තොග හා සිල්ලර වෙළෙඳුන් මත වැට් බදු පැනවීමට විරෝධය පා මහරගම වෙළඳ සංගම් එකමුතුව අද (17) මහරගමදී උද්ඝෝෂණයක් කළහ. මහරගම නගරයේ කඩසාප්පු ද එම වසා දමා තිබිණි.
මහරගම, පමුණුව දේවාල පාරේ සිට පෙළපාලියකින් පැමිණි උද්ඝෝෂකයෝ හයිලෙවල් මාර්ගයේ මංතීරු දෙකක් අවහිර කරමින් පැය භාගයක පමණ කාලයක් උද්ඝෝෂණය කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි, හරියටම හරි ඔයා. හැම තැනකම ඒ දේ තමයි වුණේ. ෆුඩ්සිටි එකේ බලන්න වැට් කියලා අලුත් ගණන දාලා තියනවා. අවාසනාවට ලංකාවේ සමහරක්ට ඒවා තේරෙන්නේ නැහැ (නි)
මෙතන ඉන්න අයට නම් ඇත්ත තේරුම් ගන්න බැරිකමක් තමා පෙනෙන්නේ. ඉට්කා ආවහමත් ඔබතුමාලට පාරට බහින්න හිතෙයි. (නි)
වැට් වැඩි කළේ ජනතාවට සහන දෙන්නලු. මේකත් හරියට උෟරාගෙ මාළු උෟරාගෙ පිටේම තියලා කපනවා වගේ (නි)
මේකේ අදහස් දාපු අය මේවට හරි කැමතියි වගේ. විරෝධයක් දක්වන්න ඕනෑ මන්ත්‍රීවරු ඇමතිවරු කෝටි ගණන් වාහන ගන්න ඒවටත්. අනේ මෙහෙම අයනේ යහපාලනය ඉල්ලන්නේ (නි)
සෑම්, ඔය කතා වැඩක් නැහැ. ඔවුන්ගේ මෙම ක්‍රියාවේ අර්ථය පමණක් බලන්න. වැට් නිසා දෙගොල්ලන්ටම පාඩුයි. මිනිසුන් බඩු ගැනීම අඩුකරලා. එතකොට ඒගොල්ලන්ට වෙළඳාම් නැත (නි)
තිලක්, ඇත්ත මොකක්ද කියලා පහදා දෙන්න. ඉට්කා අාවම අපි පාරට බහිනවා, ඔබතුමාලා යහතින් ඉන්නවා කියලද කියන්නේ. ඇයි ඉට්කා ගෙනඑන්න ඉඩ දෙන්නේ කියලා පැහැදිලි කරන්න (නි)
වැට් වැඩිකළේ ජනතාවට සහන දෙන්නලු. හැබැයි ගෙන්වන්නේ කෝටි 9 කාර්. අනේ මගේ කට! (නි)
මේගොල්ලෝ බදු ගෙවන්නේ රිසිට් කඩලාද? මේගොල්ලොත් තොග පිටින් බඩු ගන්නකොට ඒවාට වැට් ගෙවනවා. වැට් පටන්ගන්නේ සිල්ලර කඩෙන් නොවෙයි (නි)
වැට් දුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්! (නි)
මේකට මෙතරම් විරෝධයක් එන්නේ වෙළෙන්දන් වැට් අය කළොත් ඔවුන්ට ඔවුන්ගේ ගිණුම් නිසියාකාරව පවත්වාගෙන නීත්‍යානුකූලව ආදායම් බදු ගෙවන්න සිදුවීමයි. එක්කෝ ඔව්න් වැට් අයනොකර ගනුදෙනු පොත්වල නොලියා ඉන්න ඕනෑ. එහෙම නැත්නම් වැට් අය කරලා ඒවා සමඟ ලැබෙන ඉතිරි ආදායමත් පොත්වල ලියලා තමාගේ ආදායම අනුව ආදායම් බදු ගෙවන්න ඕනෑ. ලැබෙන ලාභය සඳහා බදු ගෙවන්නේ නැතුව බොරු ගණන් හිලව් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරපු එක මින් ඉදිරියට කරන්න බැරිවෙනවා. මේ විරෝධතාවය ඒකටයි (නි)
මේ මිනිස්සු මේ කෑගහන්නේ අපි වෙනුවෙන් නේද? (නි)
මේගොල්ලන්ගෙන් කීදෙනෙකුට ටැක්ස් ෆයිල් තියෙනවද? (නි)
අපිටම ගහගන්න ඕනෑ ජනවාරී 8 වෙනිදා රටට කරපු මේ විනාශයට. (නි)
මෙහෙම කළා කියලා මේ ඉල්ලීම් දිනාගන්න බැහැ (නි)
මේක බලපාන්නේ සාමන්‍ය ජනතාවට තමයි.(හේ)
ශ්‍රී ලාංකිකයන් ව්‍යාපාර වලින් ඉවත් වුනාම, ඉන්දියනුවෝ තුට්ටු දෙකේ බිස්නස් මෙහේ ඇතිවෙයි. ප්‍රාග්ධන බද්දත් ආවාහම දේපල සහ කොටස් වෙළඳ පොළ වැටුනහම මොකද වෙන්නේ... (හේ)
බමුණුසිංහ මහත්තයෝ, මට කියන්න ඕනෑ වුණේ වෙන දෙයක්. මෙතන ඉන්න කට්ටිය කිව්වේ මහත්තයෝ, ඉට්කා අාවොත් අපි ඉවරයි කියලා (නි)
සෑම් කියන දේ සම්පූර්ණ ඇත්ත. හරිනම් වැට් වලට ලියාපදිංචි කරන්න මිලියන 30 ට වැඩි ආදායම් ලබන්න ඕනෑ. ලියාපදිංචි අංකය වෙළද සලේ ප්‍රදර්ශනය කළයුතුයි. එම අංකය බිලේ සඳහන් වියයුතුයි. වෙනත් රටවල නියම මිලත්, ඉන්පසු වැට් ප්‍රතිශතයත් එකතුවට කලින් බිලේ දානවා. මෙයාල වැට් කියලා මිල වැඩිකරලා ඒක පොත්වල අඩුවෙන් දාලා ආණ්ඩුවට අඩුවෙන් ආදායම පෙන්නනවා. (නි)
ඇමතිවරු අපි වෙනුවෙන් අපමණ වෙහෙසෙනවා. එ්ක නිසා අපි එයාලා වෙනුවෙන් පටි තද කරගෙන කාර් ගෙන්නන්න ඉඩ දෙමු. (නි)
සෑම්, රට අගාධයට යද්දී මෙහෙම විකාර කියනවද? කවුරුත් නැවතිලා හිතන්න මේ ආණ්ඩුව ආ දවසේ ඉඳලා කළේ බොරුවම නේද කියා. අඩුගානේ මනුස්සයෙකුට වාහනයක්වත් ගන්න පුලුවන්ද? නමුත් මැති ඇමතියෝ රැල ගංවතුර, නාය යාම් අස්සේ තමුන්ට භාවිතයට මහජන මුදලින් කෝටි ගණන් ගෙවලා සැප වාහන ගෙන්න ගන්න ලැහැස්තියි. (නි)
මා පිළිගන්නා හැටියට ලංකාවේ ව්‍යාපාරිකයන්ගෙන් හරියටම බදු ගෙවන්නේ මුස්ලිම් සහ දෙමළ අය පමණි. (නි)
ඉට්කා අාවොත් කාට කාටත් තේරෙයි රඟේ (නි)
අපි තේරුම්ගන්න ඕනෑ අපිට කරන්න බැරිදේයි මෙයාලා මේ කරන්නේ කියලා (නි)
ප්‍රතාප්, ඒගොල්ලන්ගේ ටැක්ස් ෆයිල් හොයන්න එපා. වැට් වලට විරුද්ධව ගෙනයන උද්ඝෝෂණය අනුමත කරන්න. (නි)
අනේ සෑම්, රටකට බදු ඕනෑ කියලා අපිත් දන්නවා. ඒත් මෙයාලා අපෙන් බදු අරන් වියදම් කරන්නේ එයාලට සැප ගන්න. රටේ දියුණුවට වියදම් කළා නම් අපිටත් ඒ බදු බර කොහොමහරි දරාගන්න තිබුණා හෙට වෙන යහපත වෙනුවෙන්. ඒත් පේන මානෙකවත් එහෙම දෙයක් නැහැ. ඒකයි දුක. ඔයාලගෙ ඔය ආර්ථික න්‍යාය මේ වගේ අයට තේරෙන්නේ නැහැ (නි)
රට හැම අතින්ම විනාශවෙලා තමයි මෙම රජය අවසන් වෙන්නේ. දැන් කතා කරලා වැඩක් නැහැ. ඡන්දෙ දීපු අය කට ඇරගෙන උඩ බලාගෙන ඉන්නවා (නි)
ඔක්කොම මෙම විරෝධතාව පෙන්නන්ඩ ඕන. (ර)
අනේ සැමගේ නොදන්නා කමට මොනව කරන්නද.? (ර)
මේ අයගෙන් වැඩි දෙනෙක් අනවසර වෙළෙන්දෝ පමුණුව පාර වගේම දුම්රිය පාරත් අවහිර කරගෙන සාමාන්‍ය මිනිසුන්ගේ දින චර්යාවට බාධා කරගෙන තමයි මෙයාල වෙළදාම් කරන්නේ . මහරගම නගර සභාවත් මෙයාලට බයයි . දැන්වත් මේ පාරවල් ටික සුද්ද කරලා මෙයාලව වෙනතැනකට දක්කුවනම් තමා හොඳ. එතකොට ඔය මහරගම මාර්ග තදබදයත් නිකම්ම විසඳේවි . අවාසනාවට දේශපාලුවන්ට මේවා තේරෙන්නේ නැහැ (බ)
අපෙන් බදුගහන මහත්තයන්ට බද්දක් ඇයි අවුල්ද (බ)
රටකට බදු අදායම නැතුව බෑ , අපි මේක යහපාලනය නාමයෙන් තේරුම් ගන්න ඕන (බ)
දැවැන්ත විරෝධයක් අත ළග එන හැඩයි. මේ පුපුරන කස හඩ බලධාරීන් මර නින්දෙන් ඇහැරවන ශබ්ද පුජාවක්ම වේවා...(බ)
සෑම් ඔබ හරි! ලංකාව අාර්ථිකයෙනුත් පහළින් මානසිකත්වයෙනුත් පහළින් කියලා මෙයින් පිළිබිඹු වෙනවා. (බ)
සෑම් එතකොට ආණ්ඩුව කරන ඕනේ වැරදි වැඩක් කටවහගන හිටියනම් හරිද ? බලන්න මේ විදිහට හැම දේටම බදු ගහන්න ගිහාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? (බ)
සම්පත්, මාරයි නේ වෙනස. ඔයාට බද්ද ප්‍රශ්නයක් නොවුනට අපිට මේවා දරාගන්න බැහැ හලෝ.පොඩි මිනිහගේ පැත්තෙන් හිතන්න.(හේ)
කෙළවරක් නැතුව කිසිම අාදායමක් නැති ව්‍යාපෘති වලට ගත්තු ණය ගෙවන්නේ කොහෙන්ද ? ආණ්ඩුවට සල්ලි මවන්න විදිහක් නැනේ (බ)
වැට් බද්ද මේ වෙළෙන්දෝ පාරිභෝගිකයන් වන අපට පාස් කරනවා මිසක් ඔවුන් ගෙවන්නේ නැහැනේ. අපි ගෙවන මිලට එ්කත් ඇතුළත් කරලා ඔවුන් අපෙන් අයකරන්නේ. එතකොට මේ වෙළෙන්දෝ පාරට බහින්නේ අපට ආදරේටද? තමන්ට කිසිම පාඩුවක් සිද්ධනොවෙද්දී අපිට සහන අරන් දෙන්නද? ලෝකේ පළමුවෙනි වතාවට වෙන්න ඇති වෙළෙන්දෝ පාරිභෝගිකයා වෙනුවෙන් සටන් වදින්නේ. (නි)
මේ බදු වැඩිකිරීම ජනජීවිතයට කර ඇති බලපෑම ඉතාම ඉහළයි (නි)
අද කඩ වැහුවාම ඒකෙන් වෙන පාඩුවත් හෙට අනිද්දාට පාරිභෝගිකයාගෙන්ම අය කරගන්නේ මේ සත්ගුණවත් වෙළඳ මහතුන්ම තමයි. (ර)
කලින් කෙනා බදු ගහනකොට ඔය හැමෝම කට වහගෙන හිටියා. දැන් යහපාලනය හින්ද හැමෝම හැමදේටම පාරට බහිනවා. ඉස්සර බැස්සා නම් බලන්න තිබුනා (නි)
සමන්, බදු අයකිරීම වැරදි ක්‍රියාවක් නොවේ. ඒකෙන් මිනිසුන්ගේ ජීවන වියදම ඉහළ ගියත් රටක් වශයෙන් දියුණු වෙන්න නම් හැමෝම මේකට දායක වියයුතුයි. (නි)
වැට් අඩුකර වහපු කඩවල් වලට අදායම් බදු දෙන්න ඕන ගෙවනවද බලන්න. (ර)
සමන්, සල්ලි ණයට අරගෙන ආණ්ඩුවේ සේවකයන්ගේ පඩි ගෙවන එකද හරි නැතිනම් ටික කාලයක් ඉවසගෙන රට ණය උගුලෙන් ගැලවෙන එකද හරි. (ර)
මෙතන මේ කෑ ගහන වෙළෙන්දෝ රජයෙන් බඩුමිල අඩු කලාම ඔවුන් අඩු කලාද? එතකොට කියන්නේ මේවා කලින් ගෙනාපු නිසා අඩුවට දෙන්න බැහැ කියලයි. (ර)
මේගොල්ලෝ බදු ගෙවන්නේ රිසිට් කඩලාද? (ර)
මුළු රටම එකම අච්චාරුවක් ..... (ර)
මේ බදුනම් තිත්තයි. (ර)
වැට් එක දානවා කියපු දවසේ ඉඳන් තමන්ගේ බඩුවල මිල වැඩිකරපු මේ අයද මේ උද්ගෝෂණය කරන්නේ ? (ර)
ගාල්ලෙන් ඇරඹුවේ මේ බදු බර අඩුකරන වැඩ සටහන ඔබ අප හැමදෙනාගේම සුබ සාධනය සඳහාය. (ර)
කුමාරි, මේ වගේ කොමෙන්ට් දාන්න එපා. පොඩි ව්‍යාපාර කරන පොඩි මිනිසුන්ට. (ර)