IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


මාළු අල්ලන්න ගිහින් අලි පහරින් මරුට

(ප්‍රසාද් රුක්මල්)

මිතුරන් පස්දෙනකු සමඟ කන්දකැටිය පතහගල උමාඔයේ මාලු ඇල්ලීමට ගිය පුද්ගලයකු වන අලියකු පහරදීමෙන්  මියගිය බවත්, සෙසු පිරිස ගස්වලට නැග දිවි බේරාගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

කන්දකැටිය ට්‍රැක් 2/5 පදිංචිව සිටි නන්දසිරි ගුණසේකර  නැමති අවිවාහක පුද්ගලයකු මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය.

මොහු තවත් මිතුරන් පස්දෙනකු සමග ආහාර පාන රැගෙන මාලු ඇල්ලීමට කන්දකැටිය පතහගල උමාඔයට පෙරේදා රාත්‍රි ගොස් ඇති බවත් , එසෙ පතහගල රක්ෂිතයේ සිටියදී අද (24) රාත්‍රි මොවුන් පසුපස වන අලියකු පන්නා ඇති බවත් පොලිසිය පැවසීය

වන අලියාගෙන් බේරීමට මොවුන් පිරිස දිවගොස් රක්ෂිතයේ ගස්වලට නැග ඇති බවත් , මොහු වන අලියාගෙන් බේරීමට ගසකට නැගීමට යාමේදී වන අලියා හොඩවැලෙන් මොහු අල්ලාගෙන බිමට දමා පාගා ඇතැයි පොලිසිය සදහන් කළේය.

පසුව වන අලියා කැළෑවට ගොස් ඇති අතර ,ඒ සමඟ ගස්වලට නැග සිටි පිරිස බිමට බැස තුවාල ලබා සිටි මොහු ඔසවාගෙන කන්දකැටිය රෝහලට රැගෙන ගොස් ඇතුලත් කිරිමේදී මියගොස් සිටි බවද පොලිසිය පවසයි.

 



අදහස් (2)

මාළු අල්ලන්න ගිහින් අලි පහරින් මරුට

Perakum Friday, 25 August 2023 08:52 AM

අපි අපේ අලි සම්පත කෙසේ හෝ රැකගනිමු. ගම්වල ජීවත්වන මිනිස්සු මැරුණාම මොකද මිනිස්සු ඉන්නවනේ ඕනෑවටත් වැඩිය.

:       1       5

Bunny Preena Friday, 25 August 2023 09:44 AM

ප්‍රරදේශයෙම පදිංචිකරුවන් වන මොවුන්' රාත්‍රි කාලයෙදි අලින් එහි ගැව්සෙන බව දැන දැනත් එවනි ගමනක් ගියෙ මත්පැන් පානය කිරිමෙන් පසුව වෙන්ට ඔන. කටට ටිකක් වත්කර ගත්තු ගමන් මුලු ලොකෙටම ගහන්ට පුලුවන් කියල හිතන පුහු වීරයො වෙන පිරිසකුත් ඉන්නවානෙ.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 21 0

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයෙ මහා පරිමාන ජාවාරම්කරුවකු නිවසක තිබූ මස් තොගයක් සිය බාරයට ගත


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 463 0

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 765 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 428 0

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1007 0

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 1732 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 517 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1490 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site