ශාන්ති පදනම මගින් 27 වැනි වරටත් සංවිධානය කරන ලද පිච්චමල් පුජාව අනුරාධපුර ශ‍්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්විණි.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අනුශසනා පරිදි ශාන්ති පදනමේ අනුශාසක කොටපොළ අමරකිත්ති හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති පූජාවට රුවන්වැලි සැය අභියස සිට පෙරහැරින් රන් ආලේපිත පාත‍්‍රවල පිරවූ පිච්චමල්, බෙර හේවිසි මධ්‍යයේ ශ‍්‍රී මහා බෝධින් වැඩ සිටින මළුවට රැගෙන එනු ලැබීය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු!!! (නි)
මෙහි සඳහන් සියලුම අදහස් වලට ගරුකරමි. මේ සිංහලයාගේ සිංහල බෞද්ධයගේ පරම පුජනීය අයිතියයි. මේ සිංහල බෞද්ධ රටයැයි කියන්නට බැරි දේශපාලකයන්ට ප්‍රධාන තැන නොදීම ගැන දහස් වරක් සතුටු වෙමි. පින් දෙමි. (නි)
සාධු සාධු!!! ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රැකගනී. ගුණතිලක මහතාණෙනි, ඔබ හා සම්බන්ධව අදහස් හුවමාරු කරගත හැක්කේ කෙසේද. (නි)
සැමට බුදු සරණයි! දෙවි පිහිටයි! (නි)
සාධු! සාධු ! ආමිසයට මෙන්ම ප්‍රතිපත්තියටත් මෙලෙසම මිනිසුන් පෙළඹේවා! (නි)
සාධු!! සාධු!! මුළු රටම ධාර්මික වෙවා!! (නි)
ලක්ෂාන්, මේ මගේ ඊමේල් එක. [email protected]මේ විශ්වය දිනූ ඒ සොඳුරු ප්‍රාඥයා නිවන නම් වූ යමකට පත්වෙන්න යම් ක්‍රමවේදයක් දේශනා කළාද, එයම ඉලක්ක කර අසන ඕනෑම පැනයක් විසඳනවා (නි)
සාධු සාධු!! ජයසිරිමා බෝ සමිඳු පිහිටයි! (නි)
සාධු සාධු!! සියළු දෙනාටම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා! (නි)
අපේ සිංහලයන්ට සත්ව ඝාතනය සහ මත්වතුර නවතාගැනීමට ශක්තිය ලැබේවා! (නි)
බුදු දහම ලංකාවාසී ජනතාව වැඩි වැඩියෙන් අවබෝධ වෙත්වා! (නි)
දකිනවිට මෙය ,අසන විට මෙය සතුට වැඩිවෙනවා. ඒත් අද අපි ඉන්නේ කොතනද කියා විමසනවා?. ආමිසම මිස ප්‍රති පත්ති ගැන හැගුම් දුරයනවා............. නිවන තව තව බොහෝ දුර ගොස් අපි දුරස් වෙනවා. (අ)
සාධු සාධු සාධු!!! (නි)
දකිනවිට මෙය, අසනවිට මෙය සතුටමය වැඩිකර ගතයුතු... ඒත් අද අපි ඉන්නේ කොතනද කියාමය විමසිය යුතු... ආමිසම හැර ප්‍රතිපත්ති ගැන හැඟුම් වැඩිකර ගතයුතු... නිවන තව තව බොහෝ දුර නෑර, ඔබමය එයට ළං වියයුතු... (නි)
මේ පින්තුර වල මමත් ඉන්නවා ,නමුත් මේ වැඩසටහනේ ලොකු අවුලක් අපිට වුණා සංවිධායකවරුන් විදියට (බ)
සාධු! සාධු! සාධු! (බ)
කෝටි ගානක පිච්ච මල් ගේනවා නමුත් මේ පිච්ච මල් උඩ මළුවට වඩම්මන්න දුන්නේ නැහැ නිකන් වෙනත් තැනක තියන්න වුනා (බ)
ධනුෂ්ක , මාර්ග පල නිවන් ශාක්ෂාත් නොකළ, පෘතග්ජන භුමියේ සිටින සැදැහැවතුන් සැදැහැ සිතින් කලත් මහා පින්කමක් යැයි සිතාගෙන කරන්නේම අවුල් සහගත දේවල් ඔවුන් නොදන්නවා වුනාට ඒවාට සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් කෙන්තියනවා. (ර)
ඔබ කළ පින ගැන පැහැදීමක් ඇතිකරගන්න. කොතනත් අඩුපාඩු සිදුවෙනවා. ඒ නිසා කළ දේ ගැන විතරක් සිතා සතුටු වෙන්න. මේ සියල්ලටම මුල සිතයි. ඒ අපි තුළ තිබෙන මමත්වය නිසයි. (නි)
අපේ රටට සහ වැසියන්ට බුදු සරණි (අ)
ලස්සනයි ගොඩක් සාදු සාදු සාදු (හේ)
මෙවන් පුණ්‍ය කර්මයන් සදහා සැදැහැ සිතින් පෙළ ගැසෙන පින්වතුන් දෙස බැලු කළ, බුදුදහමේ අග්‍ර කොටස ප්‍රයෝගිකව ක්‍රියාවේ යොදවන්න පුලුවන්නම් ,මග පල ලාභී ආර්යයෝ බිහිවෙනවා . (හේ)
සාදු සාදු සාදු (හේ)
මෙවැනි උතුම් පුණ්‍ය ක්‍රියා අපේ රටේ වැඩි වැඩියෙන් දකින්නට ලැබේවා! මේ උතුම් බලයෙන් අපේ මවුබිමට සාමය සතුට උදාවේවා! (බ)
සාදු !!!සාදු !!! සාදු !!!! (හේ)
සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා (බ)
පින්වත් ගුණතිලක මහතාණෙනි ඔබ බුදු දහමින් ගොඩක් දුරට ගිය කෙනෙක් දුර්ලබ ගනයේ අදහසක් සියල්ලන්ටම අවබෝධ වෙත්වා බුදු සරණයි (බ)
බුදු සසුන බැබලේවා !!!(රේ)
සාදු සාදු සාදු. සියලු ලෝ වැසියන්ට සාමය සතුට සමාදානය සහ දහම් සිත් පහල වේවා. (බ)
ඔබ සබැ බෞද්දයෙක් වන්නට නම්, බුද්ධ වචනය පිළිපදින්න තවද ආමිස පුජා අවම කරන්න. (අ)
ජයසිරි, මම මේ ප්‍රකාශය කළේ යමක් හරිහැටි දන්නා නිසා. ඔබට අවශ්‍ය නම් ඒ මඟ විවරකර දෙන්නම්. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අනන්තයි (නි)
මෙත් මල් පිබිදේවා - සිත් තුළ කරුණා ඉතිරේවා! සාධු සාධු සාධු!!! (නි)
සාධු සාධු සාධු!!! (නි)
සාධු සාධු සාධු!!! (නි)
මෙවන් පුණ්‍යකර්ම කිරීමට තව තවත් සිත් සතන් පහළවේවා! ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
සිත නිවන දසුනක්. සාධු සාධු!! (නි)
සදහම් සිසිල දසඅත පැතිරේවා! මෙවන් පින්කම් වල මහිමයෙන් නපුරු අදහස් ඇති සිත් තුළ යහපත් සිතුවිලි පහළ වේවා. ලෝක සාමය උදාවේවා! (නි)