මේ වන විට සිය 400 වැනි එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කරමින් සිටින මහේල ජයවර්ධන, ඔහුගේ වසර 15 ක එක්දින තරග දිවියේ තවත් අද්වීතීය වාර්තාවකට හිමිකම් කියමින් එක්දින උඩපන්දු 200 සීමාව පසුකළ ලෝකයේ පළමු කී‍්‍රඩකයා බවට පත්විය. පසුගිය අගහරුවාදා (9 වැනිදා) ෂිකාර් ධවාන්ගේ උඩපන්දුව මහේලගේ 200 වැනි එක්දින උඩපන්දුව විය.
තරග 400 කදී උඩපන්දු 200 ක් රැකගත් හිටපු ශී‍්‍ර ලංකා නායකයා අසළට වත් ඒමට මේ වන විටත් කී‍්‍රඩා පිටියේ සිටින කිසිදු කී‍්‍රඩකයෙක් අසමත් වී සිටී. එක්දින තරග වලදී රැකගත් උඩපන්දු සංඛ්‍යාව අනුව මහේලගේ ආසන්නතම තරගකරුවා වන්නේ තරග 375 කදී උඩපන්දු 160 ක් රැකගත් රිකී පොන්ටිංය.
එක්දින තරග වල උඩපන්දු රැකගැනීම්
| ක‍්‍රීඩකයා | ත.වැ.කා | තරග | ඉනිම | උඩ පන්දු | ඉ.වැ.උ.ප. |
|
මහේල ජයවර්ධන (ශී‍්‍ර ලංකාව) |
1998 - 2013 | 399 | 394 | 200 | 4 |
|
රිකී පොන්ටින් (ඕස්ටේරලියාව) |
1995 - 2012 | 375 | 372 | 160 | 3 |
|
මොහොමඞ් අසාරුඞීන් (ඉන්දියාව) |
1985 - 2000 | 334 | 332 | 156 | 4 |
|
සචින් තෙන්ඩුල්කර් (ඉන්දියාව) |
1989 - 2012 | 463 | 456 | 140 | 4 |
|
ස්ටීවන් ෆ්ලෙමින් (නවසීලන්තය) |
1994 - 2007 | 280 | 276 | 133 | 4 |
|
මුත්තයියා මුරලිදරන් (ශී‍්‍ර ලංකාව) |
1993 - 2011 | 350 | 347 | 130 | 3 |
|
ඇලන් බෝඩර් ( ඕස්ටේරලියාව) |
1979 - 1994 | 273 | 270 | 127 | 3 |
|
යුනිස් ඛාන් (පකිස්තානය) |
2000 - 2013 | 253 | 245 | 126 | 4 |
|
ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව) |
1996 - 2012 | 321 | 317 | 125 | 3 |
|
රාහුල් ඩ‍්‍රාවිඞ් (ඉන්දියාව) |
1996 - 2011 | 344 | 269 | 124 | 4 |
|
සනත් ජයසූරිය (ශී‍්‍ර ලංකාව) |
1989 - 2011 | 445 | 441 | 123 | 3 |
|
කාල් හූපර් (බ.ඉ.කො) |
1987 - 2003 | 227 | 225 | 120 | 4 |
|
බ‍්‍රයන් ලාරා (බ.ඉ.කො) |
1990 - 2007 | 299 | 296 | 120 | 3 |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර නිසා අපේ කි‍්‍රකට් කණ්ඩායම පොඩ්ඩක් හරි ඔලුව උස්සගෙන ඉන්නේ, ඔහුන් නැතිදාට අපේ කණ්ඩායම එක්දින තරගවලදී ලකුණු 150 සීමාවට තමයි යන්න වෙන්නේ. හිටපු ශී‍්‍ර ලංකා නායකයාට අපෙන් උණුසුම් සුබ පැතුම්. (නි)
අති විශිෂ්ටයි සර් (නි)
මහේල, සංගා, දිල්ෂාන්, කුලසේකර නැති කලක අපේ ක්‍රිකට් වලට කුමක් සිදුවේවිද දෙවියනි!!! නායකයන්, උපනායකයන් කොහෙන් හොයන්නද අපි? (නි)
ඊයේ දැක්කනේ 172 /2 අන්තිමට 197/9 හැමදාම මෙහෙම තමා. ජ්‍යෙෂ්ඨයෝ 3දෙනා ගියදාට බන්ගලියෝයි කෙන්යා කාරයොයි සිම්බාබ්වෙයි අපිට ගහයි උඩ දාගෙන (නි)
වීරසිරි,ඔබ හරි.ඒ හතරදෙනා නැතුව නවකයින් විතරක් සෙල්ලම් කරනකොට දැන් දිනන මැච් ටිකත් පරාද වෙයි. මහේලට සුබ පැතුම්! (නි)
මේ දෙන්නා නැති දවසට ලංකාවේ ක්‍රිකට් ඉවරයි. අලුත් අය එනවා යනවා. කිසිම විශ්වාසයක් තියන්න පුළුවන් අය කව්ද ඉන්නේ? (දී)
මහේල ඔබට සුබපතනවා. තව කාලයක් අපේ රට නියෝජනය කරන්න ලැබෙන්න ඕනෑ. ඉන්දියාවට තරගයක් දුන්න එක ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්. මොකද ඉන්දියාව අපේ කණඩායමට වැඩිය ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. අපේ නවකයන් එක්ක සංසන්දනය කලාම. දෝනි අවසන් පන්දු වාරයට පවිච්ච්චි කරපු බැට් එක ගැන සැකයක් ඇතිවෙනවා නේද. දෝනි මුණ දීපු කලින් පන්දුවාර වලදී වැරෙන් පහර දුන්නත් හතරේ සීමාවට පන්දුව යැවීමට නොහැකි වෙලත් අවසාන පන්දු වාරේට ඒ තණතිල්ලේ ලකුණු 15 ගන්න එක අසීරු බව පැහැදිලිව පෙනුනා. ඒ වගේ අවස්ථාවක පිතිකරු භාවිතා කරපු බැට් එක පරික්ෂා කරන්න ලැබෙනවා නම් මේ වගේ අවස්ථාවක ප්‍රතිවාදී කණඩායමට සහනයක් වේවි (දී)
බය වෙන්න එපා.අපේ ක්‍රිකට් නැතිවෙන්නේ නැහැ.මහේල,සංගා වගේම අඩිපාරේ යමින් ලහිරු,චන්දිමාල්ලා වාර්තා තියනවා.මොකද මේ ගොල්ලෝ ඉන්නේ මහේල සහ සංගා ඇසුරේ.කුලසේකර වගේ ක්‍රීඩකයන් තව බිහිවෙන්න ඕනෑ.ඇන්ජලෝ අපේ ක්‍රිකට් ඉස්සහරහට ගෙනියාවී. (දී)
මහේල ඔබ ශ්‍රී ලංකාවට මහත් වාසනාවක්. ඔබට ජය ! (දී)
මගේ ක්‍රීඩකයා මහේල. මගේ හොඳම යාළුවා මාත් එක්ක දවසක් රණ්ඩු කළා අරවින්ද තමයි මේ රටේ හොඳම ක්‍රීඩකයා කියලා. එහෙත් මම තාමත් ඒක පිළිගන්නේ නැහැ. මහේලට තරම් ෂොට් තියන කෙනෙක් මම තවත් දැකලා නැහැ. ඒත් ඒ.බි දී විලියර්ස් ටිකක් හොඳයි වගේ. ඒත් මගේ ක්‍රීඩකයා මහේල. (දී)
අමිල ඔයා දේශපාලුවෙක්වද්ද ? (දී)
ඔබව දකින කොට අපිට මතක් වෙන්නේ රොහාන් මහානාම, අරවින්ද ඒ වගේ දක්ෂයෙක් ඔබ, තව තවත් වාර්තා පොතට හිමිකම් කියන ඔබට වාසන වේවා , බුදුසරණ වේවා.(නදී)
තරග ගණන වැඩි උනාට වැඩක් නෑ ... තමන් සහභාගි වුණ තරග දිනන්න ඕනි (අ)