IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහේලගේ දිල්ලි පිල පිට පිටම හයවැනි වරටත් පරාජය වෙයි

අයි. පී. එල්. තරගාවලියේ 24 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (18 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 86 ක පහසු ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

මෙම පරාජයත් සමගින් දිල්ලි පිල තරගිවලියේ මෙතෙක් සහභාගීවූ තරග 6 ම පරාජයවී තිබේ.

චෙන්නායි පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නියැලෙමින් ලකුණු 66 ක් රැස්කළ මයිකල් හසී තරගයේ වීරයා බවට පත්විය. පන්දු 50 කින් වාර්තාවූ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්විය.  

දෙවැනි කඩුල්ලට සුරේෂ් රයිනා (30) සමග ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ හසී, මහේන්ද්‍ර සිං දෝනි (44) සමග ලකුණු 74 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු ප‍්‍රමාණය 169 දක්වා ඔසවා තැබීය.

ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ සියලූ කී‍්‍රඩකයන් ලකුණු 83 කට දැවී ගියහ. නැවතත් වරක් අසාර්ථකවූ මහේල ජයවර්ධනට පන්දු 11 කදී ලබාගත හැකිවූයේ ලකුණු 6 ක් පමණි.

අද තරගය සඳහා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට ජීවන් මෙන්ඩිස් කී‍්‍රඩා කළ අතර ඔහුට එකදු  ඕවරයක් හෝ යැවීමට අවස්තාව නොලැබිණ. පන්දුවට පහර දීමේදීද ඔහු ලකුණු 12 ක් ලබා සිටියදී දුවද්දී දැවීයාමකට හසුවිය.

නවක කී‍්‍රඩක මෝහිත් ශර්මා  ඕවර 3 ක් යවා ලකුණු 10 කට දිල්ලි පිලේ පළමු කඩුලූ 3 ම දවාගැනීමට සමත්විය.

චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 3 ට 169
(මයිකල් හසී නොදැවී 66, මුරලි විජේ 18, සුරේෂ් රයිනා 30, මහේන්ද්‍ර සිං දෝනි 44)  

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 83
(විරේන්ද්‍ර ෂෙවාග් 17, ජීවන් මෙන්ඩිස් 12, කේදාර් ජාදව් 31, මොහිත් ශර්මා 10/3, රවිචන්ද්‍රන් අශ්වින් 18/2)

(**)



අදහස් (0)

මහේලගේ දිල්ලි පිල පිට පිටම හයවැනි වරටත් පරාජය වෙයි

නිලන්ත Friday, 19 April 2013 02:56 PM

ලංකාවේ නම්බුව කෑවා. (නි)

:       0       0

යොහාන් Saturday, 20 April 2013 07:41 AM

මහේල තම ජීවිත කාලයේම ක්‍රිකට් වලින් ලබා ගත්ත කීර්තිය විනාශ කර ගත්තා කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

වරුණ Friday, 19 April 2013 08:19 AM

රටේ ශාපය වැදිලා. දැන් කාටවත් ගොඩයෑමක් නැහැ. මේ සැරේ කට්ටියම සවුත්තු වෙලා එන්නේ. 2014 අයිපිඑල් ගහන්නේ ලංකාවේ කට්ටිය නැතුවයි. (නි)

:       0       0

ඉන්දික Friday, 19 April 2013 09:37 AM

අපේ කට්ටියට යන්න එපා කියද්දී සල්ලි වලට ගියේ දැන් ලැජ්ජාව ලංකාවටයි. අයි.පී.එල් වලට ලංකාවේ කව්රුත් නැති වෙයි. ඉන්දියාවේ අය ආවේ නැහැ එද්.එල්.පී.එල් වලට ලංකාවට. අපේ අය තමයි ලැජ්ජාවක් නැතුව යන්නනේ සල්ලිවලට.(නදී)

:       0       0

විරාජ් Friday, 19 April 2013 09:42 AM

ලංකාවේ ක්‍රිකට් නායකයෝ 3 න් දෙනාම අන්තිමටම අසමර්ථයි. l ලබන අයි.පීතරල් එකට ලංකාවේ කිසිම කෙනෙකුට චාන්ස් එකක් නැහැ.(නදී)

:       0       0

ෙයාහාන් Saturday, 20 April 2013 10:49 AM

අපේ අයට උනේ තමා විසින් තමන්ගේම ගෙල සිඳ ගැනීමක්.(නදී)

:       0       0

ශාන්ත Friday, 19 April 2013 10:11 AM

ර‍ටේ ආශිර්වාදය නැතුව ලෝකය ජයගන්න බැහැ දරුවනේ. (නි)

:       0       0

ජනක Friday, 19 April 2013 11:14 AM

දැන් සමහරුන්ට ලංකාවත් නැහැ ඉන්දියාවත් නැහැ!මම හිතන්නේ ඉස්සරහට ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ගොඩක් අඩු වෙයි. (නි)

:       0       0

ප්‍රියා ආලන්කුලම Friday, 19 April 2013 11:40 AM

අර්ජුනගේ අදහස හරියටම හරි. ලංකාවේ ටීම් එක ඉන්දියාවේ ගමන නොයා හිටියා නම් ඒක මුළු ලංකාවටම ගෞරවයක්. නමුත් සල්ලි වලට රටේ නම බාල්දු කරලා අද ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඔවුන් දැනගන්න ඕනෑ සල්ලි කියන්නනේ හැමදෙයක්ම නොවේය කියලා (නි)

:       0       0

සිල්වා Friday, 19 April 2013 12:24 AM

දැන් ඔය ලැබෙන මුදල අරගෙන ඉක්මනට ලංකාවට ආවා නම් හොදයි නේද? (නි)

:       0       0

මධුරංග Friday, 19 April 2013 01:19 PM

ජනක, ඔබ දැක්වු අදහස 100% ම හරි. ඉදිරියේදී නෙමෙයි දැනටමත් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ගොඩාක් ක්‍රිකට් වලින් ඈත් වෙලා ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 9 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1326 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 808 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1342 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 953 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site