කොටස් වෙළෙඳපොළ රහසිගත තොරතුරු ලබාගෙන තම වාසියට නීති විරෝධී ලෙස නුදෙනු කළ බවට චෝදනා ලැබ මීට මාස තුනකට පෙර මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටුවක් නිර්දේශ කළේය.
ශ්‍රී ලංකා සම්භවයක් සහිත සිංගප්පූරු ජාතිකයකු වන මහේන්ද්‍රන් තම බෑනාට කොටද් වෙළෙඳපොළ අභයන්තර රහස් තොරතුරු දුන් බවට චෝදනාවලට ලක් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසියක දී ඩොලර් මිලියන ගණනින් ලාභ ඉපැයීමට එමඟින් අවස්ථාව සැලසිණැයි ද චෝදනා එල්ල විය.
මෙම වංචාව සිදුවූයේ ශ්‍රී ලංකාව දරුණු ණය අර්බුදයකට මුහුණ දී සිටියදීය. මේ අතරවාරයේ දී ශ්‍රී ලංකාව පසුගිය ජූලි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක (කෝටි 150) ණය පහසුකම් ගැනීමට ද කටයුතු කළේය.
අදාළ නිර්දේශ ඉදිරිපත් කරමින්, එම ද්විපාර්ශවීය අධීක්ෂණ කමිටුව (කෝප්) මහේන්ද්‍රන්ට සහ ඔහුගේ බෑනාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ද ඉල්ලා සිටියේය.
“ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන්ගේ ක්‍රියාකලාප නිසා රටට සිදු වූ පාඩුව ඔවුන්ගෙන් පියවා ගත යුතුයි” යැයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුව හමුවේ කීය.
පසුගිය ජූලි මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහේන්ද්‍රන් එම තනතුරෙන් ඉවත් කළ අතර ඔහුටත් ආණ්ඩුවටත් එල්ල වූ මහජන පීඩනය ඊට හේතුවිය. ඉන් අනතුරුව ඔහුට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඔහු නියෝග කළේය.
වත්මන් ආණ්ඩුවේ කමිටුවක් මගින් මහේන්ද්‍රන් එම චෝදනාවලින් නිදහස් කළේය. බැඳුම්කර ගනුදෙනුවලට ඔහුගේ සෘජු සම්බන්ධයක් නැතැයි ද එම කමිටුව කීය. කෙසේ වෙතත් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන්, පරීක්ෂණයක් සිදු කිරීමට ආණ්ඩුවට සිදුවිය.
මහේන්ද්‍රන් දිගින් දිගටම නිර්දෝෂී බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටහුරගෙන කාල කාල තව මොකුත් නොදන්නවා වගේ කතා කරන්නත් එනවා. (අ)
ජනිත්ගේ අදහස නම් නියමයි (නි)
මේවා දකිනකොට හිතට ලොකු කළකිරීමක් දැනෙන්නේ (නි)
සිවිල් සේවකයකුගෙන් වෙන්න ඕනෑ රටේ ආර්ථිකය සංවර්ධනය පිණිස කටයුතු කිරීම මිස රටේ සම්පත් හොරාකෑම නොවේ. මොවුන් එම අසාධාරණ ලෙස හම්බකරන ධනයෙන් අඹුදරුවන් පෝෂණය කිරීම මොනතරම් නින්දාවක්ද? (නි)
සදුන්, රනිල්ගේ මාර වැඩ ගැන මේ රටේ ජනතාව දන්නවා. මේ අවස්ථාවේදී මහා බැංකුවේ හොරාට විරුද්ධව විශාල මහජන විරෝධයක් වාගේම විපක්ෂයෙනුත් ආ බලපෑම මත රනිල්ලාට වෙන කරන්න දෙයක් නැතිවුණ නිසා මෙය බලාත්මක කරන්න සිදුවුණා මිසක් වෙන විශේෂ දෙයක් නොමැත (නි)
පහුගිය කාලේ වුන දේවල් බලද්දී මේක මොකද්ද ?(හේ)
මෙම වංචාව වසන් කිරීමට තැත්කළ දේශපාලකයින් පමණක් නොව මෙම වංචාවට සම්බන්ධ දේශපාලකයින්ටද දඬුවම් ලබාදිය යුතුය. මෙය මතුපිටින් මාමාගේ සහ බෑණාගේ වංචාවක් සේ පෙනුනද ඇතුළතින් ඊට එහා ගිය සිදුවීම් මාලාවක් ඇත. කෝප් කමිටුව වරදකරුවන් එළිකලද දඩුවම් ලබාදීම මෙම ආණ්ඩුවේ කාලසිමාව තුළ සිදුනොවනු ඇත. (නි)
අනේ ඉතින් , අපිට නැහැනේ ඔහොම බොක්කෙන්ම උදව් කරන මාමල. රටට තමන්ගේ දුවගෙයි , බැනගෙයි බොක්ක පිරුනොත් ඇති කියල හිතන්නේ මෙහෙම මාමල ලබන්න වාසනා කරන්න ඕනේ!(අ)
ඔය විධියට බලනකොට හිටපු මහා බැංකු ලොක්කෝ කවුරුත් එකයි වගේ. ඇඟ පුරාම මොලේ තියෙන නිසානේ මෙතනට පත් කරන්නේ. (අ)
මේ කරුණු දක්වන අය එක් පැත්තක් පමණයි දැකලා තියෙන්නේ. මුල ඉඳන්ම කරලා තියෙන්නේ වැරැද්දක්නේ. විදේශිකයෙක් රටේ ඉහළම තනතුරකට පත්කළේ ඇයි? අපේ ලංකාවේ සුදුස්සෝ නැති නිසාද? එහෙම නැති වුණත් ප්‍රසිද්ධ දැන්වීමකින් අයදුම්පත් කැඳවන්න තිබුනා. දැන් දේශපාලනය තමයි සුදුසුකම් නොතකා තම හිතවතුන් රටේ ඉහළම තනතුරුවලට පත්කිරීම. ඊළඟට කරපු වැඩේ තමයි එකතුවෙලා වැරැද්ද වහන්න හදපු එක. ඔය මොන බෙර ගැහුවත් අපි බලමු හරියටම නටනවද කියලා. (නි)
ලංකාවේ ඉගෙනගත්ත කට්ටිය පිටරට ගිහිල්ලා ලංකාවට පාඩු කරන දේ වෙන්න ඇති ඉගෙනගන්නේ. මේ වගේ වැඩ වලින් ලංකාවේ නම කැත වෙන්නේ නැද්ද දන්නේ නැහැ. මැදපෙරදිගට ගිහිල්ලා නීතිවිරෝධී මත්පැන හදනවලු. ඒවා කරන්නේ සල්ලි කෑදරකමටලු. ඉගෙනගත්ත අය මොළේ පාවිච්චි කරලා ලංකාවේ ප්‍රධානම මුල්‍ය ආයතනයෙන් මුදල් සුරගන්නවා. මේගොල්ලන්ට තියෙන්නේ මොනවගේ කෑදරකමක්ද දන්නේ නැහැ? (නි)
ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරමින් බලාත්මක කිරීමේ ගෞරවය රනිල් මැතිඳුන්ට සේම, ගරු ජනාධිපතිදුන්ටද හිමිවිය යුතුය (නි)
සඳුන් ඔය අහිංසක මෝඩ හරක් පැටියෙක්. ඔයාල වගේ හරක් පැටව ඉන්නකම් මේ අයව ඔයාලට පෙන්නේ වැඩ කාරයන් වගේ තමා. (අ)
නීතිය ක්‍රියාත්මක කරන්න මෙම වාර්තාව එෆ්සීඅයිඩි එකට යවන්නේ කවදාද? යහපාලනයක අරුමය (අ)
මේ පිළිබඳ අපිට දිගටම විස්තර දෙන්න ලංකාදීප
රාමන් ඕව අනික් ඡන්දයේදී සටන් පාට (අ)
අනේ ඉතින් අහිංසකය තමන්ගේ බඩ වඩාගන්න වංචා කළා නොවෙයිනේ, අර අහිංසකයන්ට මැතිවරණ සටනට උර දෙන්න මිසක්, ඔන්න ඕව අල්ලලා දාමු. (අ)
මට මතක හැටියට මිට පෙරත් කෝප් කමිටුවක් වාර්තාවක් හැදුව. නමුත් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් ජනාධිපති පාර්ලිමේන්තුව විසිරෙව්වා. එතුමා කිව ඒ වාර්තාව ඉදරිපත් වුනානම් අගමැති තුමාට හොද නැති නිසා විසිරෙව්වා කියල. එහෙමෙ බැලුවම ජනාධිපති අගමැති දෙන්නත් මේ වංචාවට වක්‍රාකාරව අනුබල දීල තියනවා.
හන්දුනේති තුමාගේ තීක්ෂණ බුද්ධියත්,හුදී ජනයට ඇති අවංක ආදරයත් පහත් දේශපලකින්ගේ ඇති තක්කඩි කමත් දැන් මැනෙවින් අවබෝදවිය හැක. (අ)
හැම ආණ්ඩුවම හිතවත් හා මහාපරිමාණ හොරු රකිනවා. (අ)
මහජනතාවට රජය ගැන විශ්වාශයක් ඇති කර ගන්න පුළුවන්. මෛත්‍රී හා රනිල් ගසා කන අය නොවන බව දන්නවා. මේ වගේ ජාතික අපරාධ රටට හෙළි කර අපරාධ කරුවන්ට නියම දඩුවම් ලබා දීම රජයේ යුතුකමයි. සුනිල් හදුන්නෙත්ති මහතාට, කමිටුවට හා , රජයට අපේ උපහාරය!! (අ)
මෛත්‍රී රනිල් හොරකම් නොකලට හොරුන් ආරක්ෂා කිරීමට ක්‍රියා කරන්නේ නම් එය වරදකි , එක පැත්තෙන් රටේ නය බර ඉහ වස ගොස්ය අනෙක් පැත්තෙන් රටේ අධික බදු බර නිසා ජනතාව ඉතා අපහසුවෙන් ජිවත් වන විට මොවුන් මේවා කිරීම ඉවසිය නොහැක , චීනයේ උතුරු කොරියාවේ සෞදි අරාබියේ නම් මෙලහකට මොහුට මරණ දඩුවම දීල හමාරය (අ)
කාලයාගේ ඇවෑමෙන් දන්නා සෙල්ලම් ඔක්කොම දාලා ඕක යටගහලා අහක ඉන්න හාල්මැස්සෙක් කොටුකර ගනී (නි)
60% මෝඩ ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ පාලන බලය නව රජයට ලබාදීමෙන් ඔවුන් කටින් බතල සිටවමින් රිසිසේ මහජන මුදල් ගිලමින් පසුවෙයි! (නි)
රනිල් මෛත්‍රී පාලනයේ නිර්පාක්ෂිකකමවත්, මහින්දට අවු.10 කින් නොහැකි වී ඇති දේ රනිල් අවුරුද්දකින් කළ බව කියන්නවත් මේ මොහොත නොවේ. මහින්ද පාර්ශවයේ නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට උත්සාහ කරන ප්‍රබල පිරිසක් වගේම අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට දේශපාලන බලය සමඟ ප්‍රබල පිරිසක් සිටින බව අප අමතක නොකළ යුතුය. ශ්‍රී ලංකාව සුරපුරයක් කර මුදල් වැසිවස්සනවාට වඩා මේ වංචාවට අදාළව වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කිරීම අගමැතිතුමාගේ ගෞරවයට හේතුවන්නකි. (නි)
හොර සුද්දන් අපේක්ෂා කරන වැඩපිළිවෙල කළු සුද්දන් විසින් ක්‍රමානුකූලව ක්‍රියාවට නංවමින් ශ්‍රී ලාංකික දේශපාලනය සහ ආර්ථිකය දියාරු කරමින් සිටියි. 60% මෝඩ ශ්‍රී ලංකිකයිනි, ඔබට සතුටුයිද දැන්? (නි)
2014 වසරේ අපේ වර්තමාන අගමැතිතුමා විසින්ම අපේ රටට ගෙන්නපු අපේ ආර්ථිකය කාබාසීනියා කරපු රාජ් රාජරත්නම් මතකද? මට හිතාගන්නට බැහැ ඇයි අපේ අගමැතිතුමා මෙවැනි දේ දිගටම කරගෙන යන්නේ කියලා.මම හිතන්නේ නොදැනුවත්කම කියලා. එත් ඉතින් අපේ රට වැසියෝ හරි පවු.....(බ)
සඳුන්.. රටේ වෙච්ච ලොකුම හොරකම වහගන්න පුලුවන් උපරිම උත්සාය අරගෙන(තවමත් උත්සාහ ගනිමින් සිටින)දැන් බැරිතැන වැඩේ අහුවුනාම ඒක රනිල්ගෙ හැකියාවෙන් කරපු හොර අැල්ලීමක් කියනවා (බ)
වැටත් නියරත් ගොයම් කා නම්... (නි)
මොවුන් දේශපාලන නායකයින්ගේ අනුදැනුම ඇතුව දුප්පත් අහිංසක ජනතාවගේ මුදල් සුරාකෑමට විදේශික ජාතීන්ට මඟ සළසමින් තවදුරටත් විනාශ මුඛයට ගෙනයමින් සිටී. අපේ ජීවිතේ ආරම්භයේ සිට අද දක්වාත් දුක්විඳින්නේත් මේ පාලකයින් නිසාම නොවේද. (නි)
මහින්දට අවුරුදු 10 ක් ගිහිල්ලත් කෝප් කමිටුව බලාත්මක කරවන්න බැරුව ගියා. රනිල් අවුරුද්දෙන් කළා. රනිල් නම් මාර වැඩකාරයෙක් තමයි. මහින්ද බැරිකම පිළිගෙන දැන්වත් දේශපාලනයෙන් ඉවත් වෙන්න (නි)
එතකොට මේ අර්ජුන්ව විශාල ජනතා විරෝධයක් මැද්දේ බැංකුවට පත්කළේ කවුද? අයිස්ලන්තේ අගමැතිතුමා නම් ජනතා විරෝධයට ගරු කරලා තනතුරෙන් ඉල්ලා අස්වුණා. (නි)
රජයට අත්වූ අලාභය හිටපු බැංකු අධිපතිගෙන් ලබාගත යුතු අතර ඔහුගේ බෑණාගේ වත්කම් සියල්ල ජනසතු කළ යුතුය. ඒ ලෙසටම අගමැතිවරයා ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතුයි. එසේ නොමැතිනම් ඔහු අගමැතිකමින් ඉල්ලා අස්විය යුතුය. (නි)
මහේන්ද්‍රන් නිර්දෝෂී යැයි කියූ කමිටුව සහ එම කමිටුවට දේශපාලන බලපෑම් කළ අයටත් නිසි දඬුවම් දිය යුතුය. නැත්නම් ලබන ඡන්දෙදි අපි ඔක්කොටම දඬුවම් දෙනවා (නි)
මොනවා වුණත් අන්තිමේදී තැළෙන්නේ මහජනතාව (නි)
මේ පාඩුව පියවාගන්න ඕනෑ ඒවාට වගකිවයුතු අයගෙන් (නි)
දැන් මොකක්ද මේකට ගන්න විසඳුම? (නි)
අහිංසක මහජනතාවටද මේවාට වගකියන්න වෙන්නේ? (නි)
ලංකාවේ ආර්ථිකයට, මහබැංකුවේ විශ්වාසය කඩකිරීම නිසා රටට වූ හානිය අතිමහත්. (නි)
විලිලැජ්ජාවක් තියෙනවා නම් මේවට වගකිවයුතු අය දැන්වත් ගෙදර යන්න (නි)
අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීම (නි)
අර රතු අලි පැටවු කියන අය දැන් මොකද කියන්නේ (නි)
අනේ ඉතින් අපි දෙන්නට අහවල් දේශපාලකතුමාගේ සරණයි! (නි)
රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෞරව නාමය තවදුරටත් රැකගන්න නම් මේ අයට විරුද්ධව නීතියට අනුව ක්‍රියාකරලා රජයට සිදුවුණ පාඩුව නැවත අයකර ගතයුතුයි (නි)
රට ජාතිය සූරා කන මෙවැනි අය පත්කළ අයට පළමුවෙන්ම දඬුවම් දී දෙවනුව මේ මහා මගඩිය කළ චෞරයන් ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුයි. (නි)
අශ්වයා ගෙනාවේ කවුද? දැන් ඉතින් ඉස්තාලේ වහලා වැඩක් නැහැ. (නි)
ඕවට වන්දි ගෙවන්න වෙන්නෙත් අන්තිමට අපිටම තමයි (නි)
මෛත්‍රී රනිල් ආණ්ඩුව නිර්පාක්ෂිකයි කියලා ක්‍රියාවෙන් පෙන්නුවා. දැන් ඉතින් මේ ආණ්ඩුව හොල්ලනවා බොරු. ඉස්සර තමයි මිනිස්සු මහා රජාගේ වැඩ විශ්වාස කළේ. මහා රජුත් හිතුවේ මොන අපරාදේ කළත් ජනතාව ඒවා විශ්වාස කරයි කියලා. අද මිනිස්සු ඒවාට අහුවෙන්නේ නැහැ. (නි)
අපට තිබෙන ප්‍රශ්නය ඇයි මේ පාර්ලිමේන්තුවේ සිටින අය මේ හොරු රකින්න මෙතරම් දඟලන්නේ කියා. මේ හොරකමේ ලාබය මේගොල්ලෝ අතර බෙදී යනවා ඇති ෂුවර් එකටම (නි)
වංචාවෙන් ගත් මේ මහා මුදල් කන්දරාව නැවත ආපසු ලබාගත යුතුයි. මට හිතෙන්නේ විශාල මුදලක් වියදම් කරලා ඇති. (නි)
මොහුව ඔය තනතුරට පත්කළ අයවත් මේ එක්කම එෆ්සීඅයිඩී ගෙනිහින් දඬුවම් දෙන්න කියලයි අපි ඉල්ලන්නේ (නි)
සුනිල් හඳුන්නෙත්ති මහතාට අපගේ ආචාරය පුද කරමු. අපට ඇති විශාලතම ගැටලුව වන්නේ, මෙම වංචාව කළ පුද්ගලයින් රැකීමට එක්තරා කණ්ඩායමක් දැඩි වෙහෙසක් ගන්නේ ඇයිද කියායි. (නි)
විදේශික රටක පුරවැසියෙකුට රටේ ඉහළම තනතුරක් දුන්න කට්ටියට මොකද කරන්නේ. එය නීතිවිරෝධී නැද්ද? (නි)
අර්ජුන මහේන්ද්‍රන් හා සබැඳුණ මහා බැංකු බැඳුම්කර වංචාව ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සිදුවූ මහා පරිමාණයේ දුෂණ හා වංචාවලින් එකක් පමණයි. අපේ ගැමියන් දුෂණ පිළිබඳ ඇති පිළිකුළ "කාගේ කාගේත් කිලෝටවල හුණු" කියා අහිංසක ලෙස හිත හදාගත්තත් දැන් තත්වය ඊටවඩා සංකීර්ණ මෙන්ම භයානකද වී ඇත. පාලකයෙකුට තමන් දුෂණයේ නොයෙදුනත් දුෂකයින්ට පාර කපා දී අත හෝදාගෙන ජනතාව ඉදිරියට එන්න පුළුවන් කියා සිතුවත් අනික් ඕනෑම ක්ෂේත්‍රයක තිබිය යුතු විනිවිදභාවයත්, සත්භාවයත්, සදාචාරසම්පන්න බවත් දේශපාලනයේදීත් තිබිය යුතු බව නායකාරකාදීන් අමතක කරන්නේ නම් එය ඒ රටට ආශීර්වාදයක් නොව ශාපයක්ම වන්නේමය. (නි)
ඕක මිනිස්සු කලින් ඉඳන්ම දන්නවා. සල්ලි ගත් අය නිකන් එහෙම දෙයක් වුණේ නැහැ වගේ හිටියට (නි)
මේවට වගකියන අයව වහාම අත්අඩංගුවට ගන්න ජාතිය රට වැනසීමේ වරදට (නි)