බටහිර ඉන්දීය කොදෙව් සමුහයට අයත් ටි‍්‍රනිඩෑඞ්හි ක්වින්ස් පාක් ඕවල් ක‍්‍රීඩාංගණයේදී හෙට (11 වැනිදා) ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගය මහේල ජයවර්ධනගේ 400 වැනි එක්දින තරගය වෙයි. වසර 42 ක ඉතිහාසයක් හිමි එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරග ඉතිහාසයේ එවැනි තරග 400 ක් කී‍්‍රඩා කළ තුන්වැනි කී‍්‍රඩකයා ලෙස මහේල ජයවර්ධන කි‍්‍රකට් ඉතිහාසයට එක්වෙයි.
මහේල හැරුණු විට එක්දින තරග 400 ක් කී‍්‍රඩා කර ඇති සෙසු කී‍්‍රඩකයන් වන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් (463) සහ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය (445) පමණි.
වසර 1998 ජනවාරි 24 වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී සිය පළමු එක්දින තරගයට කී‍්‍රඩා කළ මහේල මේ දක්වා, ශතක 16 ක් ද සමගින්, එක්දින තරග 399 කදී ලකුණු 11,237 ක් ලබා සිටී. මහේල එක්දින තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 2011 වසරේදී එංගලන්තයට එරෙහිව ලීඞ්ස්හිදී ලබාගත් ලකුණු 144 යි.
කෙසේ වෙතත් මහේලගේ විශිෂ්ටතම එක්දින ඉනිම ලෙස සැලකෙන්නේ 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී නවසීලන්ත පිලට එරෙහිව කිංග්ස්ටන්හිදී නොදැවී ලබාගත් ලකුණු 115 යි. ලෝක කුසලාන (ඕවර 50) අවසන් තරග දෙකකටම කී‍්‍රඩා කර ඇති මහේල 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව මුම්බායිහිදී නොදැවී ලබාගත් ලකුණු 103 ද ඔහුගේ තවත් විශිෂ්ට ඉනිමකි.
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ‘සෙල්කොන්’ කුසලාන අවසන් මහ තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.00 ට ආරම්භ වීමට නියමිතය.
මහේලගේ එක්දින තරග දස්කම්
තරග ඉනිම් නො. ලකුණු වැ.ල සාමා. ප‍්‍ර.වේ. ශ. අ.ශ.
399 373 38 11237 144 33.54 78.56 16 70
කෙටි යෙදුම් :
නො: නොදැවීම්, වැ. ල: වැඩිම ලකුණු, සාමා: සාමාන්‍යය, ප‍්‍ර.වේ. : ප‍්‍රහාරාත්මක වේගය හෙවත් පන්දු 100 කදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව, ශ : ශතක, අ. ශ. : අර්ධ ශතක
| ලකුණු | ප‍්‍රතිවාදී කණ්ඩායම | ක‍්‍රීඩාංගණය | තරග දිනය |
| 144 | එංගලන්තය | ලීඞ්ස් | 2011 ජුලි 1 |
| 128 | ඉන්දියාව | සාජා | 2000 ඔක්තෝබර් 27 |
| 126* | එංගලන්තය | චෙස්ටර් ලී ස්ටී‍්‍රට් | 2006 ජුනී 24 |
| 123 | පකිස්තානය | දඹුල්ල | 2009 අගෝස්තු 24 |
| 120 | එංගලන්තය | ඇඩිලේඞ් | 1999 ජනවාරි 23 |
| 116 | නවසීලන්තය | සාජා | 2001 අපේ‍්‍රල් 10 |
| 115* | නවසීලන්තය | කිංග්ස්ටන් | 2007 අපේ‍්‍රල් 24 |
| 108 | බංග්ලාදේශය | ඩකා | 2010 ජනවාරි 8 |
| 107 | අප‍්‍රිකානු ඒකාබද්ධ කණ්ඩායම | චෙන්නායි | 2007 ජුනී 10 |
| 107 | ඉන්දියාව | කිංග්ස්ටන් | 2013 ජුලි 2 |
| 106* | බ.ඉ.කො | මහනුවර | 2001 දෙසැම්බර් 15 |
| 103* | ඉන්දියාව | මුම්බායි | 2011 අපේ‍්‍රල් 2 |
| 101* | එංගලන්තය | ආර්.පේ‍්‍රමදාස | 2001 මාර්තු 25 |
| 101 | පකිස්තානය | විශාකාපත්නම් | 1999 මාර්තු 27 |
| 100 | එංගලන්තය | මැන්චෙස්ටර් | 2006 ජුනී 28 |
| 100 | කැනඩාව | හම්බන්තොට | 2011 පෙබරවාරි 20 |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල අයියට මගේ සුබ පැතුම්! ශ්‍රී ලංකා කණ්ඩායමට ජය! 400 වෙනි මැච් එක අපි දිනන්නම ඕනෑ (නි)
මහේල ඔබ කිසි විටක ඔබේ පෞද්ගලික වාර්තා ගැන හිතුවේ නැහෙ..පන්දුවාර 20 තරඟ දෙකක පිට පිටම ශතක දෙකක් රැස් කරගෙන අසමසම ලෝක වාර්තාවක් තියන්න ඔබට අවස්ථාවක් තිබියදීත් ඔබ එදා කපුගෙදරට අවස්ථාව දීල ටීම් එකට ලකුණක් හරි වැඩි කරගන්න එදා හැදුව...අද පුද්ගලික දක්ෂතා ගැන විතරක් හිතන කණ්ඩායමේ ඉන්න අලුත් ක්‍රීඩකයෝන්ට ඔබ ආදර්ශයක්...දැන් ඉන්න නවකයෝන්ට ඕන බෝල් 75 කට ලකුණු 20 හරි ගහල ටීම් එකට හෙන ගැහුනත් කමක් නැහෙ කියල ඊලඟ මැච් එකෙත් ටීම් එකේ එල්ලෙන්න... (දී)
මහේල අද ඔය 100 ගහනව.ඔබ ජය.(අ)
මහේල ඔබට සුබ පතන අතර 2015 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීමට අව්ෂ්‍ය ධෛර්ය ලැබේවා (දී)
අපට ක්‍රිකට් එපා කෙරෙව්වේ හශාන්,අර්නෝල්ඩ්, දැන් චන්දිමාල් බෝල කනවා මෙයා එපා පෙරේරා බොලින්ග් බැට්ටින්ග් දෙකම තියනවා (දී)
මහේල යනු ඇති විශිෂ්ට ක්‍රීඩකයෙක්.ඔබ නවකයන්ට ආදර්ශයක්.ජයවේව.වැඩිම එක දින තරග ප්‍රමාණයේ වාර්තාව ඔබ සතු වේවා.(අ)
ශ්රී ලාංකීය අභිමානය ලෝකයට ගෙන ගිය ඔබට සුබ අනාගතයක් වේවා මහේල...(අ)
මහේල ඔබට සුබ පැතුම්! ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න ප්‍රථම දකුණු අප්‍රිකාවටත්, ඔස්ට්‍රේලියවටත් විරුද්දව සතක ලබාගන්න ඔබට හැකියාව ලැබේව. (අ)
ඔබට ජයෙන් ජය මහේල... සුබ අනාගතයක්.තෙරුවන් සරණයි. (නි)
මහේල,ඔබ ලෝකයේ සිටින විශිෂ්ට පිතිකරුවෙක් වගේම විශිෂ්ට නායකයෙක්.ඔබට ජය! (ස)
මහේල අයියට සුබපැතුම්! මගේ ප්‍රාර්ථටනාව ඔබට ශතකය සහ ලංකාවට ජය! (නි)
ඉතා හෝඳයි සුභ පැතුම් (අ)
මහේල , ඔබට සුබපතන්න ඉතාම හොඳම අවස්ථාවක් මේ. ඉතාමක් සාර්ථක පිතිහරබයකට සහ පන්දු රැකීමකට හදවතේ ගැබුරුමතැනින් ම සුබ පතමි. (අ)
ඔබට, ක්‍රිකට් දිවියට ජය පතමි (අ)
දෙන්නම් මගේ ක්‍රිකට් වලට තිබ්බ ආසාව ගිහින්. එත් 400 වෙනි තරගයට ක්‍රීඩා කරලා මතකයේ රැදෙන දෙයක් කරන්නටත් අවසාන තරගය ජය ගන්න වාසනාව ලැබේවා (අ)
රෝහණ, සනත් ගේ පහරවල් ගහන්න තරම් ක්‍රීඩකයෙක් ලංකාවේ නොමැත. ඒ වගේම ඔහුගේ ඉදිරි පාදයේ පිට ඉන්න දෙසින් ඉහලින් ගහන පහරවල් කොතරම් දැකුම්කළුද ?ඔහුගේ දෑත් ඉතාමත් ශක්තිමත්. අදටත් ඔහු සමග දුවන්නට වර්තමාන කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පවා නොහැකිය (නි)
මහේල ඔබට මගේ උණුසුමි සුබ පැතමි (අ)
ලෝකයේ හොදම ක්‍රීඩකයා ඔබයි මහේල, ඔබට අපේ සුබ පැතුම්! (නි)
මහේල, ඔබට ජය! (නි)
ලබන ලෝක කුසලානය දක්වා රැදීසිටීමට සුදුසු පිතිකරුවෙකි ඔබ (අ)
සුභ පැතුම්. 400 වන තරඟයේදී 100ක් ගැහුවොත් තමයි නියම. ඉන්දියාවට එරෙහිව 100 ක් නම් තවත් වටිනවා. (නි)
ලෝකයේ හොදම ක්‍රීඩකයා ඔබයි (නි)
මහේල ඔබ ඇතුළු අපේ කණ්ඩායමට ජය වේවා (අ)
අයිමත් කතා දෙකක් නැහැ ලෝකයේ දැනට ඉන්න හොඳම පිතිකරු මහේල තමයි. ඔහු ලග තිබෙන පහරවල් කා ලගවත් නැහැ. හැබැයි ඔහු දැවී යන්නෙත් ඔහුගේ වැඩිපුර පහරවම තමයි. මහේල ඔබට ජය. (නි)
පන්දු රකින්නන්ගේ හිඩැස තේරුම් ගෙන ඒ තැනට සාර්ථක පහර එල්ල කරන අපට සිටින විශිෂ්ඨ ක්‍රීඩකයෙකි මහේල. අද ඔබට ජය (නි)
සාමාන්‍ය 33 මැච් 399 ප්‍රමාණවත් මදී. (ස)
මහේල, ඔබට අපේ සුබ පැතුම්. ඉතාම අගය කළ යුතු ක්‍රීඩකයෙක් (නි)
ගහමු තව 100 ක් (නි)
මහේල, ඔබ ලොව සිටින ඇති විශිෂ්ටම පිතිකරුවෙක්.ඔබට අපේ සුබ පැතුම්! ඔබ සංගා දිල්ෂාන් ගියදාට ලංකාවේ ක්‍රිකට් වලට දෙයියන්ගේම පිහිටයි. ලංකාවේ දැන් ඉන්න තරුණ ක්‍රීඩකයෝ අපිට ක්‍රිකට් එපා කරවනවා. අද අවසාන මහා තරඟයටවත් තිරිමාන්න,ජීවන්,චන්දිමාල් එළියෙන් තියලා අටදෙනාගෙන්වත් ගහන්න. එතකොට අනිවා අපි අද දිනුම්. ඔය නවකයන්ගේ තියෙන්නේ සද්දේ විතරයි, වැඩ නැතෝ... (නි)
ඔබ කිසිම තරගයකදී ඔබේ පෞද්ගලික වාර්තා ගැන හිතුවේ නැහැ.ඔබට අවශ්‍ය වුනේ කණ්ඩායම දිනවීමයි.මහේල ඔබ විශ්ෂ්ටයි . (නි)
බලන්න අද මැච් එකත් මෙයාලා ඉන්දියාවට දෙනවා. අදවත් එක්දින මැච් එකකට සුදුසු කණ්ඩායමක් තෝරන්න. අද තියෙන්නේ ෂුවර් එකටම එක්දින මැච් එකක් නේද? ටෙස්ට් මැච් එකක් නෙමෙයි නේද? (නි)
මහේල, ඔබ අති විශිෂ්ට ක්‍රීඩකයෙකි. ලොව හොඳම කවර් ඩ්‍රයිව් පහර ඔබ සතුයි (නි)
අපේ ක්‍රිකට් වංශ කතාවේ මහා වීරයන් වන සනත් ,අර්ජුන ,අරවින්ද ,මහානාම ,මුරලි යන අමරණීය නම් අතරට ඔබේ නමත් ඇතුලත් වෙනවා.මේ අතරට එක්වන ඊලග නාමය ලසිත්. (නි)
ලබන ලෝක කුසලානය මෙහෙයවිය යුතු නායකයා ඔබයි. නායකත්වයේ උසස් වූ ගතිගුණ ලොවට ප්‍රකට කල අයෙක් ඔබ තරම් නොමැත.ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඔබ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා තුරුවත් උසුලනවානම් එය රටේ ගෞරවයට හේතුවක් වේවි.(ස)