මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පලා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් මිය ගිය රැඳවියන් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.
සිදුවීමෙන් තවත් රැඳවියන් 35දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
ඊයේ රාත්‍රී 7.30 වන විට බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැති අතර මේ වනවිට ගින්න පාලනය කර තිබේ.
පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වනවිට එහි තත්වය පාලනය කිරීම සඳහා යොදවා ඇති අතර, නාවික හමුදාවද මහර බන්ධනාගාරය අසළට කැඳවා තිබේ.
තුවාල ලැබූ රැඳවියන් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගොන ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
(ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහර මහ යුද්ධයෙන් මරණ 6යි-රැඳවියන් 35කට තුවාල
සමිත සේනක අලුත්ගමගේ. Monday, 30 November 2020 03:14 AM
රටක ජනතාවගේ නිදහසට හා සමාජ පැවැත්මන් වනසා දමන, රටේ නීති පද්ධතිය අනුව කටයුතු නොකරන යම් පුද්ගලයකු හා කණ්ඩායම් වලින් රටේ සාමකාමී ජනතාවට හා ඔවුන්ගේ පැවැත්මට හානි පැමිණෙන විටෙකදී, පොදු යහපත උදෙසා ඒවත් නීතිගරුක නොවන මිනිසුන්, පිළිගත් අධිකරණ සම්ප්‍රදායකට අනුව, සාමාන්‍ය මිනිස් සමාජයෙන් වෙන්කොට තැබීම සිදුකරනවා. මෙය සිරගත කිරීම ලෙස හඳුන්වනු ලබනවා. කෙනෙකු සිරගත කරනුයේ බොහෝවිට ඔහු වැරදි කරුවෙකු නිසාවෙනි. එවන් ඔහුට රටේ සාමකාමී පුරවැසියෙකුට හිමිවන සියලු දේ ලැබෙන්නේ නැහැ. එය ඔහුට ලැබී තිබෙන දඬුවම් වලට අයිති දෙයක්. සිවිල් සමාජයට හානි ගෙනෙනා ඔවුන්ට දඬුවම් කිරීම වර්තමානයේ වරදක් සේ දැකීමට සමහර දෙනා පුරුදු වෙමින් සිටිනා බව පෙනීයනවා. සිරගෙදරින් පැනයාම විශාල වරදක්. මෙසේ සිරකරුවන් පැන ගියහොත් දඬුවම් විඳිය යුත්තේ අදාළ නිලධාරීන්ය. එබැවින් ඔවුන් ඊට නිසි පිළිතුරු දෙනවා. මේ වෙනුවෙන් සිරකරුවන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානය හා නිසි දැනීම නොමැති කොටස් හඬක් නඟාවි. ඒත්, ඔවුන් කළයුතු වන්නේ සිරකරුවන් නිසි මඟට ගැනීමේ ක්‍රමයක් ක්‍රියාවට නැඟීමයි. එහෙත්, ඔවුන් කරන්නේ ඉරිසියාවට පුවක් බඩ කනවා වැනි දේය. එයින් සිදූවනුයේ තවත් විනාශයකි.
Raveendra Monday, 30 November 2020 03:52 AM
කෝ අපේ මේ වස්ත්‍ර කරට අරගෙන කෑමොර දෙන NGO කාරයින්? බන්ධනාගාරයේ සිටින සිල්වත් පින්වත් නිරායුධ අහිංසකයින්ට වෙඩි තිබ්බෝ.. ඔක්කොම හිමිකම් උල්ලංගනය කළෝ.... කෝ?
එම්.ඒ.ජේ Monday, 30 November 2020 05:33 AM
සිර කරුවන්ද මනුෂ්‍යයෝය, පවතින වසංගතය හමුවේ, රටේ ඕනෑම තැනක, ඕනෑම රට වැසියෙකු වසංගතයට ගොදුරු විය හැක. සියලුම දෙනාට රෝග බිය ඇත! රජයට සිර ගෙදර පවා ආරක්ෂා කරගැනීමට නොහැකිද?