්ම ඕක කියපු එක තමයි හරි. (නි)
පුම්බපු තරමට ප්‍රතිපල ආවනම් අද හැමෝම ගොඩනේ . (අ)
ක්රීඩාව වෙනුවෙන් සොච්චමක් යට කරලා ඇතෙක් තරම් බර බලාපොරොත්තු වෙන්න හොද නැහැ (නි)
පුම්බපු තරමට ප‍්‍රතිඵල ආවෙ නැති උනාට ඔබතුම එක පාරයි පිම්බුවේ පොලිස් ඕ. අයි.සී. පුටුව යට. (අ)
ඇමති තුමනි, ක්‍රීඩා නිලධාරින්, පුහුණු කරුවන් බහුතරයක් වැඩ කරන්නේ නැහැ. එම නිලධාරින්ට ලැබෙන්නේ ඉතා සුලු වැටුපක්.(නදී)
ඇමතිතුමනි, මම හිතන්නේ ඔබතුමා වෙනත් ක්ෂේත්‍රයක් භාරගත්තා නම් හොදයි (නි)
අනේ මෙයාගේ බලය. මල්ලිට කරපු වැඩේ හැමෝම දන්නවනේ. ඔක්කොම එකයි.(නදී)
හරි කුණු කතාවක් ඇමති කියලා තියෙන්නේ. පන්දමට පදකක්කම් දිනන්ඩ පුළුවන් කියලාද හිතාගෙන ඉන්නේ? අඩුගානේ දිනපු ළමයින්ට සතුට ප්‍රකාශ කරන්න බැරි ඇයි?(නදී)
ඔබතුමාලා බයිලා ගහනවා. ඔය තත්වෙට එන්න ඔය නංගිලා මල්ලිලා කොච්චර මහන්සි වෙන්න ඇත්ද...ඔය කවුරුත් මල් ඇතුරූ මාවත්වල ආව අය නෙවෙයි...දුක් මහන්සියෙන් තමන්ගේ සියලුම දේවල් උකසට තියල තමයි රට වෙනුවෙන් ඔය යුතුකම කරලා තියෙන්නේ. ඔය කොළඹ රටේ සුප්පු බබාලා වගේ උදේට රට කිරි බීල නෙවෙයි හොඳට ගමේ කොස් බතල කාල කොළ කැඳ බීල තමයි ඔය කුසලාන අරගෙන තියෙන්නේ.(නදී)
අර ඔබතුමාගේ මල්ලිත් නොනවත්වා කාර් පැදවීමේ ගේම් එකෙන් නම් දිනුවා නේද නමුත් නීති විරෝධි නේද?(නදී)
ඇමතිතුමනි, ලෝක කනිෂ්ට ක්‍රීඩා තරඟාවලියේදී අපේ මීටෙර් 100 දුවපු ළමයෙක් තත්පර 14.5 කට අන්තිමට තරඟය අවසන් කරා අපේ රටේ පුහුණුවක් නැතිව උනත් තත්පර 11/12 ට දුවන්න පුළුවන් කොල්ලෝ ගම්වල ඉන්නවා. බොරුවට මහජන මුදල් වලින් සෙල්ලම් කරන්න දෙන්න එපා රටටත් ලැජ්ජාවක්.(නදී)
අර මහත්තයගේ කොල්ලා ක්‍රකට් වගේම රටත් කෑවා නේද? දැන් ඔබතුමා මොකද කරන්නේ.(නදී)