මහරගම නගර සභා අය වැය වැඩි ඡන්ද දෙකකින් අද සම්මත විය. සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය අය වැය ඉදිරිපත් කළාය.
කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තිලක් වීරසිංහ මහතා ගිලන් රියකින් ගෙනු එනු ලැබීය. ඔහු සභාවේ පුටුවක වාඩිවීමට පවා නොහැකි තත්ත්වයේ සිටියේය. සභාව ඇතුළට රැගෙන ආ ඔහු මොහොතකින් යළි ගිලන් රිය වෙත රැගෙන යනු ලැබූහ.
ඔහු ද, ඔහු සමග පැමිණි වෛද්‍ය වරයා ද, හෙද හෙදියෝ ද මුකවාඩම් බැඳ සිටියහ.
රෝගීව සිටි මන්ත්‍රීන් දෙදෙනකු වන උප සභාපති සුනිල් කොඩිතුවක්කු හා ප්‍රදීප් ලියනගේ මහත්වරු නගර සභා වාහනයකින් රැගෙන එනු ලැබූහ.
පක්ෂව ඡන්ද 12කි. විපක්ෂව ඡන්ද 10කි. ජවිපෙ මන්ත්‍රී ද එජාපය සමග ඡන්දය දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවට සේවය කරන්න තියන උනන්දුව...!(නදී)
මොකක්ද මේ වෙන්නේ? (නි)
මහජනතාවට සේවය කිරීමයි ප්‍රධාන අරමුණ වියයුත්තේ (නි)
අය වැය දිනුවත් ලෙඩ්ඩුන්ට නිවන් සැප.(නදී)
දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියෙක්ව මෙසේ කි .මී. 16 ක් දුර දක්වා රැගෙන ඒමට අනුමැතිය ලැබුනේ කාගෙන්ද? රෝගියාගේ ජීවිතයට හානියක් සිදුවුයේ නම් වග කීම භාර ගන්නේ කවුද? අනුන්ගේ ජීවිත පරදුවට තබලා තනතුරු ආරක්ෂා කරගන්න වෙරදරන පාපිෂ්ඨයෝ ජීවත් වෙන්නේ සමන් දෙවියන්ට භාර කළ මේ බුදුන්ගේ අඩවියේද?දේශයේද? (නදී)
මේ අය උසාවියට මෙහෙම උනන්දුවෙන් දැඩි සත්කාර ඒකකයේ ඉදන් එයිද?(නදී)
මලත් සැපයි ...' (නදී)
ඔහොම නොකලා නම් අර පිළිකාව ඕකටත් එනවා.(නදී)
අනේ මෙහෙව් රටක් ! (දිල්)
හදිසි ප්‍රථිකාර අංශයේ ඉන්න බරපතල රෝගියෙක්ව රෝහලෙන් පිට ගෙනයාමට අවසර දෙන්න පුළුවන්ද? (නි)
බලයේ ඉන්න ඕනෑ කෙනා දන්නවා ඉහළින් පහළට රූටන ආශ්චර්යයේ සූත්තර. (නි)
කාන්ති මහත්මිය දක්ෂයි (නි)
අනේ! ලෙඩ ඇදේ ඉදලා විත් කළ මෙහෙය අගය කරමු. ලෙඩ වීම කාටත් පොදු දෙයක්. ඒ වුණත් යුතුකම ඉටු කිරීම අගය කරමින් ඉක්මන් සුවය පතමු. (නි)
දියවන්නාවේ අය වැයට කව්රුවත් අසනීප උනොත් ඇම්බියුලන්ස් කීයක් ඕනේ වේද? මම ගණන් හදනවා. (නදී)
මේක නම් ඉතාමත් නරක පුර්වාදර්ශයක් වනවා නොඅනුමානයි?(අ)
මීට වැඩිය මම සතුටුයි අයවැය පැරදුනා නම් (නි)