IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මහසෝන් බළකායෙන් රිට් පෙත්සමක්

( තිළිණි ද සිල්වා)
 
ඉකුත් මහමැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත අවසන් ඡන්ද ප්‍රතිඵලය බලරහිතකර එම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත සියලු ඡන්ද පත්‍රිකා ගණන් කරන ලෙසට මහනුවර දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීයාට නියෝග කරන්නැයි ඉල්ලා  මහසෝන් බළකාය අභියාචනාධිකරණය හමුවේ අද  (02) රිට් පෙත්සමක් ගොනු කරන ලදී.


මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා ඉකුත් මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ තරග කළ මහසෝන් බලකාය නැමැති සිවිල් සංවිධානයේ ප්‍රධානියා අමිත් වීරසිංහ මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ටී.ඒ.සී.එන්.කුලතුංග , ගණන් කිරීමේ නිලධාරී ඩී.එම්.එන්.ජී.ජී.ටී.කරුණාරත්න , එම දිස්ත්‍රික්කය සදහා තරග කළ දේශපාලන පක්ෂ වල ලේකම්වරු ඇතුළු 19 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
 
ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයට තමන් ‘‘ජල කරාම“ ලකුණ යටතේ තරග කළ බවත් , දේශපාලන පක්ෂ දහ හතක් සහ ස්වාධීන කණ්ඩායම් 12ක් ඒ සදහා ඉදිරිපත් වූ බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
 
මැතිවරණය පැවැත්වීමෙන් පසුව මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ තවත් අපේක්ෂකයෙකු පූර්ව අවසරයකින් තොරව ගණන් කිරීමේ මධ්‍යස්ථාන දෙකකට ඇතුළු වූ බවත් , පොලීසිය එය වැළැක්වීමට කටයුතු නොකළ බවද පෙත්සමේ සදහන් වේ.

එසේම සෙංකඩගල මැතිවරණ ආසනයේ  ඡන්ද පෙට්ටිය සීල් තැබීමකින් තොරව ගණන් කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන ආ බවත් , ඒ පිළදව ප්‍රශ්න කළ විට එහි සිටි නිලධාරීන් නිසි පිළිතුරක් දීමට අපොහොසත් වූ බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දේ.මෙම ඡන්ද ගණන් කිරීමේදී අක්‍රමිකතා සිදුවූ අතර තමන්ට ලැබී තිබෙන ඡන්ද අඩුවෙන් ගණන් කර ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.මේ හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කළ ස්වාධීන කණ්ඩායම් 01 ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අහිමි වූ බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
 
එබැවින් මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ සටහන් කර ඇති ඡන්ද ප්‍රතිඵල බලරහිත කරන ලෙසත් , ඡන්දය යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරනැයිද පෙත්සම්කාර මහසොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මහතා සිය පෙත්සම මගින් ඉල්ලා සිටී.

 



අදහස් (1)

මහසෝන් බළකායෙන් රිට් පෙත්සමක්

Mahesh Wednesday, 02 September 2020 04:54 PM

විහිලු කතානේ.. මෙයා පොඩ්ඩ ඇත්තත් මාධ්‍ය සාකච්ඡා තියන කෙනෙක්නේ. අපේක්ෂකයෙක් බලෙන් ඇතුළුවුණු වේලාවේම මාධ්‍යයට කියන්න තිබුණානේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1068 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1890 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 645 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1776 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 929 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3943 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 396 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site