කොළොන්න නගරයේ සංවර්ධනය වෙනුවෙන් එහි පොදු සුසාන භූමිය බෙදා ගැනීමට යයි.
සුසානයේ නිදන් කළ තිස්පස්දෙනකුගේ සිරුරුවල කොටස් යළි පෙට්ටිවල බහා දෙවනවරටත් පාංශකූල දී මඩුවන්වල සුසාන භූමියට ගෙන යනු ලැබීය.
ප්‍රදේශයේ පන්සල්වල හිමිවරු මතක වස්ත්‍ර පුජා කළහ.
කොළාන්නාව පොලීසිය හා ප්‍රාදේශිය සභාව ඥාතීන්ගේද කැමැත්ත ඇතිව ඇඹිලිපිටිය දිසා විනිසුරු නිල්මිණි ප්‍රැන්සිස් මහත්මියගෙන් ලද නීත්‍යානුකූල අවසරය මත මේ කටයුතු සිදු විය.
කොළොන්න නගරය සංවර්ධනයට ආසියා සංවර්ධන බැංකුව රුපියල් කෝටි පහහමාරක් වැය කැර ඇත. ඒත් ඒ සඳහා ඉඩ නොමැති නිසා සුසාසනය යොදා ගැනීමට සිසුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය නම් ඉතාමත් විරල ගනයේ පුවතකි. මෙවැනි අවස්ථාවක් මීට පෙර සිදුවී ඇද්දැයි සැක සහිතයි. මේ නෑදෑ පිරිස මෙම සංවේදී සිද්ධිය ගැන බොහොම උපේක්ෂාවෙන් බලා තමන්ගේ මනාපය පළ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රණාමය පුදකළ යුතුය. නගරයේ මිනිසුන්ට වඩා ගම්වල ජීවත් වන මිනිස්සු ඇත්තෙන්ම සාමකාමී සහජීවනයට ගරු කරන ඇත්තෝ වෙති. (නි)
සමන්, ඔයා කියන්නේ මේ ලෝකේ ආරම්භ වුන දවසේ ඉඳලා ඔයාලගේ ඉඩමේ එක මිනියක් වත් වල දාලා නැහැ කියලද??? (ස)
මෙතන ඉන්න බුද්ධිමත් කෙනා තමා මාටින් , අනිත් අයත් ඒ වගේ හිතන්න බලන්න. (ස)
මිනියක් වළනොදාපු තැනක් මේ මිහිපිට නැත (නි)
පුදුම වැඩක් තමයි. ප්‍රශ්නයක් වෙලාම නැහැ (නි)
ඇති යන්තම් ඉඳලා ඉඳලා හොඳ ප්‍රවෘත්තියක් දැක්කා. රටක් දියුණු වෙන්න ඕනෑ මේ වගේ සහයෝගයෙන් වැඩ කරලා (නි)
ලියනගේ කියන විදිහට උතුරේ කොහෙවත් ගෙයක් දොරක් හදන්න වෙන්නේ නැහැ. උතුරේ හැමතැනකදිම කොටියෝ කවුරු හරි මරලා තියෙනවා. යුද්දෙදිත් හැම තැනම මිනිස්සු මැරුණා. ඉස්සර ඇඹිලිපිටියේ අයත් බඩු ගන්න කොලොන්න නගරයට ගිය කාලයක් තිබුනා. අද ඇඹිලිපිටිය ලංකාවේ සුවිසල් නගරයක් බවට පත්වෙලා තිබුනත් කොලොන්න තවමත් මඩුවන්වෙල දිසාවගේ කාලේදී තිබුනා වගේමයි. සංවර්ධනයට මුලපිරීම ගැන හරිම සතුටුයි. (නි)
බටහිර මුහුදු තීරයේ ඇති මළමිනිත් මේ වගේ විදිහට රට තුල මිහිදන් කරන්න. ලංකාවේ දකුණු පළාතේ මුහුදු තීරය සංවර්ධනය කර දෙන්න. (නි)
දැනට ඇඹිලිපිටිය මධ්‍යම බස් නැවතුම්පොළ පිහිටි ස්ථානය වසර 70ක් පුරාම සුසාන භූමියක්. (නි)
පෙරුමාල්, කමල්ගෙ අදහස කියවලා මොලේට ගන්න. (ස)
බෞද්ධ, අබෞද්ධ හැමෝම එකම විදිකහකට උපදිනවා ,විවිධ විදිහට ජීවත් වෙනවා , එකම විදිහකට අවසන් හුස්ම අත්හරින්න වෙනවා. ඉපදෙනකොටම රැගෙන එන්නේ මරණයයි. බෞද්ධයින් බුදුදහමට අනුව ජීවිතයේ අනිත්‍ය බව සිහිකිරීමට අවස්ථාවක් කරගෙන, මියගිය ඥාතියාට අවසන් ගෞරවය දක්වනවා. එම මොහොතේ ජීවිතයේ අනිත්‍ය බව මෙනෙහි කර පාංශුකූල මතක වස්ත්‍ර පූජා කොට, එයින් ලැබෙන කුසල් හිස් භාජනයකට පැන් වත්කර පිංඅනුමෝදන් කිරීම සිදු කරනවා. එය නොකරන බෞද්ධයෙක් නැති තරම්. බුදු දහමට අනුව, කරන පිං, පව් තමා පසුපස එනවා. රටේ යහපත වෙනුවෙන් හිතන මේ අයට අපගේ ගෞරවය වේවා! (නි)
දැන් මෙතන ප්‍රශ්ණයක් නොවුනාට පසුව මැරුණ අය එකතුවෙලා සාකච්ඡා කරලා ප්‍රශ්නයක් අැතිකරන එක නම් නොවැළැක්විය හැකියි (නි)
මැරුණට පසු ඉදලා වැඩක් නැහැනේ (නි)
මොළය තිබෙන මිනිස්සු. රණ්ඩු-හබ, මීටින්, වර්ජන නැහැ. (නි)
අපේ මිනිස්සුන්ට පිස්සුද? (නි)
පෙරේරා ඇත්ත තමා කිව්වේ..... (ස)
කොලොන්න ජනතාවගේ ක්‍රියාකලාපය ගැන ලංකාවාසී සියලු දෙනාටම හොද ආදර්ශයක්.ඔබලාගේ නගරය දිනෙන් දින දියුණු වේවා! (නි)
මල කෝලන්....... (ස)
කොලොන්න නගරයේ රෑ දොළහට මාව බය උනා. (ස)
කමල් ඔයා හරියටම හරි.පාංශුකුලය අපේ යුතුකමක් පමණයි.ඒ වගේම ඔකිත,සංඛ පෙරේරා වගෙ අය පය ගහලා ඉන්නේ මහ පොළොවේ නම් නෙවෙයි.ඕනෙම ජන කොටසක් ආගමික හැගීම් සමඟ සහයෝගයෙන් ගැටුම් ඇති කර නොගෙන ක්‍රියා කිරීම අගයන්න ඕනේ.මොහොතක් හිතන්න මෙය හිතුවක්කාරීව කළා නම් අද කොලොන්න යුධ පිටියක් නේද කියලා. (ස)
මම හිතන විදියට පාංශකූලය නො දුන්නා කියලා හෝ දුන්නා කියලා කිසිම දෙයක් වන්නේ නැහැ. තමන්ගේ හොඳ හෝ නරක තමන් පසුපස එනවා. පාංශකූලය දීමෙන් අප පිං රැස්කර ගන්නවා. මියගිය අයටත් අනුමෝදන් කරනවා. අගේ කල යුතුයි මේ ජනතාව සංවර්ධනය වෙනුවෙන් කල කැපවීම. වෙනත් ජාතීන්ටත් ආදර්ශයක්. බෝ ගස් කපන්න පවා එකඟවීමට හැක්කේ බෞද්ධයන්ට පමණයි. වෙනත් ආගමකට මෙවැනි දෙයක් සිදුවුණි නම් ජිනීවා හරහා යන තැනත් හිතා ගන්න අපහසුයි. (ස)
අපේ වත්තේ නම් කවුරුවත් කවදාවත් වල දාල නැහැ... (ස)
මට අනුකම්පා කරලා මේ ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් දෙන්න කවුරු හරි. බෞද්ධයෙක් මැරුනම පාංශකූලය නොදුන්නොත් බුද්ධාගමට අනුව ප්‍රතිපලය කුමක් වේද? බුදුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර තිබේද? (ස)
ඔබ අප මම ජීවත් වෙන භූමි වල වළදාපු මිනී ගණන කාටද කියන්න පුළුවන්. විශේෂයෙන් දකුණේ එහෙම භූමියක් හොයා ගන්න බැහැ. (ස)
මේ මුළු ලෝකයම සුසාන භූමියක් තමයි...අපේ බඩවල් වල අපි කොච්චර නම් මළ කුණු තැන්පත් කරලා ඇද්ද? ඉතින් ඔය සුසානයේ නගරයක් හැදුවට වෙන හෙල්මලක් නැහැ....ලියනගේ කියන විදියට අපේ බඩවල් වලට නම් කිසි දෙයක් පල දෙන්න විදියක් නැහැ කතාවේ හැටියට නම්....හික්...හික්... (ස)
පුදුමයි රටේ දියුණුවට වැඩක් කරන කොට මොකක් හරි හේතුවක් ඉදිරිපත් කරලා පාරට බහින කට්ටිය, උපවාස කරන කට්ටිය මේ වැඩේ කරන්න ඉඩ දීපු එක. (ස)
තථාගතයන් වහන්සේ මෙසේ වදාල සේක, වක්කලී මගේ කුණු ශරීරයේ කුමක් බලන්න්නද , මා විසින් දේශනා කරන ලද ධර්මය අවබෝධ කරව. (ස)
මිනි වලදාපු බිම් වල හදන ගොඩනැගිලි පල දෙන්නෙ නෑ කියලා මතයක් තියෙනවා. (ස)
මළ ගිය ඇත්තො නිසා හොඳයි.නැත්නම් ඉතින් උද්ඝෝෂණයක් තමා......... (ස)
පිසූ නැත්නම් ෂෝක්...... (ස)
රජයේ ආයතන සහ මහජනතාව සහයෝගයෙන් වැඩ කිරීම හොදයි. (නදී)
අපි හැම දෙනාම මෙහෙම සුබවාදීව හිතලා එකමුතුව වැඩ කරන කොට කොච්චර ලස්සනද ? කොච්චර පහසුද. සියලු දෙනාටම අපගෙ ප්‍රණාමය. (ස)
මහජන විරෝධයකින් තොරව ඥානාන්විතව මෙවැනි දෙයක් කර ඉඩම් වඩාත් ප්‍රයෝජනවත් අයුරින් යොදා ගැනීම අගය කල යුතුයි. අනෙකුත් ආයතන වලටත් මෙය ආදර්ශයක් වේවා (නදී)