මහනුවර රෝහලේ හෘද ශල්‍ය වෛද්‍යවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය මත ලබා දෙන මාරු වීම් සෞඛ්‍ය බලධාරීන් උල්ලංඝනය කරන බව පවසමින් එහි ශල්‍ය වෛද්‍යවරු තිදෙනා සියලු හෘද සැත්කම් වලින් ඉවත් වුහ.
වෛද්‍යවරු සඳුදා (05) දින සිට එසේ හෘද සැත්කම් කිරීම නවතා දැමුහ.
මහනුවර රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ වෛද්‍යවරයකු පැවසුයේ කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ සිටි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු ඉවත්ව යෑමෙන් පුරප්පාඩු වු තනතුර සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු වෛද්‍යවරයකු වැඩ බැලීම සදහා දැනට වසරක පමණ කාලයක සිට පත් කැර ඇති බවයි.
ඒ හේතුවෙන් අනෙක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය මත ලැබෙන මාරුවිම් සෞඛ්‍ය බලධාරීන් විසින් හිතාමතාම උල්ලංඝණය කැර ඇති බවත් ඔවුහු කියති.
හෘද ඒකකයේ සැත්කම් නැවතීම නිසා හදවත් සිදුරු වැසීම ,වෑල් දැමීම වැනි සැත්කම් නතර වී ඇත.
එවැනි සැත්කම් සිදු කැර ගැනිමට ඉදිරි වසර දෙක සදහා පොරොත්තු ලේඛනයක් ඇත. දිනකට එවැනි සැත්කම් පහක් හයක් එහි සිදු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරිම වැඩක් නේ. ගිය සුමනේ කාමරයකළ වැලි. අද ලියිට් හෙට ..............................(දී)
පුළුවන් නම් ලංකාවේ ඉන්න කවුරු හරි දොස්තර කෙනෙක් මම කලින් ලියුව අදහස වැරදියි කියලා ඔප්පු කරන්නකො සාධක සහිතව (නි)
මොකටද මහන්සි වෙන්නේ? දොස්තරලාට රට ගියානම් හොඳ රැකියාවක් ගන්නත් පුළුවන් (නි)
දුප්පත්කමත් දුප්පත් මිනිසුන්වත් ලංකාවෙන් තුරන් කරන්න පුළුවන් එක ක්‍රමයක් මේ !!!! (නි)
දොස්තරලට බනින්න එපා. කිසිම තැනක වැඩක් හරියට කරන්න බැහැ. මුළු රටම විනාශ වෙලා ඉවරයි. බලන්න එක විහාගයක් හරියට තැබුවද කියලා (නි)
දොස්තරලා ඉගෙනගන්නේ ජනතාවගේ බදු මුදලින්. ඊටපස්සේ සංවිධාන හදාගෙන වැඩ වර්ජන කරමින් ජනතාවට කරදර කරනවා. ලංකාවේ ඉන්න දොස්තරලා මදි ජනගහනයේ ප්‍රමාණයට. පුග්දලික විශ්ව විද්‍යාල වලටත් මේ ගොල්ලෝ විරුද්ධයි. නමුත් මේගොල්ලෝ පුද්ගලික බෙහෙත් ශාලා සහ ඉස්පිරිතාල වලට විරුද්ධ නැහැ. පිට රට ගිහිල්ලා ඉගෙන ගෙන එන වෛද්‍යවරුන්ටත් මේ ගොල්ලෝ විරුද්ධයි. ලෝකයේ දියුණු රටවල දොස්තරලා වැටෙන්නේ අත්‍යවශ්‍ය සේවා ගණයට. ඒගොල්ලන්ට ස්ට්‍රයික් කරනවා නම් උසාවි නියෝගයක් අවශ්‍යයි (නි)
සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිගත් ස්ථාන මාරු ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඇයි ඒ ගොල්ලෝ ඒ අනුව කටයුතු නොකරන්නේ? අමාත්‍යංශයත් ඕනෑ වෙලාවක ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට ගන්න බලාගෙන ඉන්න දොස්තරලට ඉනිමන් බඳිනවාද? (නි)
අපට ඉන්නේ නිතරම ආඩපාලු කියන ඇමතිවරයෙක්.(දී)
මෙන්න මෙතනටයි හමුදාව අවශ්‍යවෙන්නේ, නැතුව අර වතුර ඉල්ලපු මිනිස්සුන්ට නොවේ.මේ තමයි නියම මිනි මරුවෝ. (දී)
මෙහෙම ගියොත් රටේ ජනතාවගේ හදවත් නවතින්නත් ඉඩ තියනවා. (නි)
වෛද්‍ය සංගම් වලට බම්බු ගහගන්න කියල ඉන්දියාවෙන් හරි රුසියාවෙන් හරි හදවත් ශල්‍ය වෛද්‍යවරු ගෙන්නලා අසරණ රෝගීන් බෙර ගන්න සල්ලි තිබෙන මිනිස්සු පුද්ගලික රෝහල් වලින් සැත්කම් කරගනීවි, දුප්පත් මිනිස්සු තමයි මැරෙන්නේ (දී)
මේ කොන්දොස්තරලගේ පුද්ගලික චැනල් කඩ වහන්න කියල පාරක් වහලා උද්ගෝෂණ කරන්න කවුරුවත් නැහැනේ ?(නදී)
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ජනතාවට ලැබෙන්නේ මෙහෙම නම් අපට දෙයියන්ගේම පිහිටයි. මෙයාල දොස්තරලා නොව කොන්දොස්තරලා. (අ)
කොහොම හරි තව ලෙඩ්ඩු 4-5 දෙනෙකුට දෙවියන්ගේ පිහිටවත් පතමු (නි)
වෙනත් අය කරන වැරදිවලට දොස්තරලා හා නර්ස්ලා ලෙඩුන් ප්‍රාණ ඇපයට ගන්නවා (නි)
මේ වෛද්‍යවරු පලි ගන්නේ අසරණ ලෙඩුන්ගෙන්. බටහිර රටක මොවුන්ගේ ලියාපදිංචිය තහනම් කරනවා විතරක් නොවෙයි මැරෙන ලෙඩුන් වෙනුවෙන් මිලියන් ගණන් වන්දි ගෙවන්නත් වෙනවා. ලංකාව හින්දම හොඳයි. (නි)
හදවත් නැති හදවත් දොස්තරලා. මිනිස්සු කී දෙනෙක් අමාරුවේද? (නි)
ලෙඩ්ඩු හැමදාම අමාරුවේ (නි)