ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියෙන් ආ දුර්ගන්ධයක් නිසා ප්‍රධාන මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා උසාවියෙන් බැස ගොස් සිය නිල මැදිරියේ නඩු විභාග කිරීම පටන් ගත්තේය.
උදේ විනිශ්චාසනයට පැමිණි මහෙස්ත්‍රාත්වරයා ගඳක් දැනෙන බව උසාවි නිලධරයින්ට දැන්වීය.
උසාවිය පිරිසිදු කරන ලෙසත් මහෙස්ත්‍රාත් ඔවුනට කියා සිටියේය. එම දුර්ගන්ධයට හේතුව සිර මැදිරියේ තිබු බාල්දියකි. සිර මැදිරියට වැසිකිළියක් හෝ කැසිකිළියක් නැති නිසා සිර කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා එම බාල්දිය තබා ඇත. පෙර දින එහි එකතු වු මුත්‍රා ඉවත් නොකීරීම මෙයට හේතුව බව සොයා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියේ බාල්දිය සම්බන්ධ වගකිවයුත්තන් හට එම බාල්දියෙන් නෑමට වගේ දඩුවමක් දුන්නා නම් මෙවැනි දේවල් නැවත සිදු නොවේවි යනු මගේ අදහසයි (නි)
මේ ගද මෙතනින් නවතාගමු. තව ඉදිරියට ගියොත්? (නි)
ඕක මොකක්ද, ගිහින් බල්ලනකෝ ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ වැසිකිලි.ඕනෑම වෙලාවක බැලුවොත් බිම වතුරෙන් පිරිලා.මේකට හේතුව,පිරිසිදු කරන සේවකයන්ට,පිරිසුදුකමේ අවබෝදයක් නැතිකම.එය උස්සස් නිලදාරීන් විසින් ඔවුන්ව පුහුණු කල යුතයි. (අ)
මේක ලංකාවේද? (නි)
සිරකරුවෝ ද මනුෂ්‍යයෝය. (නි)
කවුරුත් මනුෂ්‍යයෝය (නි)
සිරකරුවෝද මනුස්සයෝය (නි)
මදැයි කොළා?? (නි)
මේවා කරන්නත්, කරවන්නත් මහත්තුරු ඉන්නවා නේද උසාවි වල? පඩි මදි කියලා වර්ජන කරලද දන්නේ නැහැ. (නි)
විනිසුරුතුමාට එතන ඉඳලා ගඳ ආවා නම් සිරමැදිරියේ ඉන්නය අය කොහොම ඉවසන්නද? (නි)
2013 දැයට කිරුළ මැඩම්ට කියලා වැසිකිළියක් හදාගනිමු ඊලඟ නඩු දවසට කලින්. (නි)
අපිට නම් හොදට ඔය ගඳ සුවද පුරුදුයි (නි)
තමුන්ගේ වැඩේ හරියට කරන්නේ නැති අය හින්දා රටම ඉවරයි (නි)
අයියෝ සල්ලි
උසාවියෙන් තීන්දු කරනකන් නිවෙරදි කරු කිවුවට මොකද දුෂ්කර දඬුවම් වලට මුහුණ පාන්නට සිදුවෙනවා සේකකරුවන්ට/කාරියන්ට උසාවිවලදී සහ පොලිස් සිර මැදිරි වලදී. මෙවැනි ස්ථාන දිහා කවුරුවත් මානුෂිකව බලන්නෙය් නෙති එකී වරද. පොලිස්පතිතුමගය් අවදානය මේවට ලැබුනොත් හොඳයි (දී)
සිරකරුවෝද මනුෂ්‍යයෝය. (දී)
එතුමාට එහෙම කරන්න පුළුවන්.ඒ උනාට කොලබ සුරපුරට අල්ලපු ගම්මාන වල කැලි කසල ගොඩ ගහල පාර අද්දර. මිනිස්සු ඇවිදින්නේ මුණ කට වහගෙන. ඒවාට නම් නීතියක් නැහැ.මිනිස්සු හුස්මගන්නේ විස වාතය . (දී)
කාගේද වැරැද්ද? උසාවිය පාලකයන්ගේම වරදට මහා ජනතාව විඳින්න ඕනේ. (දී)
සිරකරුවන් මනුස්සයෝ කියල ගහල තියෙනව නේද වැලිකඩ, මෙහෙම දුක් විඳින්නෙ කොහොමද, සමහර විට නිවරදි අයත් දානවා සිර මැදිරිවලට, අපි මානව හිමිකම් ගැන කතා කරනව, කෝ අපේ රටේ එවා? (දී)
මහේස්ත්‍රාත් තුමාට ඔහොම ඉවසන්න බැරි උනාට අනවශ්‍ය නඩු වලට එන බහුතර ජනතාවට නම් ඔය ගඳ හොඳට ඉවසල පුරුදුයි ..කුලියට ගෙට ඇතුල් උන මිනිහත් ගේ තමන්ට ඕන කියල නඩුවක් දැම්මම ගෙවල් අයිතිකාරයට උසාවි ගානේ රස්තියාදු වෙලා අවුරුදු ගණන් ඔය වගේ ගඳවල් ඉවසන්න වෙනවා .. (දී)
බඩු බනිස් වගේ.(නදී)
මහේත්‍රාත් තුමෙනි, පිරිසිදු කිරීම බර උසාවි නිලදාරියාට රාජකාරිය නොකලාට දඩුවම් දෙනු.(නදී)
ලංකාවේ මානුෂික අයිතිවාසිකම් කියන්නේ මොනවාටද ? මිනිහෙකුට දෙන අවම දේ කන්න සහ වැසිකිලි පහසුකම්, ඉන්දියාවට සහ මැදපෙරදිගට දෙවෙනි නැහැ ලංකාවේ මානුෂික අයිතිවාසිකම්. (ස)
හිර කරුවෝද මනුෂ්‍යයෝය. විනිසුරුවෝ මනුෂ්‍යයන්ට උඩින් සිටිති. නමුත් සියල්ලන් සමා.(නදී)
සෑම සිරකරුවෙක්ම මනුෂ්‍යෙයකි.(නදී)
මෙන්න මේවත් පෙන්නන ඕනේ පිල්ලේ මහත්මියට මානව අතිවාසිකම් සම්භන්දව (දී)