IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මළ කරදරයක් ඉවරයි

වලංගු වීසා බලපත්‍රයක් මත 2009 සිට ඉතාලියේ  පදිංචි වී සිටි ශ්‍රි ලාංකිකයකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට යයි.හතලිස් හැවිරිදි මෙම තිදරු පියා බීමත්ව රිය පැදවීම නිසා පොලීසියෙන් කිහිපවරක්ම අත්අඩංගුවට ගත්තේය. පවුලේ සාමාජිකයනට හා පොලීසියට පහර දීම  වැනි හේතු නිසා ඔහු පිටුවහල් කිරීමට තීරණය කැර ඇත.

දින පහකට පෙර හිරෙන් නිදහස් කළ ඔහු කොළඹ බලා යන මුල්ම යානයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සදහා  මුරකා මැද රෝමයට රැගෙන එන බව ඉතාලි රජය කියයි. මින් පසුව ඔහුට ඉතාලි රැකියාව හෝ බිරිය හා දරු තිදෙනා බැලීමට ඉතාලියට පය තැබීමට ඉඩ නොලැබේ.



අදහස් (0)

මළ කරදරයක් ඉවරයි

චානක Wednesday, 20 November 2013 03:27 PM

මොකද අනේ මොකද අනේ මන්දා. පටි රෝල් කර ගන්නෙ මොකද මන්දා. අනේ මන්දා. (ස)

:       0       0

ඩීසීඩී Thursday, 21 November 2013 07:49 AM

ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීකෙනෙක් වෙන්න සුදුසුකම් තිබෙනවා (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 20 November 2013 03:35 PM

පිටිගල අයියා මතක ඇතුව ඔය මුරට යන පොලිසියේ අයගේ පාස්පෝට් වලටත් එක්ක 'ඩියුටිෆ්‍රී' එකෙන් බෝතල් ටිකක් අරන් යන්න. (ස)

:       0       0

ධම්ම Wednesday, 20 November 2013 03:38 PM

සිද්ධියේ ඇත්ත නැත්ත කුමක් වුවත් දැන් දැන් ඉතාලියේ අපේ අය ගැන ඇහෙන දේවල් හරි අමිහිරියි. (ස)

:       0       0

දොන් Wednesday, 20 November 2013 03:40 PM

බය වෙන්න ඒපා පිටගල මිලානෝ ඔයා ඒන්න අබෑර්තු අපි ලග තියෙනවා ඉහල වැටුපක් ගෙවනවා. (අ)

:       0       0

ලන්කාසිරි Wednesday, 20 November 2013 03:53 PM

බීල වාහනත් එලවනවානම් දරු පව්ලටත් ගහල පොලිසියටත් ගහනවානම් මේ නරුමය ඉතාලියේ තියාගෙන කොහොමද. වීසා තිබුනට රටකට නුසුදුසු අයෙක් නම් පිටුවහල් කිරීමේ අයිතියක් සෑම රජයකටම ඇත. (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 November 2013 03:56 PM

අනේ පිටිගල , ඔයත් දන්න මානුසික අයිතින්, මතකද අපේ සේපාල ඒකනායකට කරපු වැඩේ ? (ස)

:       0       0

ෆෂීක් Wednesday, 20 November 2013 04:01 PM

ලන්කාසිරිත් සමඟ එකඟයි. (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 20 November 2013 04:07 PM

පිටබැද්දර ජයා, සේපාල ඒකනායකගේ ඉතාලි බිරිඳ දික්කසාද නඩුවකින් තම දරුවා තමා භාරයට ගත්තා. පියාට නීතියෙන් අවසර දී තිබුණා දරුවා බැලීමට. නමුත් ඔහුට අවශ්‍ය වුනේ දරුවා දික්කසාද බිරිඳට නොදී තම සන්තකයට ගැනීමටයි. බොහෝ විට මෙවන් නඩු වලදී කුඩා දරුවන්ට මව සමඟ සිටීමට ඉඩ හැරීමට නීතියෙන් ඉඩකඩ වැඩියි. මෙයින් කුපිත වූ ඔහු විශාල අපරාධයක් කරන්න පෙලඹුණා. (ස)

:       0       0

මගලී ෆොන්සේකා Wednesday, 20 November 2013 04:19 PM

ඔන්න පිටිගල මිලානෝ ඇත්ත කතාවක් කියල තියෙනවා. ඔව් මොන වරදක් කලත් හිරේ දානවා මිසක් රටින් පිට කරන්න බැ.අනික කසාද බැදලා දරුවෝ ඉන්න කෙනෙක් .බීල වාහන පැද්ද නම් පවුලේ යට ගහනවා නම් හිරේ දාන්න පුළුවන් බලපත්‍රය නැති කරන්න පුළුවන් ...ඊට එහා දෙයක් කරන්න බැ ඉතාලියට. විසා නැත්නම් රටින් පිට කරන්න පුළුවන්. ඒත් දරු පවුලක් ඉන්න නිසා ඒක එක පාර කරන්න බැ...මේකේ පුදුම නීතියක් වගේ. (ස)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 20 November 2013 08:54 PM

ඉතාලියේ නීති හොදයි (නි)

:       0       0

රූපවතී Wednesday, 20 November 2013 04:41 PM

ඔන්න පෙනෙනවා නේද පිට රටවල නීති. ඒකටත් එක්ක අපේ රටේ වග කිව යුත්තෝ ලජ්ජා විය යුතුයි.(නදී).

:       0       0

කුසුම් Wednesday, 20 November 2013 05:00 PM

සමන්ත විජේසිරි මහත්මය, මට නම් අහන්න තියෙන්නේ ඔබ තුමා ඉන්නේ හොඳ සිහියෙන්ද කියලයි. ඉතාලියේ විතරක් නෙමේ යුරෝපයේ ඕනෑම රටක නිත්‍යානු කුලව එරටේ ජීවත්වෙන පුරවැසියෙකු කිසියම් වැරැද්දකට අත් අඩංගුවට පත් වී නම්, එයට අදාල දඬුවම දෙන්නේ ඒ රටේදී. ඒ සඳහා අවශ්‍ය නීති ඕනෑවටත් වඩා ඒ රටවල තියනවා වගේම ඒ නීති නිසි ලෙස ක්‍රියාත්මකත් කරනවා. ඒ ගැන ඔබතුමාත් හොඳින් දන්නවා ඇතිනේ. ඉතාලියේ පදිංචි දන්නා කියන අයගෙන් නිවැරදිව කරුණු කාරණා අවබෝධ කරගෙන පුවත්පතට වාර්තා සපයන්න මහත්මයෝ. ඔබ තුමාට ශුභ අනාගතයක්!! (අ)

:       0       0

වන් ෂොට් Wednesday, 20 November 2013 05:37 PM

ඉතාලියට ඔය මළ කරදරේ අවසන් වුණාට ඔය මිනිහා එන්නේ ලංකාවට. අපිට මළ කරදරේ මෙහෙට ආවම. බැරිද ඔයාව ඉතාලියේම තියාගන්න. අපිට පාඩුවේ ඉන්න දීලා. මට නම් ඔය ඉතාලි ඉන්න ඔක්කොම එකයි. මේකේ ප්‍රතිචාර දාන අයවත් එක්කම (නි)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Wednesday, 20 November 2013 05:42 PM

ඉතාලියේ වැරදි කරාම ඉතාලියේ දඬුවම් දෙන්නේ. එපමණක් නොව ඔහුගේ බිරිය සහ ළමයින් ඉන්නේ ඉතාලියේ නම් ඔහුව පිට කිරීම යුරෝපිය කොමිසම මගින්ම අනුමත කරන්නේ නැහැ. මෙය ලොකුම මානුෂික අයිතියක් කඩ කිරීමක්.(නදී)

:       0       0

ශාන්ති Wednesday, 20 November 2013 11:26 PM

මොකද වන් ෂොට් ඔයා එහෙම කියන්නේ? මෙතන අදහස් දාන අය මොනවද ඔයාට කළේ? (නි)

:       0       0

සත්‍යයා Thursday, 21 November 2013 10:38 AM

මිනිහව මෙහාට එවන්නේ ලංකාවේ දි සමාව ලැබෙන බව දන්නා හින්දා. මීට වඩා දරුණු අපරාධ කරපු මිනීමරුවන් ගණනාවක් නිදහස් කරන්න තරම් අපේ ජනාධිපති තුමාගේ හිත උණු උනානම් මෙයාව නිදහස් කරන එක මහා ලොකු දෙයක්ද. මිනිහව එවන්න තීරණය කරපු රට හරි. මිනිස්සු තමයි වැරදි. (නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 20 November 2013 06:13 PM

හොදයි , ඉතාලි ජාතිකයෙක් ඔය වැරැද්ද කළා නම් පිටුවහල් කරන්නේ කුමන රටකටද ? (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 21 November 2013 10:54 AM

ඉතාලියේ වැරදි කරන අපේ අය පුලුවන්නම් පිටුවහල් කරන්න ඕන සයිබීරියාවට.(නදී)

:       0       0

සමන් Thursday, 21 November 2013 12:58 AM

ඇන්ටන්, මෝඩ අදහස් දාන්න එපා (නි)

:       0       0

සංජීව Thursday, 21 November 2013 11:04 AM

අපෝ ඇයි ඉතින් ලංකාවට එවන්නේ දහ ජරාව (නදී)

:       0       0

සංජීව Thursday, 21 November 2013 11:04 AM

අපෝ ඇයි ඉතින් ලංකාවට එවන්නේ දහ ජරාව (නදී)

:       0       0

අමිල සින්ග් Thursday, 21 November 2013 11:24 AM

ඇඟිලි සලකුණු අරන් ලංකාවට ඇතුලට ගන්න. (ස)

:       0       0

පද්මිණී Thursday, 21 November 2013 11:59 AM

මොහුට වලංගු විසා බලපත්‍රයක් මිස පුරවැසි කම නැතිව වෙන්ට ඕන. (ස)

:       0       0

කුමාරි Wednesday, 20 November 2013 02:59 PM

බලු වලිගය උණපුරුකේ දැම්මත් ඇදේ අරින්න බෑ කියනවනෙ. අපේ අයට පිටරටක ඉදන් වත් ඔය ජරා බීම අත්හැර ගන්න බැරි හැටි.නුරා මතින් කල දේවල් දැන් ලංකාවට ආවම මතක් වෙයි. මට බය ඊට පස්සෙ ලංකාවේ ඉදන් මොනවා කරාවිද කියලා. (ස)

:       0       0

පියල් Wednesday, 20 November 2013 03:02 PM

අපෝ ඒ කුණු ගොඩත් අපිටමයි එන්නේ. (ස)

:       0       0

ආරියසේන Thursday, 21 November 2013 06:22 AM

අනේ පවු,ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමා. (නි)

:       0       0

දොන්සේතං Wednesday, 20 November 2013 03:07 PM

අපෝ කවුද පිටිගල මිලානෝවත්ද ඈ..... (ස)

:       0       0

ලාල් - නුවර Thursday, 21 November 2013 12:19 PM

එයාගේ ගම කොහෙද?? ගුවන් තොටුපලින් කෙලින්ම ආණ්ඩුවේ බෝඩිමකට දාන්න නැතිනම් පොලිසියට වැඩ වැඩි වෙනවා. (ස)

:       0       0

සේතන් Wednesday, 20 November 2013 03:13 PM

කරන්න දෙයක් නෑ කුමාරි ළමයෝ දුක තමයි අපේ දුපතේ වැඩටගන්නවා (අ)

:       0       0

සේතං Wednesday, 20 November 2013 07:37 PM

පිටිගල මල්ලි හැබැයි ලංකාවතුල ඔය නීතිය බලපැවැත් වුවානම් මාර වැඩේ. ඉන්දියාවට තමයි පිටුවහල් කරන්නවෙන්නේ (අ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 20 November 2013 03:17 PM

මෙම ප්‍රවෘත්තිය හරියට 'රජ කතාවක්' වැනිය. කෙනෙක් කරන ලද දඬුවම් වලට නීති ප්‍රකාරව රට තුල දඬුවම් දෙනවා හැරෙන්නට තම දරු පවුල ඉතාලියේ සිටියදී ස්වාමියාව රටින් පිටුවහල් කරන්නේ නැත. ඉතාලිය 'මානුෂික අයිතීන්ට' මුල් තැන දෙන රටකි. පිටුවහල් කරන්න අවශ්‍ය නම් විසා බලපත්‍ර නොමැති දහස් ගණනක් මානුෂික හැඟීමෙන් 'පොදු සමාවක්' දෙන තෙක් රට තුල තබාගෙන ඉන්නේ කුමකටද? සමහරවිට නඩුකාර තුමා මේ කරදර කාරයාට තරවටුවක් කරන්න ඇති අයෙත් බීල ගුටි කෙළගෙන ආවොත් ලංකාවටම එලවනවා කියලා. (ස)

:       0       0

ශෂීප්‍රිය ප්‍රනාන්දු Wednesday, 20 November 2013 03:17 PM

මේ නම් පිටිගල මිලානෝ වන්න ඕනා. (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 20 November 2013 03:19 PM

පිටිගල මිලානෝ නගර සභාවට ඡන්දෙ ඉල්ලලත් ඉවරයි වගේ. කෙලින්ම ලංකාවට පටවන්න වගේ හදන්නේ. (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 20 November 2013 03:22 PM

මොකටද මෙහෙට එවන්නේ.මේ වගේ එවුන් ඇති වෙනකම් ලංකාවේ ඉන්නවා.ඒත් ඉතින් මේකෙ ඉපදුන නිසා වෙන රටවල් භාරගන්න කැමති නැනේ කුණු ගොඩවල්.ඔක්කොම කුණු බේරුවල බොක්කට කියුවලු. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 November 2013 03:26 PM

අයියා පාඩමක් ඉගෙන ගන්නේ මෙහෙට ආවට පස්සේ තමයි !(නදී).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 400 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 317 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 611 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1218 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 543 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 979 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site