2009 දී නැති කැර දැමුණු කොටි සංවිධානයේ මහවිරු දින සැමරුම් පවත්වතොත් එය නීති විරෝධී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
2009 දී නැති කැර දැමුණු කොටි සංවිධානයේ මහවිරු දින සැමරුම් පවත්වතොත් එය නීති විරෝධී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අනෙක් රටවල් මෙවැනි ප්‍රශ්න වලදී ක්‍රියාකරන ආකාරය ගැනද බලන්න (නි)
මම නම් කියන්නේ යුද්ධයෙන් මියගිය දෙපාර්ශවයේම අය සැමරීමට ඉඩ දිය යුතුයි. නමුත් මෙයට මහවිරු දිනය යොදාගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා. යුද්ධය අවසන් වූ දවස හෝ වෙනත් දවසක් ඒ සඳහා වෙන් කරන්න ඕනෑ. (නි)
අපේ ත්‍රිවිධ හමුදාව දිවිහිමියෙන් රැක ගත් අපේ මවුබිම ඉදිරියටත් කෑලි වලට නොකඩන්න හැමෝම හොද අවධානයෙන් සිටිය යුතුයි. (නි)
දෙමල ජනයා උතුරේ ඡන්දයේදි උතුර සංවර්ධනය කල රජය ප්‍රමුඛ සන්ධානය පරදවා කොටි ඉන්න කාලේ සිට ඒ අයට පක්ෂපාතී දෙ.ජා.ස දිනෙව්වා. මේවා නොවෙන බව නොදැන ඡන්දෙ දුන්නා නෙමෙයිනේ. ඒ අයගේ කැමැත්තනේ. ඒ මිනිසුන්ගේ උවමනාවන්ට ඇගිලි ගහන්න දකුනේ කාටද අයිතිය තියෙන්නේ? මුලු ලෝකෙම සහාය ඔවුන්ටයි.(නදී)
නීති විරෝදී බව පමණක් කිවුවාට ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒක මදි නේද..? අත්අඩංගුවට ගන්න බවත් හිරේ දාන බවත් කියන්නම ඕනෑ. (නි)
ඔව්. එහෙම වුණොත් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
මහ විරු කතා කොහොම වුවත් තමන්ගේ මියගිය අයව සිහි කරන්න නම් ඒ අයට අයිතියක් තිබෙනවා නේද? (නි)
සත්‍යයා ,සත්‍යය තේරුම් ගන්න බලන්න (නි)
මහවිරු දිනය සමරන්න අවශ්‍ය වන්නේ අපේ රණවිරුවෝ යුද්ධය අවසන් කළ දවසටය (නි)
ඕනෑම දෙයක් නීති විරෝධී වෙන්න හෝ නීතියට අනුකූල වීම සදහා යම්කිසි පනතක් මගින් හෝ අතිවිශේෂ නීතියක් මගින් සම්පාදනය විය යුතුයි. කිසියම් සැමරුමක් අයුතු ජන රාශියකින් තොරව සාමකාමීව සමරන්නේ නම් එය නීතියට අනුකුල වේ යනු මාගේ අදහසයි (නි)
පළමුව මේ රට ඇතුළත නීතියක් පොතේ තිබුණත් නැතත් රටේ සතුරන් හැටියට මොවුන් සමරන එක තහනම් කිරීම අගය කළ යුතුයි. එසේම විදේශයන්ගේ මෙවැනි සැමරුම් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක් මගින් ඒ රටවල ආණ්ඩු වලින් තහනම් කරන තත්ත්වයට පත් කරගත යුතුය. (නි)
27 මහ විරු දිනය මම සමරනවා.(නදී)
රට පාවාදෙන්නන් රටින් පිටුවහල් කළ යුතුයි (නි)
සත්‍යයා,ඕනෑම වැරදිකරුවෙක් තමන් කළ වැරැද්ද තේරුම් අරගෙන නැවත ඒවා කරන්නේ නැත්නම් කලින් කළ ඒවාට මැරෙනතුරු දඬුවම් දෙන එක වැරදියි. එසේ නම් කොටි දහස් ගණනක් පුනරුත්තාපනය කර එළියට දමා සිටින්නේ ඇයි? (නි)
සත්‍යට පිළිතුරු දෙන්න යන්න එපා. සත්‍ය කියන්නේ අසත්‍යයෙන් ඉපදුනු කුණු පරානයක්, ඇවිදින මල මිනියක්. මේ රජය පෙරලන්න පුලුවන්නම් මේ රජයට අභියෝග කරනවා නම් සත්‍යා ප්‍රභාකරන්වත් පුලුවන් නම් මිනී වලෙන් නැගිට්ටවලා ගනීවි.(නදී)
ප්‍රභාකරන් හිටියා නම් ඔක්කොටම සමරන්න තිබුන තමන්ගේ මලගමම. (අ)
කොටි නිසා මෙරිච්ච මිනිස්සු සමරන්නේ කව්ද? (නදී)
ඔය උත්සවේ තියන්න හොඳම තැන එංගලන්තේ කැමරන්ගේ ගෙදර වත්තේ.කොටිත් ඕනේ තරම් ඉන්නවා. .ඕනේ නම් විග්නේෂ්වරන්ටත් යන්න පුළුවන්. ජයලලිතත් එක්කම තවත් ඕන්නම් කැනඩාවේ මහ කොටියත් එකතුකැර ගන්න. (ස)
සැමරුවා කියලා කාටවත් වැඩක් නැහැනේ...ඔනේ දෙයක් කරගත්තාවේ(ස)
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ තියෙනවා හිස් ඉඩම් ගොඩක් යන්නකෝ.. ජයලලිතා නෝනට කියන්න..(ස)
මෙහෙ ඒවාට අර කැමරන් බාප්පාගේ වත්තේ තියෙන්නේ. එහෙ ගිහිල්ල ඕනේ සැමරුමක්.(ස)
මහවිරු දින කියන්නේ මොකක්ද? (ස)
මුන්ටත් මහවිරු කියනවනම් ඔය හිර ගෙදර ඉන්න හැමෝම මහා විරුවන් වෙනවා . මිනි මරුවන් . ත්‍රස්තවාදීන් ඒවාට මේ රටේ ඉඩක් නැහැ . ඕන අයට තමිල්නාඩු වල ජයලලිතා එක්ක එහෙ කර ගන්න කියන්න (ස)
සිංහල අය පමණක් නොවෙයි ,අහිංසක දමිළ අයත් මරාදැමු ත්‍රස්තවාදියෝ කොහොමද මහවිරුවන් වන්නේ? (නි)
වේද මහත්තය කියන්නේ ත්‍රස්තවාදීන්ට මේ රටේ ඉඩක් නැහැ කියල. එතකොට කේ පී ව ආණ්ඩුව පරිස්සම් කරන්නේ මුරිසි දිවයිනට ඇරලද? (අ0
ඔය උත්සවේ තියන්නට හොඳම තෙන බ්‍රිතාන්‍යයේ කැමරන්ගේ ගෙදර වත්තේ.කොටිත් ඕනේ තරම් ඉන්නාවා.ඕනේ නම් විග්නේෂ්වරන්ටත්, ජයලලිත එක්කම.තවත් ඕනේ නම් කැනඩා මහා කොටියත් එකතු කරාගන්න පුළුවන් (අ).
මමත් එම ප්‍රකාශයට එකගයි (නි)
ඔන්න ඔහොම කෙලින් ඉන්න. කොටි අවතාරවලට බයවෙලා හිටිය මදෑ දැන්. ඕවට ඉඩ දුන්නත් උන් අපට පාඩම් උගන්නන්න එනවා, නුදුන්නනත් එනවා. ඉතින් නොදීම ඉඳිමු. ආරකෂක ලේකම්තුමා කෙලින් කතා කරන කෙලින් වැඩකරන කෙනෙක්. (අ)
මල කොටි විතරක් නෙවෙයි ඉන්න කොටිත් සමරන්න තහනම් (අ)
අවුරුදු 30 ක්ම අපි කොටින්ගෙන් බැට කෑවා. දැන් නම් ඉතින් කිසිම බුරුලක් දෙන්න බැහැ (නි)
නීති විරෝධී කිවුවා නම් සමරන අයට නොවැරදීම නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
මම කියන්නේ, මේගොල්ලන් දෙමල ජනතාව සමරන මුවාවෙන් කොටි සමරනවා. එක නවත්වන්න බැහැ. මේ හැමතැනටම අපේ සොල්දාදුවන් සහ සිංහල ජනතාව යොදවල බලන්න. එතකොට අපිට දැනගත හැකි කී දෙනෙක් එනවද කියලා. මේගොල්ලන් මොනවද කරන්නේ කියලා. මේවට අපි වැඩිය උඩපනින්න ඕන නැහැ. මේක වෙලාව නොවේ. අපි දැන් යුද බලය, දේශපාලන බලයට වඩා ඔලුව පාවිච්චි කරලා මේක ඉවර කල යුතුය. ගොටාභය මහත්තය මේක හොදට කරාවී. අපි කලබල නොවී ඉදිමු. (නදී)
රටට මෙච්චර විනාශයක් කරපු මේ අය මහවිරුවෝද? සමරන්න දෙන්නම එපා. (නදී)
බොහොම කල්පනාවෙන් ඉන්න වෙනවා (නි)