IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මළ ගිය ඇත්තෝ නගරයක් හදන්න හවුල් වෙති

කොළොන්න  නගරයේ සංවර්ධනය වෙනුවෙන් එහි පොදු සුසාන භූමිය බෙදා ගැනීමට යයි.

සුසානයේ නිදන් කළ තිස්පස්දෙනකුගේ සිරුරුවල කොටස්  යළි  පෙට්ටිවල බහා දෙවනවරටත් පාංශකූල  දී මඩුවන්වල සුසාන භූමියට ගෙන යනු ලැබීය.

ප්‍රදේශයේ පන්සල්වල හිමිවරු මතක වස්ත්‍ර පුජා කළහ.

කොළාන්නාව පොලීසිය හා  ප්‍රාදේශිය සභාව ඥාතීන්ගේද කැමැත්ත ඇතිව  ඇඹිලිපිටිය දිසා විනිසුරු  නිල්මිණි ප්‍රැන්සිස් මහත්මියගෙන් ලද නීත්‍යානුකූල අවසරය මත මේ කටයුතු සිදු විය.

කොළොන්න නගරය සංවර්ධනයට ආසියා සංවර්ධන බැංකුව රුපියල් කෝටි පහහමාරක් වැය කැර ඇත. ඒත් ඒ සඳහා ඉඩ නොමැති නිසා සුසාසනය යොදා ගැනීමට සිසුවිය.

 

 

 

 



අදහස් (0)

මළ ගිය ඇත්තෝ නගරයක් හදන්න හවුල් වෙති

දුරන්ග් Wednesday, 02 October 2013 06:02 PM

මෙය නම් ඉතාමත් විරල ගනයේ පුවතකි. මෙවැනි අවස්ථාවක් මීට පෙර සිදුවී ඇද්දැයි සැක සහිතයි. මේ නෑදෑ පිරිස මෙම සංවේදී සිද්ධිය ගැන බොහොම උපේක්ෂාවෙන් බලා තමන්ගේ මනාපය පළ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රණාමය පුදකළ යුතුය. නගරයේ මිනිසුන්ට වඩා ගම්වල ජීවත් වන මිනිස්සු ඇත්තෙන්ම සාමකාමී සහජීවනයට ගරු කරන ඇත්තෝ වෙති. (නි)

:       0       0

රත්න Wednesday, 02 October 2013 06:19 PM

බෞද්ධ, අබෞද්ධ හැමෝම එකම විදිකහකට උපදිනවා ,විවිධ විදිහට ජීවත් වෙනවා , එකම විදිහකට අවසන් හුස්ම අත්හරින්න වෙනවා. ඉපදෙනකොටම රැගෙන එන්නේ මරණයයි. බෞද්ධයින් බුදුදහමට අනුව ජීවිතයේ අනිත්‍ය බව සිහිකිරීමට අවස්ථාවක් කරගෙන, මියගිය ඥාතියාට අවසන් ගෞරවය දක්වනවා. එම මොහොතේ ජීවිතයේ අනිත්‍ය බව මෙනෙහි කර පාංශුකූල මතක වස්ත්‍ර පූජා කොට, එයින් ලැබෙන කුසල් හිස් භාජනයකට පැන් වත්කර පිංඅනුමෝදන් කිරීම සිදු කරනවා. එය නොකරන බෞද්ධයෙක් නැති තරම්. බුදු දහමට අනුව, කරන පිං, පව් තමා පසුපස එනවා. රටේ යහපත වෙනුවෙන් හිතන මේ අයට අපගේ ගෞරවය වේවා! (නි)

:       0       0

දොන්සේතං Wednesday, 02 October 2013 06:54 PM

දැන් මෙතන ප්‍රශ්ණයක් නොවුනාට පසුව මැරුණ අය එකතුවෙලා සාකච්ඡා කරලා ප්‍රශ්නයක් අැතිකරන එක නම් නොවැළැක්විය හැකියි (නි)

:       0       0

අතුල_මිලානෝ Friday, 04 October 2013 01:30 AM

කොලොන්න ජනතාවගේ ක්‍රියාකලාපය ගැන ලංකාවාසී සියලු දෙනාටම හොද ආදර්ශයක්.ඔබලාගේ නගරය දිනෙන් දින දියුණු වේවා! (නි)

:       0       0

මහින්ද Thursday, 03 October 2013 04:00 AM

අ‍පේ මිනිස්සුන්ට පිස්සුද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 02 October 2013 07:07 PM

මැරුණට පසු ඉදලා වැඩක් නැහැනේ (නි)

:       0       0

ඔකිත Wednesday, 02 October 2013 01:50 PM

මල කෝලන්....... (ස)

:       0       0

මාටින් Wednesday, 02 October 2013 02:01 PM

මහජන විරෝධයකින් තොරව ඥානාන්විතව මෙවැනි දෙයක් කර ඉඩම් වඩාත් ප්‍රයෝජනවත් අයුරින් යොදා ගැනීම අගය කල යුතුයි. අනෙකුත් ආයතන වලටත් මෙය ආදර්ශයක් වේවා (නදී)

:       0       0

නිශාර්ඩ් Wednesday, 02 October 2013 02:14 PM

අපි හැම දෙනාම මෙහෙම සුබවාදීව හිතලා එකමුතුව වැඩ කරන කොට කොච්චර ලස්සනද ? කොච්චර පහසුද. සියලු දෙනාටම අපගෙ ප්‍රණාමය. (ස)

:       0       0

ලාල් Wednesday, 02 October 2013 02:19 PM

රජයේ ආයතන සහ මහජනතාව සහයෝගයෙන් වැඩ කිරීම හොදයි. (නදී)

:       0       0

සංඛ පෙරේ‍රා Wednesday, 02 October 2013 02:24 PM

පිසූ නැත්නම් ෂෝක්...... (ස)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Wednesday, 02 October 2013 02:33 PM

මළ ගිය ඇත්තො නිසා හොඳයි.නැත්නම් ඉතින් උද්ඝෝෂණයක් තමා......... (ස)

:       0       0

ලියනගේ Wednesday, 02 October 2013 02:33 PM

මිනි වලදාපු බිම් වල හදන ගොඩනැගිලි පල දෙන්නෙ නෑ කියලා මතයක් තියෙනවා. (ස)

:       0       0

ඉන්ද්‍ර Wednesday, 02 October 2013 02:34 PM

තථාගතයන් වහන්සේ මෙසේ වදාල සේක, වක්කලී මගේ කුණු ශරීරයේ කුමක් බලන්න්නද , මා විසින් දේශනා කරන ලද ධර්මය අවබෝධ කරව. (ස)

:       0       0

සිරි Wednesday, 02 October 2013 02:42 PM

පුදුමයි රටේ දියුණුවට වැඩක් කරන කොට මොකක් හරි හේතුවක් ඉදිරිපත් කරලා පාරට බහින කට්ටිය, උපවාස කරන කට්ටිය මේ වැඩේ කරන්න ඉඩ දීපු එක. (ස)

:       0       0

ගජබා Wednesday, 02 October 2013 02:54 PM

මේ මුළු ලෝකයම සුසාන භූමියක් තමයි...අපේ බඩවල් වල අපි කොච්චර නම් මළ කුණු තැන්පත් කරලා ඇද්ද? ඉතින් ඔය සුසානයේ නගරයක් හැදුවට වෙන හෙල්මලක් නැහැ....ලියනගේ කියන විදියට අපේ බඩවල් වලට නම් කිසි දෙයක් පල දෙන්න විදියක් නැහැ කතාවේ හැටියට නම්....හික්...හික්... (ස)

:       0       0

සුනිල් අබේරත්න Wednesday, 02 October 2013 03:00 PM

ඔබ අප මම ජීවත් වෙන භූමි වල වළදාපු මිනී ගණන කාටද කියන්න පුළුවන්. විශේෂයෙන් දකුණේ එහෙම භූමියක් හොයා ගන්න බැහැ. (ස)

:       0       0

පෙරුමාල් Wednesday, 02 October 2013 03:12 PM

මට අනුකම්පා කරලා මේ ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් දෙන්න කවුරු හරි. බෞද්ධයෙක් මැරුනම පාංශකූලය නොදුන්නොත් බුද්ධාගමට අනුව ප්‍රතිපලය කුමක් වේද? බුදුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර තිබේද? (ස)

:       0       0

සමන් Wednesday, 02 October 2013 03:25 PM

අපේ වත්තේ නම් කවුරුවත් කවදාවත් වල දාල නැහැ... (ස)

:       0       0

කමල් Wednesday, 02 October 2013 03:26 PM

මම හිතන විදියට පාංශකූලය නො දුන්නා කියලා හෝ දුන්නා කියලා කිසිම දෙයක් වන්නේ නැහැ. තමන්ගේ හොඳ හෝ නරක තමන් පසුපස එනවා. පාංශකූලය දීමෙන් අප පිං රැස්කර ගන්නවා. මියගිය අයටත් අනුමෝදන් කරනවා. අගේ කල යුතුයි මේ ජනතාව සංවර්ධනය වෙනුවෙන් කල කැපවීම. වෙනත් ජාතීන්ටත් ආදර්ශයක්. බෝ ගස් කපන්න පවා එකඟවීමට හැක්කේ බෞද්ධයන්ට පමණයි. වෙනත් ආගමකට මෙවැනි දෙයක් සිදුවුණි නම් ජිනීවා හරහා යන තැනත් හිතා ගන්න අපහසුයි. (ස)

:       0       0

දිලීප් Thursday, 03 October 2013 08:58 AM

පෙරේරා ඇත්ත තමා කිව්වේ..... (ස)

:       0       0

සදුනි Wednesday, 02 October 2013 04:00 PM

කමල් ඔයා හරියටම හරි.පාංශුකුලය අපේ යුතුකමක් පමණයි.ඒ වගේම ඔකිත,සංඛ පෙරේරා වගෙ අය පය ගහලා ඉන්නේ මහ පොළොවේ නම් නෙවෙයි.ඕනෙම ජන කොටසක් ආගමික හැගීම් සමඟ සහයෝගයෙන් ගැටුම් ඇති කර නොගෙන ක්‍රියා කිරීම අගයන්න ඕනේ.මොහොතක් හිතන්න මෙය හිතුවක්කාරීව කළා නම් අද කොලොන්න යුධ පිටියක් නේද කියලා. (ස)

:       0       0

ගාමිණි Wednesday, 02 October 2013 04:11 PM

කොලොන්න නගරයේ රෑ දොළහට මාව බය උනා. (ස)

:       0       0

අමිල - බලන්ගොඩ Wednesday, 02 October 2013 04:32 PM

පෙරුමාල්, කමල්ගෙ අදහස කියවලා මොලේට ගන්න‍. (ස)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 02 October 2013 04:36 PM

සමන්, ඔයා කියන්නේ මේ ලෝකේ ආරම්භ වුන දවසේ ඉඳලා ඔයාලගේ ඉඩමේ එක මිනියක් වත් වල දාලා නැහැ කියලද??? (ස)

:       0       0

ධම්මික Wednesday, 02 October 2013 04:38 PM

මෙතන ඉන්න බුද්ධිමත් කෙනා තමා මාටින් , අනිත් අයත් ඒ වගේ හිතන්න බලන්න. (ස)

:       0       0

ලොකුගේ Wednesday, 02 October 2013 05:02 PM

මිනියක් වළනොදාපු තැනක් මේ මිහිපිට නැත (නි)

:       0       0

ප්‍රණීත් Wednesday, 02 October 2013 05:06 PM

පුදුම වැඩක් තමයි. ප්‍රශ්නයක් වෙලාම නැහැ (නි)

:       0       0

ස්කාස් Wednesday, 02 October 2013 05:06 PM

ඇති යන්තම් ඉඳලා ඉඳලා හොඳ ප්‍රවෘත්තියක් දැක්කා. රටක් දියුණු වෙන්න ඕනෑ මේ වගේ සහයෝගයෙන් වැඩ කරලා (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 02 October 2013 05:18 PM

ලියනගේ කියන විදිහට උතුරේ කොහෙවත් ගෙයක් දොරක් හදන්න වෙන්නේ නැහැ. උතුරේ හැමතැනකදිම කොටියෝ කවුරු හරි මරලා තියෙනවා. යුද්දෙදිත් හැම තැනම මිනිස්සු මැරුණා. ඉස්සර ඇඹිලිපිටියේ අයත් බඩු ගන්න කොලොන්න නගරයට ගිය කාලයක් තිබුනා. අද ඇඹිලිපිටිය ලංකාවේ සුවිසල් නගරයක් බවට පත්වෙලා තිබුනත් කොලොන්න තවමත් මඩුවන්වෙල දිසාවගේ කාලේදී තිබුනා වගේමයි. සංවර්ධනයට මුලපිරීම ගැන හරිම සතුටුයි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 02 October 2013 10:46 PM

මොළය තිබෙන මිනිස්සු. රණ්ඩු-හබ, මීටින්, වර්ජන නැහැ. (නි)

:       0       0

අංගම්පෙලිගේ දාබරේ Wednesday, 02 October 2013 05:32 PM

බටහිර මුහුදු තීරයේ ඇති මළමිනිත් මේ වගේ විදිහට රට තුල මිහිදන් කරන්න. ලංකාවේ දකුණු පළාතේ මුහුදු තීරය සංවර්ධනය කර දෙන්න. (නි)

:       0       0

රත්නායක.නුවන් Wednesday, 02 October 2013 05:33 PM

දැනට ඇඹිලිපිටිය මධ්‍යම බස් නැවතුම්පොළ පිහිටි ස්ථානය වසර 70ක් පුරාම සුසාන භූමියක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 249 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1583 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 979 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1579 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1167 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2766 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20782 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19746 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site