අයි. පී. එල්. තරගාවලියේ 24 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (18 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 86 ක පහසු ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.
මෙම පරාජයත් සමගින් දිල්ලි පිල තරගිවලියේ මෙතෙක් සහභාගීවූ තරග 6 ම පරාජයවී තිබේ.
චෙන්නායි පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නියැලෙමින් ලකුණු 66 ක් රැස්කළ මයිකල් හසී තරගයේ වීරයා බවට පත්විය. පන්දු 50 කින් වාර්තාවූ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්විය.
දෙවැනි කඩුල්ලට සුරේෂ් රයිනා (30) සමග ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ හසී, මහේන්ද්‍ර සිං දෝනි (44) සමග ලකුණු 74 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු ප‍්‍රමාණය 169 දක්වා ඔසවා තැබීය.
ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ සියලූ කී‍්‍රඩකයන් ලකුණු 83 කට දැවී ගියහ. නැවතත් වරක් අසාර්ථකවූ මහේල ජයවර්ධනට පන්දු 11 කදී ලබාගත හැකිවූයේ ලකුණු 6 ක් පමණි.
අද තරගය සඳහා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට ජීවන් මෙන්ඩිස් කී‍්‍රඩා කළ අතර ඔහුට එකදු ඕවරයක් හෝ යැවීමට අවස්තාව නොලැබිණ. පන්දුවට පහර දීමේදීද ඔහු ලකුණු 12 ක් ලබා සිටියදී දුවද්දී දැවීයාමකට හසුවිය.
නවක කී‍්‍රඩක මෝහිත් ශර්මා ඕවර 3 ක් යවා ලකුණු 10 කට දිල්ලි පිලේ පළමු කඩුලූ 3 ම දවාගැනීමට සමත්විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 169
(මයිකල් හසී නොදැවී 66, මුරලි විජේ 18, සුරේෂ් රයිනා 30, මහේන්ද්‍ර සිං දෝනි 44)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 83
(විරේන්ද්‍ර ෂෙවාග් 17, ජීවන් මෙන්ඩිස් 12, කේදාර් ජාදව් 31, මොහිත් ශර්මා 10/3, රවිචන්ද්‍රන් අශ්වින් 18/2)
(**)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය ලැබෙන මුදල අරගෙන ඉක්මනට ලංකාවට ආවා නම් හොදයි නේද? (නි)
රටේ ශාපය වැදිලා. දැන් කාටවත් ගොඩයෑමක් නැහැ. මේ සැරේ කට්ටියම සවුත්තු වෙලා එන්නේ. 2014 අයිපිඑල් ගහන්නේ ලංකාවේ කට්ටිය නැතුවයි. (නි)
අපේ කට්ටියට යන්න එපා කියද්දී සල්ලි වලට ගියේ දැන් ලැජ්ජාව ලංකාවටයි. අයි.පී.එල් වලට ලංකාවේ කව්රුත් නැති වෙයි. ඉන්දියාවේ අය ආවේ නැහැ එද්.එල්.පී.එල් වලට ලංකාවට. අපේ අය තමයි ලැජ්ජාවක් නැතුව යන්නනේ සල්ලිවලට.(නදී)
ලංකාවේ ක්‍රිකට් නායකයෝ 3 න් දෙනාම අන්තිමටම අසමර්ථයි. l ලබන අයි.පීතරල් එකට ලංකාවේ කිසිම කෙනෙකුට චාන්ස් එකක් නැහැ.(නදී)
රටේ ආශිර්වාදය නැතුව ලෝකය ජයගන්න බැහැ දරුවනේ. (නි)
දැන් සමහරුන්ට ලංකාවත් නැහැ ඉන්දියාවත් නැහැ!මම හිතන්නේ ඉස්සරහට ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ගොඩක් අඩු වෙයි. (නි)
අර්ජුනගේ අදහස හරියටම හරි. ලංකාවේ ටීම් එක ඉන්දියාවේ ගමන නොයා හිටියා නම් ඒක මුළු ලංකාවටම ගෞරවයක්. නමුත් සල්ලි වලට රටේ නම බාල්දු කරලා අද ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඔවුන් දැනගන්න ඕනෑ සල්ලි කියන්නනේ හැමදෙයක්ම නොවේය කියලා (නි)
ජනක, ඔබ දැක්වු අදහස 100% ම හරි. ඉදිරියේදී නෙමෙයි දැනටමත් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ගොඩාක් ක්‍රිකට් වලින් ඈත් වෙලා ඉවරයි. (නි)
ලංකාවේ නම්බුව කෑවා. (නි)
මහේල තම ජීවිත කාලයේම ක්‍රිකට් වලින් ලබා ගත්ත කීර්තිය විනාශ කර ගත්තා කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අපේ අයට උනේ තමා විසින් තමන්ගේම ගෙල සිඳ ගැනීමක්.(නදී)