IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මහමෙව්නාවෙන් ‘පිවිතුරු පැන් පූජා‘

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සංකල්පනාවකට අනුව ආරම්භ වූ අපවිත්‍ර ජලය පානය නිසා වකුගඩු අක්‍රීය වීමේ රෝගයට ගොදුරු වීමේ අවදානමෙන් පෙලෙන ජනතාව වෙත වස විසෙන් තොර පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍ය ව්‍යාපෘතිය පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.

“පිවිතුරු පැන් පූජා" වැඩ පිළිවෙළෙහි දෙවන අදියර ඔස්සේ මහමෙව්නාව භාවනා අසපුවට සහ ශ්‍රද්ධා රූපවාහිනිය සම්බන්ධ සැදැහැවතුන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 6.5ක පමණ මූල්‍යමය පිරිවැයක් දරමින් පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ  අඹගස්වැව, මීගොලෑව, එකමුතුගම, තලාකොළවැව, වඩිගවැව සහ බේබියාවැව යන ගම්මානවල ජල පිරිපහදු ඒකක පහක් අභිනවයෙන් විවෘත විය.

මෙම ජල පිරිපහදු ඒකක තනවනු පිණිස ශ්‍රමදායකත්වය ලබාදී පවත්වාගැනීම පිළිබඳ වගකීම දරනු ලබන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  ඇතුලු දෙපාර්තමේන්තුවේ සියලු දෙනා විසිනි.

මෙම පුණ්‍යක්‍රියාව  සඳහා දායකත්වය දක්වන ලද්දේ  මහතලාකොළවැව ශ්‍රද්ධා රූපවාහිනිය නරඹන සැදැහැවතුන්,මීගස්වැව අමිල ගමආරච්චි මහතා සහ චන්දනා දුෂාමලී මහත්මිය,අඹගස්වැව ඩයලොග් ආයතනය, බේබියාවැව ඩී.කේ. සුබසිංහ, එස්.එන්. සුබසිංහ, ජීවක සුබසිංහ, පී.පී. සුබසිංහ යන මහත්ම මහත්මීහු මීගොල්ලෑව ගින්තොට පදිංචිව සිටි මල්ලිකා ගුණවර්ධන මහත්මිය සිහිවීම පිණිස පවුලේ සහෝදර සහෝදරියන් විසිනි.

මෙම ජල පිරිපහදු ඒකකයක් සදා නිම කිරීමට ලක්ෂ 13ක මුදලක් වැය වේ. මේ අනුව එම  පිරිස මෙම ජල පිරිපහදු ඒකක 5 සඳහා ලක්ෂ 65ක පමණ වූ මූල්‍යමය පිරිවැයක් දැරීමෙන් මෙම පුණ්‍ය ව්‍යාපෘතියට දායක වූහ.

පිවිතුරු පැන් පූජා දෙවන අදියර විවෘත කිරීම සැප්තැම්බර් මස 03වන දින කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්  ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් සිදුවිය.

 



අදහස් (0)

මහමෙව්නාවෙන් ‘පිවිතුරු පැන් පූජා‘

හශනී Tuesday, 08 September 2015 04:45 AM

යහපත් ක්‍රියාවක් (ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 08 September 2015 12:50 PM

මෙන්න නියම සමාජ සත්කාර.පක්ෂ, පාට, වලින් බෙදී එකිනෙකාගේ වැරදීම සොයමින් මිනිසුන්ගේ අත්‍යවශ්‍යතාවයන් මඟහරිමින් කුළල් කාගන්නා සමහර දේශපාලඥයින්ගෙන් රටට වෙන සේවයට වඩා සේවයක්. මේ සඳහා අතහිත දී මුලිකත්වය ගෙන ක්‍රියාකර ඇති ගරුතර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ දායක පිරිස කරනලද මහඟු සේවයයේ අගය මෙම ජලය බින්දුවක් පාසා, පානය කරනා මොහොතක් පාසා, පිපාසය නිවාගන්නා සැමගේ ඇගයීමට ලක්වනු නොඅනුමානයි (නි)

:       0       0

දුමින්ද Monday, 07 September 2015 07:46 AM

අඳුරට දොස් නොනඟා එක පහනක් දැල්වීම වටී! (නි)

:       0       0

කරුණාරත්න විජෙකෝන් Tuesday, 08 September 2015 02:47 PM

මෙම සත්කාර්යය සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබාදීමට ලංකාදීප පුවත්පත හැර අනෙකුත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල වාර්තා කරුවන්ගේ ඇස් යොමු නොවීම ගැන කණගාටුවෙමි...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 71 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 57 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 364 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 57 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 419 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 348 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14545 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site